ආදරේ

ජිවිතේ ගැන මහා ලොකුවට හිතන්න ඕනා කමක් නොතිබ්බ නිසාම හැමදේම විහිලුවට අරගෙන ජිවිතේ ගෙවන එක දැන් පුරුද්දක් වෙලා. මම නෙතුලි සමරදිවාකර. , සමරදිවාකර සමුහ වියාපරයේ ධනුජ සමරදිවකරගේ එකම දුව… එකම දුව උනාට ඉතින් මල්ලි කෙනෙකුත් ඉන්නවා.
එත් ඉතින් ජිවිතේ ප්‍රශ්න කියන දේවල් මොනවත් දැනෙන්න තාත්තා මොනම වෙලාවකවත් ඉඩක් දුන්නේ නෑ. එකම දෙයක් විතරයි මට ජිවිතේ තීරණයක් ගන්න ඉඩක් නැත්තේ…

දුව….
ඔව් තාත්තා….

ජිවිතේ මොනවත් දුකක් නොදී මම ඔයාව හදලා තියෙන්නේ විදවන්න වෙන ජිවිතයක් දෙන්න නෙමේ.
ඒ හින්දා ඔයාට ඕන විදිහේ දේවල් ගැන ඕන විදිහේ තීරණ ගන්න.හැබැයි… ජීවිතේට කෙනෙක් තෝරාගන්න තීරණේ විතරක් තනියම ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔයා ගොඩාක් ලොකු සල්ලි කාර තාත්තා කෙනෙක්ගේ වැඩිමල් දරුවා. මගේ දේපල වලින් ඔයාටත් භාගයක් අයිති කියන එක ඕනෑම කෙනෙක් දන්නවා. ඉතින් අනිත් එක ඔයා සැපට හැදුන කෙනෙක්. ඔයාව රවට්ටගන්න බැරි කමක් නෑ ඔය වගේ දෙයකදී. ඒ හින්දා කවදාවත් මට මේ කෙනා ඕනෑමයි කියලා තනි තීරණ ගන්න විතරක් එපා. අම්මා ඉන්නවා මම ඉන්නවා අපි කොයි සමාජ මට්ටමක හිටියත් යාළුවො වගේ ඉන්නවා කියලා හිතනවා. කියන්න බැරි දෙයක් නැහැනේ…

දන්නවා තාත්තා… අම්මගෙනුයි තාත්තා ඔයාගෙනුයි ඇති වෙන්න ආදරේ ලැබෙනවනේ. තවම එහෙම කෙනෙක් නම් මගේ ජීවිතේට ඇවිත් නෑ.. ආවහම කියන්නම්කො.. තාත්තා එතකොට ඒ ගැන බලනන්කෝ..
එහෙම හොදයිනේ තාත්තා…

හ්ම්ම්ම් හරි දුව පරිස්සමින්….

————————–————————–———–

කාලය යනවා තේරෙන්නෙත් නැති උනත් ආදරේ කියනදේ මගේ ජිවිතේ ට ඕනි කියලා දැනෙන්න ගත්තේ
රොෂාන් මගේ ජීවිතේට ආවාට පස්සේ..
රොෂාන් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නෙමේ.. එත් ජිවිතේ ගොඩාක් ඉස්සරහට යන්න දගලන කොල්ලෙක්.. මම ලොකු සල්ලිකාරියක්ගේ දුවක් කියන එක රොෂාන් ට දැන ගන්න කිසිම ඉඩක් තිබුනේ නෑ. මොකද මට රොෂාන් ව හම්බ උනේ දවසක් බස් එකේ යන්න ආසා හිතිලා බස් එකට නැග්ග වෙලාවේ කොල්ලෙක් මට කරදර කරන්න ආපු වෙලාවේ මට උදව් කරන්න ඇවිත්..
බස් එකට නැග්ග මෝඩ කම කියලා හිතුනත් ඉතින් කරගන්න දෙයක් නැති කමට මම බස් එකේම යන අතරේ රොෂාන් එක්ක කතාවක් දාගෙන ගියා.
මොනවා උනත් හොදට කතා කරන්න දන්න කොල්ලෙක්. මගේ පිරිමි යාළුවො ගොඩක් උන්නත් කවුරුවත් ෆිට් නොවුන තරමට රෝශාන් බස් එකෙන් බහින පැය වගේ යනකොට ෆිට් උනා.
ආදරයක් කියන දෙයක් නොවුනත් රොෂාන් එක්ක කියවන්න මමත් ආස උන හින්දා මමම ෆෝන් නම්බර් එක ඉල්ලගත්තේ හිතුනොත් කෝල් එකක් දෙන්න කියලා හිතාන..

————————–————————–———-
සාමන්යෙන් කොල්ලෝ ලග දකින්න නැති අමුතු හැසිරීමක් තමා රෝශාන් ලග තිබුනේ. දවසකට කොහොන්මත් පැයක් දෙකක් වගේ කතා කරන්න හරි එහෙම නැතිනම් මැසේජ් කරන්න හරි දෙන්නම හුරු වුනේ දෙන්නටම නොදැන. එත් මගේ නමට වඩා මොනවත් දෙයක් මගෙන් ඇහුවේ නෑ.

මොකද රොෂාන් ඔය මගෙන් මොනවත් අහනේ නැත්තේ.,
මම ඔයාගේ උපතේ උදන් දැන් දවල්ට කාවේ මොනවද කියන එක වෙනකන් දේවල් වගේ ඔක්කොම දන්නවා. එත් ඔයා මගේ විස්තරයකට කියලා ඇහුවේ නම විතරයි… ඒ ඇයි

මෙහෙමයි නෙතුලි… ඔයා කවුද කාගේ කවුද කියන එක මොනවද කරන්නේ කියන එක වැදගත් උනේ නෑ
මට වැදගත් ඔයා මාව ආශ්‍රය කරන විදිහ. වෙන කෙල්ලෝ නම් ගොඩක් වෙලාවට ගොඩක් දේවල් කොල්ලන්ගෙන් හොයනවා. එත් ඔයා එහෙම නැහැනේ.

අනිත් එක ඉතින් මම මහා ලොකු සල්ලි කාරයෙක් නෙමේ. මට ජිවිතේ ඉස්සරහට යන්න කරගන්න තියන දේවල් තියනවා. මම එකට මහන්සි වෙනවා. මට ඔයාගෙන් එකට බාධාවෙන කිසිම දෙයක් වෙලා නැ.
ඉතින් ඇත්තටම මගේ හිත ඔයාට ආදරෙය් කරන්න පටන් අරන් නෙතුලි. හැබැයි මට තවම ඔයාගෙන් එක අහන්න බෑ, මට ගොඩක් දේවල් කරගන්න ඕනා. දැන් මම ඔයාට ආදරෙයි කියලා මට ඔයාව දුක් විදින තත්වෙට පත් කරන්න ඕනා නෑ., ජිවිතේ හොද තැනකට ඉක්මනට මට එන්න ඕනා…

එදාට ඔයා මාත් එක්ක ඉන්නවා නේද නෙතුලි…

හ්ම්ම්ම් මම දැකපු වෙනස්ම විදිහේ කොල්ලෙක් ඔයා. ඔයාට මට ගොඩාක් දැනෙනවා. මමත් හිතනවා මම ඔයාට ආදරෙයි කියලා…

————————–————————–———–
තාත්තා…..
තාත්තා ඔයා දවසක් කිවා නේද මම කාව හරි හොයාගත්තොත් ඔයාට කියන්න කියලා

හ්ම්ම් ඔව් දැන් කාවද දරුවෝ හොයාගත්තේ.. මොනවා කරන කෙනෙක්ද?
ඔයා කවුද කියලා දන්නවද?

ලොකු සල්ලි කාරයෙක් වත් මම කවුද කියලා දන්නා කෙනෙක්වත් නම් නෙමේ.
හැබැයි ජිවිතේ දිනන්න සැහෙන උනන්දුවක් තියන කෙනෙක්.
අනිත් හොදම් දේ චරිතේ සැහෙන්න හොදයි,
මම හිතන්නේ නෑ මට වැරද්දක් වෙයි කියලා

සල්ලි නැති එක ගැටළුවක් කරගන්න එපා. එත් මට කොල්ලා ගැන හොයන්න ඕනා.
පස්සේ අපි තීරණය කරමු කොහොමද මොනවද කරන්නේ කියලා…

————————–————————–———–
රොෂාන්… මට ඔයාව මිට් වෙන්න ඕනා..

එකපාරටම ඇයි නෙතුලි.
අපි ඊයෙත් මුණ ගැහුනානේ..
මොකක් හරි ප්‍රශ්නයක්ද?

නැ මට ඔයාව මිට් වෙන්න ඕනි…

හරි මම එන්නනම් .
වෙනදා තැනටම. තව පැයකින්..

එතනට එපා.. රොෂාන්. මම ඔයාට ඇඩ්රස් එකක් එවන්නම්.
එතනට එන්න..

————————–————————–——
කාගේද මේ ගෙදර…
මේක මගේ යාලුවෙක් නැවතිලා හිටපු කාමරයක්.
ටික දවසකට දුරකට ගිහින්..

එත් ළමයෝ මෙහෙම තැනකට ආවේ ඇයි..

මට ඔයා එක්ක ඉන්න ඕනා ලගට වෙලා..
එක හින්දයි රොෂාන් එන්න කියලා කිවේ මම

නෙතුලි.. මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඇත්ත.
ඔයාව මගේ කරගන්න ඕනා.
හැබැයි මට ඕනෑතරම් අවස්ථා තිබුනා. ඔයාව මෙහෙම තැන් වලට එක්කගෙන යන්න
එත් මට එහෙම පහතට වැටෙන්න ඕනා උනේ නෑ
මොකද මම ආදරේ කලේ ඔයාට

එහෙම නැතිව ඔයාගේ වෙන දේවල් වලට නේමේ.

ඒ කියන්නේ රොෂාන් දැන් ඔයාට මාව ඕනි නැද්ද?
මට තුරුල් වෙලා ඔයා එක්ක ඉන්න බැරිද?
මට ඔයාගෙම වෙන්න බැරිද?

ඔයාට මගේම වෙන්න පුළුවන් නෙතුලි.
හැබැයි ඒ හැමෝගෙම කැමැත්තෙන්.
එහෙම නැතිව මෙහෙම කාටත් හොරා කාගේවත් රුම් එකක් ඇතුලේ නෙමේ.
මටත් හැගීම් දැනීම් නැතිව නෙමේ.
හැබයි ආදරේ කියන්නේ ඒ හැගීම් දැනීම් වලට මුල් වෙලා වැඩ කරන එකටම නෙමේ

ඔයාව මට ඕනි මගේ මනමාලි කරගෙන කවදාහරි

වාව්………………….……………..
නියමයි දුව…

ඔයා හරි කෙනාවම තෝරාගෙන තියනවා.
ජිවිතේ මෙහෙම කොල්ලෝ මම දැකල තියෙන්නෙත් ගොඩක් අඩුවෙන්.
යාළුවෙලා දවස් දෙකතුනෙන් රුම් එකකට එක්කගෙන යන කොල්ලෝ අතරේ
එහෙම අවස්තාවක් ලෑබිලාත් ආදරේ වෙනුවෙන් කතා කරන
කොල්ලෙක් කවදාවත් මගේ කෙල්ලට දුකක් දෙවි කියලා මම හිතන්නේ නෑ..
මම මේ කොල්ලට කැමති දුවේ..
දුව කසාද බදිනවට.

දේවි – Devaka Sadaruwan


ලියපු තවත් කතා

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “ආදරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *