සිහින කිරිල්ලී

පුතා නැගිටින්න
චූටි පුතා නැගිටින්නකො මේ ළමයව සෙනසුරාදට නැගිට්ටව ගන්න තියන අමාරුව…..

ම්ම්ම්ම් වෙලාව කීයද අම්මි අනේ උදේම කෑ ගහන්නෙපා නිවාඩු දවසෙනෙ මං මෙච්චර නිදාගන්නෙ අනිත් දවසට මං කොච්චර හොඳද 6වෙද්දි නැගිටීනවනෙ..

මට කමක්නෑ දැං වෙලාව උදේ 11ටත් කිට්ටුයී..

හුටා.. එච්චරවෙලා ගිහිංද ? මං ඇදෙන් නැගිට්ටෙ කරන්ට් එක වැදිච්චි ගානට එහෙන් මෙහෙන් මූන ටිකක් හෝදගෙන මගෙ දුඹුරු ළමිස්සිවත් ස්ටාට් කරන් ගෙදරින් එලියට පැන්නෙ ජිම් එකට යන්න…

අඩෝ සමියා මොකද බං ලේට් උඹ මේකට එන්නෙත් වීකෙන්ඩ් විතරයි එදාටත් අපි ගෙදර යන ටයිම් උඹ එන්නෙ,අන්න මාස්ටර් කාරයට මළ පැනලා…

හරි හරි බං මං ටිකක් සෙල්ලම් කරලා එන්නම්..මේකට නාවට මගෙ පොඩි කාලෙ ඉදලා සිස් පැක් තියනවා හරී…
අනෙ මේ මගෙන් මුකුත් අහගන්නැතිව ගිහිං වරෙන් මං එපැයි කට්ට කන්න එනකම්..

සුපුරුදු පරිදි මේ සමියා හෙවත් සමින්ද කවීෂ් දිසානායකගෙ අතිජාත මිත්‍රයා වුනු බිම්සරයගෙන් බැනුම් ඇහැව්වේ ඔහොමලු … අනේ දෙයියනෙ නිදි පැදුරෙන් නැගිටිනකොට අම්මගෙන් බැනුම් මේකට ආවම මුගෙ කුනු කතා අහන්නෙපැයි, මං වගේ උත්තම පුරුෂයෙකුට මෙහෙම වෙනකොට අම්මපා හිතෙනවා වලක් කපන් වැලලෙන්න…ඒ මදිවට යකූ මාස්ටර් කාරයත් රවන්නෙ නිකං මාව පිසාචයෙක් වගේවත් පේනවද දන්නෑ කියලා මං ටක් ගාලා ජිම් එකේම ලොකුවට හයි කරපු කණ්නාඩිය දිහා බලලා එක එක විදියට රඟපෑවා , අප්පට මේ ඉන්නෙ පංකාදු පහට මේ ජිම් එකට එනවද මං වගේ පොරක් කියලා හිත හිතම මං කණ්නාඩිය ඉස්සරහ වැඩ කෑලී පෙන්නුවා..
හුටා
කිරි අප්පට හාල් ගරපි
අර කව්ද යකෝ වසලා හමාරයි…
ඒ වෙනකොටත් කණ්නාඩිය දිහාම බලාගෙන පිටිපස්සෙ කර්ට්න් එක අස්සෙන් එබිලා හිටපු සුරංගනාවිව මං දැක්කෙ..මං දැක්කා එයත් හිනාවුනා මගෙ වැඩ වලට..හෙමීන්ම එතනින් මාරුවෙලා බිම්සර ලගට ගිහින් මුකුත් නොවිච්ච ගානට හිටියා..ඒත් මගෙ යටිහිතේ තිබ්බ ලැජ්ජාවට අනුවෙ වෙන එකෙක්නම් අම්මපා මේ වෙනකොට සියදිවි හානි කරන්..

ඉවරද??
ඉවරයි මචාං (කෝකටත් තව ටිකක් ඉන්න ඕනෙ වුනත් ටක්ගාලා අර කෙල්ල එන්න කලිං වාශ්ප වෙන එක ඇඟට ගුනයි කියලා හිතලා තමයි මං බිම්සරට යං කිව්වෙ)
ඒ සමියා මේ පාක් එක පැත්තෙ යංද ගිහිං කොළකැඳ පාරක් දාගෙනම යං
එල අයිඩියා මටත් දැං තෝව කන්න තරම් බඩගිනී,, ඒත් මං මේ ඉවසං හිටියෙ පොඩි කාල ඉදලම මං ඔය හරක් මස් කන්නෙ නෑනෙ ඒකයි,
අනෙ මේ මං කිව්වා කියලා හිතාගනිං ඈ…

අපි දෙන්නා පාක් එක ලග බයික්
-එක නතර කරලා කොළ කැඳ එකක් ගත්තෙ මේ වෙලාවෙ තිබ්බ බඩගින්නටමයි.
මොන දේ වුනත් මගෙ හිත තිබ්බෙම ජිම් එකේ වෙච්ච සිද්ධිය ගැනමයි.මේ සමියගෙ හිත හොල්ලන්න එහෙම ලේසියන් බෑ කාටවත් මොකද ඒ තරමටම කෙල්ලො වහ වැටෙන තරමෙ රූපෙකුයි, සල්ලියි ඕනෙ තරම් තිබ්බා ,”සමින්ද ගෘප් ඔෆ් කම්පැනි” එකේ අයිතිකාරයාගෙ එකම පුතා වගේම අම්මගෙයි තාත්තගෙයි එකම හුරතලේ වුන සමින්දට පිටින් කාගෙවත් ආදරයක් අනුකම්පාවක් නම් ඕනෙ වුනේම නෑ,සමින්දගෙ තාත්ත නම් හැමවෙලේම කියන්නෙ පොඩි තැනක තිබ්බ තමන්ගෙ බිස්නස් එක පුතාගෙ වාසනාව නිසාම දියුණුවෙච්ච බව තමයි,

………..
අඩෝ උඹ ඕක දිහා බලං භාවනා කරනවද බීපං ගෙදර යන්න,,,
බිම්සරගෙ සද්දෙට මං සිහින ලෝකෙන් ආවෙ 33000 කරන්ට් එක වැදිච්චි ගානට..
බිම්සරයො මේ
මොකද බං
මේ අර ජිම් එක අස්සෙ කව්ද බං හිටිය කෙල්ල
මං නිකන් ගානක් නැතිව ඇහුවෙ නැත්නම් මූට මේකත් ඇති මගෙ චරිතෙ අනුභව කරන්න.

ආ ආ.. උඹ යකූ ඒ ඩිංගට ඒකත් දැක්කද ? ඒ තමයි අපේ මාස්ටර්ගෙ දුව,මං වත් දැක්කෙ නෑ බං ඒකි මූණ විතරනෙ පෙන්නුවෙ රෙද්ද අස්සෙන් එබෙද්දි මාත් දැක්ක යන්තම්, මාස්ටර්ගෙ වයිෆ් නැතිවුනාට පස්සෙ දුව රටලු හිටියෙ. මේ දවස් දෙක තුනකට කලිං ඇවිත් තියෙන්නෙ, දැං ජිම් එකේ ඔෆීෂියල් වැඩ ඒකිද කොහෙද කරන්නෙ..ඒකිගෙ හෙන ඔලුව බං එලියට එන්නෙත් නෑ නිකමටවත්

ආ දැං උඹට මොකද එලියට ආවත් නැතත් ඒ දැරිවි ලැජ්ජ බයට හැදිලා ඇත්තෙ අනික උඹලා වගේ ගං කුකුල්ලු දැක්කම හැංගෙන එක අහන්න දෙයක්ද ??
අනෙ මේ මගෙන් අහගන්නැතිව වරෙන් යන්න.අද උඹ ගෙදරනෙ ආන්ටිගෙන් බත් ඩිංගක් කාලාම යන්න ඕනෙ නැත්නම් හිත නරක් කරගනී යං යං

බිම්සර එක්ක දවසම ගත කරලා රෑ කෑමත් කාලා මං රූම් එකට ආවෙ අර සුරංගනාවිගෙ මූන මතක් කර කර, ජිම් එකකට යන්න තරම් ලොකූ වුවමනාවක් මට නොතිබ්බෙ ගෙදර මට එක්සසයිස් කරන්න ඕනෙ සේරම තිබ්බ නිසාමයි,ඒත් අහම්බෙන් වගේ ටවුන් එකේ තිබ්බ ලොකුම නමගියපු ජිම් එකට යන්න සෙට් වුනේ බිම්සරගෙ කරදරේටමයි, ඇත්තටම ඒක අයිති වගේම අපිට හැමදේම කියලා දුන්න මිස්ට ලොයිඩ් ට හැමෝම කිව්වෙ #මාස්ටර් කියලා,තරුණ වයසෙදිම මාස්ටර්ගෙ වයිෆ් නැතිවෙලා කියලා දැනං හිටියත් මාස්ටර්ට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නවා කියලා දැනගත්තෙ අදනෙ ,.. අනේ මංදා මේ සමියට මොකද වුනේ ලව් සික්ද ? ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑ මාත් මේ විකාර හිතන්නෙ,නෑ නෑ කව්රු හිටියත් එයා මගෙ එච්චරයි..මෙහෙම හිත හිතම මටත් නොදැනිම නින්ද ගිහිං…වෙනදා උදේ අම්මගෙ බෙල් එක ට ඇහැරන මම අද අම්මටත් කලිං නැගිටලා වොශ් දාගෙන පහලට බැස්සෙ මගෙ සුරංගනාවි බලන්න යන්න..
පුතා..
ඇයි අම්මා
අද ඉරිදනෙ
ඔව් අම්මා
හුටා අම්ම මදිවට තාත්තත් මගෙ දිහා අනුභව කරන්න වගේ බලාගෙන ඉන්නෙ.

පුතා අද ඔලුව ඇදේවත් වැදුනද?
අනේ අම්මා ඉතීං ඔය මං වේලාසන නැගිට්ටත් වැරදීනෙ
නෑ නෑ කිසිම වරදක් නෑ ඒත් හැමදාම ඔහොම නොවෙන එකනෙ වරද

හරි හරි මං යනවා අද පේමන්ට්ස් කරන්නෝන ජිම් එකට ඒකයි යන්නෙ
හම්බේ යංතං ඇති එතනින් බේරුණා.
දැං කොහොමද ඉදිරි වැඩ කටයුතු සම්පාදනය කරගන්නෙ ? කමක් නෑ මේ සමිය සැලෙන්නෑ යනවා කෙලින්ම ගිහිං ෆී එක ගෙවනවා

එක්ස්කියුස් මී
කවුන්ටරෙන් හොම්බ දාලා මං කතා කලේ සුරංගනාවි ඒ වෙලාවෙ මේසෙට ඔලුව තියාගෙන හිටපු නිසා.ඒ සද්දෙට කලබලවෙලා ඔලුව උස්සද්දි මං දැක්කා ඒ ඇස්වල කදුලු ඒවා මගෙන් හංගන්න උත්සහ කරනවා කියලා මට තේරුනා
යර්ස්..
මිස් පේමන්ට්ස් කරන්න කියලා
අ අ කෝ කාඩ් එක දෙන්න….

පැහැසරා .. දුව මේ..
හුටා මාස්ටර් කාරයත් මේ වෙලාවෙම මෙතනට රිංගුවනෙ කමක්නෑ ඒකෙන් මේකෙන් මං මෙයාගෙ නම දැන ගත්තනෙ..පැහැසරා.. ඇත්තටම ලස්සන නමක්

ආ ඉලංදාරියා අද මොකෝ උදේම ඇදේ ඔලුව වැදුනද මේ පැත්තට වේලාසන ආවෙ.
යකෝ මාස්ටර්ගෙ අම්ම මතක් වෙන්නෙ මේ වෙලාවටනෙ ලව් සීන් එකට එන්ටර් වෙනකොටම දුශ්ටයා ආවා මදිවට මගෙ චරිතෙත් කෙලසනවා.

නැ නැ මාස්ටර් මං මේ මේ තාත්තගෙ වැඩකට ටවුමට ආවා ඒකයි උදේම..
යන්තම් කටට ආව බොරුව කියලා එතනින් මාරුවෙද්දි මං දැක්කා කෙල්ල මගෙ දිහා හොරෙන් බලලා හිනාවෙනවා.ඒත් මේකි නැගිටලා එලියට එන්නෑනෙ කවදාවත් . දැං ඉතිං මෙතනින් බේරුණාට අරූගෙ කුණු කතා අහන්නෙපැයි.

…….
දවසින් දවස ගෙවෙන්නෙ ආයෙ වීකෙන්ඩ් එක එන්නෙ කවදද කියලා ඇගිලි ගැන ගැන , ඔෆිස් ආවත් තාත්තගෙ වැඩ වලට හිරවුනාම වෙන මොකුත්ම හිතන්න වෙලාවක් නෑ. ඒත් වැඩ අස්සෙත් කොච්චරවත් පැහැසරාගෙ මූණ මට මැවි මැවී පෙනුනා…
මාස දෙක තුනක් ගෙවුනෙ මගෙ හිත තව තවත් පැහැසරාට ලං කරලා.ගෙවුන හැම සතියන්තෙකම එයාගෙ හිනාව ඇර වෙන මුකුත්ම දැක ගන්න ලැබුණෙ නෑ අඩුම තරමෙ එයා කවදාවත් එලියටවත් ආවෙ නෑ , බෑ බෑ තවනම් හිර කරන් ඉන්න බෑ මේක බිම්සරට කියනවා ඌ මාව ටිකක් බයිට් කරයි ඒත් උදව් නොකර ඉන්න එකක් නෑ..

මචං
බිම්සර
මොකද බං
මේ මට උඹට දෙයක් කියන්න තියනවා
මොකද්ද කියාං බලන්න
මේකයි මචං මට අර මාස්ටර්ගෙ දුව ගැන..
ආ ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට මං හිතුවා ආන්ටිත් කිව්වා උඹ දැං හෙන ඇක්ටිව් කියලා ටිකක් හොයන්න කි-ව්වා.
හුටා අම්ම මොකද ඒම කිව්වෙ,මේ ඒකට කමක් නෑ බං අනේ එයාව පොඩ්ඩක් එලියට බස්සවපංකො මාස ගානක් ගියා බං හිනාව විතරනෙ දැක්කෙ,,

ඇයි උඹට තව මොනාද බලන්නෝන..හරි හරි ඉවසපංකො මේවා ඔහොම කරන්න බෑ මාස්ටර් දැනගත්තොත් ජිම් ඇවිදිනුත් ඉවරයි ඈ..
හැමදාම එයාගෙ ලස්සන හිනාව විතරක් බල බලම මං කාලෙ ගතකලා .හදිස්සියෙම වගේ තාත්තගෙ බිස්නස් වැඩකට මට චයිනා යන්න වුනා.ඒත් මගෙ කෙල්ල නොදැක කොහොමද මං සති දෙක තුනක් ඉන්නෙ..කමක් නෑ මං ගිහිං එනකොට මේ සේරම සෙට්ල් කරලා තියන්න කියලා බිම්සරයට කියලා යනවා…

……….
අඩෝ සමියා කෝ කෝ මට මොනාද ගෙනාවෙ කොහොමද උබේ ගමන.?
අම්මෝ හරි හරි මෙන්න උබට ගත්තා ඕනම දේ.හැබැයි පුතෝ අපෙ අම්මට පේන්න තෝ ඕවා බොන්නෙපා ඈ. ඒක නෙවේ මගෙ සුරංගනාවි බලන්න ඕන එයාට මං ගොඩක් තෑගි ගෙනාවා.මචං එයා මට කැමති නේද? උඹ ඇහුවනෙ මොකද කිව්වෙ කියපං

මචං මේකයි,උඹ අප්සට් යන්නෙපා ඒකිට කොල්ලෙක් ඉන්නවා බං උන් දෙන්නා ලඟදිම මැරි කරයි..
මො මො මොනවා ඒක වෙන්න බෑ බං වෙන්න බෑ එයාගෙ මූනෙ ආදරේ මං දැක්කා බං …මගෙ හිතට වැදුන පලවෙනි කෙල්ල මට ඒකි ඕනෙ බං නවත්තපං වාහනේ බීච් එක අයිනෙ උඹට ගෙනාවට මට බොන්න ඕන මචං දීපං

අඩෝ සමියා යමං බං ගෙදර ආන්ටිලා බලං ඇත්තෙ උඹ එනකල් එයාපෝර්ට් ඉදලා එන්න මෙච්චර වෙලා යන්නෑනෙ බං මටත් බනී..

උබට බැරි නම් යමන් මට බොන්න ඕන මගෙ සුරංගනාවි අමතක වෙනකම් බොන්න ඕන බං
හරි උඹට එහෙම ඒකිව අමතක වෙනවනම් බීපං
…………….
මචං දැන් ඇති දැං යං
ඇයි බං එයා මට ඒම කළේ
හරි හරි බං උඹට මං ඉන්නවනෙ
මට ආයෙ කෙල්ලො එපා බං.උඹ විතරයි බං පොඩි කාලෙ ඉදලා මගෙ දුකට සැපට හිටියෙ.
හරි සමියා බං ආන්ටි බනී මට දැං යංකො..
දීපං යතුර මං ඩ්‍රයිව් කරන්නෙ අද
පිස්සුද යකෝ උඹට දැං වෙරි මං අරන් යන්නම්..
දීපං යතුර මේ සමියා බෙස්ට් ඩ්‍රයිවර ආ..
අනේ මංදා පරිස්සමට ආ
ඒ ඒ සමියා දාන්නෙපා දාන්නෙපා ඔය …..???

………….
ආන්ටී ආන්ටී එන්න අයියට සිහිය ආවා,,
මොනවා මේ මං කොහෙද හොස්පිටල් එකක ,එතකොට මගෙ සුරංගනාවි මගෙ ඇඳ ලග දෙයියනේ මේ හීනයක්ද ?

අනේ දෙයියන්ට පිං සිද්ද වෙන්න පුතාට සිහිය ඇවිත් මහත්තයා ..
අම්මා මොකද්ද වුනේ මට මතකයි බිම්සර එපා කියද්දි මං කා එක දැම්මා.. එ එ එතකොට කෝ බිම්සර මගෙ සුරංගනාවි මෙතනට ආවෙ කොහොමද කියන්න අම්මා මොකද්ද මේ.
හරි පුතා ටිකක් රෙස්ට් කරන්න ඔක්කොම කියන්නම්.. දූ ඔයත් දැං යමු දැං දවස් කීයක්ද?
ආන්ටි මං අයියට විස්තරේ කියන්නම් ආන්-ටි ඉන්න .
හා දුව මං ඩොක්ටර්ට කියලා එන්නම්.

පැහැසරා.. ඇයි මේ ඇයි අඩන්නෙ මගෙ පණ ඔයා මට අයිති නෑනෙ.අඩන්නෙපා පොඩ්ඩක් මං ගාවට එන්නකො..
මං හෙමීට ඇදෙන් වාඩි වුනා. දෙයියනේ! එතකොටයි මං දැක්කෙ මගෙ සුරංගනාවි වීල්චෙයා එකක, එයාගෙ කකුලක් නෑ..මං එහෙමම එයාව මගෙ තුරුලට ඇදලා ගත්තා.
අනේ රත්තරනෙ මං මං අද මේක දන්න?

අයියා,අනේ ප්ලීස් මේ අබ්බගාත කෙල්ලව අතාරින්න..
අතාරින්න , බෑ මං තවත් ආදරෙයි.අර කිව්ව කෙනාට වැඳලා හරි මං ඔයා ඉල්ල ගන්නවා..
අනේ මට එහෙම කෙනෙක් නෑ අයියා..අම්මා නැතිවුනාට පස්සෙ මං රට ගියා එහෙදි මං ඇක්සිඩන්ට් වුනා පස්සෙ තාත්ත මාව ගෙන්න ගත්ත මට ජීවිතෙ එපාවෙලා හිටියෙ,තාත්ත නිසා ඉවසුවා.එද මං මුලින්ම ඔයා ජිම් එකට ඇවිත් කණ්නාඩියට විරිත්තද්දි ඔයා ගැන ආදරයක් ඇතිවුණේ. ඒත් මේ අබ්බගාත කෙල්ලට ඔයාවගේ ලස්සන කොල්ලෙක් හරියන්නෑ.මං ඒකයි හැමදාම දුරින් හිටියෙ.එදා බිම්සර අයිය මට කිව්ව දවසෙ මමයි එයාට කිව්වෙ අරහෙම කියන්න කියලා.එයා කිව්වා ඔයාට බොරු කියන්න බෑ කියලා. ඒත් මගෙ බලේට එයා බොරු කිව්වා .මං නිසයි ඔක්කොම වුනේ…අදට සති දෙකක් ඔයාට සිහිය නැතුව හැමදාම මං ආවා ඔයා බලන්න…
හෙ හෙ පිස්සි, ඔයා කොහොමද එහෙම හිතුවෙ ඔහොම නෙවේ කකුල් දෙකයි අත් දෙකයි නැතත් ඔය මූණට ඔය හිනාවට මං ආදරෙයි, ආයෙ නම් මාව දාලා යන්නෙපා, මං මගෙ සුරංගනාවිව මගෙ පපුවට තුරුල් කරගද්දි මට දැනුනා එයාගෙ උණු කදුලු මගෙ පපුවෙ රස්නෙට ඔහෙ ගලාගෙන යනවා..
එකපාරට මං එයාගෙන් ඇහුවා කෝ එතකොට බිම්සර කියලා..
අනෙ අයියෙ එදා ඇක්සිඩන්ට් එකෙන් බිම්සර අයියා… එයා අපිව දාලා ගියා…
මො මො බි ම් ස ර… ඔව් මං ඉස්පිරිතාලෙ දෙවනත් වෙන්න කෑගැහුවා.දෙයක් ලැබෙද්දි දෙයක් අහිමිවෙලා..

(වසර 3 කට පසු)
තාත්තී.. තාත්ති.. යංකො පන්තල්..
බිම්සර පුතා කෝ මේ ස්ලිපස් දාගන්නකො..

ඔව් මට අන්තිමට මගෙ සුරංගනාවි හම්බුණා .දැං මං තාත්තෙක් මගෙ පුතා බිම්සර ,, අදට මගෙ යාලුවා මාව දාලා ගිහිං අවුරුදු 4ක්.එයා වෙනුවෙන් මං අදටත් පිං කරනවා..

ලිව්වෙ=අමා (අම්රි පෙරේරා)

 


ලියපු තවත් කතා

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *