හැරගිය වස්සානේ – දාහත්වෙනි කොටස

දැන් සෑහෙන්න දුරට කකුල සනීප නිසා වෙනදා වගේ සරමක් අඳින්නෙ නැතුව මං කලිසමක් දා ගත්තා.ජීවිතේ කවදාවත් නැතුව කීප පාරක් කණ්නාඩියෙන් හැඩ බල බල කොණ්ඩෙ පීරුවා .ඉතින් දෙවියනේ මේ බෝඩිමට ආව දවසෙ ඉඳලා පෙරුම් පුරපු මගෙ හීන කුමාරි හම්බෙන්න යන දවසෙ එහෙම නොකර කොහොමද…

මට ගොඩක්ම හොඳයි කියල හිතුණ කමිසෙකුත් යන්තන් තෝරා ගත්තා .කෙල්ල කමිස අඳින කොල්ලන්ට කැමතිද දන්නෙත් නැහැ..ඕන දෙයක් වුණදෙන් ඒ මගෙ හැටිනේ කියල හිතලා පහළට බැස්සා. දැන් ඉතින් ජනේලෙ ගාවට වෙලා බැල්කනි දිහා බලන් උන්න කාලෙ ඉවර වෙන්නයි යන්නේ…

අද නම් කෙල්ලට කියන්නම ඕන මං ඈත ඉඳන් එයා දිහා බලන් ආදරේ කරා කරා කියල .

**************

පන්සිළු ගේට් එක ගාවින් එනව පේනව.පාක් එකේ තිබ්බ ගස් දෙකේම කොළයක් නෑර දම්පාට මල් පිපිලා.වැටිච්ච මල් පාගන්නත් දුකයි.මොකක්දෝ හේතුවට පන්සිළු ළඟට එනකොට මාව බංකුවෙන් නැගිට්ටවුණා…..

පන්සිළු ළඟට ආවත් කතා කරන්නෙත් නෑ මගෙ දිහා බලාගෙන ඔහේ ඉන්නව.මේ කොල්ලගෙ කකුලත් අමාරුයි කිව්ව නේද කියල මට මතක් වුණේ එතකොට .

“මෙතනින් ඉඳගන්න..කකුල අමාරුයි නේද..”

ඒ පාර එයා යන්තමට හිනා වෙලා බංකුවෙන් ඉඳ ගත්තා.

“ඉතින් මොකක්ද ඔයාට කියන්න තියන කතාව පන්සිළු ….මගෙ කතාවනම් මං කිව්වනේ..”

ටිකක් වෙලා නිහඬව ඉඳලා මං නොහිතපු මොහොතක පන්සිළු කතා කරන්න පටන් ගත්තා.

“ඇත්තටම ස්වේතා…පන්සිළු කියන්නෙ මං ලියන්න පාවිච්චි කරන නම විතරයි මට විහඟ කියනව නම් මං කැමතියි…..
මොකද සත්සර වැයෙන සරෙන් කතාවෙ……මං ලිව්වෙ ඔයා ගැන…මං ඔයාට දුර ඉඳන් ආදරේ කරා….”

කතාව කියවනකොට ඒ කෙල්ල මම වගේ කියල මට හිතිල තිබුණත් මං මෙහෙම දෙයක් හීනෙන්වත් හිතල තිබුණෙ නෑ….. ඒකද එයාට ඒ කතාව ඉවර කරගන්න බෑ කිව්වෙ…

පන්සිළු ඒ ටික කියලා මගේ ඇස් මඟ අරින්න උත්සහ කරා..දැන් මං මොනාත් නොකියා උන්නොත් පන්සිළු හිතයි මං අකමැති කියල ..මට පන්සිළු ගැන ලොකු පැහැදීමක් තියනව තමයි ..ඒත් ඊයෙ වෙනකන්ම මං රෝහිත්ට එක හිතින්ම ආදරේ කරා..

මං උත්තරයක් නුදුන්න තැන පන්සිළු ම කතා කරා….

“ස්වේතා..ඔයාල කවුද අපි කවුද ….මං අම්ම විතරක් ඉන්න ගොඩක් දුප්පත් කොල්ලෙක් ….ඔයාගෙ ආදරේ මට කීයටවත් ලැබෙන් නෑ කියල මං දන්නව…ඒත් ඒක හිතේ හිර කරන් ඉන්න බෑ..ඔයාව එකපාරක් දැක ගන්න ආසාවට ඔයාගෙ බර්ත්ඩේ දවසෙත් ළමා නිවාසෙ ගාවට වෙලා බලාගෙන හිටියා..

ඉතින් ඒ වුණත් ඉස්සරහ ගෙදර මගෙ සුරංගනාවි නෙවෙයි ..ෆේස්බුක් එකෙන් දන්න ස්වේතා විදියට මේ යාළු කම හැමදාමත් තියේවි..ඔයා මේකට කැමති වුණත් නැතත්..තරහක් නෑ නේද …”

ඒ ටික අහනකොට මට ඇඬෙන්න ආවා.කතාවෙ කොටස් හැට ගාණක් ලියන්න තරම් මෙයා මං ගැන ටච් එකේ ඉඳලා තියනව කිව්වම! දැන් නම් උත්තරයක් දෙන්නම ඕනි…කොච්චර පව්ද මේ කොල්ලා…

“අනේ පන්සිළු …මාව අසරණ වෙන කතා කියන්න එපා…ඊයෙ වෙනකන් මං රෝහිත්ට ආදරේ කළා කියල ඔයා දන්නවනෙ .එයාව මට ආයෙ ලැබෙන් නෑ කියලත් දන්නවා….

ආදරයක් ගැන එහෙම එකපාර හිතන්න බෑ මට ..අපි මේ ඉන්න විදියටම ෆිට් යාලුවො වගේ ඉමු…ඉතුරු ටික දෛවය තීරණය කරයි………”

“ඒත් දවසක ඔයාගෙ ගෙදරින් ප්‍රශ්නයක් එයි ස්වේතා…..”

“මෙන්න වැඩක්……මෙයා දැන්මම ඒවා ගැන හිතලා ….ඉතින් ඇත්තටම පන්සිළු මොනා කරන කෙනෙක් ද…..අපෙ ගෙදරින් අකමැති වෙන්න තරම්…”

“පන්සිළු නම් පත්තරේට ලියනවා…ඒත් විහඟ නම් ආයුර්වේද ඩොක්ට කෙනෙක් “

පන්සිළු ඒක කිව්ව විදියට මට හිනාව නතර කරගන්නත් බෑ…

“බලමුකෝ ඉතින් …..හා හා…කොහොම හරි ඉතින් ඔයාට ඉස්සර ගෙදර සුරංගනා හැබැහින් හම්බුණානේ…”

“ඒකනේ..ආයෙ ඔයාගෙ අම්මලා ඔයාට මාව හම්බෙන්න එන්න දෙයිද දන් නෑ..දැන් මොකක් කියලද ආවේ..”

“හ්ම්ම්ම් ඒක තමයි කියන්න උන්න කතාව……මං ටීවී ෂෝ එකක සිං කරා…ඒත් රෝහිත් දකී කියල කරේ..දැන් ආයෙ ඒකට යන්න ඕන නෑ ……..ඒ ගැන කතා කරන්න ඕන නෑ.
මං ඒකෙ කෲව් එකේ කෙනෙක් හම්බෙන්න එනව කියල ආවෙ….”

*************

ඒ කියන්නෙ..ඒක මගේ හිතේ ඇති වෙච්ච මායාවක් නෙවෙයි ..එදා කකුල කැඩුණ දවසෙ ටීවි එකේ ඉඳලා තියෙන්නේ ස්වේතාම තමයි …

දෛවය නම් හිතා ගන්න බෑ.ස්වේතාව මට ඒ තරමට දැනෙනවා….මං කකුල කැඩුණ හැටි ස්වේතට කිව්වම කෙල්ල පුදුම වෙලා බලාගෙන හිටියා.ඊට පස්සෙ පොඩි එකෙක් වගේ ඇවිත් මගෙ කකුල අතගාන්න පටන් ගත්තා….

මේක හීනයක්ද…ස්වේතා මං හිතුවා වගේම හරිම සෙන්සිටිව් කෙල්ලෙක් .ඒ වගේ කෙනෙක් තමයි හැමදාම මගෙ හීන ලෝක වල ජීවත් වුණේ…

ඒත් එකපාරටම ඇග්නස් අම්මා ඈතින් එනව දැක්ක නිසා මං ස්වේතව නැවැත්තුවා.

***************

ඇග්නස් ඇග්නස්….කෝ දැන් බේබි ……

“කාමරේට ගිහින් දොරවහගත්තා නෝනා…”

“මාර මීඩියා කාරයෙක් නෙ ඌ…..දෙකක් දීල එක්කන් එන්නෙ මං ගියා නම් ස්වේතාට……..

ස්වේතා ස්වේතා…මං බලාගෙන හිටියෙ උඩ ඉඳලා…අරින්නයි කිව්වෙ ඔය දොර..

හමුවෙමු තවත් කොටසකින්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “හැරගිය වස්සානේ – දාහත්වෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *