සයිබර් අවකාශයේ නවකතා වගේම කෙටි කතා කියවන්න පහසුකම් තියන වෙබ්සයිට් තියෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්.ඒවගෙනුත් ගොඩක් නවල්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගෙන තමයි කියවන්න වෙලා තියෙන්නේ .එහෙමත් නැත්තන් ඇඩ් දෙක තුනක් skip කරන් ගිහිල්ලා බොහොම අමාරුවෙන් ඔන්ලයින් කියවන්න වෙන්නේ…..ඒවගෙත් වෙලාවකට ඔක්කොම කොටස් හොයා ගන්න නැති නිසා ඔයාලා අපහසුතාවයට පත් වෙලත් ඇති … එකම කතාව සයිට් දෙක තුනක තියන එකත් ගැටළුවක් කියල තේරෙන්නේ මඟක් දුර කියවගෙන යනකොට මේක කියවල තියන එකක් නේද කියල මතක් වෙනකොට ….

 

ඉතින්…අපේ රුවා සයිට් එකේ තියෙන්නේ අපි වෙනුවෙන්ම ලියවෙන වෙන කිසිම තැනක publish කරල නැති අපේම කතා.කිසිම මුදලක් වැය නොකර ඒවා රසවිඳින්න ඔයාලට ඉඩකඩ තියනව . ඒ විතරක් නෙවෙයි ,කතා කියවන ඔයාලට තමන්ගෙම නවල් එකක් ,කෙටි කතාවක් අපෙ සයිට් එකෙන් publish කරගන්න ඕනි නම් ඔන්න ඒකටත් අවස්ථාව තියනව .එකතු වෙන්න අපිත් එක්ක

facebook මගින් කමෙන්ට් කරන්න