බැරිවෙලා හරි පෘථිවියටත් හඳවල් 12 ක් විතර තිබ්බා නම් ලංකාවෙ බලන්න තිබ්බ  ආතල්

1.ආච්චිලා මාසෙට දහ දොළොස් වතාවක් සිල් ගන්න යයි.

2.පෝය නිවාඩු දොළහක් විතර මාසෙට වැටෙන නිසා මාසෙන් භාගයක්ම රස්සාවට නොයා ගෙදර ඉන්න පුළුවන් වෙයි.

3.වෙසක් මාසෙ වගේ මාසවල හරියටම වෙසක් උත්සවේ වැටෙන්නෙ කොයි හඳ පායන දවසටද කියල බුකී ඔස්තාර්ලා වාද කරයි.

4.නීල් ආම්ස්ට්‍රෝන් ගියේ කොයි හඳටද වගේ ප්‍රශ්න පේපර් වලට වැටෙයි.

5.පෝය දවසට ටියුෂන් ක්ලාස් තියන්න තහනම් කියල නීතිය ගෙනාවොත් ටියුෂන් සර් ලා එකතු වෙලා හඳවල් ටික විනාශ කරන්න හරි ප්ලෑන් එකක් ගහයි.

6.හඳ ගැන කවි ලියපු අය “හඳවල් ගොඩක් මැද මම පෙම් කළේ තනි ඉරට පමණයි ” වගේ කවි ලියයි..

7.බ්ලූ මූන් ,රෙඩ් මූන්, සුපර් මූන්,හනි මූන් වගේ හඳ ආශ්‍රිත සිද්ධි ගොඩක් අවුරුද්ද පුරාම දකින්න ලැබෙන නිසා ෆේස්බුක් එක නාසා එක වගේ වෙලා යයි.

8.හඳවල් ටික තම තමන්ගෙ රටවල් වලට එක ගානෙ අල්ලා ගන්න ලෝක බලවත්තු උත්සහ කරයි.

9.පෝය දවසට බාර් වහලා නිසා මාසෙන් භාගයක්ම පෝය වැටුණම බොන්න නැතුව ඉන්න වෙන මිනිස්සු හඳවල් ටික හොයාගත්ත එවුන්ගෙ මුතුන්මිත්තො ඔක්කොම මතක් කර කර බනී.

10.හඳවල් දොළහම තරණය කරපු පළවෙනි මිනිසා වගේ ලෝකවාර්තා බිහි වෙයි.

11.හඳවල් ගොඩක බලපෑම නිසා නිතර නිතර වඩදිය බාදිය ඇති වෙයි.එතකොට මුහුදු යන මිනිස්සුන්ට කාලගුණ වාර්තා වෙනුවට හඳේ වාර්තාත් බල බල ඉන්න වෙයි.

12.එක හඳකට ගිහින් අනිත් ටිකත් අහු වෙන්න සෙල්ෆියක් ගහ ගත්ත ගගනගාමියෙක්

“ෆීලින් හැපී විත් නිව් මූන් ඇන්ඩ් eleven others ” කියල පෝස්ට් දායි…..

-ඉශූ-

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “බැරිවෙලා හරි පෘථිවියටත් හඳවල් 12 ක් විතර තිබ්බා නම් ලංකාවෙ බලන්න තිබ්බ  ආතල්

  • March 3, 2018 at 6:11 pm
    Permalink

    අැඩෙනවා…

    Reply
  • April 23, 2018 at 5:28 am
    Permalink

    හඳවල් වෙනුවට ඕවා ඉරවල් වුනානම් මොකද වෙන්නේ කියලා හිතන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *