හීනයක් සේ ලගට ඇවිදින් -27 කොටස

අපි රෑ ගෙදර එනකොට පාර මැද හිටපු පූසේක් වාහානේකට හැප්පෙන්න යනවා දකිද්දි මට බයටම කෑගැහුනා.මං දොර ඇරගෙන කා එකෙන් බැස්සේ කලබලෙන්.

” හෙමින් යනවා වැටෙන්නද හදන්නේ මේ මහා රෑ..

විහස් අයියා කා එකෙන් බැස්සේ මට බැනගෙන.මං පූසා දිහා බලාගෙන හිටියා අනේ කලුයි සුදුයි ලස්සන පූස් පැටියෙක් මං පාත්වෙලා පූසාව අල්ලගන්න යනකොට විහස් අයියා මාව නැවැත්තුවා.

” අල්ලන්න එපා හරිද..

ඇයි අනේ පව් මේ අසරණ පූසා..😔

ඕකා නෙවෙයි දැන් මමයි අසරණ..😞

මේකාව ගෙදර එක්කන් යමුද අයියේ..

බෑ බෑ පූසෝ හොද නෑ.තමුසේ මූව අරන් ගියොත් ඉබියි වඩාගනි උඩදායි විකාර ගොඩ වෙයි මට ඕවා බල බල ඉන්න බැරි වෙයි.🙈🙈

විහස් අයියා කටත් හදාගෙන කියවනකොට මට බකස් ගාලා හිනා ගියා.

මොකද හිනාවෙන්නේ..

විහස් අයියා අහනකොට මං පූසාගේ බෙල්ලෙන් අල්ලගත්තා.පව් අසරණ පූසා මං දිහා බලාන ඉන්නවා.මං පූසාව වඩාගෙන කා එක ගාවට අරන් ඇවිත් විහස් අයියා කියන්නත් කලින් ඌව පිටිපස්සේ ශීට් එකට දාලා දොර වැහුවා.දැන් ඒ පූසා මගේනේ..😀😀

තමුසේට සතුටුයිද දැන්..”

නෑ ඔබට සතුටුයිද දැන්.”

මං හිනාවෙලා අහනකොට විහස් අයියා මට රැව්වා.

කමක් නෑ හැබැයි පූසා එක්ක ඕනාවට වඩා දැගලිලි බෑ හරිද..තමුසේ ඌ එක්ක නෙවෙයි මා එක්ක හුරතල් වෙනවාකෝ..

හාකෝ..”

අපි ගෙදර එනකොට ටිකක් රෑ උනා.අම්මාල ගේ දොරකඩ වාඩිවෙලා අපි එනකන් බලාගෙන ඉන්නවා දැක්කාම මං විහස් අයියා දිහා බැලුවේ බයෙන් වගේ.

අයියේ පූසා..

ඔයා යන්නකො මං ඇතුලට අරන් එන්නම්..

අයියා එහෙම කියල පූසගෙ බෙල්ලෙන් අල්ලගෙන ගේ ඇතුලට අරන් එනකොට මං හොරෙන් හොරෙන් අම්මා දිහා බැලුවා.නෑ එයාලට අවුලක් නෑ වගේ..

ලස්සන පූසේක් කොහෙන්ද අරන් ආවේ..

ගෙවල් පාරට හැරෙන පාරේ හිටියේ අම්මේ..

මං කාමරේට ඇවිත් ඇදුම් ගලවලා දාලා බාත්රූම් එකට ගිහින් මූන කට හෝදගෙන රෑ ඇදුම දාගත්තා.අයියා කාමරේට ඇවිදින් ටවල් එක පටලගෙන බාත්රූම් එකට ගියාට පස්සේ මං විහස් අයියාගේ ෆෝන් එක අතට අරන් නිකන් බැලුවා.වෝල් පේපර් එකේ මං හිනාවෙලා ඉන්න ලස්සන පොටෝ එකක් මට ඒක දැක්කාම ගොඩාක් සතුටු හිතුනා.විහස් අයියාගේ ආදරේ හරි පුදුමයි ඒ ආදරේ මං විදිනවා.විදවන් නැතුව ආදරේ විදින්නත් පින තියෙන්න ඕන ඇත්තටම මං ගොඩාක් ලකි කෙල්ලෙක්..

මං හිනාවෙවි හිතුවා.අයියා තවමත් බාත්රූම් එකේ නිසා මං ෆෝන් එක පැත්තකින් තියලා ඇස් පියාගත්තා.පහුවදා මට ඇහැරුනේ මගේ නම මුමුනපු හඩින්.

නිදි කියලා පේන් නැද්ද අෆ්ෆා😑

මං තරහෙන් ඇහුවා.

“පේනවා ඒත් දැන් වෙලාව කියද කියලා තමුසේ දන්නවද..දහය පහුවෙලා තමුසේ නිසා අපේ පැටියා කම්මැලි උනොත් බලාගමුකෝ..

විහස් අයියා කියවනකොට මං ඇස් පොඩි කර කර ඇදෙන් බැහැලා ගිහින් මූන හොදගෙන වෙන ඇදුමක් දාගේන පහලට ආවා.මං එනකොට විහස් අයියා පූසාව පිහදානවා දකිනකොට මං ඇස් ගෙඩිත් ලොකු කරලා ඒ දිහා බැලුවා.

පූසාන්ට මේ යෝදයා කැමති නෑනේ මේක හීනයක්ද ..🙈🙈

මං මගේ අතම කොනිත්තමින් මගේ හිතින් ඇහුවා.

” නෝනා යමු නේද කන්න.

විහස් අයියා පූසව පුටුවකින් තියලා මං ගාවට ඇවිත් ඇහුවා.මං එයා පස්සෙන් කුස්සියට ඇවිත් අම්මාගේ උරහිසට බර උනා.අම්මා මටයි අයියටයි කවල පූසාටත් කන්න කෑම තිබ්බා.

මේකට නමක් දාමුකෝ අයියේ..”

ඉතින් දාගන්නවා තමුසෙගේ නමේ අන්තිම කොටසත් ගැලපෙනවා මූට..

ඔයාගේ නමින් කතා කරන්න කලින් එයාට නමක් දාන්න..

අපි මෙයාට…

චන්ඩි කියලා දාමුද..”

ච..න්..ඩි…

ඔව් කැතයිද..

අවුලක් නෑ පූසාගේ නමනේ මගේ නම නෙවෙයිනේ😀😀

විහස් අයියා හිනාවෙලා කියලා මට හිතන්නවත් කාලයක් නොතියා පාත් වෙලා මගේ කුස සිපගත්තා.

බබාට විතරනේ කිස්..කෝ මට..

කෝ එනවා තමුසෙට නොදි ඉන්නවද මම..”

අයියා මාව තුරුල් කරගෙන මගේ මූනට හාදු ගොඩක් දීලා මිදුල පැත්තට ඇවිදගෙන ගියාම මං හෙමින් හෙමින් පඩිපෙල නැගල අපේ රූම් එකට ඇවිත් විහස් අයියාගේ ඩයරි එක නිකන් බලන්න හිතිලා පිටු පෙරලුවා.

17.01.12

මේ වගෙ පිස්සු කෙල්ලෙක් මං මේ දැක්කාමයි.අම්මාලාගේ කැමැත්තට මං ඉඩ දෙනවා දුශේනි හොදයි ඒත්…

17.01.27

අපෝ හරි දගමල්ලක් කරන්නෙම මට යකා එන වැඩ මෙහෙමත් කෙල්ලෙක් දැක්කමයි මං මගේ ජීවිතේට..

17.02.17

අපේ කසාදේට දින ලං වෙනවා දුශිට මං ආදරේ කරන්න ඔනද අනේ මදා මට තේරෙන් නෑ..

17.03.06

හැමෝම ආසාවෙන් අපිට සුබ පතනකොට මං මේ පිස්සු කෙල්ලව සදහටම මගෙම කරගත්තා.

17.04.02

මං හිතන්නේ දැන් මං එයාට ආදරෙයි .මුලු හිතේම එයා දැන් ජීවත් වෙනවා.

17.04.25

ජීවිතේ ගොඩක්ම සතුටු උන දවස අද ආදරෙයි මගේ මැනික ඔයාට..

එක එක පිටුවල කෙටියෙන් එයා ලියලා මං ඉක්මනට ඉක්මනට උඩින් පල්ලෙන් පොත කියවලා අද දිනේට ආවා.

17.10.26

මගේ මැනිකට..💗

#හීනයක්සේලගට_ඇවිදින්
මගේ හිත හැදු පෙම්බරි නුබ
දඩබ්බර හිත පෙමින් නැහැවු
මගේ ආදරේ හිමිකාරියයි නුබ..

දමා යන්නට නොහැකි හද තුල
සිතම පෙම්වත් කලා නුබ අද
නොහිතන දවසක
අහම්බෙන් මගේ ලොවට විත් නුබ
දගකාර හිනාවෙන් මා මුසපත් කල
මගේ ආදර අප්පසාරවියයි නුබ..”

” මගේ හිත හැදු මගේ නෙතු හැදු
#නෙතුදකිනහිතහදනමගේපෙම්කවිය_නුබ “

මං නිසදැස කියවලා දින පොත තිබුන

ආයෙමත් හමුවෙමු


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *