අහිමියිද නුඹේ ආදරේ – දස වෙනි කොටස

අවී ඇඳෙන් වාඩිවීගෙන කෑගැහුවායින් ශේඩ්ද බිරීම නවතා සිද් අසලින් ඇඳ අයිනකින් ලැගගත්තේය..

“හැමදාම ඔහොම කරන්න එපා යකෝ.. වැරදි තැනකට වැදුනානම් පාරක් මගේ අනාගතේම අඳුරු වෙනවා…”

අවී බනිද්දී සිද් ඔලුවේ ඉඳන් පෙරවගෙනත් ඉවරය.. ඉතින් අවී තව මොන මොනවාදෝ කියෙව්වත් සිද්ට ඇහෙන්නේවත් නැත.. සිද්ට හොඳටම නින්ද ගිහින්ය..

අවී තවත් මොහොතක් එහෙමම බලාගෙන ඉඳ යලිත් සිද් අසලින්ම හාන්සි වූයේ නින්ද අසලකටත් නැති බවද මතක් කරමිනි..

ශේඩ්ද අවී හාන්සි වනකම්ම ඉඳ හිසද සිද්ගේ කකුල් මත තියාගත්තේ පුරුද්දට වාගේ්ය..

අවී කොතරම් අකැමති වුවද මේ කෙල්ලත් සමග බල්ලාත් නැත්නම් අවීට නින්ද යන්නේද නැත..

**

“ආහ්හ්හ්.. අපේ අම්මා..”

වෙනදාට මෙන්ම අවී අදත් අවදි වූයේ උදෑසන අටත් පසුවීය.. ඒ සිද්ගේ පා පහරක් වැඩි උඩ විසි වීය..

අවී ඇහැරුනද මුකුත් නොවුනා සේ සිද් තවමත් තද නින්දේය.. විශාල යුගල ඇඳන් දෙකක් එකට දමා තිබුනද හැමදාම මෙන් ඇහැරෙද්දී සිද් අවීගේ ඇඳ මතය..

“ඊයේ නිදාගත්තේ අනිත් පැත්තටනේ.. අද කකුල් දෙක මූන ගාවට ආවේ කොහොමද..”

ඔලුව උඩම තිවු සිද්ගේ කකුලත් ඉවත් කර අවී ඇඳෙන් නැගිට්ටේ සිද්ට බනිමිනි.. ශේඩ්ද තවමත් ඇඳ උඩටම වීගෙනය..

අවී නැගිට නාන කාමරයට යද්දිම කාමරයට ආවේ පිනී හා කවීය..

“පුතූ.. නැගිටින්න..”

ඒ පිනීගේ කටහඬය.. හැමදාම පිනීම විත් ඇහැවනකන්ම සිද් හොඳටම නිදිය.. සිද් කෙල්ලෙක් හැදෙන තාලයකටවත් කිට්ටු කරන්නටවත් බැරිය..

“නැගිටින්න දරුවෝ..”

පිනීගේ සද්දේ සිද්ට කන ගාවින්ම ඇහුනද සිද් ඇස් ඇරියේ නැත..

වචනයක්වත් නොකියා නිදි මෙන් ඉන්න එක සිද්ට උපතින්ම ලැබී ඇති හැකියාවකි.. ඉතින් සිද් එහෙමම උන්නාය.. නැගිටින්නට ඕනා වුවද සිද්ට හොඳටම කම්මැලිය..

“පුතූ.. දැන් නැගිටින්න පැටියෝ..”

පිනීගේ අතැඟිලි එ් හිස මත ගියද සිද් සෙලවීමක් නැතිවම ඔහේ උන්නාය.. කවී මොහොතක් ඉඳ ඇස්වලින් පිනීට නැගිටින්නට කියද්දි මොහොතකින් පිනී ඇඳෙන් නැගිට්ටද සිද් තාමත් එහෙමමය..

ඉතින් විනාඩි ගානකට හැමෝම නිහඬය.. ඒත් පිනී කාමරය තුල කියා සිද් අත්දැකීමෙන්ම දන්නවාය..

මොහොතකින් කවීද සිද් අසලින් ඇඳ මත වාඩි වූයේ සිද් නිදාගෙන ඉන්නා දෙස බලාගෙනය.. ඉතින් ඇඳේ හරහට මුනින් අතට නිදන් ඉන්නා සිද් ඇහැරවන්නට කවීට ලෝබය..

“මගේ පුංචි එකී..”

කවී හිතින්ම කියාගත්තේ තනිවම හිනාවෙමිනි..

තවත් කවුදෝ ඇඳෙන් වාඩිවෙනවා දැනුනෙන් සිද් යන්තමින් එක් ඇහැක් ඇර බැලුවේ ඒ කවුරුන්දැයි කියාය..

“තාත්තා..”

ඉතින් කවී දුටු පමාවට කලබලයෙන්ම සිද් ඇඳේ වාඩි වෙලත් ඉවරය..

ඉතින් තාත්තා උදේම ආවා කියන්නේ කුමක් හෝ ලොකු දෙයක් කියන්නට බව සිද් දන්නවාය.. සිද් දත් ටිකද විරිත්තාගෙන මේ සූදානම් වන්නේද ඒ ගැන අහන්නටය..

“කියන්න තාත්තා…”

සිද් බැලුවේ කවීගේ මුහුණ දෙසය.. පිනීද ආ අසලින්ම කවීට පිටිපස්සෙන් වාඩී වූයේ යන්තමින් හිනාවක් මුව රඳවාගෙනය..

එන පොට හොඳ නෑ කියා සිද්ට ඉවෙන් මෙන් දැනුනේ පිනීගේ ඒ හිනාවේ තාලයටය..

ඒ පරන සිද්දියක් මතක් වෙලාය..

“අනේ අම්මා.. මට බෑ අප්පා..”

“පුතූ.. අද විතරක් මේ ඩ්‍රෙස් එක අඳින්න.. ප්ලීස්.. හැමෝම ඉස්සරහා තාත්තාව ලැජ්ජා කරන්න එපා..”

මීට අවුරුදු හතරකට පෙර තමා වැඩිවියට පත් අවස්තාවේද අම්මා මෙවැනිම හිනාවක් දැම්මා සිද්ට මතකය.. සිද් ජීවිත කාලෙටම ගවුමක් ඇන්ඳා නම් ඒ එදාය.. ඉතින් අදද එවැනිම කට්ටක් කන්නට සිද්ධ වෙන්නට බැරි කමක් නැත..

ඉතින් දැනුදු එය මතක්වෙද්දී තාත්තා දෙස බලා සිනාසී අම්මාට හොරෙන් රැවිය යුතුයයි සිද් සිතනවාය…

ඉතින් සිද් රවාගෙන පිනී දෙස බලද්දි කවී අහක බලාගෙනය..

“පුතූ.. මේ.. මං.. මේ.. අර..”

පිනීත් රවන්නට හැදුවා පමනි.. ඉතින් කවී ගොත ගහනවාය.. සිද්ට හිනායන්නට ආවත් සිද් තවත් ලංවී ඒ මුහුනටම එබුනාය.. කුමක් හෝ ලොකු දෙයක් නිසා තම පියා කලබලෙන් ඇතැයි සිද්ට හිතුනාය.. ඉතින් තාත්තා එහෙම ඉන්නවාට සිද් පොඩ්ඩක්වත් කැමති නැත..

“තාත්තා.. ඇයි මේ..”

සිද් ඒ අතකින් තදින් අල්ලාගෙන ඇහුවේ කවීගේ උරහිසට හේත්තු වී ගෙනය..

“තාත්තා.. මොකද අද උදේම ඇවිත්..”

ඒත් එක්කම අවීද හිසකෙස් පිහිදමින් නාන කාමරයෙන් එලියට ආවේ එහෙම කියාගෙනය..

කවී පිනී දෙසත් අවී දෙසත් මාරුවෙන් මාරුවට බලද්දි පිනී ඇස්වලින් කීවේ කියන්නට කියාය.. අවී එය දැක්කද නොදැක්කා මෙන් කන්නාඩි මේසය ඉදිරියට විය..

“පුතූ.. මේ සමරසිංහ ප්‍රපෝසල් එකක් ගෙනාවා.. උශාන් පුතා ගැන..”

කවී කීවේ සිද් දෙසම බලාගෙනය..

සිද් ඔලුව උස්සා අවී දෙස බැලුවේත් අවී කලබලෙන් සිද් දෙසට හැරුනේත් එකම විටය..

මොහොතකට සිද්ට මතක් වූයේ ආර්වය.. ඒ හැඩිදැඩි සිරුර, නපුරු බැල්ම, සමච්චල් සිනහව සිද්ගේ සිතේ ඇඳි නැතිවී ගියේ නිමේශයකිනි..

“තාත්තා..”

අවීගේ කටහඬ සැරය.. සිද් පියවි සිහියට ආවේ ඒ කටේ සද්දෙටය..

“තාත්තාට පිස්සුද.. මේකී තාම පොඩී.. අවුරුදු විස්සක් කියන්නේ බඳින වයසක්ද තාත්තා…”

සිද් මුකුත් කියන්නත් කලින්ම අවී කියා දැමුවේ සිද් අසලින්ම වාඩි වී හොඳටම තරහෙනි..

ඉතින් ඒ අවීගේ හැටිය.. මෙපමණ ලොකු වුවද සිද් තාමත් පුංචියි කියා ඔහු හිතන්නේය.. ඊටත් වඩා සිද් නැතුව ගෙවෙනා දවසක් ගැන අවීට හිතන්නවත් බැරිය.. රන්ඩු වෙවී ඉන්නට හෝ ඔහුට සිද් ඕනෑය..

“අවී.. කට වහගන්නවා..”

පිනීගේ හඬ සැරය.. අවී පිනී දෙස බැලුවේද ඒ තරම්ම තරහෙන්ය.. ඉතින් පිනී අවීට රවද්දී අවී පිනීට රවනවාය..

කවී බලාගෙන ඉන්නේ සිද්ගේ දෙසය.. සිද්ගේ මැලවුනු මුහුන සිද්ගේ සිතැඟි හොඳින්ම කියා පෑවාය.. ඉතින් මේ යෝජනාවට සිද් කැමති නෑ කියා කවී දැන් දන්නේය..

“තාත්තා.. උශාන් හරියන්නෑ..”

අවී සද්දෙන් කීවේ තරහ වැඩිකමටය..

උශාන් වැන්නෙකු සිද්ට ගැලපෙන්නේ නෑ කියා අවී හොඳටම දන්නේය.. ඊටත් වඩා සිද් ගෙවනා විසේකාර සැහැල්ලු ජීවිතය තේරුම් ගන්නට උශාන්ට නොහැකි බව අවී සිතුවේය.. ඉතින් ඇත්තත් ඒකමය.. ලේසි පහසු කෙනෙක්ට සිද්ව තේරුම් ගන්නට බැරිය.. සිද් සමග වසන්නට බැරිය..

“නෑ අවී.. මං සමරසිංහට උත්තරයක් දුන්නේ නෑ.. පුතූ කැමති නැත්නම් කොහොමත් ඒ දේවල් සිද්ධ වෙන්නේ නෑ..”

කවී කීවේ සැනසුම් සුසුමක් හෙලාය.. නොතේරුනත් කවීගේ හිතට දැනුනේ සැහැල්ලුවකි.. උදේම සමරසිංහ කෝල් කර මොහොතේ පටන් කවී හිටියේ දෙගිඩියාවෙනි.. කවී හිතුවේම සිද් මොනාවා කියාවිදැයි කියාමය.. දැන් ඒ හිතට සතුටුය..ලොකු හුස්මක් ඉහළට ගත්තේ ඒ සතුටටමය..

තාත්තලා වීනම් එහෙමමය.. තම එකම දියනිය නිවසින් නික්මෙන දවසක් ගැන හිතන්නටත් ඒ හිතට අමාරුය..

“කෝ.. ගිහින් වොශ් දාගෙන එන්න.. නිවාසෙට යන්න.. බයික් එක ගන්නත් එපැයි..”

කවී කීවේ තුරුලේම ඉන්නා සිද්ගේ හිසත් සිපගෙන මොහොතක් ඉඳ සිනාසී ඇඳෙන් නැගිටිමිනි…

*****

ආර්ට ඇහැරෙද්දී උදෑසන දහයත් පසුවීය.. නිදි මරගාතේම දුරකථනය දෙස බලා ඇඟ මෑලී කඩමින් ආර් එහෙමම නානකාමරයට වූයේ අද රවීන් නගරයෙන් පිට යන බව පැවසූ බවද මතක් කර ගනිමිනි…

“තේවා.. පුතා අද එන්න ඕන්නෑ.. මං සමන් එක්කගෙන යන්නම්..”

ආර් එන්නම ඇහුවද ඊයේ එද්දී රවීන් ආයේ ආයෙත් එහෙම කිව්වා කියා ආර්ට මතකය..

සිරුර දිගේ ජලය ගලායද්දී රැය නින්ද හරි හැටි නොවුනායින් ඇඟට තිබූ පන නැති ගතිය, කම්මැලිකම නැතුව ගියා වැනියැයි ආර්ට සිතුනි..

ඇස්දෙක පියාගෙන ෂවර් එක යටට වුනද යලි යලිත් ආර්ට මතකෙට ආවේ සිද්ය.. ඉතින් ආර්ට ඔක්කොටම වඩා ලැජ්ජාය.. තනියමත් හිනාය.. ඒ කොල්ලෙක් රෑ නින්ද නැතිකරා යන හැඟීමෙනි..

“තාත්තා එන්න එපා කිව් එකත් හොඳට ගියා.. එහෙම උනානම් නිදිකිරාගෙන ඉන්න තිබ්බා..”

“මොකද්ද නම කිව්වේ… ආ.. සිද්.. අපෙ පොඩ්ඩාගෙන් ඇහුවානම් හරි..”

ඉතින් ආර් තාමත් කල්පනා කරන්නේ සිද් ගැනය.. සවී බලන්නට යනවා කියා හිතාගත්තේද ඒ නිසාය..

එහෙමම ආර් නානකාමරයෙන් පිටතට විත් ඇඳුමකට මාරු වී පහලට ආවේ හොඳටම බඩගින්නේය..

ඒ වනවිට චායා ගෙදර මෙහෙකාරිය වන සුමනා අම්මා සමගින් කෑම මේසය ලේස්ති කර තිබුනි.. ඒත් චායා පේන්න නොසිටියෙන් අම්මා තාමත් තරහෙන් කියා ආර් දන්නේය..

ආර් මුකුත් නොකියාම කෑම මේසයට වී ආහාර ගත්තේ අම්මා දවසක් දෙකක් යනතුරු කතා නොකරන බැව් අත්දැකීමෙන්ම දන්නා නිසාය.. ඒ ආර් ඇයගේ ප්‍රශ්නය මගඇර ගිය නිසා බවත් ආර් දන්නේය..

චායා එහෙමමය.. පුංචි දේටත් හොඳටම තරහ ගන්නවාය.. ඉතින් ආරුත් ඒ අම්මාගේ පුතාය.. අමා වාගේම පුංචි දේටත් ඊටත් වඩා තරහ ගන්නේය..

“සුමනා අම්මා.. මං යනවා.. අම්මාව බලන්න..”

කෑමෙන් පසු ආර් එහෙමම හමර් රථයට ගොඩවූයේ සුමනා අම්මාට යන බව කියමින්ය…

හමුවෙමු නැවතත්..

*********

කතාව ගොඩක් පරක්කුයි තමා.. ඉතින් සමාවෙන්න.. කතාව ලියාගෙන හිටපු පොත හොයාගන්න නෑ… ඉතින් ඒ නිසයි පරක්කු උනේ.. ආයෙත් ලියනගමන් මේ..

තරහ නැතුව අදහස් කියාගෙන යන්න..


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

8 thoughts on “අහිමියිද නුඹේ ආදරේ – දස වෙනි කොටස

  • April 1, 2018 at 9:45 am
    Permalink

    Kathawa godaak lassanai.❤❤❤❤. Sid ge attama nama mokadda kiyalath kiyannako. ??

    Reply
  • April 1, 2018 at 9:59 am
    Permalink

    kathawa danakan balan hitiye….lassanai godaaaaaak.hamadama kathawa danna.good luck.

    Reply
  • April 1, 2018 at 10:15 am
    Permalink

    හරිම ලස්සනයි .හැමදාමත් කතාව dannko.අපි ගොඩාක් අසයි ….???

    Reply
  • April 1, 2018 at 10:29 am
    Permalink

    ගොඩක් ලස්සනයි .

    Reply
  • April 1, 2018 at 10:55 am
    Permalink

    Aaa ehemada ehenam ada idan hemadama danna kathawa godak lassanai sidge aththa aar ikmanata dena gannawa nam hodai

    Reply
  • April 1, 2018 at 10:56 am
    Permalink

    Lassanai kathawa ilage kotasa ikmanata danna

    Reply
  • April 1, 2018 at 3:49 pm
    Permalink

    Kathawa godak lassanai hemadama dannakoo ..asawen kiyawanne…?????❤️????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *