නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. 70. කොටස  (අවසන් කොටස)

නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස….💞
********************************
“හෙලොව් ……”

අවිදු කාර් එක පාරේ පිට නවතා ඇමතුමට සම්බන්ධ විය…

“හෙලොව් අවිදු …”

ගැහැණු කටහඬ කි… මේ කවුද අවිදුගේ හිත පවසයි…

“කවුද මේ..”

“මං මාධවී ….”

“වට්….”

“මට ඔයත් එක්ක මේ දැන් කතා කරන්න ඕනේ…ඉක්මට මගෙ ගෙදරට පුලුවන් ද…”

“සොරි දැන් නම් බෑ… මං දැන් මගේ පැටියා එක්ක ඉන්නේ…අනික මං ඔයා එක්ක කතා කරන්න කැමති නෑ…”

“ප්ලීස් පුතේ එක පාරක් ඔයා එක්ක කතා කරන්න මට අවස්ථාවක් දෙන්න…”

අවිදු මේ කාත් එක්කද කේන්තියෙන් කතා කරන්නේ….මුහුණත් රතුවෙලා…

“ඕකේ ….”

“තෑන්ක්ස් පුතේ ….”

“මේ මේ මැඩම් මාධවී මට අවිදු කියන්න…මට පුතා කියන්න ඔයාට අයිතියක් නෑ…”

අවිදු කියපූ දේ නිසා මාධවීගේ ඇස් කඳුළින් තෙත් විය…

අවිදු එක්ක කතා කරන්නේ මාධවී තමයි..ඇයි දෙවියෝ මේ මාධවී අපේ ජීවිත වලට එන්නේ..අවිදු පව් ලොකු දුකක් හිතේ තදකරන් ඉන්නේ…

“සොරි😔😔😔😔😔😔 අවිදු පුලුවන් තරම් ඉක්මනින් මාව මීට් වෙන්න..”

“ඕකේ..”

අවිදු ඇමතුම විසන්ධි කර මං දිහා බැලුවේ ලොකු දුකකින් ය..

“පැටියෝ …. මාධවී කියනවා මාව දැන්නම මීට් වෙන්න ඕනේ කියලා”

“ඉතින් අපි යමු මහත්තයෝ …. මොකද දන්නේ නැහැනේ …”

“පැටියෝ …”

“ඇයි මහත්තයෝ …”

“මාව විස්වාසයි නේ ද..”

“ඔව් ගොඩාක් …. ඒත්…”

“ඇයි පැටියෝ ඒත් කිව්වේ…”

“එදා කාර් එකේ අර ගැහැනු ළමයා….ඒ දේට මගෙ හිත රිදිලා තියෙන්නේ”

“අනේ රත්තරනේ මට ඒ මුකුත් මතක නෑ….මං ගොඩාක් ඩ්‍රින්ස් අරන් හිටියේ….සොරි😔😔😔😔😔😔 පැටියෝ ප්ලීස් “

අවිදු ගේ ඇස් වලින් කඳුළු ගලා හැලෙයි….

අනේ ඔයා අඩනවද මහත්තයෝ මං කොහොමද බලන් ඉන්නේ ඔයා අඩනවා…මගෙ හුස්ම හිරවෙනවා වගේ..

“කෝ ලගට එන්න….මගෙ මහත්තයෝ..”

අවිදු මගෙ පැත්තට බරවුණා මං ඔහුව තදකොට වැලද ගත්තෙමි…..මගෙ ඇස්වලින්ද කඳුළු ගලා අවේ ඔහුට තිබෙන ආදරේ වැඩිකමටය..

“මහත්තයෝ මට මෙහෙම ටික වෙලාවක් ඉන්න ඕනේ…”

මං අවිදුව වැළඳගෙන පැවසුවෙමි..

“ඒත් පැටියෝ…ඔයා ඔහොම හැරිලා ගොඩාක් වෙලා ඉද්දි පුතුට රිදෙයිනේ….”

අවිදු එහෙම කියනාවත් එක්කම කොන්දෙන් වෙදනාවක් ආවේය..ඔහුගේන් මිදී කොන්දට මගෙ අත ගියේ ක්ෂණියෙනි..

“ඇයි පැටියෝ ….”

“ටිකක් කොන්ද රිදෙනවා..”

“ඒකනේ මගෙ පැටියෝ මං කිව්වේ.. කො එන්න මං අතගාන්න..”

“එපා මහත්තයෝ දැන් හරි…”

අවිදු මගේ කුස අතගෑවේ මගේ චූටි පැටියාට මං ගොඩාක් ආදරෙයි  කියමින්‍ ය..

අවිදු කාර් එක ඩ්‍රයිව් කරගෙන ගොස් මාධවීගේ නිවස ඉදිරිපිට නතර කලේය ….

“මහත්තයා ගිහින් එන්න මං කාර් එකේ ඉන්නම්…”

“එහෙම බෑ ඔයා එන්න …මාත් එක්ක මං ලගින් ඉන්නම ඕනේ …”

අවිදුගේ කටහඬ පවා වෙනස්‍ ය…. දුක මුසුවූ හඬ කි…මගෙ පපුවට වේදානවක් දැනේ….
චුටි පැටියෝ අපි තාත්තියා ලගින්ම ඉන්න ඕනේ….එන්න යමූ

මං කුස අල්ලගෙනම කාර් එකෙන් බැස්සෙමි..ඉන් පසුව අවිදු මාවත් අතින් අල්ලගෙන මාධවීගේ නිවසට ඇතුල් විය…
මේ මොකද වෙන්නයන්නේ…හැමෝම මෙහෙ මොකද කරන්නේ …

උපුල් ,ජීවන්ති ,තරින්දි ,කලන, නිදුක ,කවිෂාන් ,ලකී  ලකීගේ වයිෆ් ,හිමංසා සියලු දෙනා සාලයේ පුටු මත වාඩි වී අපි එන මග බලාසිටිති…

“එන්න අවිදු ඔයාව තමයි මං බලාපොරොත්තු වුනේ….”

මාධවී අපි ඉදිරියට පැමිණ පැවසුහ…

පසුව මට සහ අවිදුට සෝපාවේ වාඩි වෙන ලෙස කියා සිටිහ…

අවිදු මාව පරිස්සමෙන් වාඩිකර ඔහුත් මා අසලින් ඉදගත්තේය ….

මාධවී අවිදු ඉදිරියේ වාඩිදි වී දිගු හුස්මක් ගෙන දිගු කතාව මුලපිරුවේය….

“පුතේ…සොරි මට අයිතියක් නෑනේ😔 පුතා කියන්න…”

මාධවීගේ ඇස්වලින් ගලා ආ කඳුළු    සියලු දෙනාගේ ඇස් වලට ගැටුනි…

මොනාද මේ මාධවී කරන්නේ යන්නේ හැමෝම ඉස්සරහා … මට බයයි…මං අවිදුගේ අත තදින් අල්ලා ගත්තේය …

“මට සමාවෙන්න මං අද හැමෝම ඉස්සරහා හැමදේම කියනවා….”

“උපුල් මේ ගෑණීට තව මොනාද අපි ඉස්සරහා කියන්න තියෙන්නේ”

ජීවන්ති මාධවී දෙස ඔරවමින් උපුල්ට පැවසූහ..

“පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ ජීවන්ති …”

“තව මොනවා ඉවසන්නද බලන්න අපේ චූටි පුතා කොච්චර දුකින් ද ඉන්නේ මට බයයි උපුල් …”

“බයවෙන්න එපා ජීවන්ති අපි බලමුකෝ….අපේ දරුවා ලග අපි ඉන්නවා හැමදාම….”

“වෙරි සොරි …. ස්පෙෂල් අවිදු …”

මාධවී අත් දෙක එකට එකතුකර වැද සියලුම දෙනාගෙන් සමාව ඉල්ලා අවිදු දෙස හැරී බැලුවේ ලොකු වැරක්දක් අවිදුට කෙරු ලෙසින්‍ ය….

“මං මේ කියන දේවල් අහලා ඔයාල මට කවදාවත් සමාවක් දෙන එකක් නම් නෑ….”

“මේ මාධවී කියන දෙයක් කියනවද මට මගේ දරුවෝ එක්ක ගෙදර යන්න ඕනේ…ඔයාගේ විකාර බලන්න වෙලාවක් නෑ…”

ජීවන්ති කේන්තියෙන් කෑ ගැසුවේ ය….

“ඕකේ ඕකේ ජීවා මං කියන්නම්…මුල ඉදලම කියන්නම් …මං රට ගියේ ස්ටඩී කරන්න ඒත් කෙවීන් දැක්ක දවසේ ඉදන් මගේ හැම බලාපොරොත්තුවක්කම වෙනස් වුනා …. කෙවීන් කියන්නේ හැන්සම් රිච් බෝයි කෙනෙක් …කෙල්ලො ඔහු පස්සෙන් ගියත් ඔහු ගනන් ගත්තෙනෑ….මට ඕනේ වුනා ඔහුව ලබා ගන්න ඔහුට තියෙන ආදරේට වඩා ඔහුට තිබ්බ සල්ලි නිසා…ඉතින් මන් ඔහුව නිතර මීට වුනා..නමුත් ඔහු මං ගැන හිතුවේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට විතරයි…ඒ රටේ මගේ ලගින් හිටිය මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නතාලි කිව්වා කෙවීන්ගෙන් මට දරුවෙක් ලැබෙන්න හිටියොත් එයා මාව බාර ගනී කියලා…අපි ප්ලෑන් කරත් කිසිදෙයක් ඒ විදිහට සිදු වුනේ නෑ….ඔය අතරේ මගෙන් කැමත ඉල්ලන් ඒ රටේ බෝයී කෙනෙක් ආවා…මං ඔහුට අකමැත්තෙන් වුවත් …ඔහු නිසා මං ප්‍රෙග්න්ට් වෙලා කේවීන් ලගට ගිහින් කිව්වා එයාගේ බබා කියලා…බට් ඒ වෙනකොට අර බෝයී මගේ ප්ලෑන් එක ගැන දැනගෙන කෙවීන්ට මීට් වෙලා කියලා .ඒ බෝයී කෙවීන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා මං දැනගත්තේ කෙවීන් ඔහු සමග මං ඉස්සරහා බනිද්දියි….මං දරුවව නැති කරන්න ට්‍රයි කරා ඒත් බැරි වුන නිසා මං බොරුවක් කියාගෙන ලංකාවට ආවා..එතකොට තමයි උපුල් හා ජීවන්ති ගැන දැනගත්තේ….ඒ දවස් වල උපුල්ට සල්ලි තිබ්බා…මං තනියම ප්ලෑන් කරා දරුවගෙ කරදරෙනුත් බේරිලා උපුල්ගේ සියලු දේපල සල්ලි මට ගන්න…”

මාධවී කතාව කියගෙන අතරවාරයේ අවිදු ඔහුගේ අත් දෙන් මගේ අත තද කරා…

අනේ දෙවියනේ මේ ගෑනිට පිස්සු ද මොනාද මේ කියන්නේ…මහත්තයා දැන් මොනවා හිතනවා ඇද්ද…මේ ගෑනී මගෙ මහත්තයව බිහිකරලා තියෙන්නෙදේපල ගන්න ශික් ….

“ඊට පස්සේ මං උපුල්ලට අවිදු දුන්නා එයාලට ඒ වෙනකොට දරුවෝ නැති නිසා…පස්සේ මේ දේවල් අවිදුට කියනවා කිය කිය බය කරලා මගේ නමට උපුල්ගේ දේපල ට්‍රාන්සර් කර ගත්තා…”

“ඔය ඇති මාධවී තව එක වචනයක් ඕනේ නෑ….”

ජීවන්ති පුටුවෙන් නැගිට කෑ ගැසුහ..

සියලු දෙනා අවිදු දෙස බලා සිටියේ දුකෙන් ය…එය අවිදුට දරා ගැනීමට අපහසු බව මට දැනුනා…

“චටාස්………”

“ඔය ඇති මාධවී එක වචනයක් එපා..මෙච්චරකල් අපි ඉවසුවා … අවිදු අපේ පුතා….ආපව් කිසිම එකෙක් මගෙ පුතාට වචනක් කියලා අහුවෙන්න එපා එදාට මේ උපුල් කවුද කියලා මං කරලම පෙන්නන්නම්…”

මාධවීගේ කන හරහා උපුල්ගේ අත යද්දි අවිදු නැගිට්ටේ විදුලියක වේගයෙනි ….

“ඉනෆ්….ඉන්ෆ්…. තෑන්ක්ස් මැඩම් මාධවී සල්ලි තන්හාවට මාව මේ ලොකේට බිහිකරට…මං අවජාතකයෙක් එහෙනම්.”

අවිදු කෑ ගසාගෙන ටයිල් පොලව මත දණගසා වාඩි වුනේ ය..

“අනේ නෑ චූටි පුතේ මේ ගෑණිට පිස්සු ඔයා මගෙයි තාත්තගෙයි චූටි පුතා…මේ කුසෙන් මං ඔයා වැදුවේ….මේ බලන්න අම්මා දිහා….”

දුකින් හා කේන්තියෙන් බිම බලා සිටින අවිදුව වැලදගෙන ජීවන්ති ඇඩුහ….උපුල් ද අවිදු අසලට පැමිණ ඔහුගේ හිස පිරිමැද්දේ ය…

මගේ ඇස්වල නොනවත්වා කඳුළු ගලා ආවේ අවිදු දුක් වෙනවා බලා සිටිමට නොහැකි නිසාවෙනි…

ටික මොහොතකට පසු අවිදු නැගිට මාලග පැමිණ මා දෙසට එක් අතක් දික්කලේ ය.

“පැටියෝ එනවද යන්න…..”

“ඔව් මහත්තයෝ අපි යමූ…”

ඔහුගේ අතේ මං එල්ලුනේ ජීවිතේ තිබෙන තුරාවට ඔහු එක්කම ඉන්නවා කියා සිතමින් ය..

“කොහෙද චුටි පුතේ යන්නේ දුවවත් එක්කන් මේ රෑ…. බලන්න දුවගේ කකුල් දෙකක් ඉදිමිලා….”

“ප්ලීස් අම්මා …..”

“අවිදු කාගෙවත් කීමක් නොඅසා මාව කාර් එකේ වාඩි කරවාගෙන අපේ ආදර කතාවේ විශේෂ ස්ථනයක් වන මුහුදු වෙරළ අසලට පැමිණ කාර් එක නවතා දිගු උස්මක් ගත්තේය ….

“ඇයි මේ මහත්තයා බීච් එකට ආවේ…..”

ඔහු කාර් එකෙන් බැස මං වාඩි වී සිටින පැත්තේ දොර ඇර මාව පරිස්සමට කාර් එකෙන් බස්සවා ගත්තේය .පසුව මාව කාර් එක හේත්තු කරගෙන මගේ මුහුණට බර වී සිප ගත්තේ මට කිසිවක් පැවසීමට ඉඩ නොදීය..ඒ ඇස් මගේ ඇස් වල ගැටුනී….වෙනදා වගේ නොව ඒ ඇස් වල දීප්තිය අඩුය…ලොකු දුකක් ඒ ඇස්වල පේනවා…පව් මගෙ මහත්තයා ගොඩාක් ලොකු දුකක් හිතේ තියන් ඉන්නේ….මං එයා ලගින්ම ඉන්න ඕනේ …මං හැම දේම අමතක කරනවා මහත්තයෝ මං දුක්වින්දත් මගෙ මහත්තයට දුක්විදින්න දෙන්නේ නෑ….
දීර්ඝ සිප ගැනීමකින් අනතුරුව අවිදු මාව වැළද ගතේය….

“සොරි චුටි පැටියෝ  සොරි😔😔😔😔😔😔 මේ තාත්තියට සමාවෙන්න …. “

අවිදු පහත් වී මගේ කුස ආදරයෙන් සිප ගත්තේය..

“ඇයි මහත්තයෝ මේ….”

“මං නැතුව ජීවත් වෙන්න පුලුවන්ද ….”

“අනේ බෑ මහත්තයෝ එක මොහොතක්වත් ඔයා නැතුව නම් ජීවත් වෙන්න බෑ…..ඔයාට කලින් මං මැරෙන්න ඕනේ කියලා මං හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ…”

“පැටියෝ මං තීරණයක් ගත්තා…”

“මොකක්ද මහත්තයෝ ..”

මට සමාවෙන්න පැටියෝ අපි ගොඩාක් හීන මැව්වා…ඒත් මට ජීවත් වෙන්න බෑ…මාව මේ ලෝකෙට බිහිකරලා තියෙන්නේ දේපල තන්හාවට සල්ලි කෑදරකමට…..අද ඒ කිව්ව වචන මගේ හිතේ දෝන්කාර දෙනවා…තව එක මොහොතක්වත් බෑ …. මං ආත්මාර්ථකාමියෙක් මොඩයෙක් කියලා මට බනී අදින් පස්සෙ හැමෝම ….අවිදුගේ හිත කෑගසයි…

“මට තවත් මේ දුක දරාගන්න ශක්තියක් නෑ අපි යමූ….”

“ආදරෙයි මගෙ පැටියාට ගොඩාක් …”

“මාත් ආදරෙයි මගෙ මහත්තයට ගොඩාක්”

අවිදු නැවත මාව කාර් එකෙන් වාඩිකරවා ඔහුද රියදුරු අසුනේ වාඩි වී මගෙ දෙස බලාසිටියේය ….

“උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ….”

මං ඔහුගේ බෙල්ලෙ එල්ලී ඔහුගේ දෙතොල් සිප ගත්තේමි….

“යමුද පැටියෝ ….”

“යමූ මහත්තයෝ ….”

අවිදු කාර් එක පදවාගෙන ඉදිරියට ගමං කලේය…එන්න එන්නම් කාර් එකේ වේගය වැඩිවිය…එක් මොහොතකදී අවිදු සුක්කානම අත හැර නිකේශාව වැලද ගත්තේය ……

“සරාස්……………ඩෝන්…”

“හම්මෝ කුඩු…පිස්සෙක්ද….”

ඒ අසලින් ගමං ගත් ත්‍රීරෝදකරු කෑ ගැසුවේය…

අවිදුගේ කාර් එක එහා මං තීරුවේ පැමිණි කන්ටේනර් රථයේ ගැටුනි…අවිදු නිකේශා හා ඔහුගේ නොඋපන් චූටි පුතු මේ ලොවෙන් සමුගතෝය.

🌼🌼🌼🌼🌼👫🚼🌼🌼🌼🌼🌼

යන්නම් නැවත නොයෙන්නම…

කොටස් 70 කින් නිමාවූ ආදර නිකේශා සමග සිටි මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි …….

අවසානය බලද්දි ඔයාලා මට ගොඩාක් බනී…
අවිදුටත් ගොඩාක් බනී මෝඩයෙක් කියලා..මෙවැනි දේවල් අපේ ජීවිත වලත් අහන්න දකින්න තියෙනවා ඒත් ඒවා ගැන වැඩිපුර කතා බහක් නෑ …..ඒත් අවිදු වගේ හදිස්සි තීරණ නම් ගන්න හොද නෑ….එක ජීවිතයක් නොව ජීවිත තුනක් මේ ලොවෙන් සමුගත්තා…අවිදු නිකේශා සමග මේ පිලිබඳ තව කතා කරා නම් මේ තීරණය වෙනස් වෙන්න තිබුනා…හිත කියන දේම අහන්න හොද නෑ …ප්‍රශ්නයක් තියෙනව නම් හිතත් එක්ක අපි තර්ක කරන්න ඕනේ නැත් නම් අපේ ලගින් ඉන්න කීප දෙනෙකු සමග කතා බහ කරලා නිවැරදිම තීරණය ගත යුතුයි…..

ඔන්න අද නම් හැමෝගෙන්ම ක්මෙන්ට් එකක් ඕනේ…..
කතාවේ වැරදි තියනවා නම් කියන්න…
අවසානය ගැන ඔබට සිතෙන්නේ මොනවාද….

ආදරෙයි ඔයලා හැමෝටම …😍😍😍😍😍😍


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

11 thoughts on “නොඉඳුල් හදවතේ ප්‍රථම හාදු වැස්ස…. 70. කොටස  (අවසන් කොටස)

  • June 11, 2018 at 1:03 pm
    Permalink

    Ai eya mehema moda wdk kale

    Reply
    • June 12, 2018 at 12:27 am
      Permalink

      ඒකනේ අවිදු ගොනෙක්නේ 😢😢😢 මටත් අවිදු එක්ක කේන්තියි

      Reply
    • June 12, 2018 at 12:28 am
      Permalink

      සොරි😔😔😔😔😔😔

      Reply
    • June 12, 2018 at 12:29 am
      Permalink

      තෑන්ක්ස් බබී 😍😍😍😍😍

      Reply
  • June 11, 2018 at 1:10 pm
    Permalink

    ayyooo mara dukae end eka.kohomath mehema end ekak balaporottu uneema ne.eth kathawa lassanae.tawa kathawak oni shasheee.

    Reply
    • June 12, 2018 at 12:25 am
      Permalink

      තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ් ….😍😍😍😍

      Reply
  • June 11, 2018 at 2:14 pm
    Permalink

    mokakda ane a kare . kiyewwatat padui kotas ganak. oita wada hodata liyanna thibuna end eka. aththatama tharahai awasanaya hari na. kathawa ikmanin iwara karanna one kamata wadakma nathi awasanayak deela. kathawe kotas 69kama thibba lassana anthima eka kotasen nathima karala dala.
    anith kotas 69ma lassanai. anthima wenakalma balan hitiya. eth antima nam wadakma na.

    Reply
    • June 11, 2018 at 8:27 pm
      Permalink

      තෑන්ක්ස් …. ගොඩාක් ආදරෙයි

      Reply
  • June 12, 2018 at 12:24 am
    Permalink

    සොරි😔😔😔😔😔😔 අනේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *