නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැට අටවෙනි කොටස

නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස….💞
************
“මේ අවිදු සර් ද ….”

“සර් දැන්නම් මෙතන නෑ…”

“ඔයා කවුද…”

“අපේ රෙස්ටුරන්ට් එකේ තමා දැන් ටිකකට කලින් සර් ඩ්‍රින්ස් ගත්තේ….සර්ගේ පර්ස් එක මෙහෙ දාලා ගිහින්….”

ආනේ දෙවියනේ මගෙ මහත්තයා එච්චර අසීහෙන්ද ඉදලා තියෙන්නේ.😢😢 මං කොහොමද මේ දේවල් අහන්නේ මහත්තයෝ … මේ පපුව පැලේයි….

“මං දැන් කෙනෙක් එවන්නම් එයාට සර්ගේ පර්ස් එක දෙන්න…”

“ඕකේ මිස්….”

“මට රෙස්ටුරන්ට් එක තියෙන ප්ලේස් එක පොඩ්ඩක් කියනවාද…”

මං ඇමතුම දුන් පුද්ගලයගෙන් රෙස්ටුරන්ට් එක පිහිටි ස්ථාන අසා කවී හා මල්ලිව යැව්වේ අවිදු ගේ පර්ස් එක රැගෙන ඒමටය..ඒ අතර තුර අවිදු නාගෙන සමක් ඇදගෙන මා වාඩි වී සිටිඇද මත වාඩි වුනේ මට ඉතාමත් සමීප ලෙසය…ඔහු දිග හුස්මක් ගත්තේ යමක් කීමට බව මට හැගුනු නිසා මං නැගිටලා බාත්රූම් එකට ගොස් දොර වසා ගෙන හයියෙන් කෑ ගසා ඇඩුවේ තව දුරටත් මේ දුක පපුවේ හිරකරගෙන සිටීමට නොහැකි නිසාය…

“පැටියෝ ….. පැටියෝ ….කෝ දොර අරින්න…”

අවිදු කොතරම් කෑ ගැසුවත් මට දොර ඇරීමට හිත නොදෙන්නෙමි..

“ඩොක් ඩොක් ඩොක්….”

ඒ ගමන දොර කඩන්න යන්නව….මහත්තයෝ මට දැන් ඔයා ලගට එන්න අප්පිරියයි … දැන් ටිකකට කලින් ඔයා අර ගැනීව බදාගෙන හිටියා….මාව මැරෙයි මහත්තයෝ …

“පැටියෝ දොර අරිනවද නැද්ද … මගෙ යකා අවුස්ස ගන්න එපා….”

දැන් නම් නිකේශාගේ හිතට යාන්තමට වගෙ බයක් ගෙනදුන්නේය…ඇය බාත්රූම් එකෙන් එළියට ආවේ කඳුළු පිසදමමින්‍ ය…අඩලා අඩලා කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා…කෙල්ල අවිදු සමග කතා නොකර කාමරයේ දොරලට ගියේ ජීවන්තිගේ කාමයට යෑමටය…

“කොහෙද යන්නේ පැටියෝ …මට ඔයා එක්ක කතා කරන්න ඕනේ…”

“මට මහත්තයා එක්ක තවත් කතා කරන දෙයක් නෑ….”

මං එහෙම ගියේ අවිදුගේ අම්මගේ කාමරයට ….ඇය අල්මාරිය ඇරගෙන මොනාදෝ සොයයි..මං පසුපසින් ගොස් ඇගේ උරහිසින් ඔලුව තියනවාත් සමගම මට ඇඩුනේ දුක වැඩිකමටය…

“දූ මේ මොකෝ…”

අම්ම මගෙ පැත්තට හැරී මගේ කඳුළු පිස දැම්මේය…

“මගෙ දූට අමාරුද…”

මගෙ නිශ්ශබ්දතාවය නිස නැවත අම්මා ඇගේ හඬ අවදි කලේය…

“නෑ අම්මා”

“චූටි පුතා මගෙ දූට බැන්නද…”

මං කොහොමද අම්මේ කියන්නේ ඔයාගේ චූටි පුතා හොදටම බීලා වෙන ගෑනියෙක් බදාගෙන හිටියා කියලා

“නෑ අම්මා මගෙ කකුල ටිකක් රිදෙනවා….”

“ඒක තමයි දරුවෝ කිව්වේ කොහෙවත් යන්න එපා කියලා..කොහෙද ඉතින් කියන දෙයක් ඇහුවෙ නැහැ නේ මහත්තයා ආස කෑමක් හදන බඩුගේන්න යන ඕනේ කියලා ගියේ…දැන් කකුල් කැක්කුමයි කියලා අඩනවා..මේ බලන්න කකුල් හොදට ඉදිමිලා….”

අම්මා මාව ඇගේ ඇද උඩ හාන්සිකරවා කකුල් දෙක තවන්න උණුවතුර රැගෙන ඒමට මුලුතැන්ගෙට ගියේය…මගේ ඇස් වලින් තමත් කඳුළු ගලා යයි…

මේ හැම දේම අවිදු දොරට මුවාවී බලා සිටියේය…පසුව ඔහුද මුලුතැන්ගෙට ගියේ අම්මා සමග කතා කිරීමටය….

“අම්මා …..”

“ඇයි චූටි පුතේ…”

“නිකේශාට අමාරුයි ද අම්මා….”

“ඇයි පුතාට දූ කිව්වේ නැද්ද …”

“නිකේශා පොඩ්ඩක් තරහින් ඉන්නේ අම්මා මාත් එක්ක….”

“චූටි පුතේ දැන් නම් නිකේශා ලගින්ම ඔයා ඉන්න ඕනේ….කකුල් බෙරකොට වගේ ඉදිමිලා…”

මට සමාවෙන්න පැටියෝ ආපව් කවදාවත් ඔයාව තනිකරන්නේ නෑ මට එක අවස්ථාවක් දෙන්න අවිදු තම ඔලුව අතගාමින් කල්පනා කලේය..

***********
නැවුම් දවසක ආරම්භය ඔරලෝසු මුහුණතේ සටහන් විය….

“ආව්…….මගෙ බඩ…”

එකපාරටම මගේ උදරයෙන් දැනුණු වේදනාව නිසා මා අවදි වුයෙමි…

“ඇයි පැටියෝ ….අමාරුද..”

අවිදු ද මගෙ කටහඬ ඇසී අවදි වී මගේ උදරය මත අත තිබ්බේය…මං ඒ අත මගේ උදරයෙන් ඉවත් කරේ මගේ හදවත කම්පාකල ඊයේ සිදු වූ දේ මතක් වූ නිසාය…

“පැටියෝ අමාරුනම් අපි යමු හොස්පිටල් …..”

“ඕනේ නෑ….පුතු දගලනාවා වැඩි ඒකයි කැක්කුම තව ටිකකින් අඩුවෙයි….”

“අනේ චූටි පැටියෝ අම්මියාට සිද්දන්න එපා…අම්මියා පව්….අම්මියා වේදනාවෙන් ඉන්නවා තාත්තියට බලන් ඉන්න බෑ…

අවිදු මගේ උදරට මුහුණ ලං කර පැවසුවේ ය…

“පුතූ තාත්තියට කියන්න..අම්මියට එච්චර ආදරෙයි නම් ඇයි ඊයේ වෙන කෙනෙක් තුරුල් කරන් හිටියෙ කියලා….තව එක දෙයක් කියන්න…ආපව් අම්මියව අල්ලන්නත් එපා කියන්න…”

************
“ජීවන්ති…..”

“ඇයි උපුල්….”

“මං ගොඩාක් අසරණ වුන නිසයි මාධවී එක්ක යන්න සිද්ද වුනේ….”

“මං දන්නවා උපුල් ඒත් අපි හැමෝගෙන්ම වසංකරන්න හැදුව දේ හැමෝම දන්නවා….මට බය චුටි පුතා ගැන..”

“මටත් බය එයා ගැන….එයාගෙන් හංගන්න ඕනේ නිසයි මාධවීට මං මගේ හැම දේපලක්ම දුන්නේත් එයා එක්ක හිටියෙත්…එත් චුටි පුතා දැන් දන්නවානේ…අපිව ලකීලා රැවට්ටුවා ජීවන්ති …..”

මිදුලේ ඇති ගල්පුටු වල ජීවන්ති හා උපුල් වාඩි වී කතාබහ කරමින් සිටියේය…

“සරාස් ……”

කාර් එකක් ඇවිත් මිදුලේ නතර විය…..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නැවත හමුවෙමු ….


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. හැට අටවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *