හීනයක් සේ ලගට ඇවිදින් -24 කොටස

මං ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට අයියා මගේ අතේ තිබ්බ ෆෝන් එක උදුරලා අරගෙන මං ටයිප් කරපු වචන කියෙව්වා.

මොනවද මේ ටයිප් කරලා තියෙන්නේ බලනවා මේවාද තමුසේ ටයිප් කරන්නේ පන දාගෙන
ඇයි මොකද්ද වරද..වරද.. ඇයි යකෝ කෙල්ලයි කොල්ලයි ලං වෙලා ඉන්න දේවල් ගැනම වැඩිපුර ලියන්නේ..

ඉතින් ඔයායි මමයි ලං වෙලා ඉන් නැද්ද ඒ වගේ තමයි කතාවේ ඉන්න කොල්ලයි කෙල්ලයි.උනුත් ආදරේ කරන්න ඕන.

මං තරහෙන් කියලා ෆෝන් එක උදුරලා අරගෙන පැත්තකට විසි කරලා දැම්මා.විහස් අයියා මටත් රවාගෙනම අල්මාරියෙන් ශර්ට් එකක් අරගන්නකොට මං කලබලෙන් අයියා දිහා බැලුවා.

ඔයා කොහෙද යන්නේ අද ගෙදර ඉන් නැද්ද මා එක්ක.

නෑ මං යන්න ඕන ඔෆිස් එකට.

අනේ එතකොට මං..”

ඇයි මොකෝ අවුල මට කියන්නේ ගෙදර පැලවෙන්න කියලද..

ඔයා නම් මහා නරකයි මට ආදරෙත් නෑ..😌 මාව බලාගන්නෙත් නෑ මං තරහයි මට කතා කරන්නවත් එපා ආයේ..

මං තරහෙන් කියලා ඇස් පියාගත්තා.විහස් අයියාගේ ෆෝන් එක කෑගහනවා ඇහිලා මං ඇදෙන් නැගිට්ටා.අයියා කාමරෙත් නෑ ලෑස්ති උනාද මේ ඉක්මනට මේ නපුරා.මං ෆෝන් එක ආන්සර් කරලා කනේ තියාගත්තේ කවුරු කතා කරයිද දන් නෑනේ ඒ නිසා.එහා පැත්තේ ලයින් එකේ හිටියේ කෙල්ලෙක්..

” අද මාව ගන්න එනවද විහස් මං එකොලහා වෙද්දි ටවුන් එකේ ඔන්න මං බලන් ඉන්නවා ..”

ඒ හඩත් එක්ක මට ගොඩක් තරහා ගියා.කෙල්ලෙක් මෙහෙම කතා කරලා කියවන්නේ මොනවද විහස් අයියාට.මං තරහෙන් හිතලා කෝල් එක කට් කරලා දැම්මා.විහස් අයියා රූම් එකට ආවේ උරුවමක් බාමින්.ඒ ආපු ගමන්ම එයාගේ ෆෝන් එක ඇදට විසික් කරලා එයා ගාවට ඇවිදගෙන ගියේ කකුලත් අද්දමින්.

ඇවිදින්න,එපා ඕයි මොකද මේ වෙලා තියෙන්නේ..

කවුද අර කෙල්ල කියනවා.

මොකාද..

අර කතා කරපු කෙල්ල.ඒකිව බලන්න නේද යන්නේ තමුසේ මහා හොද නෑ.බොරු කාරයා..😔

මොනවද ඕයි මේ පිස්සුවෙන් වගේ කියවන්නේ කාව බලන්න යන්නද මම..

අර කෙල්ලව..

කවද..

මං දන් නෑ.

මං තරහෙන් කියලා විහස් අයියාගේ පපුවට තුරුල් වෙලා අඩන්න පටන් ගත්තා.ඇත්තටම දැන් මේ අයියා යන්නේ ඒ කෙල්ලව බලන්නද නැත්නම් එයා එක්ක කොහේ හරි යන්නද..? ඇයි විහස් අයියා එහෙම කරන්නේ මට.මං අඩ අඩ හිතුවා.

මට ලේට් වෙනවා දුශේනි..”

ඔව් නේද යනවා ඉතින් තව කෙල්ලොන්ව බලන්න.ඇස් දෙක පේන් නැති කෙල්ලෙක් වෙන්න ඇති තමුසේ එක්ක හැම තැනම ඇවිදින්නේ..

ඔව් ඒ කෙල්ල කන්නාඩි දානවා ඒත් ඒකි මාර ලස්සනයි නිකන් දීපිකා වගේ..

ඉන්නවාකෝ මං ඔය කෙල්ලට හොද වැඩක් කරනවා.

ඔයා දැන් මොනවා කරන්නද කකුලත් රිදෙනවා නේද හොද මැනික වගේ ඇදෙන් නිදාගන්න.හොද උනාම ඒ කෙල්ලට කරන දෙයක් කරන්නකෝ..

මේ නපුරා..😡

මං ඉක්මනට ගිහින් එන්නම්..

විහස් අයියා යන්න් හදනකොටම මං හයියෙන් අඩන්න පටන් ගත්තා.ඇයි ඒ තරම් මගේ හිත කලබල වෙලා තියෙන්නේ කියලා මට හිතාගන්නවත් බෑ.ඒත් දෙයියනේ අද මගේ ගැහැනු හිත ඉරිසියාවකින් කකියනවා.

අරයා බලාන් ඉන්නවා බබෝ.. ඔයා එක්ක බෑනේ ඉතින් ඔයාට මහාන්සි වෙන්නත් හොද නෑ නිදාගන්න ගිහිල්ලා.මං ඒ කෙල්ලව බලලා එන්නම් කොහෙද ඉතින් තමුසේ කකුලත් කඩාගෙනන ඉන්නේ.මං ආසාවෙන් හිටියේ තමුසේ එක්ක පාර්ක් එක පැත්තේ ගිහින් එන්න.ඒත් සොරි ඩාර්ලින් මං එයත් එක්ක ගිහින් එන්නම්.😁😁

විහස් අයියා හිනාවෙවි කියනකොට මගේ ඇස් ගෙඩි දෙක ලොකු උනා.

යකූ මූ බලකෝ…😠

විහස් අයියා කාමරෙන් යන්න හදනකොටම මං කන්නාඩි මේසේ තියලා තිබුන මගේ උඩු කය ජායාරූපය කේන්තියෙන් පොලොවේ ගැහලා අඩාගෙන බිමින් ඉදගත්තා.එතකොටම…


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “හීනයක් සේ ලගට ඇවිදින් -24 කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *