ජිවිතේ අතරමග දවසක් -12

විවාහ වීමට අවශ්‍ය වූවත් මා සිත දෙපැත්තට වැනුනි. බදිනවද ? නැද්ද ? දැන් ආපස්සට හැරෙන්න කල් මදිය. ඒත් බලමු ;

දෙසැම්බර් විස්ස පාන්දර යාමය වන තුරුත් මට නින්දක් නොවීය. පාන්දර දෙකහමාරට පමන නින්දත් නොනින්දත් අතරේ ඔහු එන බව සිහිනයෙන් මෙන් දුටුවෙමි . කාර් එකක හඬ යන්තම් ඇසුන අතර කවුරුන් හෝ සිනාසෙමින් කතාබහ කරන හඬ ද මට නැවතත් ඇසුනි. අම්මා චූටි දුවේ කීවෙන් මා දෑස් හැර බැලුවාය. ඔහු සිනාසීගෙන මගේ ඇද මත වාඩිවී බලා සිටියේය.

කුනුකෙල පෙරාගෙන කොන්ඩෙ කඩාගෙන ස්කිනියකුත් කුඩා කලිසම් කෑල්ලකිනුත් විලි වහන් උන් මා දෑස් කුඩා කර බැලුවත් ඒවා යකෙක් දැක්කා මෙන් ලොකු විය. අසල තිබූ බෙඩ් ෂීට් එක ක්ෂණිකවම ඇග වටා ඔතාගෙන ඇදෙන් පැන අඩියට දෙකට වොශ් රූම් එකට රිංගුවේ සිදුවූයේ වස ලැජ්ජාවකියි සිතමිනි. මූන කට සෝදා පැමිණ ,

” ඔයා , …… ඔයා කොයි වෙලාවෙද ආවේ ? ” ගොත ගසමින් ඇසීය.

ඔහු මා බදාගනිමින් ” දැන් ටිකකට කලින් මැනික ආවේ ” යි කීය.

විසි එක්වන දිනට එලිවී තිබූයෙන් ඔහු දළදා මාලිගාව වැද පුදා ගත යුතුයැයි යෝජනා කලේය. අම්මා ද අකමැත්තක් නොදැක්වූ හෙයින් අපි පාන්දරම නුවර බලා පිටත් වූයෙමු .

” මොකද කතා නැත්තෙ , ම්ම්ම් “

” ඔයා ෆෝන් එක ඕෆ් කල එකනම් හරි නරකයි අයියා “

” සප්‍රයිස් , කරන්න හැදුවෙ මැනික,
බය උනාද ඔයා ? “

” හ්ම්ම්ම්….. ටිකක් විතර “

” නිදිමත නම් ටිකක් නිදා ගන්න තාම කෑගල්ලෙනේ, නුවරට ගිහාම මං ඇහැරවන්නම් “

නිදිමතක් නොතිබුනත් මා දෑස් වසාගෙන කල්පනා කරන්නට වූයේ සුපුනුත් මට බොරු කලා මෙයත් මට බොරුකරනවා. මේ ලෝකේ අවංක පිරිමි ඇත්තෙම නැද්ද කියාය .

” මැනික , ….. මැනික , නැගිටින්න අපි පේරාදෙණිය ගාඩ්න් එක කිට්ටුව ඉන්නෙ. ගාඩ්න් යමුද ? “

” මෙච්චර උදෙන් ඕවා ඕපන් කරන්නෑ අනේ ” මා නැවත දෑස් පියා ගන්නට සැරසෙනවාත් සමගම ,

” මේ ඒක නෙවේ එක්කෙනෙක් කුනුකෙල පෙරගෙන නිදි අනේ ඊයා කක්කි බබෙක් , චූටි ජංගි කෑල්ලකින් විලි වහගෙන ෂී…..කේ…. “

” අනේ මේ , යනවා යන්න අනිත් අය නිදාගන්නෙ ඉටිරූප වගේද දන්නෑ …. බලමුකො තව ඉස්සරහට “

නෝක්කාඩුවට මෙන් මුහුන පුලුටු කර ගත් මා වීදුරුවෙන් පිටත බලා ගත්තේ නොරිස්සුම් සහගත තත්වය පහකර ගැනීම සදහාය. නුවරට යන කල්ම මාත් ඔහුත් අතර කතාවක් නොතිබිණි .

” බහින්න ”
” මේ කොහෙද මේ , මාලිගාව තියෙන්නෙ අරහෙනෙ “

” මගෙ ඇස් පේනවා, පන්ඩිත නොවී බැහැලා එන්න ඉක්මනට “

ඔහු ගැන සැකයක් නොහිතාම පසුපසින් මා ද ඇවිද යන්නට විය. වැව් රවුමේ පැත්තක මාලිගාවට මුහුන ලා සෑදූ හොටෙල් එකක් වෙත ගිය ඔහු ඉහලම මාලයේ විශේෂ කාමරයක් වෙන් කරන්නට විය. මාගේ ඉහෙන් කනින් දාඩිය දාන්නට විය. ඔහුගේ අතින් මදක් පසෙකට ඇද ,

” පිස්සු හැදීගෙන එනවද මේ කාමර අස්සේ රිංගන්නෙ , මාලිගාව වදින්න යන්නෙ නැද්ද ? “

” මරාගෙන කන්නෙ නෑ රූම් එකට ගියා කියලා බය නැතිව ඉන්න . “

මැදි වයසේ පුද්ගලයකු පැමින ඔහුගේ බෑගය අදාළ කාමරයට ගෙනවිත් දී අපට අවශ්‍ය කෑම බීම ඕඩරය ලබා ගන්නා ලදී. කාමරයට ගොඩ වූ විගසම ඔහු කලේ ගෙම්බෙකු සේ ඇදට පැන කොට්ටය බදාගෙන නිදා ගැනීමයි. මම මදක් ඉදිරිපස බැල්කනියට ගොස් අවට ලස්සන නැරඹුවෙමි . මොනතරම් ලස්සන වටපිටාවක් ද ? . දළදා මාලිගය එක එල්ලේ පෙනෙයි. වැව් රවුම ……. සිහින් මීදුමත් සමග මාගේ දෙඇස අමන්දානන්දයට පත් කලාය.

මා සෙමෙන් සෙමෙන් ඇද ලගට පියමැන්නේ ඔහු ඇත්තටම නිදිදැයි බලන්නටය. සපත්තු මේස් ගලවා පසෙකින් තැබූ මම ඔහුගේ අත ලග තිබූ මුදල් පසුම්බිය හැර බැලුවෙමි. අස්සක් මුල්ලක් නෑර ඇද බැලූ මට හමුවුනේ පාස්පෝර්ට් සයිස් ලැම්නේට් කරන ලද එරංගගේත් තවත් තරුන කෙල්ලෙකුගේත් ෆොටෝ එකකි. ඔහුගේ බෙල්ල මිරිකන්නට තරම් ආවේගශීලි වූවත් දෑසින් වැටුනු කදුලු කැට මගින් තරමකට මාව සන්සුන් කලේය . වහා නැගිට බැල්කනියට ගිය මා එහි තිබූ සුදු පැහැති සෝෆාවට බර විය. කකුල් පන නැතිව ගියෙන් මද වේලාවක් වාඩිවී සිට කුඩා බැම්මට බර වී ඈත බලා සිටියාය.

මා පිටුපසින් පැමින බද වටා අත් යවා බෙල්ල සියුම්ව සිප ගන්නා අතර පොලඹවා ගැනීමකට ඔහු උත්සාහ කරන බැව් දැනී ගියෙන් මම ද සෙමෙන් ඔහු දෙස හැරී දෑස් දෙස් බැලුවෙමි . ඔහු මගේ මුනට වඩාත් ලං වී තොල් වලට නැඹුරු වෙත්ම කපල් ෆොටෝ එක දෙතොල් මත තබා ගතිමි. ඔහු මදක් පිටුපසට වී ග්‍රහනයෙන් මා මුදවා බිරන්තට්ටු වී සිටියේය .

” මදුශිකා හේරත් රාජකරුනා
එරංග බාලසිංහ , ලස්සන කපල් ෆොටෝ එක නේද ? ….. පවු අප්පා ගෑනු බලෙන් ඇවිත් මෙයගෙ කරේ එල්ලෙන්නෙ “

” කොහෙන්ද ඔයාට ඕක ? “

” කොහෙන් උනාම මොකද කතාව ඇත්ත නම් , එතකොට තව ෆෝන් එකේ ඉන්නවා

* සමිතා කුමරි – පොල්ගහවෙල
* චන්දි දන්තනාරායන – දෙණියාය
* එස්මි කුමරි – අත්තනගල්ල
* මදුශිකා හේරත් – හලාවත

බලං ගියාම ඩයලොග් එකවත් මෙහෙම කවරේජ් කරලා නැතිව ඇති. තව මං නොදන්න කී දෙනෙක් ඇතිද ? “

” වට් ඊස් දිස් මෑන් ? යු අල්සෝ ලුක්ස් ලයික් අ මේල් ප්‍රොස්ටිටියුට් නො ? වට්ස් රෝන්ග් විත් යූ ? “

මා දිගටම කියවා ගෙන ගොස් නතර වූයේ වතුර ටිකක් බීමටය.

” මේ අහන්න අයියේ, අපි මේක නවත්තමු. ඔයාට පුලුවන්නම් මගේ බාර කාරයා වෙලා මාව හොස්ටල් එකක නතර කරන්න. මං හොදට ඉගෙන ගෙන ඔයගෙන් ගත්ත සල්ලි ආපහු දෙන්නම් “

” මොකද ඔයාව මැරි කරන්න තරම් මගෙ හිත හදාගන්න බෑ ඔයා මගේ විශ්වාසය බින්දා “

ඔහු මා සනසන්නට ලගට විත් තුරුල් කර ගත්තයින් මගේ කේන්තිය තව තවත් වැඩුනි.

” යනවා අහකට , අල්ලන්න එපා මාව “

මා එල්ල කල පා පහර වැදී විසිවී ගොස් ඔහුගේ මුන බිත්තියේ වැදුනි. නහය පුපුරා ලේ එන බව දුටු මා මදක් බියට පත් විය. යක්ශයෙකු සේ මා වෙත පැන්න ඔහු මගේ දිගු කෙස් වැටියෙන් අඹරා අල්ලාගෙන එස වූයේය .

” අනේ…. ආ….හ්…. රිදෙනවා …. ඌ…යි….අත අරිනවා මාව “

කෙමෙන් කෙමෙන් වාඩි වී සිටි වේවැල් පුටුවත් පෙරලාගෙනම මා තල්ලු කරමින් සුදු පැහැ බිත්තියට හේත්තු කර මගේ ඇගට බර විය. කෙස් වැටිය තවත් පහතට එසවූයෙන් මාගේ නිකට ඇතුලු මුහුනත් උඩට එසවිණ . ඔහුගේ දකුණු අතින් මාගේ කට මිරිකන්නට විය. මා කෑ ගැසුවත් පැහැදිලි හඩක් නම් පිට වූයේ නැත. මුලු කටම ලේ රස විය. ඇස් වලින් කදුලු කැට රූරා වැටෙද්දී මා බලා සිටියේ
” මට ඊළඟට මොනවා කරයිද , මාව මරලා දායිද ? ” යන කුතුහලයෙනි.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *