දෙව්ලිය කදුලක් සලා… -03 කොටස

කාමරයේ දොර ඇරගෙන ආවේ තරුනයෙක්…”

කවදාවත්ම කොහෙදිවත් නොදැකපු තරුනයෙක්…”

මන් බයෙන් වගේ ඔහු දිහා බලාගෙන ඉදලා බිම බලාගත්තා.

නංගි..”

ඔහු කතා කලේ එහෙමයි.මං ඇස් යාන්තමින් උස්සලා ඒ පිරිමි රුව දෙස බැලුවා.

අහිංසක මූනක්..”

මට හිතුනේ එහෙමයි මුලින්ම..

” ඔයා කවුද නංගි…ඔයා කොහොමද මගේ කාර් එක ඇතුලට ආවේ..?

ම…ම මේ මන් අතරමං උනා.

මං සෙමෙන් මුමුනලා ඇස් බිමට බර කලා.

හම්ම්..නංගිගේ නම මොකද්ද මම අනුහස් ” අනුහස් සේනාධීර…”

මන් දෙවිලි..
දෙව්ලි අහිංසා…”

ම්ම්ම්…
ඉතින් ඔයට දැන් කොහොමද..? මටනම් පුදුම හිතුනා පිටිපස්සෙ තිබුන බඩු ටික ගන්න කියලා මන් දොර ඇරිනකොට කෙල්ලෙක් ඉන්නවා ඇරත් සිහියක් නැතුව..

අනේ සමාවෙන්න මට කරන්න දෙයක් තිබුන් නෑ අයියේ ඒකයි..
මන් යන්නම්.

මං එහෙම කියලා අමරුවෙන් නැගිටින්න හදනකොට අනුහස් කලබලෙන් මගේ ඇද ලගට ආවා..

ඔයා කොහේ යන්නද මේ රෑ..මෙහේ නතර වෙන්න..ගෑනු ළමයෙක්ට තනියම යන්න පුලුවන් වෙලාවක්ද මේක.. ඔයා දැන් කාලාද ඉන්නේ…?

නෑ අයියේ…මට බඩගිනි නෑ ..

එහෙම හරි නෑනේ ඔයාගේ ඇගේ ශක්තියක් නෑ වගේ..මන් මොනවා හරි හදාගෙන එන්නම්…
ඇලවෙලා ඉන්න ඇදෙන්

අනුහස් එහෙම කියලා කාමරයෙන් ගියාට පස්සේ මන් ඇදෙන් නැගිටලා හෙමින් සැරේ ජනෙල් කවුලුව ලගට ආවා.කාමරය උනුසුම් නිසා මට සීතලක් දැනුනේ නෑ,කවුලුව ඇරලා මන් අවට පරිසරය දිහා බැලුවා.රාත්‍රිය නිසා අවට කිසි දෙයක් පැහැදිලිව පෙනුනේ නෑ. නමුත් මන් හිටියේ ප්‍රධාන මාර්ගයෙන් ගොඩාක් ඈත කියලා හිතෙනකොට මට යසිරුව මතක් උනා,අනේ මගේ වස්තුවේ මන් වැරදී වැඩක්ද මේ කරන්නේ…ඔයා ඉල්ලපු දේවල් ඔයාට දෙන්න නේද මට තිබුනේ මට මොකටද මහාලොකු දේවල් ඔයා විතරක් හිටියාම ඇතිනේ මන් අඩ අඩම යසිරුගේ නම මිමිනුවා..

නංගි ඇයි මේ….

අනුහස් කාමරයට ආවේ කලබලෙන්.එයාගේ ඇස් මගේ ලග නතර වෙනකොට මට ලැජ්ජා හිතුනා,දෙයියනේ මන් මේ ඉන්නේ නයිට් ඩ්‍ර්ස් එක පිටින්නේ මන් මූන බිමට හරවගෙන ආයේමත් අඩන්න ගත්තා.අනුහස් කාමරයට එන්නේ නැතුවම දොර වහාගෙන ‍යන්න ගියා.එයා ආයේමත් ආවේ ඇදුම් වගයක් අරගෙන මන් පුදුමෙන් ඔහු දෙස බැලුවා.

ගැලපෙන එකක් ඇදගන්න… අපේ නංගිගේ ඇදුම් මේ..

එයා ඇදුම් ටික යහන මත තියලා ගියේ මන් දිහා ආයේ බලන්නේවත් නැතුව.මන් එයා ගෙනත් දීපු ඇදුම් වලින් ගොවොමක් තෝරගෙන ඒක ඇදගත්තා.දැන් නම් හරි මගේ බඩු සේරම හොටෙල් එකේ, පර්ස් එකයි ෆෝන් එකයි අරගෙන මට එන්න තිබුනේ දැන් යසිරු හැමදේම අවුල් කරලා ඇති අපේ ගෙදරටත් කියලා ඇති දැන් මන් කොහොමද ආයේ ගෙදරට යන්නේ

නංගි ඔයා රෙඩීද…එලියට එනවද ටිකකට…

මන් එලියට එනකොට අනුහස් අයියා දොර ගාව හිටගෙන හිටියා,එයාගේ රූපේ හරි කඩවසම් නිල් පාට ඇස් දෙක,අක්බඹරුවන් හිස කෙස්,උසට සරිලම මහත ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන පිරිමි රූපයක් අනුහස්ට තිබුනේ, මන් අනුහස් දිහා බලාගෙන හිටියා අනේමන්දා මගේ හිතත් මොනවා හිතනවද මන්දා මන් බැදපු ගෑනියෙක් නේද යසිරුගේ වයිෆ් නේද මේ විදියට හිතන්නේ…

කෑම ටිකක් කාලාම නිදාගන්න නංගි..

අනුහස් එහෙම කියලා මට පිගානකට බත් ටිකක් බෙදලා දීලා එයත් කන්න පටන් ගත්තා.යසිරු මතක් වෙනකොට කන්න පිරියක් නෑ. මන් ටිකක් කාලා අත හෝදගත්තා. අනුහස් අයියා කන නිසා මන් ගේ වටේ ටිකක් ඇවිදලා බැලුවා,තනි තට්ටුවේ පුංචි ගෙයක් හරි පිලිවලට අස් කරලා,බිත්තියේ පවුලේ හැමෝගෙම පොටොස් එල්ලලා තිබුනා.

මගේ පවුලේ අය කොළඹ ඉන්නේ නංගි..

අනුහස් කියනකොට මන් සෙමින් සිනාසුනා. පිරිමියෙක් විතරක් ඉන්න ගෙදරක නවතින්න උනානේ අනේමන්දා මේ හැමදේම උනේ යසිරු නිසා මට සුසුමක් පිටඋනේ අද දවස ගැන මතක් වෙලා..

දොර ලොක් කරලා නිදා ගන්න..මන් යනවා පාඩම් කරන්න තියෙනවා…

අනුහස් එහෙම කියලා එයාගේ රූම් එකේ දොර වහාගත්තා.මාත් කාමරේට ඇවිත් දෑස් පියාගත්තේ හෙට දවසේ වෙන දෙයක් උනාවේ කියලා හිතාගෙන….

ආයේමත් හමුවෙමු…


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *