Diwi Gamanaka Andarayak [Chapter 04] දිවි ගමනක අන්දරයක්…. සිව්වෙනි කොටස

“උදෑසනම මා පිබිදුනේ නිවසේ කිසියම් ඝෝෂාවක් ඇසුණු හෙයිනි . උදැසනම කීවට වෙලාව උදේ නවයට පමණ ඇත . මේ දිනවල මා අවදිවන්නේ බොහෝ පරක්කු වීය. එයට හේතුව රාත්‍රී 12 පමණ වන තෙක් මට නින්ද නොයෑමය.මානසිකව මම ඉතා දුර්වල උනේ නිතරම කල්පනා කිරීම හේතුවෙනි. මම යාළුවන් කිසිවෙකු ආශ්‍රය කිරීම අත් හැර පොත් පමණක් කියවුයෙමි. අවසානයේ මට මගේ සිත යම් තාක් දුරට හෝ හදා ගැනීමට හැකිවුයේ පොත් වල පිහිටෙනි. තාත්තා මට සතියට පොත් දහයක් පමණ ගෙනත් දුන්නේ මගේ සිත හදන්නටම විය හැකිය.
“දෝණි ..නැගිටින්න දැන්..පොතත් පොඩි වෙලා ඔය බලන්නකෝ ඔයාගේ දැගලීල්ලට..”
“අනේ අම්මා පොඩ්ඩක් ඉන්නකෝ .. කව්ද අම්මා කෑ ගහන්නේ ..”
“ආ ..ඔයාගේ යාලුවෙක් ඇවිත් ගිහින් බලන්නකෝ ..”
“කව්ද අම්මා ..”
මම නැගිට පිම්මේ සාලයට දිව්වේ තරු යැයි සිතාය …
“ආනේ ..අය්යා .. “
මම දුව ගොස් ඔහු වැළද ගෙන අය්යා ලගින්ම වාඩිවුනෙමි
“දෝණි ..මගේ නංගි ලස්සන වෙලා .. කාටද ඉතින් ආඩම්බර ..”
“අපෝ මගේ අය්යනම් කැතම කැත වෙලා ..”
“අනේ ඉරිසියා නැතිව ලස්සනයි කියන්නවකෝ හලෝ ..මම තමුසෙගෙ එකම අය්යා නෙවේද ..”
“මගේ කොන්ඩේ ලස්සනයි තමයි පොඩි කාලේ ඉදන් ..”
අය්යා උඩ බිම බලන්නට විය ..
“මේ කන ඇහෙන් නැද්ද හලෝ ..මම කිවේ කොණ්ඩයක් ගැන නෙවේ ..හි හි ..හි”
මගේ දෑසට කදුළු පිරිනි.මට අය්යා කි දේ නිවැරදිව ඇසුනේ නැත. මගේ ඇස්වල කදුළු බව තාත්තා දැක්කේය.එක දෙයක් අය්යා තාම මගේ අසනීපය ගැන දන්නේ නැත ..
“ලොකූ හිනාවෙන්න දෙයක් උනාද දැන් ..”
“ඉතින් තාත්තා දෝණි උත්තර දුන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තරයක්නේ ..”
මම කාමරයට දුව ගියෙමි. වෙනදා නම් මට ඇසුනා නම් මම අය්යත් එක්ක එකට එක කියමින් රණ්ඩු වෙන්නෙමි .ඒත් අද මගේ හිතට දැනුනේ කිව නොහැකි තරමේ දුකකි . කාමරයට ගොස් ඇතිවන තුරු අඩුවේ දොරත් වහගෙනය. මිනිස්සුන්ගේ කටහඩ තේරුම් ගත නොහැකි වුවද මට වටපිට සද්ද බද්ද ලාවට ඇසේ. දොරට ගසන හඩක් ඇසුනාද මම දොර නො ඇරියේ මගේ කදුළු කිසිවෙකු නොදැකිය යුතු නිසාවෙනි .නමුත් වේගයෙන් දොරට ගසන නිසා කදුළු පිසදා දොර හරින්නට මට සිදු විය.පැමිණ සිටියේ අම්මාය.
“දෝණි ..අය්යා අවා විතරනේ තාම.. ඔයා ගැන දන්නේ නෑ රත්තරන්..”
“දෝණි අනේ සොරි ..මගේ නංගෝ…මම දන්නේ නෑ දෙය්යනේ මොකක් ද මේ උනේ..තාත්තා ඇයි මට නොකීවේ … මේ කෙල්ල මගේ පන වගේ .. අම්මාත් මට හැංගුවානේ ”
අය්යා මාව තුරුල් කරන් කදුළු පිරුණු නෙතින් මා දෙස බලමින් කිවේය.
“ලොකූ ..නංගි හොද වේවි .. අපි පස්සේ කතා කරමුකෝ ..දැන් ඔයා ඇග සෝදන් මොනාහරි කාලා ඉන්නකෝ …”
“ලොකු පුතා මම ලංකාවේ කරන්න පුළුවන් හැම උත්සාහයක්ම කළා නංගිව හොද කරන්න මේ මාස 4 ට මම නොගිය දොස්තර කෙනෙක් නෑ … අපි තව උත්සාහ කරමු සිංහල බේත් හරි කරන්න …”
“උත්සහ කරමු නෙවේ ..කරමු තාත්තේ ..දෝණි තරහද නංගි ..මට ඉවසන්න බෑ තාත්ති ..මේ කෙල්ලගේ අනාගතේ .. කෝ ඉස්සර දැගලිල්ල …නංගි මම මොනවත් අඩු කරන් නෑ ..එත් අඩන් එපා .. ආය මට පෙන්න …”
“මම තරහා නෑ අය්යේ ..මට මෙහෙම උනේ ඉස්සර කවදාහරි ආත්මෙක කරපු අකුසල් නිසා වෙන්න ඇති …”
“මොනා නැතත් අපට ඔයා පන පිටින් ඉන්නවනේ .එදා ඔයාට මොනාහරි වෙලා තිබ්බනම් මාත් අද නෑ එහෙනම් ..”
අය්යා මගේ හිස අත ගා පැවසුයේ මා තුරුල් කර ගනිමිනි.එසේ කියමින් යන්නට ගිය අය්යා වේගෙන් ආපසු හැරුනේ මගේ පොත් කබඩ් එක දෙස බලන් මවිත වෙමිනි.
“පිස්සුද අය්යා විකාර කියන්න ..මම නැතත් ඔයා ඉන්න ඕනි අම්මව තත්ත්ව බලාගන්න ..”
“කවදා ඉඅදන්ද පොත් කියවන්න ගත්තේ දෝණි.. මෙච්චර පොත් කියෙව්වද ඔයා ..”
“ඔව් අය්යේ මේ ටිකේ පොත් මගේ යාලුවෝ උනේ ..”
අයියා කිව නොහැකි හැගීමකින් මා දෙස බලා සිට මුහුණ සගවන් යන්නට ගියේය ..
කුඩා කාලයේ පටන් මගේ යාළුවා ආරක්ෂකයා උනේ මගේ ආදරණිය අය්යා ය. කුමන කෑමක් ලැබුනද වැඩි කොටස කන්නට දෙන්නේ මටය. අවුරුදු 10 ක පමණක් වයස් පරතරයක් අප අතර වුවද අය්යාට වයස එතරම් නොපෙනේ. රණ්ඩු වෙන්න හිනා වෙන්න ඉන්න එකම අය්යා අද මම නිසා බොහෝ දුකෙන්ය. අය්යා මා වෙනුවෙන් පණ වුවත් දෙන්නට පුලුවන්නම් දෙන්නේ ය. එතරම් ඒ සොයුරු පෙම මිල කල නොහැකි වේ.
කාලය ගෙවී ගොස් … අය්යා පැමිණි සතුට මට ගොඩක් දැනුණි .ඒත් අය්යා මට පෙනෙන්නට සිනවී සිටිය ද ඔහු සිටියේ දුකෙනි. ඒ මගේ අසනීපය නිසාය. රාත්‍රී ආහාරය ගෙන මම පොතක් කියවමින් උන්නෙමි .. වේලාව රාත්‍රී 12.15 පමණ විය.
“දෝණි දොර අරිනවකෝ ..”
අය්යා වේගයෙන් දොරට ගසයි. ඒ අස්සේ අම්මාත් කෑ ගහනවා ඇසේ ..මම දොර හැරියෙමි . මුළු පවුලම දොර ලගය .
“මොකද අප්පා මේ ..හොරු ආවද ”
“හොරු නෙවේ හෙරක් බලන්න අවේ ..නේද අම්මේ”
අය්යා පැනපු ගමන් මාව වඩා ගත්තේ සතුටෙනි .. අම්මාගේ තාත්තගේ ඇස්වල කදුළුය .
“මොකද අනේ ..බිම තියනවකෝ අය්යේ මාව ..වැටුනොත් තියෙයි ඔන්න ..”
“දෝණි o/ l result ඇවිත් ..ඔයා pass උඩින්ම..”
“කොහොමද අය්යේ තියෙන්නේ සිංහල fail නේද මම ..”
“නෑ.. සිංහල S pass 1ක් තියේ .. A 4යි B 5යි ..දෝණි ..”
“හ්ම්ම් ..අපරාදේ සිංහල..”
“මොකද හ්ම්… මෙච්චර result තියෙද්දී එකක් අඩුයි කියලා නාහෙන් අඩන්නේ .”
අය්යා මා වේගෙන් බිමින් තියමින් පවසා tv එක දමා ගත්තෙමි .. ඒ අය්යාගේ හැටිය . එයාට තරහා ගියාම tv එකේ හඩ උපරිම වැඩි කර දා ගනී.
“සිංහල ලබන පාර දාමු දෝණි ,.. result ඇති උසස් පෙළ කරන්න ..”
ඒ තාත්තා මාව තුරුල් කර ගනිමින් පැවසුවේය.
“හා තාත්තේ ..”
“අනේ මගේ කෙල්ලේ ..මම දැනන් උන්නා මොනා උනත් මගේ කෙල්ල විබාගේ පාස් වෙනවා කියලා ..දළදා හාමුදුරුවෝ මගේ කෙල්ල බලා ගත්තා එහෙනම් .. ඒ අත්තම්මය.”
“මම ඉතින් අත්තම්මගේ මිනිපිරි නේ ..”.
එදා සතුටු දවසක් . කොහොම උනත් ,,මම මට මොන අමාරුව තිබ්බත් විබාගේ කල් දැම්මේ නැති නිසා මේ ප්‍රතිපල මට ලැබුනානේ …ඒ නිසා මොන හිත් වේදනාව තිබ්බත් මට අම්මව තාත්තව සතුටු කරන්න පුළුවන් උනානේ ..
————————–————————–————————–———————–
කෙසේ නමුත් මට සුවයක් නොලද නිසා මම ජීවිතේට මුහුණ දෙන්නට හිත හදා ගත්තෙමි ..අ .පො .ස උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ ඉගෙනුම ලැබුවෙමි ..එය ලොකුම අබියෝගයක් විය .යාළුවන් ලියනකොට බලාගෙන සටහන් ලිය ගනිමින් හිත් රිදීම් වේදනා මැද ඉගෙනුම ලැබුවේ මා ලද ජිවිතයට අරුතක් දිය යුතු නිසාවෙනි. වේදනාව කදුළු වෙලා ගලා ගියත් ..විටෙක හැමදේම අත් ඇරලා යන්න හිතුනත් මට හැමවෙලේම හිතුනේ මම ඉපදුනේ ඇයි කියලා ..ප්‍රශ්නවලට මුහුණ දෙන්න හිත ශක්තිමත් කර ගත්තා ..මුළු ලෝකේම අනුකම්පාවට ලක් වෙන්න උනත් මගේ පුංචි පවුල මාව පිලි ගන්නවා කියලා දන්න නිසා මම ජීවිතේට මුහුණ දුන්නා. මගේ යාලුවෝ මට උදව් කලා ..අම්මා තාත්තා මාව බලාගත්තා ..අය්යා මාව ආරක්ෂා කළා ..ඉතින් මම සතුටින් ජීවිතේට මුහුණ දුන්නා දුක හිතේ කොනටම අයින් කරලා ….
දින සති මාස ගෙවිලා ගිහින් මම උසස් පෙළ ලියන කාලය උදා උනා.. කවදාවත් හිතුවේ නෑ සාමාන්‍ය පෙළ විභාගය වගේ උසස් පෙළ විබහගයත් වේදනාවක් වේවි කියලා ..ඒත් එහෙම උනා ..දෛයිවය මටම සරදම් කළා ..


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *