දෙව්ලිය කදුලක් සලා… -04 කොටස

අනුහස් අයියා පාන්දරම වගේ මගේ කාමරයේ දොරට ගහලා මාව ඇහැරෙව්වා. මන් මූන හොදලා ලෑස්ති වෙලා එලියට ආවේ පහුවද උන සේරම දේවල් හිතින් අමතක කරලා දාලා.

ඇත්තටම කිව්වොත් අනුහස් අයියාගේ ගෙදර හරි ලස්සනයි,තනියම හිටියත් එයා මිදුල ලස්සනට තියාගෙන හිටියා.රෝස බාබන්ඩේසියා ලිලි පදුරු වල මල් පිරිලා.රොනට වඩින සමනලියින් සී සීකඩ ඉගිල්ලෙනවා. මල් වත්තක් වගේ හැම ගහේම මල් මන් ආසාවෙන් මිදුල පුරා ඇවිද්දා.මේ වස්සාන කාලය මොන තරම් සුන්දරද…?

” නංගි මන් තේ හැදුවා එන්න බොන්න එන්න…

අනුහස් අයියා එහෙම කියාගෙන ආයේ ගේ ඇතුලට ගියා,මන් මිදුලට වෙලා ඉන්නකොට ඈතින් කා එකක් මේ පැත්තට එනකොට මන් ගේ ඇතුලට දුවලා ආවා,එතකොටත් අනුහස් අයියා කොහේ හරි යන්න ලෑස්ති වෙලා හිටියේ,අනේ දැන් එයාත් ගියොත් මන් මේ ගෙදරත් තනි වෙනවනේ.මන් තේ එක තොල ගෑවේ එහෙම හිත හිත…

” ආහ් මනමාලයා..” මොකෝ මේ පැත්තේ උබට අපිවත් මතක් උනා එහෙනම්… සෝ වරෙන් වරෙන් ඇතුලට…”

අනුහස් අයියාගේ හඩ ඇසෙනකොට මන් මගේ පාඩුවේ හිටියා.එයාගේ යාලුවෙක් ඇවිත් නිසා මන් සාලේට ගියේ නෑ..එහෙම යන එක හරිත් නෑනේ…

” නංගි තේ එකක් හදාගෙන එන්නකෝ…

අනුහස් අයියා කියනකොට මන් තේ එකක් හදාගෙන සාලයට යන්න හදනකොටම දැකපු දෙයින් මගේ අතේ රැදි තිබුන වීදුරුව බිම වැටිල බිදිලා ගියා.

අදහන්න ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි..යසිරු…”

මන් කාමරයට දුවලා ඇවිත් දොර වහාගත්තේ බයටමයි.දෙයියනේ යසිරු කොහොමද මන් ඉන්න තැනක් ගැන දැනගත්තේ.. එතකොට අනුහස් අයියා යසිරුගේ යාලුවෙක්ද..” අනුහස් අයියා මන් ගැන කියයිද මන් අඩ අඩාම ඉන්නකොට අනුහස් අයියාගේ හඩ ඇසුනා.

” නංගි දොර අරින්න…නංගි අරින්නකෝ… එයා ගියා දෙව්ලි…

ළමයෝ මේ දොර අරින්නකෝ…”

අනුහස් අයියා එක දිගට කිව්වා.ඒත්….
මන් ඒත් දොර අරින්න ගියේ නෑ මට හිතුනේ යසිරු තවමත් ගෙදර ඇති කියලා,මාව දැන් එයා එක්කන් ගිහින් අර පේපස් ටික අත්සන් කරගනි.මන් එහෙම හිත හිත ඇඩුවා.

” නංගි පීලීස් එයා ගියා…
දොර ඇරලා එලියට එන්න මට ඔයාගෙන් දැන ගන්න දේවල් තියෙනවා.
ඒ දේවල් වලට උත්තර දෙන්න පීලීස්…”

අනුහස් අයියා යසිරු ගියා කියපු නිසා මන් දොර ඇරගෙන එලියට ආවා,යසිරු පේන්න හිටියේ නෑ,අනුහස් අයියා හිටියේ බය වෙලා වගේ මගේත් ඇස්වල තාමත් කදුලු මන් ඒවට ඔහේ ගලන්න දීලා පුටුවකින් වාඩි උනා..

” නංගි ඇයි ඔයා මේ විදියට කසාදේ දවසේ මහාත්තයා දාලා ආවේ…??

ම…න් නෑ මන් ආවේ නෑ…මන් මිමිනුවේ සෙමින්

යසිරුව දාලා ආවේ ඇයි එහෙනම්…?

ඒ නම ඇහෙනකොට මගේ දෙපා අපානික වෙනවා වගේ දැනුනා.මන් අඩ අඩාම උන හැමදේම අනුහස් අයියාට කිව්වා,දැන් මේ කිසි දෙයක් හංගලා වැඩක් නෑනේ.අනුහස් අයියා මන් කියන ඒවා අහාගෙන ඉදලා කල්පනා කරන්න ගත්තා..

” මන් යන්නම් මට ගෙදර යන්න කීයක් හරි දෙන්න පුලුවන්ද අයියේ…?

කොහේ යන්නද ඔයා දැන් ආ..

ගෙදර…”
මං ගෙදර යනවා..

ඔයා දැන් එයාගේ වයිෆ් නංගි..යසිරු මගේ යාලුවෙක් අපි අදුරන්නේ පුංචි දවස්වල ඉදලා මගේ ජොබ් එකත් එක්ක යාලුවෝ මට වැඩිය මීට් වෙන්නෙ නෑ,මට ඔයාලගේ වෙඩින් එකට ඉන්වයිට් කලා යසිරු..ඒත් එන්න උනේ නෑ. මන් නුවරනේ වර්ක් කරන්නේ මේ දවස්වල කිසි නිදහසක් නෑ ගෙදරවත් යන්න මට.. යසිරු ඇවිත් උන හැමදේම මට කිව්වා,එයා ඔයාව හොයනවා නංගි ඔයාගේ පොටො එකක් පෙන්නුවාම මගේ දෙලෝ රත් උනා ඒත් මන් ඔයා මෙහේ කියලා කිව්වේ නෑ, ඔයා දැන් යසිරුට කෝල් එකක්වත් දෙන්න..

කියන්න ඔයා හොදින් කියලාවත්..”

බෑ මන් ගෙදර යනවා එයා මට නෙවෙයි ආදරේ මගේ දේපල වලට,මට ඉන්නේ අම්මි විතරයි,අපිට තියෙන දේපල එයාට ලිව්වොත් අම්මිට මොනා වෙයිද…මන් එයා ගැනත් හිතන්න ඕනේ අයියේ..යසිරුට තන්හාව තියෙන දේවල් මදි වෙලා දගලනවා,අයියේ මන් කවදාවත් හිතුවේ නෑ යසිරු මගෙන් මේ දේවල් ඉල්ලයි කියලා,ආදරේ කරලා මාව මග ඇරලා යන්න හැදුවා, එයා මාව රැවැට්ටුවා අයියේ ඒකමයි මට දුක.පස්සේ ගෙවල් වලට කියලා කොහොම හරි කසාද බැදගත්තා දැන් මාව ඩිවෝස් කරන්න හදනවා දේපල එයාට ලිව්වේ නැත්නම්.ඒක හරීද අයියේ මන් මොකද්ද කරන්නේ මට තේරෙන් නෑ මොනවත් මන් අඩ අඩ කිව්වා.

හරි ඔයාගේ ගෙදරට කෝල් කරන්න. උන දේවල් අම්මාට කියන්න.ඔයා හොදින් ඉන්නවා කියලා කියන්න.යසිරුට දැන ගන්න තියන්න එපා ඔයා තාමත් නුවර ඉන්නේ කියලා.

අනුහස් අයියා එහෙම කියලා කාර් එක ලගට ගියේ මන් දිහා ආයේමත් හැරිලා බලලා

මන් යනවා නංගි.දවල්ට එන්නම් මම.එලියට යන්න එපා ඔයා පරිස්සමට ඉන්න ඇතුලට වෙලා..’

හරි අයියේ…

මේ උයන්න පුලුවන් නේද.. බඩු ගෙදර තියෙනවා නැත්නම් මන් මේ ලග කඩෙන් මොනවා හරි ගෙනත් දෙන්නද නංගි..

එපා අයියෙ මං උයන්නම්..”

හා එහෙනම්..

මේ පරිසසමට ඉන්න හරීද එලියටනන් යන්නම එපා මං එනකන්..

අනුහස් අහිංසක විදිහට කියනකොට මට එයා ගැන පුදුම හිතුනා.මේ දයාබර බවට මගේ ඇස් වලට කදුලුත් ආවා ඒත් මන් ඒ කදුලු ආයාසයෙන් පාලනය කරගෙන ගේ ඇතුලට ඇවිත් දොර වහාගත්තේ අනුහස් අයියාගේ කාර් එක නොපෙනිලා යනකොට…

—————————————————————–
ආයේත් හමුවෙමු..

පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *