අහිමියිද නුඹේ ආදරේ -17 කොටස

සිද් ඇඳුම් උනා දමන්නට ලේස්ති වනවා කියා සිතෙද්දි ලැජ්ජාවක් දැනුනු නිසාම ආර් අහක බලා ගත්තේ අනවසරයෙන් කාමරයට පැමිනීම වරදක් යැයි තමන්ටම සිතින් දොස් නගා ගනිමිනි..

සිද් මොහොතක් එහෙමම ඉඳ ඇඳ උන් ටීෂර්ටය ගලවන්නට අත තිව්වා පමනි දොර අසලින්ම ඇසුනේ මහ සද්දයකි.. එය කවුරුන් හෝ දොරට ගැහුවා වගේය..

සිද් නිහඬවම උන්නේ කවුරුන් හෝ කතා නොකල නිසාය.. එහෙත් යලිත් දොරට ගහද්දීනම් සිද්ට උන් හිටි තැනුත් අමතකය..

“ඔ..ඔතන කවුද..”

සිද් පපුවට දෑතම තබාගෙන කෑගැහුවායින් ආර්ද කලබලෙන් කර්ට්න් රෙද්ද අතරින් එබුනේය..

“දෙයියනේ.. හොල්මන්වත්ද..”

සිද් බියෙන්ම මුමුනාගත්තද එය ආර්ටද ඇසුනි..

කොපමණ චන්ඩියෙක් වුනද සිද් හොල්මන්වලටනම් පුදුම තරම් බයය.. මග තොටේ රෑ ගමන් බිමන් වලදීනම් සිද්ට හොල්මන් ඉන්නවා කියා ගානක්වත් නැති උනද කාමරය තුලදී නම් සිද් තරම් හොල්මන්වලට බය කෙනෙක් නැති තරම්ය.. සිද් හිතන්නේම තම කාමරය තුල රෑට හොල්මන් ඉන්නවා කියාය…

“අ..අනේ.. අදත් ඇවිත්.. අවී.. බේරගනින්කෝ… හොල්මන් මාව කනවෝ..”

සිද් බයෙන්ම කෑගහද්දී ආර් යලිත් කර්ට්න් රෙද්දට මුවා වූයේ කිසිවක් හිතාගත නොහැකිවය.. සිද්ගේ කියවිල්ලට ආර්ද බය වුනායැයි කීවොත් එය බොරුවක් නොවීය..

දැන්නම් සිද්ට හුස්මත් හිරවෙන්නට වගේය..

එකපාරටම විදුලිය විසන්ධි වූවායින් සිද් තව තවත් බය විය.. සිද් නොසෙල්වීම උන් තැනම උන්නේ ඒ නිසාවෙනි..

ආර්ද නොසෙල්වී එහෙමම උන්නේ ඇත්තටම ඒ හිතද තිගැස්සී ඇති නිසාය..

කිසිදා හොල්මන් ඇතැයි විශ්වාස නොකලද සිද් ඉන්නා අයුරට හොල්මන් ඇස් පනාපිට දුටු මෙන් ආර්ට දැනුනි.. සත්තකින්ම ආර්ට මේ මොහොතේ තමා කවුරුන්දැයි කියාත් අමතකය..

කලුවර අතරින්ම මොහොතකින් දොර අගුල කැරකෙද්දී සිද්ගේ මෙන්ම ආර්ගේ හදවතද එලියට පනින්නට ඔන්න මෙන්න තරම් වේගවත්ව ගැහෙන්නට විය..

“අ..අවී… මේ ඔයාද..”

ඒ සිද්ගේ හඬය..

තවත් මොහොතක් ගත උනද කිසිදු සද්දයක් නැත.. ආර්ද නිහඬය.. සිද්ද එහෙමම උන්නාය..

“බුවහ්හා… හා.. හා…”

“බේරගනියෝ..”

නොසිතූ ලෙස එක්වරම කෑගහගෙන කිහිපදෙනෙක්ම සිද්ව ඇඳට පෙරලගත්තායින් සිද් ගේ දෙවනත් වන්නටම කෑ ගැසීය..

ඒ සද්දෙට ආර්ටද උන් හිටි තැන් අමතක විය.. කුමක් කරම්දෝයි කියා හිතූ ආර් කර්ට්න් රෙද්දට අත තිව්වේ සිද්ව බේරාගන්නට හිතමිනි..

ඒත් එක්කම කාමරයම එලිය වූවායින් ආර් එබී බැලුවේ කාමරයට පැමිනියේ කවුදැයි කියාය..

“යකෝ.. මූද හොල්මන…”

ආර් සැනසුම් සුසුමක් හෙලීය..

ඉනට දෑතම තබාගෙන හිනාවෙවීම ඉන්නා අවී දුටුවිට ලොකු හුස්මකුත් ගෙන දෑස් පියාගෙන ආර් එහෙමම යලිත් බිත්තියට හේත්තු වී කර්ට්න් රෙද්දට මුවාවිය..

ඊලඟ තත්පරයේම ආර්ට මතක් වූයේ සිද්ය.. එසැනින් යලිත් එබී අවීගේ ඇස් බැල්ම ඔස්සේම සිද් ඉන්නා දිහා බැලු ආර්ට සිද් වෙනුවට පෙනුනේ එක පොදියට එකා උඩ ඒකා ඉන්නා කොල්ලන් කිහිපදෙනෙකි..

එනමුත් සිද්ගේ සද්දයක් හෝ නැත.. අරහෙන් මෙහෙන් අත් කකුල් ගොඩකුත් ඔලු ගෙඩි කිහිපයකුත් දකිද්දී ආර් හිතුවේම සිද්ව යට කරගෙන තමා කියලාය..

අවී ගානක් නැතුවම ඒ දෙස බලාගෙන ඉද්දී ආර්ට තරහත් එක්කය..

අවීද බලාගෙන උන්නේ සිද්ගේ සද්දයක් හෝ ඇසෙන තුරුය.. එහෙත් සිද්ගේ සද්දයක් නැති තැන අවීට දැනුනේද බයකි..

“දැන් නැගිටපන් යකෝ.. ඕකා මැරෙයි..”

බැරිම තැන අවී එලෙස කියද්දි ආර්ටද හිතට සැනසීමය..

“මේක මැරෙන්නේ නෑ ලේසියකට..”

අවීට එහෙම කියාගෙනම නැගිට්ටේ එක් තරුනයෙකි.. ආර් ඒ දෙස බලාගෙන උන්නේනම් ඒ තරම් හිත හොඳකින් නොවේය.. ආර් හිතුවේම සිද්ගේ හුස්මත් නැවතී ඇතිදැයි කියාය..

අවී කිසිවක් නොකියාම මේසය අසලින්ම පුටුවේ වාඩි විය…

“අනේ… අයියලා.. රිදෙනවා යකෝ.. බැහැපන්කෝ ඉක්මනට.. මේ.. මං තැලිච්ච රොටීයක් වගේ වෙලා..”

මෙපමණ වෙලාවක් නිහඬව උන් සිද් කට ඇරුයේ එවිටය.. ඒ එකෙක්වත් නැගිටින පාටක්වත් නැති නිසාය.. ඊටත් වඩා ඔක්කොමන්ගේම බර සිද්ට උහුලාගෙන ඉන්නට බැරි තරම්ය..

මෙපමණ වෙලා සිද්ව යටකරගෙන උන්නේ සිද්ට ලෝකයක් තරම් වටින දෙනුශ්, සෙනුශ්,, තෙනුශ්, වෙනුශ්, කෙනුශ් යන සිද්ගේ වැඩිමල් සහෝදරයන් පස්දෙනාය.. අවුරුද්දකට පසු සියල්ලෝම ආයෙත් එකට එකතු විය..

කුඩා කල සිටම සහෝදරකමටත් වඩා ඔවුනොවුන් අතර ඇත්තේ මිතුරුකමක් වන් සමීප බැඳීමක් වූ නිසාම ඔවුන් උන්නේම එහෙමමය.. කෑවත්, බිව්වාත්, නිදාගත්තත්, මොන වැඩේ කරත් රන්ඩු නොවී කර හැකි දෙයක්නම් ඇත්තේම නැත..

අවීත් ඇතුළුව අයියලා හයදෙනාටම සිද් ඇරුණු කොට ලෝකයක් තිබුනේම නැති තරම්ය… මේ මොහොතේ තම එකම නැගනිය පුංචි කෙල්ලෙක් කියා ඔවුන්ට මතකවත් නැතිය..

“රොටියක් තමා තෝ..”

“මහ ලොකු කරාටි චැම්පියන්..”

“හොල්මන් වලට බයේ.. අඬනවා..”

“අවී.. බේරගනින්කෝ.. හොල්මන් එනවා..”

“අම්මෝ චූටි.. තමුසේ පවු..”

අනිත් සිව්දෙනාද සිද්ට නෝන්ඩියට මෙන් කතා කියමින් හෙමි හෙමින් නැගිටිද්දී ආර්ගේ කට ඇරුනේ පුදුමයෙන්මය..

“සිද්ගේ අයියලාද මුන් ඔක්කොම..”

එකම හැඩරුව ඇති හැඩිදැඩි තරුනයක් පස්දෙනෙකු දුටුවිට ආර්ට පිස්සු වගේය.. ඔවුන් සමග බලද්දි සිද් ඒ අසලින් වත් තියන්නට බැරියැයි ආර් සිතුවේය…

“මට හිතෙන්නේම මූ කානුවකින් අහුලගෙන.. අවීත් එක්කම මුන් ඔක්කොම එක වගේ.. සිද් විතරක් වෙනස්..”

ආර් තනිවම කියවමින්ම බර කල්පනාවකය..

“යනවාකෝ සේරමලා එලියට.. මං නාගන්නත් ඕනේ.. ඉක්මනට නිදාගන්නත් ඕනේ..”

ඇඳේ ඉඳගෙනම අමාරුවෙන් තරහෙන්ම සිද් කෑගැහුවායින් ආර් පියවි සිහියට ආවේ ඒ කටේ සද්දෙටය..

“චූටී.. තමුසෙට ගානක්වත් නැද්ද අපි ආවා කියලා.. ආ.. මං හිතුවා බිම පෙරලී පෙරලී බදාගනි කියලා..”

සිද්ගේ වැඩිමල් සොහොයුරු දෙනු එලෙස කියද්දි සිද් උන්නේ රවාගෙනය.. අවීනම් උන්නේ අතින් කටත් වහගෙන සිද්ට නෝන්ඩියට මෙන් හිනාවීගෙනමය..

අයියලා සියල්ලෝම පැමින උන් සතුට කියාගන්න බැරි තරම් වුවත් සිද් උන්නේ ඒ බවක් නොපෙන්විය යුතුයැයි හිතාගෙනය.. නැත්නම් මුන් සේරම ගෝනි නැතුවම කරේ නගිනවා කියා සිද් අත්දැකීමෙන්ම දන්නවාය..

“මට පිස්සුද තමුසෙලා ටික බදාගෙන පෙරලෙන්න.. හා..හා.. යනවා එලියට.. මට නිදිමතයි..”

සිද් කලබලෙන් මෙන් ඇඳෙන් බැස්සේ එහෙම කියාගෙනය..

“පිස්සුද යකෝ නිදාගන්නේ.. මෙන්න මෙහේ වරෙන්.. අද මගේ රූම් එකේ.. මාත් එක්ක නිදාගමු..”

ඒ සිද්ගේ වැඩිමල් පස් නිවුන් සොහොයුරන්ගෙන් තුන් වැන්නා වූ තෙනූගේ හඬය.. සියල්ලෝම වෙතට ඇස් යවමින් තෙනූ අවසානයේ හැරුනේ අවි වෙතටය.. අවී අවුස්සා ගන්නට මීටත් වඩා යමක් නෑ කියා සියල්ලෝම දන්නේය..

අවී හැටට හැටේ තෙනූට රවන්නේ සිද් නැතුව නින්ද අහලකටවත් නැති නිසාය..

“මොකද රවන්නේ.. ආ..”

“මේ.. මේ.. කනට දෙන්නේ.. චූටි ඉන්නේ මාත් එක්ක..”

තෙනූ පෙරලා අවීට රවද්දී අවීගේ හඬද ඊට දෙවැනි නැත.. දෙනූ හා සෙනූ නිහඬවම ඇඳෙන් හාන්සි වෙද්දී කෙනූ මේසය මතින් වාඩි විය..

“හැමදාම උඹ එක්කනේ.. අද මාත් එක්ක..”

“අනේ මේ පලයන්.. තොපි එකෙක්වත් එක්ක නෙවි.. චූටි අද මාත් එක්ක..”

තෙනූ අවි එක්ක රන්ඩු වෙද්දී මැදින් පැන්නේ කෙනූය.. ඉතින් දැන් එල්.ටී.ටී.ඊය බෝම්බ ගහන්න පටන් ගත්තා වැනිය..

සැඟවී උන් ආර් මෙන්ම ඇඳෙන් බිමට බැස්ස සිද්ද ඉවරයක් නැති මේ රන්ඩුව දෙස බලා උන්නේ පුදුමයෙනි.. සිද්ට නම් හොඳටම තරහත් එක්කය..

තවත් මොහොතකින් හයදෙනාම එක්වී සිද්ව බෙදා ගන්නට රන්ඩු වෙද්දී සිද් කාටත් හොරෙන් කාමරයෙන් එලියට ගියාය.. ආර් තවමත් කටත් ඇරගෙන රන්ඩුව බලන්නේය..

“මෙන්න මේ.. යමන්..”

තවත් විනාඩි ගානක් ගෙවි ගිය තැන සියල්ලන්ටම රවාගෙන අවී නැගිට්ටේ සිද් උන්නු දෙසට හැරීගෙනය.. සියල්ලෝම රන්ඩුව නවතා ඒ දෙසට හැරෙද්දී සිද් කොහේද කියාවත් හොයන්නට නැත..

“චූටී වාෂ්ප උනාද බන්.. මේ දැනුත් හිටියානේ..”

කෙනු අහද්දි සියල්ලෝම මූනට මූන බලාගෙන ආවේ අවීගේ කාමරයටය.. හිතුවා හරිය.. සිද් හතර දිග් බාගෙටම අත පය හතර දාගෙන එහෙමම නිදිය..

“මාත් මෙතනම නිදාගන්නවා..”

අවී මුකුත් කියන්නත් කලින්ම කෙනූ ඇඳට පැනලාත් ඉවරය.. දෙනූ, සෙනූ, තෙනූ, වෙනූ මූනූත් බෙරි කරගෙනම කාමරවලට යද්දී අවීත් ඇඳට විය..

****

“අම්මෝ.. ඔයින් ගියා මදැයි..”

සියල්ලෝම කාමරයෙන් ඉවතට ගිය පසු ආර්ට සැනසුම් සුසුමක් හෙලුනේ ඉබේටමය..

ආර් මොහොතක් එහෙමම කල්පනාවෙන්ම උන්නේ සිද් ගැනය..

පවුලක බාලයා වීම කෙතරම් සතුටක් ගෙන දෙන්නක් දැයි ආර් හිතුවේය.. වැඩිමල් සහෝදරයන් සියල්ලෝම සිද්ට දක්වන ආදරය ආර්ට සිද් ගැන ඊර්ෂ්‍යාවක් ගෙන දුන්නේය..

තාත්තෙක්ගේ ආදරය, සහෝදර රැලකගේ ආදරය දකිද්දී ඒ අතින් සිද් බොහෝ වාසනාවන්ත යැයි ආර් සිතුවේය..

ඉතින් ඇත්තත් ඒකමය.. සිද් තරම් වාසනාවන්තයෙකු හොයන්නවත් නැත..

තවත් මොහොතකින් ආර් නිහඬවව හොර රහසේම බැල්කනි එකෙන් බැස ගහ දිගේම ගොස් තාප්පයෙන් පැන හමර් රථයට ගොඩ විය..

ආවාටත් වඩා සැහැල්ලුවෙන් ළය පුරවාගෙන ආර් එහෙමම හමර් රථය පැදෙව්වේ නිවස වෙතටය…

හමුවෙමු නැවතත්…

***********

ගොඩක් ගොඩක් සමාවෙන්න ලමායී.. පරක්කු වෙනවා තමයි ඉතින්.. ලියන්න කම්මැලි හිතෙනවා අෆ්ෆා.. ඒකයි..

මං දන්නවා දැන් මාත් එක්ක හොඳටම තරහෙන් කියලා.. ඇති තරම් බනින්නකෝ.. හාද.. බැනලා ඉවරනම්… ඉතින්.. බොමුද සීතල වතුර වීදුරුවත්…

අදහස් කියාගෙන යන්න


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

8 thoughts on “අහිමියිද නුඹේ ආදරේ -17 කොටස

  • May 12, 2018 at 5:11 pm
    Permalink

    Ahimida nube adare awilla hithuwakkari ma nube kathawe dewani kotasada?me katha dekama harima lassanai

    Reply
  • May 12, 2018 at 5:19 pm
    Permalink

    Kathawa godaak lassanai anee. ❤❤❤❤

    Reply
  • May 12, 2018 at 6:28 pm
    Permalink

    Ane denawath arata sid gena aththa kiyanna ko… kathawa hemadama dannako… godak lassanai kathawa.. sid ta aiyala 6k innawa… maru ane…

    Reply
  • May 12, 2018 at 8:34 pm
    Permalink

    Ayyo kammale senna spa.ape asawenne keyawanne.hamadama leyannako.

    Reply
  • May 13, 2018 at 3:20 am
    Permalink

    Lassanai ane, mn kthawa danakan hamadama bln innw, kammali nthuwa liynnko ane,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *