නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැටහත්වෙනි කොටස

නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස….💞
************
“නිකේශා …… නිකේශා …..නැගිටින්න..”

කවිෂාන් පහත් වී මගෙ දෙවුරෙන් අල්ලා ඔසවා ගත්තේය…මගෙ මුලු ගතම පන නැතිවී ගොස්‍ හමාරය….යටි බඩද කැක්කුම් කරයි…..

“මේ මොන විකාරයක්ද කවුද මේකී…ඒයි නැගිටිනවා…..”

කවී අවිදුගේ කාර් එකේ දොර ඇර අවිදුව වැලදගෙන ඔහුගේ පපුව මත හිස තබා ගෙන නිදා සිටින කාන්තාව ඇහැරවා කාර් එකෙන් එළියට ගත්තේය.. අවිදු ද අවදි වූයේ කවීගේ කටහඬ ය…ඔහුගේ නෙත් තවමත් මතින්‍ බරවි ඇත.

“වට් නොන්සන්….හූ ආ යූ….”

“මේ ඕයි…. හොද හිතින් කියන්නෙ..යන රෙද්දක දැන්ම යනවා..ලැජ්ජ නැද්ද ගෑනීයේ බැදපු මිනිස්සුන්ගෙ කරෙ එල්ලෙන්න…..”

කවී එම කාන්තාවට බැන්නේ

“මේ මිස්ටර් කතා කරනවා හරියට…..අර සර් තමයි මාව එක්කන් අවේ නැතුව මං බලෙන් ආවේ නෑ….”

ඇය නැවත කාර් එකේ දොර ඇර ඇයගේ හැඩ්බෑගය අතට ගෙන එතනින් පිටව ගියේ අපිට බැන බැනය…

මට තවත් මේ වෙන කිසිදෙයක් බලා සිටිය නොහැකිය…මගෙ මහත්තයා කොහොමද වෙන ගැහැණියක් තුරුලට ගත්තේ…මගෙ පපුව පිච්චෙනවා…අනේ මට දරාගන්න බෑ….

මං කාර් එකට හේත්තු වුනේ එක් අතක් පපුව හා අනික් අත කුසට තබාගෙනය..මගේ ඇස් වලින් කඳුළු වැල් ගලා බසී…

“අයියේ මේ මොකොද ඕයී තමුසෙට වෙලා තියෙන්නේ….”

කවී කාර් එකෙන් එළියට ආ අවිදුගේන් ප්‍රශ්න කලේ තරහින්‍ ය….නමුත් අවිදු හොරහින් මාදෙස බලා නැවත බිම බලා සිටියද කිසිදු වචනයක් ඒ මුවින් පිට වුනේ නැත….

“ඇයි කට වහගෙන….. කතා කරනවා….බලපන් යකෝ අර නිකේශ දිහා…උඹ නිකේශාට පන දෙන්න නේද ආදරේ කරේ….අපි උඹ ගැන හීනෙකිවත් හිතපු නැති විදිහටනේ උඹ දැන් මෙතන හිටියේ ….. “

“මට සමාවෙයන් කවී අද මට ටිකක් වැඩි වුනා…මොනා වුනාද කියලා මං දන්නේ නෑ..”

“කවී අපි යමුද…..”

මට අවිදු දෙස බලන්නට හිත දෙන්නේ නැත දැන්….. වෙන ගැනීයෙකුට ලංවි සිටියේ කෙසේද… හිත හඩා වැලපෙයි..

“යමු අපි….අයියේ කා එක ලොක් කරලා අපි ආපූ කා එකේ යන් පස්සෙ ගන්න මං එන්නම් ඔයාගේ කාඑක… ඔයා දැන් හොද සිහියෙන් නෙමේ ඉන්නේ කා එකක් ඩ්‍රයිව් කරන්න තරම්….”

ඇස් වලින් ගලා හැලෙන කඳුළු පිසදමමින් මං පාරේ එහා පැත්තේ නවතා තිබෙන මාත් කවීත් මෙතනට පැමිණි කා එකේ පසුපස අසුනේ වාඩි වී ඇස් පියා ගත්තේමි…..

අවිදු හා කවී ද කා එකට නගින හඬ ඇසුනද මා ඇස් ඇරියේ නැත….

**********

“දූ දූ මෙන්න අම්මා කෝල් කරනවා..”

අවිදුගේ අම්මාගේ කටහඬට ඇදේ ඇලවී සිටි මා නැගිට්ටේමි…පසුව ඇගේ ජ.දුරකථනය මා හට ලබාදුන්නේය…..

“හෙලොව් අම්මා…”

“පුතේ ඔයා හොදින් නේද…”

“ඔව් අම්මේ….දැන් ලොකු අම්මට කොහොමද අම්මේ….”

“දැන් හොදයි පුතේ…මට තව ටික දවසක් මෙහෙ ඉන්න වෙනවා…..හෙට මල්ලිට ක්ලීනික්.”

“දන්නවා අම්මේ….තරින්දි මල්ලි එක්ක යන්නම්ලු…”

“අනේ ඒත් තරින්දි දූ යන්නේ කොහොමද…චූටි පැටියා ඉද්දි….”

“මාත් කිව්වා අම්මේ…කෝ ඉතින් අහන එකක්ද..එයාගෙ මල්ලිලු…එයාලු හැමදාම ක්ලීනික් එක්ක ගියේ හෙටත් එයාට යන්න ඕනෙලු මල්ලිව එක්ක ගෙන ….අනික අම්මා ප්‍රයිවට් හොස්පිටල් නිසා ඉක්මනට එන්න පුලුවනේ …”

“පුතේ ඔයා හොදින් නේද …..මට පුතාගේ කටහඩේ අමුත්තක් දැනෙනවා”

මං කොහොමද කියන්නේ අම්මේ මං මේ වෙලාවේ හොදින් නෙමේ ඉන්නේ කියලා…..සියලු දුක සිතේ තදකරන්

“මං හොදින් අම්මේ …. මෙහෙ හැමෝම මාව හොදින් බලා ගන්නවා….”

“එහෙ නම් කමක් නෑ….හැමෝම මතක් කරා කියන්න…කෝ අවිදු පුතා….”

“එයා බාත්රූම් එකේ අම්මේ”

“අවිදු පුතාවත් මතක් කරා කියන්න”

“හා අම්මේ….”

“බුදු සරණයි පුතේ…”

“බුදු සරණයි අම්මේ….”

“දූ මට අම්මා එක්ක කතා කරන්න ඕනේ කෝල් එක කට් කරන්න එපා….”

අවිදුගේ අම්මා මගෙ අතින් දුරකථනය රැගෙන අපේ කාමරයෙන් නික්වුයේ…

ජිවිතේ පුදුමාකාර …. මෙතෙක් කල් අවිදු නිසා සතුටින් පිරී තිබූ මගෙ සිත දැන් සුලු මොහොතකට පෙර මගේ නෙත් වලින් දුටු දසුන් වලින් කැලඹීමකට පත් වී තිබේ….එය මතකයට පැමිණෙන විටත් පපුව හිරවේ…

එත් සමගම අවිදුගේ දුරකථනය නාද විය…දුරකථන ස්ක්‍රීන් එකේ දිස් වන්නේ නොදන්නා අංකයකි…

“හෙලොව් ……”

මා ඇමතුමට සම්බන්ධ වුවෙමි….

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නැවත හමුවෙමු ……

ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් සමාවෙන්න ……

සමාව දෙනවා නේද මගෙ යාළුවනේ …..

මං පව් නේ…මං දන්නවා මගෙ මේ යාළුවෝ මගෙ මේ පුංචි සිත රිද්දන්නේ නෑ මට සමාව දෙනවා කියලා..මං ආදරෙයි නේ ගොඩාක් ඔයාලට…

මේ දවස් ටිකේ පොඩ්ඩක් කර්යබහුලයි …. ඒකයි කතා ටිකක් පරක්කු ….

නැවතත් මං ඔයලා හැමෝගෙන් සමාව අයදිමි…😢😢😢😢😢


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැටහත්වෙනි කොටස

  • May 23, 2018 at 10:31 am
    Permalink

    Mona karannada tharahawelath bene.a hinda samawa denawa😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    Reply
  • May 24, 2018 at 11:49 am
    Permalink

    Kathawa lassanai..👍niyamai..👌ilaga kotasath ikmaninma danna..💜💛💙😊balan innawa..🙇

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *