Dhaiwaya [Chapter 02] දෛවය – දෙවන කොටස

ආදරේ කියන්නේ මහා පුදුමාකාර හැගීමක්.මන් ඉස්සෙලත් කිවුවේ ඒකමයි. මගේ ජිවිතේට ආදරේ ආවේ උසස්පෙල පන්තිවල ඉන්න කාලේමයි. කෙල්ලගේ නම ප්‍රාර්ථනා,ආදරේට කිවුවේ මිහිරි. මන් කතාව ඉස්සරහාට මිහිරි කියලම කියන්නම්,කතාව කොච්චර අමිහිරි උනත්.

අයියවයි මමයි වෙනස් කරලා අදුනගන්න පුලුවන්කම තිබුනේ අම්මටයි අප්පච්චිටයි විතරයි.එත් සන්සාර පුරුද්ද මන්දා අපි කොච්චර රවට්ටන්න හැදුවත් මිහිරි එක තත්පරෙන් අයියවයි මමයි වෙන්කරලා අදුනගත්තා.

“කොහොමද මිහිරි ඔයා මාව අයියගෙන් අදුරගන්නේ ඔහොම?”
ඕක මම හැමදාම අහපු ප්‍රශ්නයක්.

මිහිරි හමදාම කලේ දබරගිල්ලෙන් මගෙ මුනට පුන්චි තට්ටුවක් දාපු එක,එහෙම කරනගමන් කියනවා

“අයියා නෙමේ ඔයා වගේම කොටියක් ආවත් මට මගේ කොල්ලා කියලා ඉන්නේ ඔයා විතරනේ,ඉතින් අදුනගන්න ඒ හැටි අමාරුවක් නෑ.”

එහෙම කියනගමන් හොරෙන් හිනාවෙනවා.මට දැනනුනා,මොකක්දෝ රහසක් එයා හිතේ තියාන හිටියා.
……………………………………………………………………………

“හෙලෝ හිරු”
“අයියේ කියන්න”
“කොහෙද ඉන්නේ දැන්”
“මන් ගෙදර අයියා,ඇයි කලබලෙන්?”
“එහෙමමත් නෑ,මන් එන්නම්,ඇවිත් කතාකරමු”
“අයියේ ආවට කමක් නෑ,පරෙස්සමින්,දන්නවනේ මේ දවස්වල තත්වේ,සාගර බලන් ඉන්නේ කොයිවෙලේ හරි මාව ඉවරයක් කරන්න,අනේ පරෙස්සමින් බන්.නැත්නම් මම එන්නද ඔහෙට?”

“එපා එපා හිරු ,මම එන්නම්”
“හරි පරෙස්සමින් එහෙනම්,බුදුසරනයි!”
“හරි මල්ලි බුදුසරනයි!”

ඊට පැයකට දෙකකට පස්සෙ අයියා හිටියේ මගෙ ගෙදර.

“අයියා මොකෝ හදිසියෙම”
“හදිසියකුත් නෙමේ හිරු,එත් මට පුන්චි ප්‍රශ්නයක්.”
“ඒ මොකක්ද ඒ?”
“මේ ලගදී පෙශන් කෙනෙක් ගෙනාවා මගේ හොස්පිට්ල් එකට.මනුස්සයගේ අතට වෙඩි උන්ඩයක් වැදිලයි තිබුනෙ,මල්ලි දන්නවනේ එහෙම ලෙඩෙක්ට බෙහෙත් දෙන්න පුලුවන්,එත් ඒ වගේ සිද්දියක් අනිවාරයෙන්ම පොලිසියට දැනුම් දෙන්න ඔනි. ඒ නිසා මම එහෙම කලා.
තුවාලේ එච්චර ලොකු එකක් නොවුනත් අපිට නිතියට පිටින් යන්න බෑ මේ ජොබ් එකේදි.”

“ඉතින්?”

“මේ සිද්දියෙන් පස්සෙ පොලිසිය මනුස්සයව ඇතුලට දැම්මා,මොකක්දෝ ගොරියක් හන්දා ඒ තුවාලේ උනේ කියලා.දැන් ඒ මනුස්සයගේ මිනිස්සු මට තර්ජනය කරනවා මම ඌව පොලිසියට අල්ලලා දුන්නා කියලා.මට තර්ජන කලාටනම් මට කමක් නෑ හිරු.ඒකයි මෙච්චර දවසක් මම ඕක ගනන් නොගෙන හිටියේ.එත් දැන් උන් සරසිටත් තර්ජනය කරන්න පටන් අරන්”

සරසි කියන්නේ අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.එයත් ඩොක්ටර් කෙනෙක්මයි.

“හරි,අයියා ලග මුන් ගැන විස්තර මොනවද තියෙන්නෙ.?”

“ඒ පෙශන්ගේ නම අජිත් ලියනාඅරච්චි,මන් ලග හොස්පිට්ල් එකෙ cctv එකේ විඩියෝ වෙලා තිබුන පොඩි ක්ලිප් එකක් තියෙනවා,බලපන් අදුරනවද කියලා”

අයියා ෆෝන් එකේ තිබ්බ විඩියෝ එකක් මට පෙන්නුවා.

“හ්ම්ම්.මුන්ද මේ?හරි අයියේ පොඩ්ඩක් ඉන්නකො”
“උබ දන්නවද මුන්ව”
“මේ සෙනරත් කියන එකාගේ ගෝලයෝ අයියා. කාර් එකේ නේද ආවේ.යන්කො පොඩි ගමනක්”

“පොඩිගමනක් කිවුවේ?”
“සෙනරත් හම්බෙන්න”
……………………………………………………………………………

මම චිරාන් එක්ක එලියට බහිනකොට චාමර දුවගෙන එනවා මම දැක්කා.
“හිරූ කොහෙද බන් යන්නෙ?”
“සෙනරත් හම්බෙන්න”
“ඒ මොකටද? මේ වෙලාවේ?”
“අයියගේ ප්‍රශ්නයක් බන්”
“මාත් එන්නම් හිටහන්”
“ඔනි නෑ චාමර,අපි ඉක්මනට එන්නම්”
“අනේ මේ හිරු,මට එදා දුන්නේ හෙන ටෝක් එකක්.ඒ වගේ තමා අදත්”

එහෙම කියන ගමන් අපිටත් කලින් චාමර කාර් එකට නැගගෙන ඉවරයි.
………………………………………………………………………………

“අයියේ ඔතනින් වමට තියෙන පාරෙන් දාලා ඉස්සරා තියෙනවා පොඩි ගෙයක් සුදුපාට ගාපු.අන්න එතනින් නවත්තන්න.”

කාර් එක නැවැත්තුවේ හරියටම ඇරලා තිබ්බ ගේට්ටුව ඉස්සරහා.
“අයියා ඔහොමම ඉන්න පොඩ්ඩක්.චාමර උබත් හිටපන්”

මම කාර් එකෙන් බැහැලා ගේට්ටුවෙන් ඇතුල්වෙනකොට මන් දැක්කේ ඉස්සරහා පුටුවලට වෙලා කැරම් බෝඩ් එකක් වටෙට ඉන්න කොල්ලො හතර දෙනෙක්.
මන් දිහා බලපු එකෙක් එක පාරටම අනිත් එවුන්ට තට්ටුකරනවා මම දැක්කා.

“ඒ අර බලපන්,අර දොස්තරයා මෙහෙටම ඇවිත්.ඉල්ලගෙන කන්න ඔනිවෙලා වගේ”

එහෙම කියපු එකෙක් ඉස්සරහට ආවේ ශර්ට් එකෙ අත් දෙක නමනගමන්.

“අඩෝ අපේ එකෙක් හිරේට යවලා උබ මෙතනටම ආවේ අවසන්ගමන් යන්නද මිනිහෝ”

“මල්ලි අලුත් වගේ මෙ පලාතට”
“අලුත් පරන වැඩක් නෑ දොස්තරයෝ,උබ දැනගනින් මේකේ අපිට එහා එකෙක් නෑ”
එහෙම කියපු ඌ මගේ ටීශර්ට් එකෙන් ඇද්දා..

“අත ගනින්..”
“ඇයි මොනවා කරන්නද”
“අතගනින් යකෝ..”
මන් එහෙම කිවුවේ උගේ කන පුරවලා එකක් ගහනගමන්.එත් එක්කම අයියා කාර් එකෙන් බැස්සා.එතකොට තමයි උන් දැක්කේ අයියව. තුස්නිම්භූතවෙලා ඌ මන් දිහයි අයියා දිහයි මාරුවෙන් මාරුවට බලනවා මම දැක්කා.අනිත් එවුන් තුන්දෙනත් උනේ මොකක්ද කියලා තෙරුම්ගන්න බැරිව ඉන්නවා.

“එන්න කියාපන් උබේ මහඑකාට”
මන් ඒක කිවුවේ කෑගහගෙන.ඒ සද්දෙටද කොහෙද සෙනරත් එලියට ආවේ දුවගෙන.

“දෙයියන්ට ඔප්පුවෙච්චාවේ හිරූ මල්ලි,මොකද මේ?”
“කවුද සෙනරත් අයියා මේ හාල්පාරුවෝ?”
“අපේ ගමේ කොල්ලො ටිකක් මල්ලි.මුන් ආවේ රසාවක් හොයාගෙන.මන් ඉතින් ලී මෝලේ වැඩටත් එක්ක නවතින්න කිවුවේ.ඇයි මුන් මොකක් හරි නොසන්ඩාල කමක් කරලද?” එහෙම කියනගමන් සෙනරත් කාර් එක දිහා බැලුවා.එතකොට තමයි අයියව දැක්කේ.

“අප්පේ දොස්තරමහත්තයත් ඇවිත්.ඩින්ගක් හිටහන්,උබලා අර දොස්තර කෙනෙක් එක්ක පැටලුනා කිවුවේ අර මහත්තයා එක්කද?”
“අරුන් බිම බලාගත්තේ ඔව් කියන එකත් මේ වෙන්නෙ මොකක්ද කියන එක තෙරුම්ගන්න බැරිකමත් කියන හැගිම් දෙකම හින්දා වෙන්න ඇති.”

“තොපිට මොලයක් කියලා නාමයක් නැද්ද බූරුවෝ,ඒ ඉන්නේ හිරූ මල්ලිගේ අයියා.කොහෙද තොපි මේකේ ගෑනු පස්සේ යන එක විතරනේ කරන්නේ.හරිහමන් මිනිහෙක් ගැන දන්න එකක්‍ යෑ”

එහෙම කියපු සෙනරත්,අයියා ලගට කිට්ටුවුනා. “අනේ දොස්තර මහත්තයෝ,මහත්තයා මාව නොදන්නවා උනාට මන් මහත්තයා දන්නවා.මුන් ගමෙන් ආවේ ලගදි මුන් හිරූ මල්ලිව දැකලා තිබ්බෙත් නෑ නොවෑ.ඒ හින්දා මහත්තයා ඔක අමතක කරලා දාන්න. හිරූ මල්ලි, උබ දන්නවනෙ මේ සෙනරත් උබට කවදාවත් තිරිසන් වැඩක් කරන්නේ නෑ කියලා.අනික මට විහින් නැහෙන්න ඔනෙත් නෑ,මේ නාකි මට උබලා එක්ක හැප්පෙනත් බෑ නොවෑ දැන්.අපි ඕක අමතක කරමු පුතා” එහෙම කියනගමන් මගේ පිටට තට්ටුවක් දැම්මා.

සෙනරත් කියන්නේ කොච්චර මැර වැඩ කලත් හිත හොද මිනිහෙක්.එක මම දැනගෙන හිටියා.සෙනරත් ඉදලා හිටලා හරි මට පුතා කියන්න හේතුවක් තිබුනා.

“ඒක අවුලක් නෑ අයියා.එත් මුන්ට කියලා දෙන්න පොඩ්ඩ.අයියා හන්දා ඉවසුවා මිසක් වෙන එකෙක්ගේ එවුන්නම් මෙලාට මුන් හුස්මගන්නේ නෑ,අපි යන්නම්”

“හිරූ,අර නමල් කියන එකා..ඌ ආපහු ආපු කතාවක් තියෙනවා.”

මම යන්න හැරුනු ගැම්මටම ආයෙත් සෙනරත් දිහාට හැරුනා.

“මම හරියටම විස්තරේ දැනගත්තාම කියන්නම්,උගේ ඉරනමත් විසදපන් පුතා,උන් උබට කරපුදේට උන්ට ඒක වෙන්නම ඔනි..” සෙනරතායෙමත් මගේ උරහිසට තට්ටුවක් දැම්මා.


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *