හැරගිය වස්සානේ – දාසය වෙනි කොටස

කිසිම සිහියක් නැතුව ආපහු බෝඩිමට ආවෙ අමාරු කකුලත් ඇද ඇද.ඒත් මට ඒකෙ සිහියක් නෑ .හිතා ගන්න බැහැ මාස ගාණක් දකින්න පෙරුම් පුරපු මගෙ සුරංගනාවි දැක්ක ද කියල …අනික..අනික.. මාස දෙක තුනක්ම මට දුක කියපු…එයාගෙ කතාව මට කියපු ස්වේතමයි ඒ කියල දැන ගන්න ලැබුණ එක…

කොයිතරම් අහම්බයක්ද මේක..අනික එයාට මටම දුක කියන්න හිතුණ එක? මටත් එයාටම මගෙ දුක කියන්න හිතුණ එක..දෙවියනේ මං තව පොඩ්ඩෙන් එයාට කියන්න ගියෙ එයා ගැනම නේද ..මං දැන් කොහොමද මේක එයාට විස්තර කරන්නේ..

වෙනදට ස්වේතා එක්ක කොච්චර කතා කරත් මට අද නම් අමුතු චකිතයක් දැනෙනව කෝල් කරන්න .හිතම පිරිලා ගියපු අමුතු හැඟීමකුත් එක්ක මං ස්වේතා කියල ටයිප් කරලා තිබ්බ නම “මගෙ සුරංගනාවි ” කියල වෙනස් කරා.කල්පයක් විතර දුර ඈතයි කියල හිතන් හිටිය එයා බලනකොට ඉඳල තියෙන්නේ මාත් එක්කමනේ..

හිතට හයිය අරගෙන මං කෝල් එකක් ගත්තා .ඒත් එයා කට් කරනව.රෑ නිසා කතා කරන්න අමාරුද දන්නෙත් නෑ.තත්පරයක්වත් යන්න කලින් මගේ සුරංගනාවි මෙන්න මට ගන්නව.කෝල් එක එනකොට නම්බර් එකත් එක්ක ඒ නම පේනකොට හිතට දැනෙන හැඟීම….ඒක විස්තර කරන්න තේරෙන් නෑ.කෝල් එක ආන්ස්වර් කරන්න කලින් මං ඇඳෙන් ඉඳගත්තා. මේ බැරි බැරිගාතෙ ඉන්නකොට කෙල්ල කතා කරනව ඇහිලා හිත ගැස්සිලා මං වැටුණොත් එහෙම …

“හෙලෝ පන්සිළු ..ඒ ඔයාමද…මං …මං කීයටවත් හිතුවෙ නෑ ඔයාව මෙහෙම හම්බෙයි කියල …ඔයා මේ ළඟද ඉන්නේ..”

කෙල්ල කියවගෙන කියවගෙන යනවා..මං හාම් හූම් ගගා කෙටි උත්තර දුන්නා..හිත හෙල්ලිලා තියනකොට ඇත්තටම කතා කරගන්න අමාරුයි .

“මොකද පන්සිළු වෙනදා වගේ කතා නැත්තෙ..හිතුවට වඩා මං කැතයි ද..කතාවෙ ලිව්ව කෙල්ල වගේ නැද්ද …”

“මේ මොනව අහනවද බබා …….. සොරි …ස්..වේ..තා.. …”

“ආ මොකෝ මේ බබා පාට් දාන්නෙ මාව බබෙක් වගේද පෙණුනේ…”

“එහෙම දෙයක් නෑ. ඔයා මෙච්චර ළඟක ඉන්නව කියල හිතුණෙ නෑ………එතකොට ඔයාද…..අර බැල්කනි එකේ වයලින් ගහන්නේ……”

මං අමාරුවෙන් ඒ වචන ටික කියල දැම්මා.දැන් ඉතින් ඕන දෙයක් වුණදෙන්..
ඒත් කෙල්ල පුරුදු විදියටම කතා කරනවා…

“ම්ම්ම්ම්ම් ඇග්නස් අම්ම කියල වගේ එහෙනම් මං ඉන්න ගෙදර ගැන..ආ ඔයා නෙවෙයි නෙ ඇග්නස් අම්මා අඳුරන්නේ..කමියුනිකේෂන් එකේ කොල්ලවනේ….හා හා ඒකට කමක් නෑ…

වයලින් ගහන්නෙ මං තමයි ඉතින් …”

“එතකොට ඔයා මට කිව්ව කතාවෙ වගේ ඔයා ඉන්දියාවෙද මියුසික් ඉගන ගත්තේ..”

මං කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන ඇහුවා..ඒත් ඒකෙන් ආයෙමත් එයාට රෝහිත් මතක් වෙන්න ඇති කියල හිතුණේ ටිකක් වෙලා කෙල්ල කතා නොකර හිටිය නිසා.

“හ්ම්ම්ම්.ඒක නෙවෙයි පන්සිළු ළඟ ඉන්න එකේ අපි දවසක මුණගැහිලම කතා කරමුකො .මං හිතුවෙ පන්සිළු කිව්වම උස මහත කළු කොල්ලෙක් වෙන්න ඇති කියල .බලන් ගියාම හරි අහිංසක පාටයි නේ “

ස්වේතා කියාගෙන කියාගෙන යනකොට මට හිතා ගන්න බෑ මං මේ දකින්නේ හීනයක්ද හිතෙනවා..එයා දැන් ඇහුවේ මං අහන්න ඕන ප්‍රශ්නයක් ..මුණගැහෙමුද කියල ..මෙච්චර කල් පෙරුම් පුරපු එකේ හමු නොවී කොහොමද ..

“ඔව් හම්බෙලා කතා කරමු..”

“ඔයාට මට කියන්න කතාවක් තියනව කිව්ව නේද ..කියන්නෙ නැද්ද ඉතින් ..”

“කියන්නම් අනිවාර්යයෙන්ම ..හම්බෙලාම කිව්වොත් හොඳයි වගේ…!”

“හරි එහෙනම් හෙට..හෙට උදේ දහයට වගේ..පාරෙ එහා පැත්තෙ තියන පොඩි පාක් එකට එනවද…මාත් හිතේ අවුලෙන් ඉන්නේ..මටත් හිත නිදහස් කරගන්න ඕන “

කවම කවදාවත් ළං වෙන්න නොහිතපු සුරංගනාවි ගාවට යන්න ලැබෙනව මට .මේක හිතාගන්නවත් බෑ.අනික එයා එයාගෙ ජීවිතේ සංවේදීම දේවල් මාත් එක්ක බෙදා ගන්නව.ඒත් එයාගෙ ගෙදරින් අවුලක් නැද්ද දන්නෙ නෑ කෙල්ල මෙහෙම බය නැතුව එන්න කියන්නෙ.කෝකටත් කියල මං ඒකත් ඇහුවා.

“ගෙදරින් අහයිනෙ කවුද මේ හඩ්ඩා කියල ..ඔයාලගෙ ගෙදරට පේන දුරනෙ පාක් එක..”

“ආහ් ඔයාගෙ පත්තර අපෙ ගෙදර අයත් කියවනව.මං කියන්නම්කො නිව්ස්පේපර් යාලුවෙක් කියල ..ඔයාට ආවම කියන්නම්කො තව ලොකූ කතාවක්. මීඩියා අය මට හුරු පුරුදු නැති අය නෙවෙයි ….”

හමුවෙමු තවත් කොටසකින්


පෙර කොටස්


අලුත්ම දෙයකට අපේම දෙයකට අත ගැහුවා. හැමදාම ෆේස්බුක් යන්නේ අපි වෙන රටක එකක්නේ. අපි අපේ ලංකාවටම ගැලපෙන විදිහට බුකිය කියලා සයිට් එකක් හැදුවා.. ඉස්සරහට අපි කතා එකේ දන්නා බලාපොරොත්තු වෙනවා වගේම ඉතින් එකේ ඔයාලට පොස්ට් දාන්න යාළුවො හදාගන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න හැම දේම තියනවා. 

මෙන්න මෙතනින් එකවුන්ට් එකක් හදාගන්න  – REGISTER

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “හැරගිය වස්සානේ – දාසය වෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *