දෙව්ලිය කදුලක් සලා… -05 කොටස

—————————-

අනුහස් අයියා ගියාට පස්සේ ගේත් එක්කම පාලුයි.මන් කුස්සියට ඇවිත් උයන්න ලෑස්ති කලා,අනුහස් අයියා හිතන්න ඇති මට ගෙදර වැඩ බෑ කියලා.ඒත් මගේ අම්මා මට හැමදේම කියලා දුන්න නිසා මට ගෙදර වැඩත් පුලුවන්.ඒ නිසා මන් බත් උයලා පරිප්පු කිරට උයලා,ලීක්ස් ටිකක් තෙල් දැම්මා කරවල එක්ක.උයලා ඉවර වෙලා ලෑන් නම්බර් එකෙන් මන් අම්මාට කෝල් එකක් ගත්තා.ටික වෙලාවක් රින්ස් ගිහින් අම්මා කෝල් එක ආන්සර කලා.මන් ගැහෙන හඩින් හඩින් අම්මාට කතා කලා..

අම්මේ…

මගේ හඩ ඇඩෙන්න ලගයි..ඒත් මන් කදුලු පාලනය කරගත්තා.

දුවේ අනේ ළමයෝ මොකද්ද මේ උනේ.. ??

අම්මේ මට සමාවෙන්න මන් හිතලා මෙහෙම දෙයක් කලේ නෑ. මන් අම්මට උන හැමදේම කිව්වා.අනේ දෙයියනේ දුර දිග බලන් නැතුව කරපු දෙයක් නිසා නිසා අම්මා ලැජ්ජා උනා නේද..

මන් අඩ අඩා ඇසුවා.

” නෑ දුවේ උබ කොහෙද ඉන්නේ දැන්
උබ හොදින් නේද . යසිරු කෝල් කරලා හැමදේම කිව්වා එයා කොළඹ එන ගමන්ලු ආව ගමන් මෙහේ එයි..

අම්මේ මට එයා ලගට යන්න බෑ මන් අඩ අඩා අම්මාට කිව්වා,අම්මාත් එහා පැත්තේ ඉදන් සුසුම් හෙලනවා මන් මගේ ජීවිතය අදුරු කරගත්තාවත්ද…”

මන් නුවර එන්නම් ඔයා ඉන්න තැනක පරිස්සමට ඉන්න..

අම්මා එන්න එපා මන් එන්නම් ගෙදර ඒත් මාව යසිරුට අහුවෙයිද මට එයා ලගට යන්න බෑ ආයේ

අම්මා එක්ක ගොඩක් වෙලා කතා කරපු නිසා හිතට දැනෙන්නේ දැන් සැනසීමක්. යසිරුව මතක් වෙනකොට හිතට දුකයි ඒත් එයා මට ආදරේ නෑ කියලා මගේ හිත කියනකොට මන් අමාරුවෙන් ඒ ඇස් අමතක කරන්න උත්සහා කලා,බාත්රූම් එකට ගිහින් ශවර් එක ඇරගෙන මන් හොදටම ඇඩුවා.

සීතල වතුර ගත තෙමාගෙන යනකොට දැනෙන්නේ අමුතුම වින්දනයක්’ මගේ ඇදුම් හොදාලා දාලා මන් නෑවා,ටවල් එක ඇදගෙන කාමරයට ඇවිත් අනුහස් අයියා දීපු එයාගේ නංගිගේ ඇදුමක් මන් ඇදගත්තා.දිග සායට අත් දිග බලව්සය මගේ ඇගට හොදින් ගැලපුනා,කෙටි කොන්ඩය පීරගෙන කඩා දාලා මන් කවුලුවට ඈතින් පේන කදුයාය දෙස බලාගෙන ඉන්නකොටම…

බෙල් එක වදිනවා ඇහුනා. මන් දුවගෙන ගිහින් දොර ඇරියා,අනුහස් අයියා හිනාවෙවි දොර ගාව හිටගෙන ඉන්නවා.

කොහොමද ළමයෝ…’

ඔයා වෙලාසනම ඇවිත් අයියේ..

ඔව් ඔයා තනියමනේ මේ නොදන්න පැත්තක ඒ නිසා ඉක්මනට ආවා නංගො…

නංගි නෑවද..ඔයාගේ අම්මට කතා කලාද ඔයා..

ඔව් අයියේ අම්මාට කතා කලා.දැන් මේ හිත නිදහස්..

මන් පුටුවකට බරවෙලා කිව්වා.අනුහස් අයියා හිනාවෙලා එයාගේ කාමරේට ගියා. මන් අයියාට තේ එකක් හදන් එනකොට අනුහස් අයියා සැටියේ ඉදගෙන රූපවාහිනීය බලනවා.

අයියා බොන්න…

ඕහ්…ඔයා මහාන්සි වෙන්න එපා බොරුවට මන් හදාගන්නවනෙ ළමයෝ…

ඔයා මට කරපු උදව් වලට මේව මොනවද අයියේ මන් යසිරුව දාලා මහා රෑ පාරෙ එනකොට ඔයාව හම්බුනේ මගේ වෙලාවට නැත්නම් එක්කෝ මන් යසිරුට අහු වෙලා නැත්නම් වෙන කාට හරි අහුවෙලා,ඔයා හොද කෙනෙක් ඊයේ රෑ ඉදන් මන් මේ ගෙදර පරිස්සමට හිටියා.මගේ ඇස් වලට කදුලු පිරුනා.

අඩන්න එපා ළමයෝ දැන් හරිනේ අපි හෙට කොළඹ යමු…

හෙට…

ඔව් අපි යමු හෙට “

අනුහස් අයියා කියනකොට මන් හිනා උනා.අයියා කාමරයට ගියාට පස්සේ මන් ටීවී බැලුවා.දොරට ගහන හඩ ඇසුන නිසා මන් දොර ගාවට ගිහින් දොර අරිද්දිම…..

ආයේමත් හමුවෙමු.


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *