නවතින්න එනවාද ආයෙමත් ආදරෙන් -01

දවල්ට කාලා ඇඳට වැටුණේ ෆෝන් එකත් අතේ තියාගෙන.හීනියට නිදි මතක් දැනුණ.නින්ද යාගෙන ආවා විතරයි…..
“නිරූ….”
කන ලගින්ම අහුන සද්දෙට ඇස් දෙක ඇරලා බැලුවේ ගැස්සිලා….
“ඔයා…අනේ ඇත්තටම තමුසෙට පිස්සුද ඕයි..මොකටද මෙහේ ආවේ..මං කියලා තියෙනවා නේද මෙහෙ එන්න එපා කියලා….වෙලාවට තාත්තා ගෙදර නැත්තේ…”
නිරූ මේ අහන්න වස්තු ….මං ආවේ ගොඩක් හදිස්සියෙ .මං ඈත ගමනක් යනවා.ගොඩාක් කාලෙකට ආයේ එන්න බැරි වෙයි.ඊට කලින් ඔයාව බලන්න ඕනෙ කියලා හිතුනා පැටියෝ ඒකයි මං ආවේ.අනේ මට විනාඩි දෙකක් දෙන්න.මං ඉක්මනට යනවා…”

හා දැන් මොකටද ආවේ.ඉක්මනට කියනවකෝ වදේ.”..
මං එයාගේ ඇගට කඩන් පැන්නෙ තරහටමයි..
නිරූ මට එකම එක සැරයක් ඔයාව කිස් කරන්න දෙන්න..ඊට පස්සේ විනාඩියක් ඔයාගේ පපුවට තුරුල් වෙලා ඉන්න දෙන්න…ආයේ කරදර කරන්නෙ නෑ පොරොන්දු වෙනවා වස්තු..”
“මොන පිස්සුවක්ද අයිසේ මේක..මට මගේ පාඩුවේ ඉන්න දෙනවකෝ…වදින්නම්…”
අහන්නකෝ මගේ චූටි පැටියෝ …..ආයේ එන්නෙ නෑ වස්තු මං.ඔයාට කරදර කරන්නේ නෑ….එකම එක කිස් එකක් දෙන්න…”
එයාගේ ඇස් වලින් කදුලු කඩා වැටෙනවා..ඇත්තටම මගෙ හිතට දුක හිතුනා..ඒත් පෙන්නුවේ නෑ මං..එයා හිමින් ඇවිත් මගේ බෙල්ල වටේ අත් දෙක දාලා මාව තුරුල් කරං හිමින් මගේ තොල් දෙක සිප ගත්තෙ රෝස මලක් ඉඹිනවා වගේ.දෙයියනේ ඒ තොල් පෙති අයිස් වගේ සීතලයි..මං ගලක් වගේ හිටියා මිසක් අඩු තරමින් එයාව තුරුල් කර ගත්තෙ වත් නෑ.විනාඩියක් විතර මගේ තොල් දෙක හරිම ආදරෙන් සිප ගත්තු එයා මගෙන් ඈත් උනා විතරයි ..
“දැන් හරිනේ..දැන් වත් යනවද පව් නොදී…”
මං එයාට බැන්නේ හිතක් පපුවක් නැති එකෙක් ගානට…
“යන්නම් චුට්ටෝ එක විනාඩියක් ඔයාගේ පපුවට තුරුල් වෙලා ඉන්න දෙන්න..ආයේ කරදර කරන්න එන්නෙ නෑ වස්තු “
අනේ ඒ ඇස් දෙකෙන් කදුලු කඩා වැටෙනවා.ඇත්තටම මගෙ හිත කිව්වා පව් යකෝ මේ කෙල්ල.ඇයි උඹ මෙහෙම කරන්නේ කියලා.ඒත් මං නිහඩවම හිටියා..එයා හිමින් මගෙ ලගට ඇවිත් බඩ මැද්දෙන් අත් දෙක දාලා මගේ පපුවට ඔලුව තියාගෙන ඇස් දෙක පියා ගත්තේ පූස් පැටියෙක් වගේ.මුලු හිතම හිරි වැටුනා සත්තයි..
හිතට දැනුනේ මහා වරදකාරී හැගීමක්.පව් අහිංසකී..
“නිරූ…”
“හ්ම්ම්”
බලන්න මගෙ පපුව ගැහෙන සද්දෙ ඔයාට ඇහෙනවද කියලා..”
කියපු එයා මගේ මූණ අරන් එයාගේ පපුව මැද්දෙන් තියා ගත්තා.කාලයක් මං ආසාවෙන් තුරුලු උන උනුසුම හොයපු ඒ පපුව සීතලම සීතලයි .සත්තයි ඒ පපුව ගැහෙන සද්දේ මට ඇහුණේ නෑ.ආතල් ගන්න ලං කරගෙන පස්සේ අත ඇරලා දාපු මගේ පරන කෙල්ල..මට පන වගේ ආදරේ කරපු,මට මල ඇණයක් වෙච්ච ,අව්‍රුරුද්දක් තිස්සේ මගෙන් එක මැසේජ් එකක් වත් නැතුව මැසේජ් දාස් ගානක් එවපු,කවදාවත් කතා කරන්නෙ නෑ කියලා දැන දැනත් හැමදාම කෝල් කරපු මගෙ අහිංසකී ..
“මොකද හලෝ තමුසෙගේ හාට් බීට් එක නැවතිලාද?මෙලෝ සද්දයක් නැත්තේ”.
මං එහෙම ඇහුවේ හිනා වෙලා..
“ඔව් නිරූ ඔයා ලගට එද්දී මගේ පපුවත් වැඩ කරන්නේ නැතුව යනව වගේ”…
එයා එහෙම කිව්වේ කදුලු අතරින් හිනා වෙලා..
“එහෙනම් මං ගිහින් එන්නම් මගේ චූටි පැටියෝ ..”
එහෙම කියපු එයා මගේ කකුල් දෙක ලග වැටිලා මට වදින කොට මගේ පපුව පිච්චිලා ගියා වගේ මට දැනුනේ ..
“පිස්සුද අක්කේ තමුසෙට ..මට වැඩිය වැඩිමල්නේ…මට වදින්නේ පිස්සුද ඕයි.”
මං කෑගැහුවේ නපුරෙක් වගේ.
“ඒ උනාට ඔයා මගේ පණ මගේ චුට්ටෝ .ඔයාට වැන්දට මට පව් නෑ.
“අනේ මේ විකාර නැතුව නැගිටිනවා ..”
“නිරූ අන්තිම වතාවට මං දෙයක් ඉල්ලන්නේ.දෙනවද?”
“මොනවද”?
හෙට අපේ ගෙදර ඇවිත් යන්න එන්නකෝ.”
“ඒ මොන කෙහෙල් මලකටද?”
“අනේ එහෙම කියන්න එපා නිරූ .හෙට විතරයි ආයේ කරදර කරන්නේ නෑ.”
අක්කේ ප්ලීස් මේ අහන්න.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.ආයේ මෙහේ එන්න එපා වදින්නම් .මං එන්නෙත් නෑ.පරන දේවල් අමතක කරන්න..ප්ලීස් “…
“ඔයා එනවා කියන කම් මං මෙතනින් යන්නෙ නෑ.කියන්න එන්නම් කියලා.”
හා හා එන්නම් මගුල දැන්වත් යනවද පව් නොදී”.
මං බොරුවට කිව්වේ එයාගෙන් ගැලවෙන්න.
“හා මගේ චුට්ටෝ මං යන්නම්.ආයේ කරදර කරන්නෙ නෑ මගෙ වස්තු.පරිස්සමින් ඉන්න.බුදු සරණයි .ආදරෙයි මහත්තයෝ..”
කියපු එයා මගේ තොල් දෙක,කම්මුල්,නලල විතරක් නෙමෙයි ඇස් දෙකත් සිප ගත්තේ හරිම ආදරෙන්.මොහොතක් මං ඇස් පියන් ඉන්න ඇති.ඇස් දෙක ඇරපු ගමන් මං හෙව්වේ එයා කෝ කියලා.පඩිපෙල දිගේ පහලට දිව්වෙ එයා කෝ බලන්න.ගෙයි දොර ලොක් කරලා.ඔව්නේ මං දොර ලොක් කරලනෙ උඩට ගියේ.එතකොට එයා අවෙ කොහොමද ?ගියේ කොහොමද ?මට හිතා ගන්න බෑ.මොනවද මේ වෙන්නේ.මං ටක් ගාලා දොර ඇරලා බැලුවේ එයාගේ බයික් එක තියෙනවද කියලා.ඒකත් නෑ.හිතා ගන්න බැරි මොකද්දෝ අමුතු හැගීමක් මට දැනුනේ .ආය්ත් දොර වහලා උඩ කාමරේට ගියේ උනේ මොකද්ද කියලා හිතා ගන්නත් බැරුව .
පෝන් එකත් අරන් ඇදේ පෙරලුනේ හිතට දැනුන පාලු මූසල හැගීම නැති වෙන්නත් එක්ක ෆ්බී එක පැත්තෙ වත් යන්න හිතන්.එක පාරටම දැකපු දෙයින් මගේ අතේ තිබුන පෝන් එක බිමට වැටුන.
##හදිසි අනතුරක් හේතුවෙන් මීට මොහොතකට කලින් අප අතරින් වෙන්ව ගිය දයාබර මිතුරිය ඔබට නිවන් සුව..!!!##
ඒ පොටෝ එකේ හිටියේ මගේ අහින්සකී..දෙයියනේ …තරුණියට මරු කැදවූ ලොරි කාර් ගැටුමේ cctv දර්ශන පහතින්…මගේ ඇස් දෙක නිලන්කාර උනා..කදුලු වැලක් ගලන් ගියේ මටත් නොදැනීම.වෙව්ලන ඇගිලි වලින් වීඩියෝ එක බැලුවේ පපුව වේගෙන් ගැහෙද්දී.සුදු පාට බයික් එකේ කහ පාටදිග ගවුමක් ඇදන් මේ ඉන්නේ මගේ අක්කා නේද?ඔව්..එයා දැන් ඇදන් හිටියෙත් මේ ගවුමනේ.වේගෙන් එන කාර් එකක් ලොරියක හැප්පිලා එයාගේ බයික් එකෙත් හප්පිලා ඈතට ගිහින් නැවතුනා.එයා විසි වෙලා ගිහින් වැටුනා විතරයි මං දැක්කේ..මගේ ඇස් පිය උනා..
ආයේ නැගිට්ටේ මං ගැස්සිලා.ඒක නපුරු හීනයක් නේද කියලා හිතලා පෝන් එක දිහා බලනකොට ආයෙත් දැක්කේ ඒ වීඩියෝ එකමයි.ඉතිං මට අමරුවෙන් හරි පිලිගන්න උනා ඒක ඇත්ත කියලා .
“දෙයියනේ..මගෙ සුදු අක්කා..මං කෑගැහුවේ පිස්සෙක් වගේ.ඇයි මගේ සුදු අක්කේ මාව දාලා ගියේ..අනේ දෙයියනේ මං ඔයාට කොච්චර දුක් දුන්නද??ඔයාව කොච්චර රිදෙව්වද?මගේ සුදු අක්කියෝ…ඔයා මැරුනට පස්සෙත් මාව හොයාගෙන ආවා නේද මගේ සුදු අක්කේ..පැය ගානක් පිස්සෙක් වගේ මං අඩන්න ඇති.
මම නිරූප හසරැල්.අව්‍රුරුදු විස්සක කොල්ලෙක්.එයා මට වඩා අව්‍රුරුදු හතරකට වැඩිමල් අක්ක කෙනෙක්.ඉස්කෝලේදි දැකල කතා කරලා පුන්චි හිතවත් කමක් තිබුනා.ෆ්බී එකට එකතු උනේ අහම්බෙන්.රූප සුන්දරියක් තරම් ලස්සන නොව්නට දකින ඕනෙම කෙනෙක්ගේ හිත ඇදිලා යන ප්‍රියමනාප බවක් එයාගේ තිබුනා.නිකමට Hi කියලා පටන් ගත්තු චැට් එක ටිකෙන් ටික දුර ගියේ මං එයාව හොදටම රවට්ට්ලා.වැඩිමල් කෙල්ලො එක්ක යාලු වෙන එක දැන් කොල්ලන්ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක හින්දා මාත් ගේමට බැස්සා මිසක් සිරාවට කරපු එකක් නෙමෙයි.අලුතින් තව කෙල්ලෙක් සෙට් උනාම මං එයාව හිමින් මග ඇරියා.ඒත් එයා මට පිස්සුවෙන් වගේ ආදරේ කලා.උදේට පටන් ගන්න මැසේජ් රෑ දොලහා විතර වෙනකම් ඉවරයක් වෙන්නෙ නෑ.කෝල් පනහක් විතර ගන්නවා.මං එකක් වත් ආන්සර් කලෙත් නෑ.එයා අඩ අඩා එවපු පත්තර වගේ දිග මැසේජ් අඩුම තරමින් මං කියෙව්වෙවත් නෑ.ඒත් එයා මැසේජ් එවන එක නතර කලෙත් නෑ .හැමදාම අව්‍රුරුද්දක් තිස්සේ එයා මට මැසේජ් ලිව්වා.ඒවා ෆෝන් එකේ ඔහේ තිබුනා .
ගැහෙන ඇගිලි වලින් ෆෝන් එක අරන් බැලුවේ එයා එවපු මැසේජ් තියෙනවද කියලා…හරියටම දවල්12ට එයාගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා…
මගේ චුට්ටෝ මම ටව්න් යනවා.මට ඔයාව අහම්බෙන් හරි දකින්න ලැබෙයි කියලා හිතනවා මං..මං මැරෙන තුරු ඔයාට ආදරෙයි මගේ වස්තු …පරිස්සමින් ඉන්න මගෙ චුට්ටෝ….බුදු සරණයි ……
ඒ එයාගේ අන්තිම පනිවිඩය…දෙයියනේ මං මොන තරම් පව්කාරයෙක්ද?එයා මැරෙන්න මොහොතකට කලිනුත් මං වෙනුවෙන් මැසේජ් ලියලා..එයා මැරුනට පස්සෙත් මාව බලන්න ඇවිත්..අනේ මට සමා වෙන්න මගෙ සුදු අක්කේ…මට සමා වෙන්න..ආයේ එන්න මගේ පන.මං ඔයාට ආදරෙයි..මං ඔයාට බොරු කලා ඔයාව රැවැට්ටුවා..පස්සේ ඔයාව සත් පහකටවත් ගනං නොගෙන ඔයාට රිද්දෙව්වා…අනේ ඒ හැමදේම දරාගෙන ඔයා වෙනස් නොවී හැමදාම මට ආදරේ කලා…මං ඔයාට දුක් දුන්නා විතරයි මගෙ මැනික..අනේ මට සමා වෙන්න.නිරූ කියලා මහලා ඔයා දුන්න නිල් පාට කොට්ට උරේ දාපු මගේ කොට්ටේ කදුලින් තෙමෙනකම් මං අඩුවා…
කොල්ලෙක් හැටියට මං විනෝදෙට,සෙල්ලමට ගත්තු එයාගේ ජීවිතේ කදුලු ගොඩාක් වෙලා අන්තිමට විනාස වෙලාම ගියා…දැන් ඒ වරද නිවරදි කරන්න මට බෑඅ.මොකදඑයා මාව දාලා සදහටම ගිහින්.එයා ජීවත් වෙලා ඉද්දි එයාගෙ හිතට පුන්චිම සතුටක් වත් දෙන්න මට බැරි උනා නේද කියන පසුතැවීම මං මැරෙන තුරාවට හිතින් අයින් වෙන්නෙ නෑ ….
මට සම වෙන්න මගේ සුදු අක්කි…

හමුවෙමු නවතින්න එනවාද ආයෙමත් ආදරෙන්………2 කොටසින්

පෙර කොටස්

     

    facebook මගින් කමෙන්ට් කරන්න

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *