හීනයක් සේ ලගට ඇවිදින් -26 කොටස

මගේ ඔලුව කැරකෙන්න ඇවිත් වමනේ යන්න වගේ ඔක්කාරෙට එනකොට මං බඩ අල්ලගෙන ගහක් ගාවට දුවගෙන ආවා.

අයියෝ මොන කරුම ලෙඩද මංදා😠..

” දුවේ මොකද උනේ මේ එක පාරට..

අනේ අම්මේ කලන්තෙයි මට..”

මං අම්මාගේ උරහිසට බර වෙලා කිව්වා.ඇගට දැනෙන අමාරුවට මගේ ඇස් වලින් කදුලු බිංදු ගලාගෙන යනකොට අම්මා මාව වත්තම් කරගෙන ගේ ඇතුලට එක්කන් ඇවිත් මාව පුටුවකින් වාඩි කරවලා මට පවන් ගැහුවා.

” මං පුතාට කෝල් කරන්නම් දුව ඔහොම ඉන්නකෝ..”

අම්මා එහෙම කියලා ලෑන් ෆෝන් එක ගාවට යනකොට මං අමාරුවෙන් කොහොමහරි අපේ උඩ කාමරේට ඇවිත් ඇදට වැටුනා.

ශිට් මොන කලන්තයක්ද මේ..😠😠

දුව පුතා දැන් එයි මං මොනවා හරි හදන් එන්නම් ඔයාට බොන්න.

අම්මා පහලට ගියාට පස්සේ මං ඇදේ ඇලවෙලා ඇස් පියාන් හිටියා.දහය පහුවෙනකොට විහස් අයියා ගෙදර ආවා.මං දිහා උඩ ඉදන් පහලට බලපු එයා ඇදෙන් ඉදගත්තේ මූනත් අදුරුකරගෙන.

” බොරුවක් නේද මේ කරන්නේ අසනීප ගතියක් පේන්න නෑනේ🙊..

ඔයාද ඩොක්ටර්..

” අපෝ නෑ ඒත් ඔයාගේ ලෙඩ වලට මං ගාවයි බෙහෙත් තියෙන්නේ මැනික..😀

විහස් අයියා හිනාවෙවි කියනකොට මට ආයේමත් වමනේ යන්න ඇවිත් මං බාත්රූම් එකට ගිහින් වමනේ දැම්මා.විහස් අයියා මාව තුරුල් කරගෙන මගේ මුන පිහදාලා මාව එයාගේ ඇගට තුරුල් කරගෙන කමරේට එක්කන් ඇවිත් මට ඇදුමක් ඇන්දවලා මාව පහලට එක්කන් ආවා.

” අම්මත් එන්න අපි ඩොක්ටර් ගාවට යමු..”

අනේ පුතේ මං ඉන්නම් ඔයාලා දෙන්න ගිහින් ඉක්මනට එන්නකෝ දැන් තාත්තාත් කලබල වෙලා ගෙදර එයි දුවට මොකද අහාගෙන.මං ඉන්නම් දරුවෝ පරිස්සමින් ගිහින් එන්නකෝ..

” හරි.මං මෙයාගේ අසනීප වලට බෙහෙත් අරන් දීලා එන්නම්කෝ අම්මා..

විහස් අයියා හිනාවෙවි කියනකොට මං එයාගේ අත කෙනිත්තුවා.මේ විදිහට වෙනදට අසනීප උනත් අද මට හිතෙන්නෙම වෙන දෙයක් මං දැන් විහස්ව බැදලා මාස දෙකකුත් උනා.දෙයියනේ මං අම්මා කෙනෙක් වෙන්නද ඉන්නෙ ඒත් තාම මට වයස අවුරුදු විසි තුනයිනේ.මෙච්චර ඉක්මනට දරුවෙක්….😌😌

ඩොක්ටර් ගාවට ඇවිත් විහස් මාව පුටුවකින් ඉන්දවලා මගේ අත අල්ලගත්තා.නර්ස් කෙනෙක් මාව පරීක්ෂා කරලා ඩොක්ටර් ගාවට එව්ව වෙලේ ඉදන් මං හිටියේ දියෙන් ගොඩට දැමු මාලුවක් වගේ ගැහෙමින්.

” මගෙන් සුබ පැතුම් විහස් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නේ..

මැදිවියේ ඩොක්ටර් සුහවශීලීව කියලා විහස්ට අතට අත දෙනකොට මං පුදුම වෙලා විහස් අයියා දිහා බැලුවා.

මැනික ඔයා දැන් අම්මා කෙනෙක් අපේ පැටියා ඔයාගේ ලග ඉන්නවා.

විහස් අයියා ඩොක්ටර් ඉස්සරහා එහෙම කියලා මාව තුරුල් කරගෙන මගේ මූන සිපගත්තා.මං ලැජ්ජාවෙන් ඇබරිලා මූන හංගගන්නකොට ඩොක්ටර් හිනාවෙව් අපි දිහා බලාන හිටියා.ගෙදර ආවට පස්සේ අයියා මාව උඩ අපේ රූම් එකට එක්කන් ගියා.අම්මා මගේ ඔලුව අත ගාලා මාව තුරුල් කරගෙන විහස් අයියා එක්ක කතා කර කර ඉදලා පහලට ගියාට පස්සේ…””

” අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ කියන එක ඔය මොලේට තේරුම් කරලා දෙනවා හරිද දුශි..

හෑ මෙන්න මෙයා පටන් අරන් මට බනින්න😠

පුතේ ඔයාගේ අම්මා හරි දගමල්ලක් ඔයා පරිස්සමින් ඉන්න හරිද..

විහස් මගේ කුසට අත තියාගෙන එහෙම කියලා පාත් වෙලා මගේ කුසට හාදුවක් දුන්නා.දවස් ගානක් හරි ලස්සනට ගෙවිලා ගියා වෙනදා තරම් දග නොකෙරුවට ඒත් තවමත් හිත ඉස්සර තරම්ම දගයි.දැන් මගේ බඩ ගෙඩිය ඉදිරියට නෙරා ඇවිත් විහස් අයියාගේ ආදරේ නිසා දවස ගෙවිලා යනවා නොතෙරෙන තරම්..

බබා අද යමු ඩිනර් එහෙකට..”

හරි යමු මට අයිස් ක්‍රීම් ඕන තව වටලප්පන් ඒවත් ඕන තව රයිස් ඕනේ..

වෙන මොනවද ඕනේ

තව කේක් කන්නත් ඔනේ..

දැන් කේකුත් ඕනද ඩිනර් වලට ආ..

ඔව් ඕනේ..

ඔය ඔක්කොම කන්න බඩේ ඉඩ තියෙනවද හලෝ.

ඔව් මට අයිස් මෙයාට කේක්..

මං කුස පිරිමදිමින් කියලා විහස් අයියාගේ අත අල්ලගත්තා.

පුතේ ඔයාගේ අම්මා ටිකක් නෙවෙයි ගොඩාක් පෙරේතයි..😀

විහස් කුසට අත තියාගෙන කියනකොට මං එයාට රැව්වා.දැන්මම පටන් අරන් මාව නෝන්ඩි කරලා හිනාවෙන්න.😔

හවස අයියා මාව පාරක් එක්කන් ආවා.පුංචි බබාලා අම්මලා තාත්තාලා එක්ක සෙල්ලන් කරනවා.ඒ ලොකේ මොන තරම් සුන්දරද ලස්සනද..මාත් මේ කාලේ පහුකරලා වර්තමානයට ආවේ එදාත් මං විහස් අයියා එක්ක මෙහෙම සෙල්ලන් කරන්න ඇති ඒත් අද අපි දෙන්න විවාහ වෙලා මගේ කුසට අපේ ආදරේ නාමයෙන් දරුවෙක් ඇවිත් මගේ ලෝකේ දැන් මොන තරම් සුන්දරද..”

අපිත් බබා එක්ක මෙහෙම එමු මැනික

ඔයා එක්කන් එනවද මාව..

නෑ බබායි මායි එනවා අම්මාව ගෙදර දාලා අම්මාට ගෙදර වැඩ එහෙමත් තියෙනවනේ දුශි..

හෑ මෙහෙත් හිතන සැමියෙක්..😞

කමක් නෑ නේද ඔයාව දාලා බබා එක්ක ආවට..

නෑ මාත් එනවා අපි තුන් දෙනාම එමු අයියෝ දුක නැද්ද මාව දාලා එන්න.

දුකයි ඒත් ඔයා දගයිනේ..😔😔😔

අනෙ මගුල දැන් මං හොදයි..දගලන් නෑ..

හරි ඕයි.

අපි පාරක් එකේ හය පහු වෙනකන් ඉදලා රෑ රෙස්ටුරන්ට් එහෙකට ආවේ ඩිනර් එකට.අයියා මං ඉල්ලපු දේවල් අරන් දීලා මං කනකන් එයා බලාගෙන හිටිය.

කේක් කනවද කපලා දෙන්නද.

එපා මේක හෙට කන්න..”

අපෝ තමුසේ..”

ඇයි..

ඇයි අහන්නෙ හරි හරි කනවා ඉතින්..” බබාට එක්කම කන් මැනික..

විහස් අයියා හිනාවෙවි කිව්වා.කාලා අපි රෑ ගෙදර එනකොටම..

ආයෙමත් හමුවෙමු


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *