වරදක් වුණාදෝ

දුවා ,චූටී දුවා..
ඇයි අම්මා…
අන්න අප්පච්චි කතා කරනවා..
හරි අම්මා මම ලෑස්තිවෙලා ඉවරයි මේ එනවා…
අම්මා,අප්පච්චි, එහෙනම් මං යන්නම් හැම නිවාඩුවටම එනවා..
මගෙ දුවාට බුදු සරණයි, මේ ගමෙන්ම විශ්වවිද්‍යාලෙට තේරුනේ මගෙ දූ නිසා මිසක් නැතුව මගෙ කැමැත්තක් නෑ කොළඹ ගිහිං හොස්ටල් වල නැවතිලා ඕවා ඉන්නවට…
හරි අම්මා අවුරුදු 3යිනේ ඊටපස්සෙ මට හොඳ රස්සාවක් හොයාගන්න පුලුවන්නෙ අනික මං නිවාඩුවට එනවනෙ..එහෙනම් අපි යං අප්පච්චි…

………..
එදා පාන්දරින්ම වගේ අපි ගෙදරින් පිටත්වුනා..අප්පච්චි එක්ක මං කොළඹට පය තිබ්බ මුල්ම දවස.අම්මා මෙහෙ ඇවීත් ඉන්න ඕන උපදෙස් ගොඩාක් දීලා තමයි එව්වෙ. 10 වෙද්දි අපිව කැම්පස් එකට ඇතුල් කරගෙන වැඩ සේරම ඉවර කරා..මටත් මෙහෙම හොස්ටල් එකක් ලැබුණා.

දූ
අප්පච්චි
වැඩ ටික ඉවරනෙ. එහෙනම් පරිස්සමට ඉන්න. මේ සල්ලි තියාගන්න..නිවාඩු දුන්නම මං එන්නම් එක්ක යන්න. බුදු සරණයි.

අප්පච්චිත් පරිස්සමට යන්න . මං හැමදාම කෝල් කරන්නම්…

අප්පච්චිට වැඳලා මං පාරදිගේ ආයෙත් උඩහට ආවා.ජීවිතේ පලවෙනි පාරට තනිකම කියන දේ මට දැනුනා.ගමේ ඉස්කෝලෙ උසස්පෙළ ලියලා සරසවි වරම් ලැබුනෙ මට විතරයි.අම්ම අප්පච්චිට හිටපු එකම දරුවා මං නිසාත් ගමේ ඉහල පැලැන්තියෙ පව්ලක් උන නිසාත් ඒ දෙන්න නම් ගොඩක් ආඩම්බරෙන් හිටියෙ..
මෙහෙට ආවම ගමේ ඉස්කෝලෙ යාලුවො හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි,,කමක් නෑ මං ආවෙ ඉගෙනගන්නනෙ යාලුවො හම්බෙයි.. දැං ඉතින් හොස්ටල් එකේ රූම් එක හොයාගන්නෙ කෝමද? හෙට ඉදලා මොනා වෙයිද? රැග් එක ලැබෙයිද? දාහක් ප්‍රශ්න එක්ක මම ඔහේ කල්පනා කර කර ආවා..අලුත් ලමයි ගොඩාක් ඉන්නවා සමහර අය නම් ගෙවල්වල ඉදලා එන්නෙ හොස්ටල් එකට ඇවිත් තිබ්බෙ කීපදෙනයි.

…………….
ඒයි හලෝ මොකද කැරකෙන්නෙ,,
ම ම ම මම මගෙ රූම් එක හොයනවා..
ආ නම්බර් එක මොකද්ද ?
28
වාව් මගෙ රූමා එතකොට ඔයාද? ඔයා සෝ කියුට් ගර්ල් කෙනෙක්නෙ, නයිස් හෙයාර් එන්ට එන්ට සාදරෙන් පිළිගන්නවා,
මම සංජුලා ඔයා මට සංජු කියන්න. අද පලවෙනි දවසනෙ ඔයාගෙ බෑග් අස්කර ගන්න .අර පැත්තෙ බාත්රූම් එක අද මගෙ ගානෙ ඩිනර් එක ඕකේ..
ආ මේ ඒක නෙවේ මොකෝ බයවෙලා මං සීනියර් බැජ් එකේ තමයි ඒත් ඔයාට මං ඉන්නකම් කිසීම කරදරයක් වෙන්න දෙන් නෑ. මොකද්ද නම කිව්වෙත් නෑනෙ.
ම ම සේපාලිකා ඉන්දීවරී

වාව් ඔයා වගේම නමත් ලස්සනයි. එහෙනම් ඩාලිං වොශ් දාන් එන්න..

මං වොශ්රූම් ගියේ හිත සැහෑල්ලුවෙන්. මොනා නැතත් රූම් එකට සාදරෙන් පිළිගන්න මට කෙනෙක් ඉන්නවනෙ කියලා, මං වොශ් දාගෙන ආවා එතකොට සංජු අක්කා කෑම දෙකකුත් අරං ඇවිත්.

මං අම්මට කෝල් එකකුත් අරගෙනම අප්පච්චිත් ගෙදර ආ බව දැනගත්තයින් පස්සෙ අපි දෙන්නම කෑම කෑවා,

සේපාලි
ම්ම්ම්
හෙට ඉදන් ලෙක්චර්ස් යන්න වෙයි,රැග් දෙනවුන්ගෙන් මං ඔයාව බේරගන්නම්.ඔන්න මං එකක් කියන්නම් ඔයාගෙ ඔය රූපෙට නම් කොකු ගානක් වැටෙයි ඒත් එකක් එක්කවත් කොකු දාගන්නවා නෙමේ ඈ

සංජු ඒක තර්ජනාත්මකව කිව්වෙ..
මෙහෙ භාශාවත් වෙනස්.

මේ හලෝ ඔයාට කොල්ලො කීයක් ඉන්නවද?
අනේ මට කව්රුත් නෑ අක්කෙ,
නෑ වෙන්න බෑ අම්මෝ ඔයාගෙ ඔය පට්ට ලස්සනට කොල්ලෙක් නැත්නම් පචයක්..
නැ නෑ ඇත්තමයි එහෙම නෑ..
එහෙනම් කමක්නෑ.
ඇයි සංජු අක්කා එහෙම කියන්නෙ
නෑ නිකං..
එතකොට ඔයාගෙ විස්තර මොනාද?
හහ් හහ් මගෙද? මං සංජු, ගම නුගේගොඩ,අම්මි තාත්ති ඩිවෝස් මං මගෙ ලයිෆ් එක එන්ජෝයි කරනවා.ඒ ගොල්ලො මට වියදම් කරනවා. ම්ම්ම් ඇතිද දැනගත්තා

ඇ ඇ ඇතී ,
දෙයියනේ මෙයා මහ අමුතුයීනෙ, මගෙ දිහා බලන්නෙත් අමුතුවට , ඉන්නෙත් කොල්ලෙක් වගේ.මෙයා ඉගෙනගන්න නෙවේද ඇවිත් තියෙන්නෙ කියලත් හිතෙනවා අනෙ මංදා කෝකටත් පරිස්සමට ආශ්‍රය කරනවා කියලා හිතං අපි රෑ වෙනකම් කතා කර කර ඉදලා නින්දට ගියෙ හෙට උදේම වැඩ පටන්ගන්න ඕනි නිසාමයි..

හේයි කෙල්ල ගුඩ් මෝනිං නැගිටිනවා මං බෙඩ් ටී හැදුවා.පස්සත් එලියෙ දාං නිදිනෙ …

අනේ සොරි අක්කා මට නින්ද ගියා .ඊයෙත් පාන්දරනෙ ගෙදරින් ආවෙ.අද ලෙක්චර්හෝල් එකට 9ට එන්න කිව්වා.ඔයාට අද ලෙක්චර්ස් කීයටද?

අපෝ මට බෑ අද යන්න ඔයා ගිහිං එන්න. මං අද දවසම ස්ලීපිං තමා..
ඕකේ එහෙනම් මං යනවා ..
කියාගෙන මං ලෑස්තිවෙලා ඉක්මණට ආවෙ අද පලවෙනි දවස නිසා හිතේ බයෙන්..
……………
සතියකට කිට්ටු වුනා දැං මට කැම්පස් ජීවිතේ යන්තමට හුරුයි.සංජුගෙ අමුතු හැසිරීම මට වෙලාවකට වදයකුත් වුනා.ඒ තරමට එයා මාව ආරක්ශා කළා.මට රැග් කරන්න දුන්නෙ නෑ.ඒ වගේම එයා කැමතිවුනේ නෑ මං කා එක්කවත් කතා බහ කරනවටවත්..සීනියර් බැජ්වල අය මං දිහා බලන හැමවෙලේම සංජු මගෙ ලඟට එනවා.එතකොට ඒ අය මගහැරලා යනවා..හැමෝම මට මොනවද කියන්න යනවා කියලා තේරුනත් මට ඒ මොකද්ද කියලා ලොකු අවබෝධයක් තිබ්බෙ නෑ..සංජුත් එන්න එන්නම මට ලංවුනා මගෙ සහෝදරියක් ගානටම.ඒත් වෙලාවකට එයාගෙ හැසිරීම හරි අමුතුයි..

සංජු අක්කා
ම්ම්ම්
වීකෙන්ඩ් එකේ මං ගෙදර යනවා.අප්පච්චි එයි එක්ක යන්න.
වට්? කොහෙ යන්නද මාව දාලා කෙල්ල?
අ අ අ ක් කෙ ඒ කිව්වෙ? මං ගෙදර යන්නෙ ඔයත් ගෙදර යන-ර යන්න.
ගෙදර මොන ගෙදරද මෙ කට වහන් යන මගුලක යනවා.

අනේමංදා ඇයි මේ මට තේරෙන්නෑ මෙයා කාලගුණේ වගේ. මං ගෙදර ගිහිං ආයෙම සදුදා ආවා .සංජු පේන්න හිටියෙ නෑ එයාටත් එක්ක මං කෑම අරං ආව, අම්මා අලුවා වගේකූත් හදලා දුන්නා.

ආ මැඩම් ආවද? මාව මතක්වුනේ නෑනෙ ගියාම.
අනේ නෑ අක්කා මං මේ ඔයාට කෑමත් ගෙනාවා..
ආ තෑන්ක්ස්, කෝ බලන්න වාව් කිරිකොස් ,කරෝල බැදුමකුයි , අඹ මාලුයි පට්ට රසයි. මම මෙහෙම කෑවමයි.
…………..
පහුවදා මං ලෙක්චර් එකට යද්දි මං දිහා බල බල ළමයි හිනාවුනා,මටද? මාත් එක්කද කියලා මට පැහැදීමක් තිබ්බෙ නෑ,

මම හෙමීට ගිහිං ලෙක්චර් රූම් එකේ මං හැමදාම වාඩිවෙන මේසෙට ගියා.එතන තුනට හතරට නවලා තිබ්බ කොලේ මං අතට අරං දිග ඇරියෙ නිකමට වගේ,

සේපාලි ,
ඔයා අලුත් නිසා කියන්නෙ. සංජු කියන්නෙ එච්චර හොද කෙනෙක් නෙවේ එයාගෙන් පරිස්සම්වෙන්න ..කලිං නංගිට වුනාවගේ ඔයාට වෙනවට අපි කැමති නෑ…

මේ ටික දැක්ක ගමන් මට හිං දාඩිය දැම්මා,මොකද්ද මේ කතාව.සංජු කොච්චර හොදද එයා මට මගෙම අක්කෙක් වගේ.මං එදා ආයෙම හොස්ටල් ගියා.
හැමදේම දැනගන්නකම් සංජුට මේ ගැන නොකිය ඉන්නවා.මං රූම් එකට යනකොට එයා ඇවිත් නෑ මං එහෙමම ඇවිත් ඇඳට වැටුනා,

මට එකපාර හීනෙන් වගේ ඇගට සීතලක් දැනුනා මට දැනුනා කව්රුහරි මගෙ ඇඟ අතගානවා කියලා, මං කෑ ගහන්න හදනකොටම ඒ අත් දෙක මගෙ කට වැහුවෙ , දෙයියනෙ සංජු
ශ්ශ්ශ් කෑ ගහන්නෙපා කෙල්ලෙ,මේ මං.මේ ඇඟ මාව පිස්සියක් කළා ආදරෙයි රත්තරං මාව දාලා යන්නෙපා..
අතොරක් නැතිව සංජු මාව ඉඹිනවා ජීවිතේ පළවෙනි පාරට කොල්ලෙක්වත් අතින් නොඅල්ලපු මට මේ අසම්මත පහස ගෙනාවෙ පිළිකුලක් ඇස් දෙකේ කඳුලුයි ගොලුවෙච්ච මගෙ කටහඬයි ගෙනාවෙ මූසල අනාගතයක ඇරඹුමක්ද? මං තීරණයක් ගත්තෙ සංජුගෙ ග්‍රහණයෙ ඉද්දිමයි. මං හෙටම යනවා.. ඔව් මගෙ තීරණේ ඒකයි..

සංජුගෙ අත්දෙක ලිහිල්වෙනකොටම මං වොශ්රූම් එකට දිව්වෙ ඒ පහස ගෙනාවෙ මට අප්පිරියාවක්..
දෙයියනේ මට මේ මොකද්ද වුනේ? ගැහැණියකට මේ වගේ දේවල් කරන්න පුලුවන්ද? මේ දේවල් හිත හිතම පැය 2ක් විතර මං වතුර මල යට ඉන්නැති.

ආ සේපාලි නෑවද?
මං කෑම ගෙනාවා කමු.

මෙයාට පිස්සුද? මේ මුකුත් නොවුන ගානට ඉන්න හැටි.මං අහක බලාගෙනම ඇදට ගියේ තරහින්ම.
උදේ ඇහැරිලා මං තීරණේ කළේ ගෙදර යන්න එතකොට මං දැක්කා මේසෙඋඩ තිබ්බ ලියුමක්
“නංගි ඔයා මාව දාලා ගියොත් ඔයාට මගෙ මළගමට එන්න වෙයි”…

දෙයියනේ මං මොකද කරන්නෙ,මම ගියොත් මෙයා මොනා කරගනීද ? කාට කියන්නද මං .මට ඉගෙනගන්නත් නෑ
කෙනෙක් ඉන්නවා.මම ටිකක් කිට්ටුවට ගියා දෙයියනේ සංජු අක්කා. මට හිටපු තැනත් අමතක වුනා. ඒ එක්කම

අක්කි යං අපි..
ඕකේ බබී ඔයා ඇදුම් අරන් ඉවරනෙ යං ….

ලස්සන චූටි මං වගේම කෙල්ලෙක් …
හ්ම් ඔව් ඒ සංජුගෙ අසම්මත ප්‍රේමයෙ අලුත් ගොදුර

ලිව්වෙ =අමා (අම්රි පෙරේරා)


ලියපු තවත් කතා

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *