හීනයක් සේ ලගට ඇවිදින් -19 කොටස 

මං ඇදට වෙලා කල්පනා ලෝකේ තනිවෙනකොටම විහස් කාමරේට ආවේ සින්දුවක් මුමුනමින්.

ගැරඩිත් ඉගිලෙයි දැන්..😣

මං හයියෙන් කියලා රෙද්දක් පොරවගෙන අනිත් පැත්තට හැරුනා.

” දැන් තමුන්ගේ වාරේ කියනවා සින්දුවක්..”

විහස් අයියා කියනකොටම මගේ කට බෙරි උනා ඇත්තටම මං සින්දු කියන්න දන් නෑනේ දැන් මොකද කරන්නේ..මං ඈහෙන් නැති විදියටම ඉතින් හිටියා.😊

” කියනවකෝ හලෝ මට මල්ලි නම් කිව්වා තමුසේ ශ්‍රියා ගෝශාල් වගේ සින්ග් කරනවා කියලා..

හෑ ඇත්තටම කිව්වද අයියා..?

” ඔව් ඔව් කිව්වා හින්දි සින්දු එහෙමත් කියනවලු නේද..?

ආහ් ඔව්නේ ඉස්සර කියනවා මං සින්දු. මට ලස්සන වොයිස් එකක් තිබුනා පොඩි කාලේ මං තමයි ඉස්සර ඉස්කෝලේදි සමිති වලට එහෙම සින්දු කියන්නේ ඉතින් ඒ දවස්වල මං හරි ජනප්‍රිය චරිතයක්..😀😁 මං හිනවෙවි කියනකොට විහස් අයියා ඇස් ගෙඩිත් ලොකු කරන් මගේ කියවිල්ල අහගෙන ඉන්නවා..

” ඉතින් කියන්නකෝ මගේ රත්තරනේ එහෙනම් ඔයාගේ හඩින් ලස්සන ආදර ගීතයක්..

හෑ රත්තරනේ.. හදවතට මොකද්ද උනා දෙයියනේ🙊🙊 මං මගේ පපුවට අත තියාගෙන හෙමින් මිමුනුවා.

දැන් මගේ වොයිස් එක හරි නෑ අෆ්ෆා පොඩි කාලේනේ ලස්සන..දැන් මං බැදලානේ මගේ වොයිස් එකත් මං එක්කම කැත උනා බැන්දට පස්සේ..🙊🙊

මං අතින් කට වහාගෙන කියලා ඇදෙන් නැගිට්ටා නෙවෙයි පැන්නා.විහස් අයියා මාව අල්ලන්න දුවන් එනකොට මං කොට්ටයක් අරගෙන එයට ගැහුවා අයියාත් මට ගැහුවා කොට්ටේ පැලිලා පුලුන් කාමරේ පුරාම මං හිනාවෙවි විහස් අයියාට බැන්නා.කොට්ටේ ඇදට දාලා විහස් අයියා මාව දෝතට ගෙන මගේ නලල සිපගත්තා.

අනේ මාව වට්ටන්නද හදන්නේ බිමින් තියන්නකෝ අයියා..”

මං විහස් අයියාගේ බෙල්ල බදාගෙන දගලනකොට විහස් අයියා මගේ මූනට ආයේමත් හාදුවක් දුන්නා.

බිමට අතරින්නද ම්ම්ම්…”

අයියෝ එපා මගේ කොන්ද කැඩෙයි.. හැබැයි එක්කෝ මාව වට්ටන්නකෝ..”

ඇයි ආසයිද තමුන් ගෙදර වැඩ නොකර බේරෙන්න මගෙන්..

මූ මගේ හිත කියවනවද මංදා මෝඩ මැට්ටා..😠

හෙට යමු ගෙදර ගිහින් එන්න..”

ශා මරුනේ ඩාර්ලින් මං හිටියේ ගොඩක් පාලුවෙන්..””

මං විහස් අයියාට කියලා හයියෙන් හිනා උනා.විහස් අයියා මාව ඇදෙන් තියලා මගේ ඔඩොක්කුවේම ඔලුව තියාගෙන ඇස් පියාගත්තා.

අයියේ..”

ම්ම්..

ආදරෙයිද කියන්නකෝ මට..”

මං ඇස් පුංචි කරලා අහනකොට විහස් අයියා හරි ලස්සනට හිනා උනා.ඒ ඇස් අහිංසකයි ඔව් ගොඩාක් මං ඒ හිනාවෙන අහිංසක ඇස් දිහා බලාගෙන හිටියා.මෙයා ඉතින් මගේනේ මං නම් දැන් හරි ලකි..”

මොනවද මගේ මූන දිහා බලාගෙන හිතන්නේ මගේ මැනික..”

නෑ මට මතක් උනා ලැසිව එයාත් හිටියානම් ඔයාවයි එයාවයි දෙන්නවම මං තුරුලු කරගන්නවනේ..”

අපෝ ඕයි තමුසේ මොන හරකෙක්ද මදා.😠

ඇයි..

මං විහස් අයියාගේ අත කොනිත්තලා ඇදෙන් බැස්සා.මූ හැමවෙලේම මගේ ලැසිට බනිනවා.ආයේ නම් මං මෙයා එක්ක කතා කරන් නෑ මහා නපුරෙක්.

ලෑස්ති කරනවා ඇදුම් හෙට අරන් යන්න..

ඇයි මං ඇදුම් අරන් යන් නෑ..

හෙලුවෙන්ද යන්නේ තමුසේ..”

විහස් අයියා හිනාවෙවි අහනකොට මං රවාගෙනම කාමරෙන් එලියට ආවා.මං යනකොට අම්මා සාලේ පුටුවක ඉදගෙන කකුල අත ගානවා.මං අම්මා ගාවට දුවලා ගිහින් කකුල අත ගාලා එයාට බොන්න බෙහෙත් දුන්නා.විහස් අයියා පහලට එනකොටම මං අම්මා ලගින් ඉදගත්තා.

අම්මා අපි හෙට නුගේගොඩ යන්න හිතාගෙන ඉන්නේ අම්මලත් එනවද යන්න..

අනේ දරුවෝ ඔයාලා දෙන්නා ගිහින් එන්නකෝ මායි තාත්තායි ගෙදර ඉන්නම්..”

ඒත් අම්මේ එහෙම හරි නෑනේ..”

මං රේනුකාට කියන්නම් කෝල් කරලා එන්න වෙන් නෑ කියලා පුතේ..’
********
පහුවදා උදෙන්ම අපි අපේ ගෙදර එන්න පිටත් උනා.විහස් අයියා මගදි අරන් දුන්න ටෙඩිබෙයාර්ව තුරුලු කරගෙන මං විහස් අයියා එක්ක කියව කියව හිටියා.

ඕකා පිටිපස්සට දාලා මාව බදාගන්නවකෝ දුශි..”

ඔයාව රෑට..”

ඇයි දැන් බැයිද තුරුලු වෙන්න..?

පුලුවන් ඒත් මට ලැජ්ජයි දැන්..”

මං ලැජ්ජාවෙන් කියලා අතින් මූන වහාගෙන සීට් එකට බර උනා.ටික දුරක් යනකොට මගදි මට නින්ද ගියා.ගෙවල් පාරට හැරෙනවත් එක්කම විහස් අයියා මාව ඇහැරේව්වා.මගදි ගෙදරට අරන් යන්න බඩු ගොඩක් අරගෙන මං මගේ ලැසිටත් ටිපිටිප් පැකට් එකක් ගත්තේ මං ඉස්සර කබකොට එයාටත් දීලා කාපු පුරුද්දක් මට තිබුන නිසා.😁😁😀

ඔය පැකට එක කඩනවා කන්න දුශි..”

බෑ මේක මගේ පූසිට..😌

මං ටිපිටිප් පැකට් එක තුරුලු කරගෙන කිව්වා.විහස් අයියා එවෙලේ ඉදන් මට බැනලා හිනා උනේ තවමත් මගේ දගකාටකම් ඉවර වෙලා නැති හින්දා.කා එකට වත්ත ඇතුලට දාලා නවත්තනකොටම මං කා එකෙන් බැස්සා.මං විහස් අයියාවත් ඇදගෙන ගේ ඇතුලට යන්න හදනකොටම…

ආයේමත් හමුවෙමු..

” මේ මෙයාලා රන්ඩු වෙන්නේ ආදරේට හොදද️😊 ඇරත් මෙහෙම ආදරේ කරන අයත් ඉන්නවා. දුශේනිට වගේම විහස්ටත් මං ගොඩාක් කැමතියි.💗 මගේ හිතේ තියෙන විදියට කතාව ගලාගෙන යන්නේ මෙයාලා රන්ඩු උනාට ගනන් ගන්න එපා. “

 


 පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “හීනයක් සේ ලගට ඇවිදින් -19 කොටස 

  • May 18, 2018 at 10:50 am
    Permalink

    Wow niyamaine supiri wadak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *