නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. දහ අට වෙනි කොටස

“නගින්න නිකේශා …”

තරින්දි නිකේශාට කාර් එකට නැගීමට කියා ඇයත් කාර් එකට නැග වාහනය පදවන්නට වූයේ කෙල්ල සමග නිදහසේ කතා කිරීමට සුදුසු ස්ථානයකටය..

කෙල්ල පිටුපස ශීට් එකේ වාඩි වී සිටි අතර ඉදිරි ශීට් එකේ වාඩි වී සිටින අවිදු ඉදිරි කණ්නාඩියෙන් කෙල්ල දෙස බලන්නට විය….

නිකේශා ජ.දුරකථනය අතට පලමුව තම මවට ඇමතුමක් ලබා ගෙන ටිකක් ප්‍රමාද වන බව දැනුම් දී දෙවනුව ඇමතුමක් ලබාගත්තේ ඇයගේ බොරු බෝයිෆෙන්ඩ් වෙතය…

“හෙලොව් අයියේ කොහෙද ඉන්නේ…අද මාව එක්කන් යන්න එපා මං යාළුවෙක් එක්ක ගෙදර යන්නම් රෑ වෙලා කෝල් එකක් දෙන්නම්… පරිස්සමෙන් මගෙ අයියේ ….”

මෙය ඇසුන තරින්දි කලබල විය..නමුත් අවිදු නම් කට කොනින් හිනා වුනේය…

අම්මේ මෙච්චර බොරු කියන්න පුලුවන්ද මගෙ කෙල්ලට….ඉන්නවකෝ මාව මෙහෙම රිද්දනවට හොද වැඩක් කරන්න…

“අයියේ කන්න මොකුත් අර ගන්නද…”

රෙස්ටුරන්ට් එකක් ඉදිරිපිට කාර් එක නවතා අවිදුගෙන් ඇසුවේ අද උදේටවත් දවල්ටවත් අවිදු නොකා සිටින නිසාවෙනි…

“ෆුල් රයිස් එකක් ගෙන්න තව කෙනෙක් අද බඩ ගින්නේ …..”

කොල්ලා කෙල්ල දෙස බලමින් පවසයි….

කෙල්ලට මේ කිසි දෙයක් ඇසුනේ නැත.ඇය වෙනම ලෝකෙක අතරමං වී සිටියේය …

අවිදු කී පරිදි බත් එකක් රැගෙන ආ තරින්දි කාර් එක පදවාගෙන ගොස් නතර කලේ මුහුදු වෙරළක් අබියස ය…..තරින්දි කාර් එකෙන් බැස්සේ නිකේශාට අඩගසමින් ය…අවිදු කාර් එකේ සිටියෙදීම ඔවුන් දෙදෙනා කාර් එකෙන් බැස මුහුද දෙසට ගමං කලේය…අවිදු කලනට ඇමතුමක් ලබාගෙන ඔවුන් සිටින ස්ථානයට පැමිණෙන ලෙස කියා සිටියේය …

“ඇයි තරින්දි මාව මීට් වෙන්න ඕනේ කිව්වේ ….”

“නිකේශා මට අද ඇත්තම දැන ගනන ඕනේ..”

“මොකක් ගැනද තරින්දි ඔයාට මගෙන් දැනගන්න ඕනේ..”

“ඔයා අපේ අයියාට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද….මට ඇත්ත කියන්න..”

කෙල්ලට කුමක් කියන්නද කියා සිතා ගැනීමටවත් කාලයක් නැත..කෙල්ලට සිහියට ආවේ අසනීප වී සිටින තම සොහොයුරාය.

“නෑ තරින්දි … මට කෙනෙක් ඉන්නවා…මං එයාට ගොඩාක් ආදරෙයි …. අපි ඉක්මනින් මැරි කරනවා..”

කෙල්ල බිම බලාගෙන තරින්දිට පැවසුවේ මේ සියල්ල සත්‍ය නොවන නිසාවෙනි.

ඔයා ඔය කියන්නෙ බොරු නිකේශා ….ඇයි ඔය ඇස් හංගන්නේ..ඔය හිතේ අපේ අයියාට තියෙන ආදරේ මං කොහොමහරි එළියට අද ගන්නවා නිකේශා….බලමු කොහොමද තවත් හංගන් ඉන්නේ කියලා

ටික මොහොතක් නිහඬව සිටි තරින්දි කෙල්ලගේ අතින් ඇදගෙන කාර් එක අසලට යන විට කලනත් පැමිණ සිටියේය…

“අයියේ මේ අහගන්නවා තමුසෙට නිකේශා පොඩ්ඩක්වත් ආදරේ නෑ එයාට කෙනෙක් ඉන්නවා…තවත් හිතින් දුක් විදින්නේනැතිව මැරියන්….”

බොරු කේන්තියක් මවාගත් තරින්දි බැන්ඩේජ් කරලා තියෙන අවිදුගේ තුවලේ අතින් ඇද බැන්ඩේජ් එක ගලවන්න තැත් කලේය…කොල්ලගේ තුවලේ පෑරී ලේ ගලා එන්නට විය

“අනේ මේ මොනාද කරන්නේ තරින්දි ..අත අරින්න සර්ව…”

කෙල්ල අවිදුගේ හා තරින්දිගේ අතර මැදට පැමිණෙන්නට විය

කලනටවත් අවිදුටවත් තරින්දිගේ මේ හැසිරීම ප්‍රශ්නක් විය

“ඔයා පැත්ත්කට වෙන්න නිකේශා …මෙයා මෙහෙම ඔයා ගැන හිතලා මැරි මැරි ජීවත් වෙනවට වඩා හොදයි එකපාරම මැරිලා ගියාම.මෙයා නිසා අපිත් දුක් විදිනවා..බලන්න මේ අත ඔයා නිසයි තුවාලකරගතේ..ඊයේ හිටගෙන ඉන්නවත් බෑ හොදටම වෙරි…”

තරින්දි අඩමින් කෑ ගැසූවේය.කලන තරින්දි ලගට පැමිණ ඇයව පාලනය කර ගැනීමට උත්සහ කරයි…නමුත් ඇය අවිදුගේ තුවාලය වෙලලා තිබූ බැන්ඩේජ් එක ගලවා විසික් කලේය..

“ඔයාට පිස්සු හැදිලද බබා..බලනවා අවිදුගේ තුවලේන් ලේ එනවා…”

අනේ මගේ පන ඔයා මට මෙච්චර ආදරේද … අතත් කපා ගත්තද ඔයා…ඇයි එහෙම කලේ .. නිකේශාගේ ඇස් වල කඳුළු පිරෙන්නට ගත වූ වූයේ සුලු මොහොතකි..

“ඔව් මට පිස්සු කලන…මෙයා ඊයේ කරපු දේවල් දැක්කේ මං … අයියා කෙනෙක් අඩනවා බලන්න ඉන්නෙ කොහොමද නංගි කෙනෙක්…”

“නවත්තන්න තරින්දි ඕක…මං ආදරෙයි මේ නපුරට ගොඩක්…මට සමාවෙන්න සර්..”

නිකේශා කෑ ගැසුවේ තවත් මේ ආදරේ හංගන් ඉන්න බැරි නිසාය.
කෙල්ල කඳුළු පිරි දෙනෙතින් කොල්ලාව බදා ගත්තේය..

ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට …

තරින්දි කලන හා අවිදු දෙස බලා කට කොනකින් හිනා වුනේ ඇගේ මෙහෙයුම සාර්ථ වූ නිසා..කලන හා තරින්දි අවිදුට හා නිකේශාට තනි වීමට ඉඩහැර මුහුද දෙසට ගමන් කරෙ අත්වැල් පටලවගෙනය….

මේ ආදරේ කොහෙද හංගන් හිටියේ පන…

අවිදු කෙල්ලගේ කනට කොදුරා කීවේය..ඔහු කෙල්ලව තවත් ටිකක් තදින් වැලද ගත්තේ නලල්තලය මත දෙතොල් තබාය..නිකේශා ඇස් වසා ගත්තේ ඒ ස්පර්ශ ඇගේ ගත හිරිවට්ටපු නිසාය….ටික මොහොතකට පසු ඇය ඔහුගෙන් ඇත් විය…කොල්ලා ආපව් කෙල්ලගෙ අතින් ඇද තම පපුවට තද කරගත්තේය….අවිදුගෙ ආදරෙන් මත් වුනු නිකේශාට සුලු මොහොතකට තම අසනීප සොහොයුරාත් අමතක විය

——————————————————————————————————————————–

“මගෙ පැටියෝ ….”

කෙල්ල නිහඬව අසා සිටියේය..

මේ මොහොතේදී නිකේශාගේ ජ.දුරකථනයට උපුල් ගෙන් ඇමතුන් රාශියක් පැමිණ තිබේ…

“පන දන්නවද අද මට ගොඩාක් සතුටුයි …. මගේ ආදරේ මට ලැබුනා”

කොල්ලා කෙල්ලෙ ඇස් දෙක දෙස බලාගෙන කතා කලේ .. කෙල්ලගේ ඇස් වලට කඳුළු පිරෙන්නට විය..

“මට සමාවෙන්න සර්….”

කොල්ලා කෙල්ලගේ මුහුණ දෙඅතින් අල්ලා ඒ දෙතොල් අග බොහොම සෙමින් හැපුවේය….

“ආයී………..”

“මට ආපව් බොරු කියනවද ආ..
ආපව් මට බොරු කියලා අහු උනොත් මං මීටවඩා දරුණු වෙයි….”

අවිදු කෙල්ලගේ බදවටා අත යවා ඇයව ලං කරගත්තේ ආදරණීයවය…

“ඇයි මේහෙම කර ගත්තේ ..”

කෙල්ල අවිදුගේ අත දෙස බැලීහ…

“මගෙ පැටියා වෙන කොල්ලගේ බයික් එකේ නැගලා ගියානේ….”

කෙල්ලට ගොඩාක් දුක හිතුනේ ඒ වචන බරකර කියපු නිසා වෙනි..
අනේ දෙයියනේ සර් මට මෙච්චර ආදරේද….

“අම්මෝ දැනට ඔය ටික හොදටම ඇති…දෙන්නම කෑව නම් හරි ගෙදරයන්න ඕනේ…තව ඉස්සරහට අපි ඔයාලට මේ වගේ අවස්ථා ලබා දෙනවා ලව් කරන්න නේද කලන”

තරින්දි හා කලන ඔවුන් දෙදෙනා අසලට පැමිණියේය…කෙල්ල බිම බලා ගත්තේ ලැජ්ජාවටය..

“මට කන්න බෑ තරින්දි ..”

“මේන් වැන්දා නෑනේ දැන්වත් කන්න … මගේ අයියණ්ඩි උදේ ඉදන් කාලා නෑ ඔයා කන්න ආවේ නෑ කියලා”

තරින්දි ඇය අතට බත් එක දුන්නේ දෙන්නටම කන්න කියා අණ කරමින්ය…

අවිදු කර් එකේ තිබු වතුර බෝතලය රැගෙන කෙල්ලගේ අතින් අලලන් අසල ගල්තලාව වෙත පියමැන්නේය …

“කන්න සර්…”

කෙල්ල කියද්දි කොල්ලා අත පෙන්නුවේය…අවිදුගේ දකුණු අතේ තුවාලය තිබුනු නිසා කෙල්ල ඔහුට කවන්න ගත්තේය…

අම්මේ හොද වෙලාවට අත තුවාල වූ නැත් නම් මේ ආඩම්බර කෙල්ලගෙන් බත් කටක් කවාගන්න බැරිවෙනවනේ….

දෙදෙනාම බත් කා නැවත කාර් එක වෙත පැමිණෙන විට තරින්දිගේ මුහුණ වෙනස් වී තිබුනේය…කෙල්ලගේ හැම රහසක්ම ඇයට දැනගන්නට ලැබුනේ ඇගේ ජ.දුරකථනය ආ ඇමතුමට ආන්ස්වර් කරපු නිසා වෙනි…නමුත් මේ කිසි දෙයක් හරිහැටි දැනගන්නා තෙක් අවිදුට නොකියා සිටින බවට කලන හා තරින්දි සිතාගත්තෝය.

**********
වොෂ් එකක් දාගත් කෙල්ල නිදා සිටින මල්ලි ඔලුව අතගා දිගු උස්ස්මක් හෙලුවේය..

“අම්මා ”

“ඇයි සුදු පුතේ…”

කෙල්ල අම්මව බදාගෙන අඩන්නට විය….

“මේ මොකද පුතේ …”

කෙල්ල අවිදුගේ ආදරේ ගැන අම්මට කිව්වේ අම්මා හා ඇය අතර කිසිදු රහසක් නොතිබෙන නිසා වෙනි….නමුත් උපුල් ගැන නම් කෙල්ල අම්මට මුකුත්ම කිව්වේ නැත…

“අනේ පුතේ අපිට ඒ මිනිස්සු ගැලපෙන්නෙනෑ…”

“අන්න ලොකු අම්මා පුතාට හොද කටයුත්තක් බලලා..අපි අපිට පෑහෙන මිනිස්සු හොයා ගන්න ඕනේ පුතේ…ඔය සල්ලිකාර මිනිස්සු විශ්වාස කරන්න බෑ මයෙඅම්මා…”

අම්මගෙ කතාවත් ඇත්ත…ඒත අවිදු ගැන කෙල්ලට සැක නෑ..

කෙල්ලගේ ජ.දුරකථනය නාද විය…ඇය දුරකථනය දෙස බලන්නෙම නැතුව ඇමතුමට සම්බන්ධ විය…

“හෙලොව් ”

“නිකේශා ඔයාට මං කොච්චර ගත්තද ළමයෝ..ආන්ස්වර් කරලා ඇයි කතා කරේ නැත්තේ හවස..මට හිතෙන්නෙ ඔයාට මගෙ උදව්ව අමතක වෙලා වගේ…”

“අනේ නෑ සර්….”

උපුල් කෙල්ලට අනතුරු අගවා ඇමතුම විසන්ධි කලේය..

ඒ ඇමතුම විසන්ධි වූ සැනින් නැවත දුරකථනය නාද විය…ඒපාර අවිදුය….

කෙල්ල ඇමතුමට සම්බන්ද වුනේ අඩාගෙනය…

“ඇයි මේ පැටියෝ …ඔයා හොදින් නේද..”

කෙල්ලගේ ඇඩීම කොල්ලව බියගැන්නුවේය.

පන ඔයාගේ තාත්තා මට කියනවා ඔයාගෙන් ඈත් වෙලා හිමංසව ඔයාට ලං කරන්න කියලා… මට ඔයාව කටවත් දෙන්න බෑ…මං කොහොමද දරාගන්නේ මේ දුක…

?????????

නැවත හමුවෙමු …

ලයික් කමෙන්ට් හැම එකකටම ගොඩාක් ස්තූතියි මගෙ යාළුවනේ….

මගෙ යාලුවන්ට දැන් මගේ කතාව බලන්න වෙන්නේ වෙනස්ම විදිහට නේද…. මට තේරෙනවා ඒක ටිකක් අපහසුයි කියලා….ඒත් අපි ටික ටික ඒ වෙනසට හුරුවෙමු… අපිත් එක්ක යාළුවෝ හැමද ඉන්නවා නේද…අලුත් ලස්සන කතා ගොඩක් ඉදිරියට ඔයාලට අපි අරන් එනවා…


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. දහ අට වෙනි කොටස

  • February 19, 2018 at 1:15 pm
    Permalink

    Godak lassanai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *