අතීතය

අතීතේ එක දවසක ටකරන් වහලෙට වැස්සෙ වැටෙනකොට කන් බිහිරි කරපු හැටි මට මතක් වුනා. අපිට තිබුනේ ගෙදරක් කියන්න බැරි විදියේ ගෙදරක්.බිත්ති වෙනුවට ටකරන් අටවපු,ඉටි රෙදි වලින් වටකරපු පුංචි කුස්සි කෑලක් එක්ක තිබ්බ මඩුවක්.

ඉස්කොලේ යනකොට කඩමල්ලක් වගේ බෑග් එකක් කරේ එල්ලගෙන මම ගේට්ටුව ලග ඉන්නවා මතකයි.එතකොට ඇට ගැහිච්ච පපුව පේන විදියට බොතතම් ගැලවෙච්ච ශර්ට් එකක් ඇදන් අප්පච්චි එනවා මතකයි මාව එක්කන් යන්න.ඒ කරගැට පිරිච්ච අතේ එල්ලනෙකොට මට පුදුම ආඩම්බරයක් දැනුනා. මම තමයි “පොල් කඩන සුනිල්ගේ කොල්ලා”

දරන්න බැඑඉ වෙදනා හිතේ තියාන අප්පච්චි හැමදාම දවස පටන්ගත්ටේ කාගේ හරි වත්තක පොල්ගහකට වැදලා.මිනිස්සු අප්පච්චිට කියලා පොල් කඩවගන්නකොට මට හිතුනේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් කරන මගේ අප්පච්චි වීරයෙක් කියලා.මම ආඩම්බරෙන් බලන් හිටියා අප්පච්චි පොල්ගහක බඩගානකොට. ඇත්තටම අප්පච්චි වීරයෙක්.

එකෝමත් දවසක මම ඉස්කෝලේ ගේට්ටුව ඉස්සරහා පැයක් නැත්නම් දෙකක් අප්පච්චි එනකන් බලන් හිටියා.අන්තිමට අල්ලපු ගෙදර ලලිතා නැන්දා මාව එක්කන් යන්න එනකොටත් මම අප්පච්චි එනකන් පාර බලන් ඉන්නවා.

අද වගේ මතකයි එදා ලලිතා නැන්දා එක්ක ගෙදරට යනකොට මන් පුදුම උනා.කවදාවත් මිනිස්සු නාව අපේ ටකරන් ගෙදර එදා මිනිස්සු පිරිලා,ලහි ලහියේ සරනසනවා. සුදුපාට ඉටිකොල මගේ හිතට මොකක්දෝ මුසල හැගිමක් අරන් ආවා. අපිට ජිවිතේ දුන්න අප්පච්චිගේ දෙයියෝ වෙච්ච පොල් ගස්ම ඒදා අප්පච්චිගේ ජිවිතේ උදුරගෙන තිබුනා.
වැටිලා තිබුන මගේ ජීවිතේ තවත් ගැබුරටම ගිලුනෙ එහෙම.

සාම්මාන්‍යපෙල ඉහලින්ම පාස් උනාට මට උසස්පෙල කරන්න පුලුවන්කමක් තිබුනේ නෑ. බඩ පිට කොන්දට ඇලිච්ච මගේ අම්මට ඒකට හයියක් තිබ්බෙත් නෑ. මම පාරට බැස්සේ එහෙම.

අම්මා හදන ඉදිආප්ප,ලැවරියා ප්ලාස්ටික් කූඩෙක දාගෙන ගිහින් මහා රෑ නුවට ටවුමේ විකුනන්න ගත්තේ ඒ කාලේ. කාලයත් එක්ක පොඩි එකාගේ නයිට් කඩේට මිනිස්සු හුරුවුනා.

මාත් එක්ක එකටම හිටපු තාරක උසස්පෙල කරනකොට මම මහපාරේ ලැවරියා ඉදිආප්ප විකුනනවා. තාරකගේ කීමටම මම ටෙක් එකකක කෝස් එකක්කරන්න පටන්ගත්තා.”ඔටෝ මොබයිල්”. මම රෑට ටවුන් එකේ ඉදිආප්ප විකුනනවා දවල්ට ඉගෙනගන්නවා. අවුරුදු දෙකක් මගේ ජිවීතේ ගෙවුනේ එහෙම.අවුරුදු දෙකක් මම නිදාගත්තේ දවසට පැයක් නැත්නම් දෙකක්. ටෙක් එකේ මගෙම යාලුවො මගේ නයිට් කඩෙන් ඇවිත් කනකොට ඇත්තටම මට ලැජ්ජා හිතුනෙනම් නෑ.

ඔය කාලෙමයි මමත් ආදරේ කරන්න පටන්ගත්තේ, ” රුවන්තිකා” නම වගේම රූපෙනුත් අන්තෙටම ගියපු රුවන්තිකාට මම ආදරේ කලා.හැබැයි ඒක ඒකපාර්ශවික ආදරයක්.දවසක මම රුවන්තිකාට මගේ ආදරේ කියනවා. දෙයියනේ කියලා ජිවිතේ තිත්ත ඇත්ත අහගට්තේ ඒ වෙලාවේ.

“ඉදිආප්ප විකුනන හිගනා” බම්බුව ඒකී දන්න කෙහෙම්මල.මම ඉදිආප්ප විකුනුවට කාගෙන්වත් හිගාකාලා නෑ. මට රුවන්තිකා අප්පිරියා උනේ ඒ වෙලවේ. එක අතකින් එකිගේ පැට්තෙන් මාව ප්‍රතික්ශේප කරන එක සාදරනයි.ඒත් ඒ කිවුව වච්න ඒකිට නොකියා ඉන්න තිබුනා.රුපෙන් පේන තරම් මිනිස්සු සුන්දර නෑ කියලා මම දැනගත්තේ ඒ වෙලාවෙ.ඒ ආදරේ එදායි පස්සෙ මගෙ හිතේ තිබුනේ නෑ .

කාලයත් එක්ක මගේ යලුවො කැම්පස් යනකොට මම ටෙක් එකෙන් එලියට එනවා. ඉතුරු කරගත්ත සල්ලි ඩින්ගකින් ටවුන් එකේම පොඩිවට ගැරජ් එකක් පටන්ගත්තා.ඒකෙන් අතට ආපු සල්ලිවලින් බාගෙකට වැඩිය වියදම් කලේ ගැරෙජ් එකේ වැඩවලටමයි.ඒ හින්දම වෙන්න ඇති ඒක ඉක්මනින් දියුනු උනා.ඒ කාලෙම තමා මට නිසල්සලා හම්බුනේ.මජන් ගාගෙන කලුවෙච්ච අත්වල ආදරේ ගෙනාවේ නිසන්සලා.මම තාම ටකරන් ගෙදර.ඒක දැන දැනත් නිසන්සලා මට ආදරේ කලේ.ඇටකෝටු පෑදුනු මගේ අම්මට නිසන්සලා ආදරේ කලා. කිසි දෙයක් නැතිකාලේ නිසන්සලා මට හැමදේම උනා..

ගැරෙජ් එක දියුනුවෙද්දි අතට එන සල්ලි ප්‍රමානයත් වැඩිවුනා.අන්තිමට මන් යටතේ තව තුන්දෙනෙක් වැඩකරන තැනට මම ගැරෙජ් එක ගෙනවා.ඔය අතරෙමයි මම ටවුන් එකෙන්ම පුන්චි ඉඩන්කෑල්ලක් අරන් අලුත් තැනක් හදන්න පටන්ගත්තේ.අන්තිමට කාලයත් එක්ක ලොකු වැඩපලක් මම හදාගෙන තිබුනා.මන් යටතෙම 18 දෙනෙජ් වැඩකඑඅන තැනට මම ඒක ගෙනාවා. ටකරන් ගෙදරට සමුදීලා මම අම්මව අලුත් ගෙදර එක්කන් යනකොට මට මතකයි අම්මා මාව බදාගෙන ඉකිගගහා ඇඩුවා. අන්තිමට “පොල් කඩන සුනිල්ගේ කොල්ලා” ලොකු මිනිහෙක් වෙලා කියලා අම්මට හිතෙන්න ඇති.

කැරෙකන පුටුවක වාඩිවෙලා ඉන්න තරම් තතවයක් මට තිබිනත හැමදාම මමත් අත්වල මජන් ගාගෙන වැඩකලා කොල්ලො එක්කම. එහෙම දවසක මට ආයෙමත් අතිතේ මතක්වුන් විදිය මතකයි.

ලාන්සර් කාර් එකක කොල්ලෙක් එක්ක කෙල්ලෙක් ආවේ ඒ කාර් එකේ තිබුන අවුලක් හදාගන්න. ඒ වැඩේ මමම කරන්න ගත්තේ අනිත් හැමෝම ඒ වෙලාවේ වැඩ හින්දා.
කාර් එකේ ඉදලා එලියට බහින කෙල්ලව මම දැක්කේ ඒ වෙලාවේ. “රුවන්තිකා”.

“ආ අසංක,මට එකපාරට දැකලා හුරුයි වගේ දැනුනා,ඒකයි බැලුවේ”

“කොහොමද රුවන්තිකා?”
මම ඒක ඇහුවේ අතේ ගෑවුනු මජන් පිහන ගමන්.

ඒක දිහා අප්පිරියාවෙන් රුවන්තිකා බලන විදිය මම දැක්කා.

“හස්බන්ඩ් එක්ක ආවේ”
“ආ මැරි කලද? එලනේ”
“ඔයා?”
“මැරි කරනවා,තව මාස දෙකකින්”
“ශෝක්නනේ,මගේ හස්බන්ඩ් ෆැක්‍ට්‍රියක සුපවයිස් කෙනෙක්,ඔයාගේ වෙන්න වයිෆ් මොනාද කරන්නෙ?”

මට දිවුරලා කියන්න පලුවන් රුවන්තිකා ඒක ඇහුවේ මට ලැජ්ජා කරන්න.

“එයා ටිචර් කෙනෙක්”

රුවන්තිකා ටිකක් පුදුමෙන් මන්දිහා බැලුවේ ගැරෙජ් කාරයෙක්ට ටිචර් කෙනෙක් සෙට් වෙයිද කියන සැකෙන්.

“ඔයා ගොඩක් කල්ද මෙතන වැඩට ඇවිත්”
“හ්ම් ඔව් පටන් ගත්ත දවසේ ඉදලා මෙතන වැඩ මන්”

මම මෙතන මගේ තැන කියලා හැන්ගුවා.

“පඩි හොද්ද?”

“අවුලක් නෑ”

“මගේ හස්බන්ඩ්නම් මාස්සෙට ලක්ශයක් විතර ගන්නවා”

ඒකිට ඕනි තාමත් මාවබාල්දු කරන්න.මම කට කොනකින් හිනාවුනා.

මම දැක්කා රුවන්තිකාගේ හස්බන්ඩ් අපේ පැත්ටට එන විදිය.

“විශාල්,මේ අසංක ටෙක් යනකාලේ මන් දන්න කෙනෙක්”
රුවන්තිකා මාව අදුන්වලා දුන්නෙ එහෙම.

“ඕ මිස්ටර් අසංකව ඔයා අදුරනවද?මම දැණන් හිටියේ නෑනේ”

මම ලාවට හිනාවුනා
“විශාල් වැඩේනම් හරි.අය අවුලක් වෙන්නෙ නෑ”

“තැනක්ස් අසංක. අපේ අලාබේ කොහොමද?”

“ඒක ඉතින් අයිතිකාරයෙන් අහන්න වෙන්නෙ”

රුවන්තිකා මැදින් පැන්නා.

“අයියෝ බබා ඔයා දන්නෙ නැත්ද?,අසංක තමා මෙතන අයිතිකාරයා,යාලුවා ගැන දන්නෙත් නෑනේ මොඩි”

රුවන්තිකාගේ ඇස් උඩයනවා දැක්ක,ජිවිතෙ පලවෙනි වතාවට කෙනෙක්ට රිදෙනකොටමට සතුටු හිතුනා.

“යාලුවන්ගෙන් සල්ලි ගන්න බෑනේ මචන් මේ පොඩි වැඩේට,පුලුවන්නම් මට ඉස්සරහා කඩෙන් ඉදිආප්ප පාර්සලයක් අරන් දියන්,ඒ ඇති.”

ලැජ්ජාවෙන් ඇබරෙන රුවන්තිකා දැක්කම,මන් මගේ වර්තමානය ගැන ආඩම්බර වුනා.” පොල්කඩන සුනිල්ගේ කොල්ලා,ඉදිප්ප විකුනන හිගන්නා,නයිට් කඩේ පොඩි එකා”ජිවිතේ දිනලා තිබිනා.


 

facebook මගින් කමෙන්ට් කරන්න

4 thoughts on “අතීතය

  • May 12, 2018 at 4:15 pm
    Permalink

    Lassanai godaaaak.

    Reply
  • May 12, 2018 at 4:59 pm
    Permalink

    Lassanaiii 😍😍😍😍😍

    Reply
  • May 12, 2018 at 8:23 pm
    Permalink

    Lassanai.jeewetheta wedagath kathawak

    Reply
  • May 13, 2018 at 12:31 am
    Permalink

    Fatta aiye.. kathawa.. 😊 digatama liyanna.. good luck

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *