නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැටඑක්වෙනි කොටස

නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස….💞
********************************
“සුදු පුතේ….”

අම්මා මගේ අත අල්ලගෙන මට කතා කරත් මගේ ඇස් හෙව්වේ අවිදු ය…..මං ඇස් කරකව කරකව වටපිට බැලුවද ඔහු සිටියේ නැත… ගෙදරට අවිදුගේ ලෙයින් උපදින්නට එන මේ අමුත්තා ගැන දැනගත්
සියලු දෙනාටම ගොඩක් සතුටුය…නමුත් මෙච්චර දවස් ගෙදරට නොකියා සිටීම පිළිබඳව නම් සියලු දෙනාගේම දෝෂාරෝපණයට ලක්විය… අම්මලාදෙන්නා සහ නිදුක ඇයට සුභපතා රෝහලෙන් නික්මුනේ ඇයට අවශ්‍ය ආහාර ගෙදරි පිලියෙල කරගෙන පැමිණෙන් නම් කියා අවිදුට පවසමිය…

“හොර නැන්දි…..අපිට නොකියාම අපෙ පැටියට සෙල්ලම් කරන්න චූටි පැටියෙක් ගෙනත් නේ “

තරින්දි ඇගේ කුස අත ගාන ගමන් මගේ හිස පිරිමැද්දේ ය…මගේ ඇස් බොදවිය…..

“අනේ ඇයි මේ අඩන්නේ…..”

“මහත්තයා කෝ….”

“ඒ උනහපුලුවද ….. ඔය ඉන්නේ එළියේ පුටුවක ඉද ගෙන….ඇයි බම් මේවා හංගන් හිටියේ අපේ එකාට නම් අසූහාරදාට නැගලා ඉන්නේ…අම්මත් ඔය දේශනාවක් දීලා ගියේ මෑන්ට උඹට මුකුත් එපා කියලා….”

“අනේ මට මහත්තයව බලන්න ඕනේ….”

මට අවිදුගේ කකුල් දෙක අල්ලා සමාව ගන්න ඕනේ….මං මේ සේරම හැංගුවේ අපේ තාත්තගෙ අසනීපෙට බෙහෙත් කරගන්න ඕනේ නිසයි මහත්තයෝ ….. මං දන්නවා මං වැරදි අපේ පැටියා මගෙ බන්ඩියට ආවම ඔයාටයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ.. ඒක දැන ගැනීම ඔයාගේ අයිතියක්…. ඔයා ගොඩාක් තරහින් ඇත්තේ… මට බයයි….

තරින්දි එළියට ගියේය..මම දොර දෙස බලා සිටියේ කොයි මොහොතේ හෝ අවිදු ඒවි යැයි බලාපොරොත්තු වෙන්‍ ය…

අවිදු පුටුවට බර වී ඇස් පියාගෙන සිටියේය ඒ අසල පුටුවේ කලන ද වාඩි වී ඔහුගේ හිත හැදීමට මහත් වෙහෙසක් දරයි….

”අයියේ ….”

තරින්දිගේ කටහඬට අවිදු ඇස් ඇර ඇයදෙස බැලුවේ ය..ඒ ඇස් රත්පැහැ ගැනවී තිබුනි..

“ඇයි මොකද…”

“නිකේශා එන්නලූ…”

“මට බෑ….”

“පිස්සු ද යකෝ බලපන් ගිහින් නංගිව….”

කලන අවිදුට කෑ ගැහුවේය … නිකේශා මෙසේ නොකීමට මොකක් හෝ හේතුවක් තිබෙන බව කලනට සිතුනි…නංගිගෙන් නිවාඩුපාඩුවේ හෙමිහිට අහගන්න ඕනේ..

කලනගේ හා තරින්දිගේ බල කිරීම මත අවිදු නිකේශා බැලීමට රෝහල් කාමරයේ දොර ඇරගෙන ඇතුලට ගියේය ….

අවිදුව දුටු නිකේශාගේ ඇස්වලින් කඳුළු ගලා ආවේය …

“මට සමාවෙන්න මහත්තයෝ ….. “

නිකේශා අඩමින් අවිදුගෙන් සමාව අයැදුවේය…

නිකේශාගේ කටහඬ ඇසුනු අවිදු ඒඅසල බිත්තියට අතමිටමොලවා පහරක් එල්ලකලේ හිතේ ඇවිලෙන කේන්තිය තවත් දරාගත නොහැකි නිසාය….

මං ඔහුවෙත දිව ගියේ අතේ ගසා තිබූ සේලයි එකේ කට්ට ගලවා දමාය…

“මගෙ දෙයියෝ මට ඔයා නැතුව ඉන්න බෑ…. ඔයාට නම් මොකුත් කර ගන්න එපා..කෝ බලන්න අත…”

මං ඔහුගේ අත සිපගෙන ඔහුව වැලද ගත්තේය…නමුත් ඔහු මාව ඔහුගෙන් ඈත් කර කාමරයෙන් එළියට ආවේ මොකුත්ම නොකියාය…මං හයියෙන් කෑ ගසා බිම වාඩි වී ඇඩුවේ අවිදු දැන් මගේ ස්පර්ශ පවා ප්‍රතික්ෂේප කරන නිසා වෙනි…

තරින්දි හා කලන මා ලගට පැමිණියේ ය….

“මේ මොකද නිකේශා නංගි කෝ එන්න ඇද උඩට..තරින්දි ඔයා අයියා එක්ක ගෙදර යන්න මෑන් ගොඩාක් අවුලෙන් ඉන්නේ…නැත් නම් කොහෙ මගුලේ යයිද දන්නේ නෑ….මං නංගි ලග ඉන්නම් ….”

කලන කී ලෙසටම තරින්දි අවිදු සමග කාර් එකේ නැගී ගෙදර බලා පිටත් විය…අවිදු ගෙදර යන තෙක්ම ඇස්වල පිරී ගලා හැලෙන කඳුළු පිසදමමින් කාර් එක ඩ්‍රයිව් කලේය…

“අයියේ ඔයා මේ වෙලාවේ නිකේශා ලග ඉන්න ඕනේ….”

ගෙදරට පැමිණෙන තෙක්ම තරින්දි නිකේශා පිලිබඳ කොතරම් දේවල් පැවසුවත් අවිදුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනේය…

නිකේශා කල දේ නිස නැවත ඇයගේඅතට කට්ටක් ගසා සේලයි එකක් ලබා දුන්නේය…

“නංගි මොනාද මේ කරන පිස්සු වැඩ… ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ තේරුනාද….දැන් ඔයා ගැන විතරක් නෙමේ අපේ අලුත් සාමාජිකයා ගැනත් හිතන්න ඕනේ … අපි මේ හැම දේම හිමින් විසද ගමූ…”

“මහත්තයා නැතුව නම් මං එක මොහොතක්වත් ඉන්නේ නෑ කලන අයියේ ….”

“අනේ මේ කට වහගන්න නංගි..”

*****************************
වේලාව උදේ 7 ය..

නිකේශ බලෙන්ම වගෙ ඩිස්චාජ් කරගෙන පසු ගෙදරට පැමිණියේ කලන හා ජීවන්ති සමගය..
අවිදු කාමරයට වෙලාම සිටියේ ය..

මං අපේ කාමයට ගියේ අවිදුගේ අම්මගේ ඇගට බර වෙමින් ය…

ඇදේ නිදාගෙන සිටි අවිදු නිකේශා කාමරයට ආ සැනින් ඇදෙන් නැගිට බාත්රූම් එකට ගියේ ය…

“අනේ අම්මේ බලන්නකෝ මහත්තයා …..”

මං ඇඩුවේ ඇද මත වාඩි වී කොට්ටයක් බදාගෙනය….ඒ කොට්ටය තෙත් වී තිබුනි ..
ඇයි මේ කොට්ටය තෙත් වෙලා මං අඩන ගමන් සිතුවේය…
මහත්තයත් මං වගේම අඩලා එළිවෙනකම්ම කාමරයට වෙලා…මට සමාවෙන්න මහත්තයෝ …

“ඕ….ක් ඕ…ක්…”

“අම්මේ මට ….”

වමනේ යන්නට වගේ. අම්මා බාත්රූම් එකේ දොරට ගැහුවේ තවමත් අවිදු බාත්රූම් එකේ නිසාවෙනි… ඒත් අවිදු දොර ඇරියේ නැත..

“චුටි පුතේ කෝ මේ දොර අරින්න දූට වමනේ යන්න එනවා…”

ඒ මොහොතේ නම් අවිදු බාත්රූම් එකේ දොර ඇරගෙන එළියට පැමිණියේය … මං අම්මගෙ වාරුවෙන් ඇතුට ගොස් අමාරුවෙන් වමනේ දමා නැවත පැමිණ ඇදේ හාන්සි වූයේය…

“Congratulations අයියේ …”

කවිෂාන් ඇවිත් අවිදුව වැලදගෙන සුභ පැතුවේය…පසුව නිකේශා ලගටද පැමිණියේ ය…ජීවන්ති සුප් එකක් අරගෙන එන්නම් කියා එතනින් ගියේය..අවිදුද කාමරයෙන් එළියට ගියේය…

“Congratulations මගේ නෑනෝ..”

මගෙ ඇස් වලින් කඳුළු ගලා ආවේ දුක වැඩිකමටය….

“ඇයි මේ අඩන්නේ… මොකද වුනේ නිකේශා …”

නිකේශා වූ දේ පැවසුවේය …

“දුක් වෙන්න එපා … හොදට කාල බීලා සතුටින් ඉන්න ඕනේ.. මං අයියා එක්ක කතා කරන් නම්…”

“දැම්ම තාත්තා ගැන නම් කියන්න එපා කවී…”

“ඒත් ඔයාලා මෙහෙම දෙපැත්තට වෙලා ඉන්නවා බලන්නද ඔයා කියන්නේ…දැක්කනේ අපේ එකා ඉන්න විදිහ….ඕකට ඔයා නැතුව බෑ…”

“හ්ම් මාත් එක්ක කේන්තියෙන් ඉන්නේ…තාම මගෙ මුහුණ බැලුවෙත් නෑ කවී…”

අද දවසම ඇඩූ කඳුළින් ගෙවා දැම්මේය…තරින්දි එයාගේ චූටි බන්ඩියත් උස්සගෙන දහ දොළොස් වතාවක් මාව බැලීමට කාමරයට පැමිණියේය … අද කන බොන හැම එකම වමට ගියේය….රාත්‍රී වෙද්දි නම් ඇගට පනක්වත් නොතිබිනි….මට එහෙම්මම නින්ද ගියේය…

ඒත් එක්කම කුසමත සීතලක් දැනුනි….

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නැවත හමුවෙමු ….

මගේ කතාව කියවන ක්මෙන්ට් දාන මගේ ආරණීය හැම යාළුවෙක්ටම ගොඩාක් ගොඩාක් තැන්කූ …😘😘😘😍😍😍😍


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

10 thoughts on “නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැටඑක්වෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *