මගේම විතරයි

 

පුංචි බේබි.. යමු..”

අපේ වලව්වේ සිරිපාල මාමා මගේ ඉස්සරහට ආවේ එහෙම කියාගෙන හිනාවෙවී…

අවුරුදු දහයකට පස්සේ මං ආයෙත් මගේ රටට ආවේ විවාහය වෙනුවෙන්..

“ස්වායා..”

ඒත් ගුවන්තොටුපොල පරිශ්‍රයේ උඹ වගේම හැඩරුවක් දැකපු ඒ මොහොතේ ඉඳන් මේ ඇස්වලට ඉස්පාසුවක් තිබ්බෙම නෑ යලි උඹව දකිනකන්.. අවුරුදු දහයකින් මං උඹව දැක්කේ නැති උනත් උඹත් මේ වගේම ඇති, මං මවාගත්තා.. පිරුනු අඟපසඟ ඔසරියට හරි හැඩයි කියලා මට හිතුනා.. ගෙලට බැඳි කොන්ඩෙත් ඒ රුවට පුදුම තරම් ලස්සනක් ගෙනත් තිබුනා.. ඇයව බලද්දී ඒ උඹමද කියලා හිතෙන තරම් උඹ ළඟ තිබුනු දඟකාරබව මම ඒ ඇස්වලත් දුටුවා..

පුදුමයක් උනත් ඒ උඹම තමයි.. හිත කිව්වා.. ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට ඇය නෑ..

ගෙදර නොයාම මං එන්න ආවේ උඹව හොයාගෙන…

මං වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වෙද්දී උඹ අවුරුදු දාහතරක පුංචි කෙල්ලෙක්.. ඇය හා සසඳා බලද්දී, ඇය උඹ කියලා හිතලා බලද්දී, එදා තරම්ම ලාබාල පෙනුමක් නොවුනත් මටනම් දැනුනේ එදා හිටපු පුංචි එකී වගේමයි කියලා උඹ..


ඉතිරිය කියවන්න මෙතන ක්ලික් කරන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *