නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැටපස් වෙනි කොටස

නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස….💞
************
“අම්මේ යන් ඇතුලට….”

අවිදු අම්මගේ අතින් අතින් ඇදගෙන ගේ ඇතුලටයන්න ගියද ඇය ඔහුගේ අත අත් හැරියේ සියලුම දෙනා පුදුමයට පත් කරමින් ය….

“චූටි පුතා මට තාත්තා එක්ක තනිම කතා කරන්න ඕනේ ….”

“මේ මිනිහා එක්ක මොනවා කතා කරන්නද අම්මා …..”

“ප්ලීස් චූටි පුතා…චුටි දූ ආ බබාව අරං ඔයාලා ඇතුලට යන්න…”

අවිදුගේ කේන්තිය දෙගුන තෙගුන වූ බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට වූහ…

“කලන දීපන් කී එක …..”

අවිදු කේන්තියෙන් කලනගේ අතේ තිබූ කර් එකේ යතුර ගෙන කාර් එකට ගොඩ වුනි…මාත් ඉක්මනින් කාර් එක ලගට ගියේ කාරෙකට ගොඩ වීමටය නමුත් ඔහු ඒ වනවිටත් කාර් එක ස්ටාට් කර එතැනින් පිට වී අවසානය…

“නිකේශා බය වෙනඑපා….අවිදු ඉක්මනට එයි..අපි හිමින් එයාට තේරුම් කරමූ..”

මගෙ ඇස්වලින් කඳුළු ගලා හැලෙන දුටු කවිෂාන් මා ඉදිරියට පැමිණ පැවසුවේය..

“මහත්තයා ගොඩාක් තරහින් හිටියේ කවී මට බයයි…”

මගේ යටි බඩින් හීනියට කැක්කුමක් ආවේ ඒ මොහොතේදීය….

තාත්තා අපි හැමෝම ඉදිරියේ ඔහු මාධවීට රැවටනූ ආකාරයත් ඔහු අසනීප වී සිටන විට ඔහුව මේ ලෙස නිරෝගීයෙකු ලෙසපත් කර ගැනීමට කවිෂාන් සමින්ද හා නිකේශා පිහිට වූ ආකාරය විස්තර කලේය… මගේ හිත නොසංසුන් වී තිබූ හෙයින් ඔහු පැවසූ කිසිවක් මට ඇසුනේ නැති තරම්‍ ය….

“ඔයාට දැන් හරි වැරැද්ද තේරුම් ගිය එක ලොකු දෙයක් උපුල්….”

“මට මගේ වැරද්ද හදා ගන්න එක අවස්තාවක් දෙන්න ජීවන්ති ….”

තාත්තා නැවත වරක් අම්මා ඉදිරියේ බැගෑපත් විය…

“හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ උපුල් ..”

අම්මා තාත්තා සමාව දී ඔහුව වැලදගත්තේය … තරින්දී ද ඇගේ දරුවා සමග තාත්තා වැලද ගත්තේ ආදරයෙනි…

“නිකේශා දූ …..”

අම්මා මං ඉදිරියට පැමිණෙන මාගේ දෙයත් සිපගත්තේ ය…

“ඇයි අම්මේ…මේ”

“අපේ චුටි පුතා මටයි මහත්තයටයි ගෙනත් දුන්නේ ලේලියෙක් නෙමේ…රත්තරං දුවෙක්…නේද උපුල්…”

“ඔව් ජීවන්ති දූ මාව වෙදමහතයා ගාවට එක්කන් ගියේ මග දිගට වමනේ දදා… පව්..”

“ආ මෙයාවත් අල්ලගන්න ඕනේ…”

අම්මා කවීන් ලගට ගොස් කන මිරිකුවේය…

“ආව්…………. මහම්මේ…”

“හොර ගෙඩියා නිකේශා දුවත් එක්ක හොරෙන් කුටු කුටු ගගා මේ කරලා තියෙන්නේ…. ඒත් අපේ චූටි පුතා…”

“ඕන් ඉතින් මහම්මා දුක් වෙනවනේ..”

“මං අවිදුව ශේප් කරගන්නම්….”

කලනද ඔහුන්ගේ සාකච්ඡාවට එකතුවිය…ටික මොහොතකින් මාගේ ඇස් නිලංකාර වී යනවා පමණි මතක….

පැය 5ට පසු…

“ඩබාස්…සරාස්…”

බඩු පොලවෙ ගහන සද්දයත් සමග මාගේ ඇස් විවෘත වුනි…මං සිටියේ අපේ කාමරයේ ඇද උඩය…කාමරයේ බඩු සී සීකඩය…

“මහත්තයෝ ඇය මේ…”

මං ඈදෙන් බැස කේන්තියෙන් බඩු පොලවේ ගසන අවිදුගේ ඇගේ එල්ලුනෙමි…

“පලයන් යන්න අහකට…”

අවිදු මාව අතින් ඇද පැත්තකට තල්ලු කලේය …. මගෙ ඇස් වලින් කඳුළු ගලා ආවේ සීඝ්‍රයෙන් ය..

“කලන අයියේ ….”

අවිදු ව පාලනය කර ගැනීමට නොහැකි නිසා කලනට කතා කලේය….

කලන සමග කවිෂාන් ද අපේ කාමරයට කලබලයෙන් පැමිණියෝය …

“මේ මොකද අවියෝ…පිස්සු ද මේ බඩු පොළවේ ගහන්නේ…බලන් නංගිත් බයවෙලා….”

“උඹත් පලයන් යන්න….මට එකෙක්වත් එපා යකෝ මං මේ ගෙදරින් යනවා…”

අවිදු ට්‍රැවලින් බෑගය ගෙන අල්මාරියෙන් ඇදුම් කීපයක් එම බෑග් එකට දමාගෙන ලැප් එකත් ෆෝන් එකත් ගෙන මගේ ඉදිරියට පැමිණ ඒ ගිනියම් වූ ඇස් වලින් මා දෙස බලා කාමරයෙන් එළියට යෑමට පිටත් වුනි..

“සරාන්…..”

“මහත්තයෝ කාමරයෙන් එක අඩියක් හරි එළියට තිබ්බොත් ම්ං මේ බෝතලයෙන් ඇනගන්නවා බඩට…..”

මං මේසය මත තිබූ වීදුරු බෝතලය බිත්තියට ගසා අතේ ඉතුරු වූ බිදීගිය වීදුරු බෝතලේ කොටස මගේ බඩට ලං කර මහ හඬින් කෑ ගැසුවෙමි…

කාමරයේ දොර ලග නතර වූ අවිදු නැවත මා දෙස හැරී බැලුවේය…කලන හා කවිෂාන් ද මා දෙස බලා සිටියේ ය…

“චටාස්……”

අවිදු අඩියට දෙකට මා අසලට පැමිණ මාගේ අතේ තිබූ බිදුනූ වීදුරු බෝතලයේ කොටස උදුරා බිමට දමා කනට පාරක් ගැසුවේ කේන්තියෙනි …. මාගේ ඇස් වලින් කඳුළු බේරුනේ ය….අවිදු බාත්රූම් එකට ගොස් දොරවසාගත්තේය….

***********
පසු දින අලුයම මා අවදි වුයේ පිපාසයක් දැනුන නිසාවෙනි…අවිදු අනිත් පැත්ත හැරී නිදා සිටියද කෙදිරි ගාන හඬක් ඔහුගෙන් අසන්නට ලැබුනේය…

මගෙ මහත්තයෝ ඔයා ඔහොම මගෙන් ඈත් වෙලා ඉන්න එපා මට දරාගන්න බෑ….මේ දවස් ටිකේම කෑමක් නෑ….අපේ පුතු ගොඩාක් දැන් දගලනවා…මට ටිකක් අමාරුයි මහත්තයෝ …

මං ඇදෙන් නැගිට වතුර වීදුරුවක් බිව්වෙමි..පසුව බාත්රූම් එක ගියේය…

“පැටියෝ පැටියෝ ….”

මහත්තයා නේද කතා කරන්නේ…මං ඉක්මනින් බාත්රූම් එකෙන් එළියට එද්දි අවිදු කාමරයට ඇතුල් වූයේ ය…

“මොන මගුලෙද ගියේ ආ…”

අවිදු මගෙන් ප්‍රශ්න කරන්නට වූයේ කේන්තියෙන් ය…

“බාත්රූම් එකට ගියා…”

මං බිම බලාගෙන කිව්වේමි…

“ඇයි කියලා යන්න බැරිද ආ….මං හැම තැම හෙව්වා..”

“මහත්තයා නිදි නිසා මං ආවා…”

“මේ පණ්ඩිතකම් නැතුව යන්න රෙද්දක මට කියලා යනවා.. “

අවිදු ප්‍රෙස් එකට යනකන්ම නිකේශාට බැන වැදුනේ උපුල් ද ගෙදර නිසාවෙනි….

අවිදු ප්‍රෙස් එකට ගිය පසු මං ,අම්මා, තරින්දි ,කවිෂාන් ඇතුලු පිරිස උපුල් සමග කතා කතා කලෝය….

“අම්මා ……”

“ඇයි දුව..”

“අවිදු ගොඩාක් ලොකු අවුලක ඉන්නේ අම්මේ…”

“මටත් දුවට කියන්න දෙයක් තියෙනවා…”

මගේ හිතේ අවිදු ගැන සැකයක් ඇතිවිය..

ජීවන්ති නිකේශා ලගින් වාඩි කතාවට මුලපිරුවේ ය…

“අම්මා එතකොට අවිදු …..”

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නැවත හමුවෙමු ….

සමාවෙන්න මගේ යාළුවනේ …..😢😢😢 කතාව පරක්කු වෙනවට…..හේතු කීපයක් නිසා කාලය නෑ කතාව ලියන්න..

ආදරෙයි හැමෝටම ගොඩක්..😘😘😘😍😍😍

දැන් කතාවට වෙබ් එකේ ඉදන්ම ෆේස්බුක් කමෙන්ට් දන්නා පුළුවන් එකේ කට්ටිය හිතෙන දේ කියාගෙන යමුද? කමෙන්ට් නැතිව ලියන්න කම්මැලියිනේ

තීර් කතාව ඉක්මනට දෙන්නම්…


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

7 thoughts on “නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැටපස් වෙනි කොටස

  • May 13, 2018 at 11:10 am
    Permalink

    niyamae kathawa .hitaganna be mokada wenne kiyala

    Reply
  • May 13, 2018 at 12:25 pm
    Permalink

    Ane hamadama dannako.lassana nesane keyanne.

    Reply
  • May 13, 2018 at 2:23 pm
    Permalink

    Kathawa lassanai…👌👍😍ikmaninma dannakoo kathawa..😊🙂”තීර්” kathwath ikmaninma dannna..balan innawa..💜❤️💙💛🙇

    Reply
  • May 13, 2018 at 3:40 pm
    Permalink

    අනේ හැමදාම දාන්නකෝ.. මගේ හබියත් මේ වගේ..ගොඩක් නපුරුයි.මේ කතාව කියවනකොට මට එයා මතක් වෙනවා.ගොඩක් ලස්සනයි

    Reply
  • May 15, 2018 at 5:01 am
    Permalink

    Lassanai kathava… Digatama dandooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *