Age Nisa Nuba [Chapter 11] ඇගේ නිසා නුඹ…. එකලොස්වෙනි කොටස

“දෙවියනේ අභී..ඔයා…
” දිලූ කොව්චර කාලෙකින්ද මේ..අවුරුදු 2කට පස්සේ ඔයාව දකින්නෙ..මේ පරක්කු නැත්නම් මොනාහරි බොනගමන් කතාකරමුද??”
ම්ම්ම් යමුකෝ එහෙනම්…
“අපිට දිවුල් බීම 2ක් දෙන්න අයියේ..” අභී එහෙම කියද්දි මට හිනාගියා..
“මොකෝ මැට්ටි තනියම හිනාවෙන්නේ??”
“ඒ කාලේ මතක් උනා අභී..අපි දෙන්නා ආසම තැන ඉදන් ආසම බීම..ඔයාට තාම මතකයි නේද දිවුල් මගෙ favourite කියලා..”
“ලංකාවෙන් යද්දි ඔයා හැමදේම අමතක කරලා ගියාට අපි එහෙම නෑ හරිද මැඩම්..”
“හිහි හරි හරි මැට්ටෝ කියන්නකෝ ඉතින් අලුත් විස්තර, කොහොමද දැන් ජොබ් එකේ වැඩ ?? අම්මි එහෙම හොදින්ද ??
“ම්ම්ම් හැමදේම හොදින් අම්මි නම් මේ ලගදිත් ඔයාව මතක් කලා..කොහෙද ඉතින් ගියාට පස්සෙ හරියට කතාකලේවත් නෑනේ…මාත් ඉතින් කරදර කරන්න හොද නෑනේ කියලා පාඩුවේ හිටියා…”
“එහෙම නෙවෙයි අභී දන්නවනේ ඉතින් කොහොමත් මං ඉන්න විදිහ..”
“උඹෙයි මගෙයි තිබ්බෙත් එහෙම ඕනි වෙලාවක අතෑරල දාන්න පුලුවන් යාලුකමක්ද මෝඩියේ??”
තරහකට වඩා අභී දුකකිනුයි එහෙම කිව්වෙ කියලා මට තේරුනා…ඒත් ඉතින් මට ඕනී උනේ එයාවත් අමතක කරන්න කියලා මං කොහොම කියන්නද…
ටික වෙලාවක් පරන විස්තර කතාකරකර හිටපු මං අභීගෙන් සමුගත්තේ යන්න කලින් ආයිත් එයාව හම්බෙන පොරොන්දුව එයාට දීලා..
දවසින් දවස හරි ඉක්මනින් යන්න තියෙන දවසත් ලංවුනා…
“අභී අනිද්දා මං යනවා ආයි..ඔයා අද හවස ඔයා වැඩක්ද??
“අම්මෝ…මැඩම් මතක් උනාද යන්න කලින් මං හම්බෙමු කිව්වා කියලා..හවස පුලුවන් දිලු 3ට එහෙනම් එන්න පුලුවන්ද ඔයාට??”
“හරි අභී මං එන්නම්කෝ…”
*******************
අභී හුගක් වෙලාද ඇවිත්?? අපේ පුරුදු juice bar එකට මං යද්දි අභී ඇවිල්ලා…
“නෑ දිලූ දැනුයි ආවේ මාත්…මොනාහරි බොන ගමන්ම කතාකරමුකො”
ආහ් මේන් පෙරේතිට දිවුල්…එහෙම කියාගෙනම අභී ඇවිත් වාඩිඋනා…
“ඉතින් දිලූ මේ පාරත් අවුරුදු 2කටමද යන්නෙ??
ඔව් අභී එහෙම නවතින්න හිතෙනව කොහෙද ඉතින් තාත්තා එක්ක බෑනේ..පව්නේ කොහොමත් එයාලා..මං නිසා කොච්චර දුක් වින්දද…
“ඉතින් ඇයි මැරි කරලා මෙහෙ ඉන්න කැමති නැද්ද??
“නෑ අභී ඒක බැරි නිසානෙ මං මේ යන්නෙ..”
“දිලූ මට කියන්න දෙයක් තියනවා ඔයාට..මං දන්නේ නෑ ඔයා මේක කොහොම තේරුම් ගනීවිද කියලා..ඒත් ගොඩකාලෙකට කලින් මට ගන්න තිබ්බ තීරනයක් තමයි මේ…”
“මොකද්ද අභී කියන්නකෝ…”
දිලූ අපි මැරි කරමු?? මං ඔයාට ඇත්තටම ආදරේ කරනවා…ඔයා තරම් මං ගැන හිතපු වෙන කෙල්ලෙක් නෑ දිලූ ඒත් මං ඒක තේරුම් ගනිද්දි ඔයා මගෙන් හුගක් ඈතට ගිහින්..ඒත් මට ආයිත් ඔයාව නැතිකරගන්න බෑ…
දිලූ ඇයි ඔයා සද්ද නැත්තෙ?? කියන ගමන් අභී මගෙ අතින් අල්ල්ගත්තේ ලොකු ආදරේකින්..
අභී…..


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *