Asammathayakdo Meya [Chapter 23] අසම්මතයක්දෝ මෙය..විසි තුන්වන කොටස

පාසල නිමවී ගෙදර නොගොස් එහෙමම ඉශානි පන්සලට පැමිනියා.. පන්සලේ ප්‍රධාන දොරටුව ⁣මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගයෙනුයි පිහිටා තිබුනේ.. නමුත් දිවුලපිටිය මාර්ගයේ පාසල් දෙක අතරින් තිබුනු අතුරු මාර්ගයෙන්ද පන්සලට ඇතුල්වීමට හැකියාව තිබුනා..

අහිංසා කල දැනුවත් කිරීමට අනුව එම අතුරු මාර්ගයෙන් පන්සල⁣ට පැමිනි ඉශානි බෝ මළුවේ තිබුනු හෙවනක් සො⁣යාගෙන එතනින් වාඩිවී බලා සිටියා..

සවස තුන වීමට විනාඩි දහයක් පමණ තිබියදී ඉශානිගේ දුරකථනයට ඇමතුමක් ලැබුනා.. එය සඳරුගෙන් බව දුටු ඉශානි ඇමතුම සම්බන්ධ කරගත්තේ හිනාවකින් මූණ සරසාගෙනයි..

“කියන්න මල්ලි.. කොල්ලට ඉවසිල්ලක් නෑ වගේ නේද..”

“ඔව් අක්කෙ.. මගෙ සඳූ මගෙන් අෑතට ගිය දා ඉදන් මම එයාගෙ වට්ස්ඇප් එකට මැසේජ් කෝටියක් විතර දාන්න ඇති.. ඒවා ඩිලිවර් උනේත් නෑ.. මම මැසේජ් කරන එක නැවැත්තුවෙත් නෑ.. ඒත් අද ඒ සේරම රීඩ් කරල.. මට දැන් ඉවසිල්ලක් නෑ මගෙ කෙල්ල මෙච්චර කල් කොහෙද හැංගුනේ කියල දැනගන්නකන්..”

“ම්ම්.. මල්ලි මම ඔයාට වයිබර් කෝල් එකක් ගන්නම් අහී ආවම මෙතෙන්ට.. ඔයා අහන් ඉන්නකො අපි කතා කරන ඒවා..”

“අනේ උඹට පිං මගෙ අක්කෙ මේ කරන උදව් වලට..” සඳරු එහෙම්මම කියල දැම්ම..

“මේ ඔන්න එනව.. මන් තියනව..” අහිංසා ඈතින් ඇවිදන් එනව දැකපු ඉශානි එහෙම කියල ඇමතුම විසන්ධි කරා.. ඒත් ඒ සමඟම වයිබර් වලින් සඳරුට ඇමතුමක් ගැනීමටද ඉශානි අමතක කරේ නෑ..

“ඉශා…” අහිංසා දුවගෙන් ඇවිත් ඉශානිව බදාගත්ත..

“අහී.. උඹ තවත් ලස්සන වෙලා.. සුදු වෙලා.. කොහෙද බං හිටියෙ උඹ..”

“මම මේ ලග පාතමයි හි⁣ටියෙ.. අපේ අම්මලවත් දන්නෙ නෑ මම හිටිය දිහාව.. ”

“මොකක්..”

“ඔව්.. ඉදහන්කො මම කියනකන් මුලක ඉදන්..”

“හා හා.. මෙතනින් ඉදගමු.. ඉතිං කියහන්කො..”

“උඹට මතකයිනෙ මම කවී හම්බවෙන්න කුරුණෑගල ගිය දවස..”

“ම්ම්.. ඔව්..”

“එදා මම ගෙදර ඇවිත් නාගද්දිම අපේ ගෙදරට අම්මගෙ යාළුවෙකුයි එයගෙ පවුලෙ අයයි ආවා.. එයාලගෙ ලොකු පුතාව මට යෝජනා කරල කලින් පනිවිඩයක් එවල තිබුන.. එදා ඇවිත් තිබුනෙ මාව බලන්න.. මාව බලල මට කැමති කියල තිබුන එදා රෑම.. අම්ම මට කිව්ව මගෙ කැමැත්ත අකමැත්තෙන් එයාලට වැඩක් නෑ මට ඌව බදින්න ලෑස්ති වෙන්න කියල..”

“යකෝ ඒක මාර වැඩක්නෙ..”

“අහපන්කො ඉතිං..”

“හා හා කියාන්කෝ..”

“එදා රෑ මට තේරුනා මගෙ ජීවිතේට ප්‍රශ්න එන්න හදන්නෙ කියන දේ.. ඒ හින්ද මම කවීට මැසේජ් කරා මම ආපහු එනකන් ඉගනගන්න වැඩ ටික කරන් බලන් ඉන්න කියල..”

“ම්ම්ම්..”

“පහුවදා උදේ මම ඉස්කෝලෙ යන්න ලෑස්ති උනාම අම්ම කිව්ව මට වැඩට යන්න එපා කියල.. අරෑ රට යන්න ඉන්න නිසා ඊට කලින් වෙඩින් ගන්නව කියල ඒවට ලෑස්ති වෙන්න කිව්ව.. අපේ තාත්ත කෝමටත් කැමති නෑනෙ බැන්දාම ජොබ් කරනවට.. තාත්තත් කීවා මට වැඩට යන්න එපා එයා ගිහින් මැඩම් එක්ක කතා කරන්නම් කියල..”

“හ්ම්.. මැඩම් කිව්ව උඹලගෙ තාත්ත ඇවිත් මාස තුනක පඩිය ආපහු දීලා උඹේ සහතික ටික අරන් ගියා කියල..”

“හ්ම්ම්.. ඔව්.. තාත්ත ගෙනත් තිබ්බ ඒවා.. මම එදා අම්මට අඩ අඩා කිව්ව මට තව අඩුම අවුරුදු තුනක්වත් ගෙදර ඉන්න ඉඩ දෙන්න කියල.. ඒත් අම්ම කිව්වෙම තීරණේ වෙනසක් නෑ බදින්න ලෑස්ති වෙන්න කියලමයි..”

“ඉතිං උඹ ඌව බැන්දද..”

“තොට පිස්සුද හරකියෙ.. මගෙ කවීව ඇරෙන්න මට වෙන එකෙක් බදින්න බෑ බං..” මේ සේරම කතාව සඳරු එහා පසින් අහගෙනයි හිටියෙ.. අහිංසාගෙ ඒ කතාවට සඳරුගෙ ඇස්වලට කඳුලක් පිරුණ..

“ඉතිං… කියපන්කො..”

“ඊට පස්සෙ මම මගෙ රෙදි ටිකකුත් බෑග් එකක දාගෙන අම්ම නාන අතරෙ ගෙදරින් පැනල ගියා..”

“මොකක්.. උඹ පැනල ගියා.. කාත් එක්කද..කොහටද.. උඹ දැන් ගෙදර ආවාම උඹව බාර ගත්තද..?”
ඉශානි ප්‍රශ්න ගොඩක් අහගෙන අහගෙන ගියා..

ඒවාට පිළිතුරු ලැබෙනකන් සඳරු හිටියෙත් නොඉවසිල්ලකින්..

### සඳරුයි අහිංසායි කසාද බැන්දොත් සමාජය ඒ බැදීම ගැන උපහාසයෙන් කථා කරයි නේද? අපේ රටේ බාල පිරිමියෙක් වැඩිමල් ගැහැනියක් අතර විවාහය අසම්මතයක් විදියට නේද සමාජගත වෙලා තියෙන්නෙ.. ඒ පිළිබඳව මේ කතාව කියවන ඔයාලගෙ අදහස් කියාගෙන යන්න යාළුවනේ.. ප්‍රතිචාර සියල්ලටම ස්තූතියි..###

??‘`°*•~_~•*°´’??

ඊලග කොටසින් හමුවෙමු.


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *