ජිවිතේ අතරමග දවසක් -13

හහ් හහ් හහ් හහ් …..

හොස්ටල් දාලා උගන්නන්න උඹ මගෙ කවුද ? මේ වෙනකල් මං උබට දුන්නු දේවල් , සල්ලි උඹ මට ආපහු දීපන් ! මං උඹට පාඩුවෙ ඉන්න දෙන්නම් . දවසක් කල් දෙන්නම් .

” මට ටික දවසක් දෙන්න, මං ඔයාගේ අකවුන්ට් නම්බර් එකට ඩිපොසිට් කරන්නම් … අනේ මට රිදෙනවා” මම අපහසුවෙන් වචන පිට කලෙමි .

” එතකොට වෙඩින් එකට , ඇදුම් වලට , වීසා ගහන්න වියදම් කරපු සල්ලි දෙන්නෙ පොලිසියෙන්ද ?

තොල් පිපිරී ලේ ගලන වේදනාවත් හිසකෙස් ඇදීමෙන් දැනුනු වේදනාවත් නිසා කලාන්ත ගතියක් දැනෙන්නට විය. ඊටත් වඩා මේ සල්ලි මං කොහොම ගෙවන්නද ? අම්මා මේවා දැනගත්තොත් , පපුව පැලිල මැරෙයි ලැජ්ජාවට. මාගේ ඇස් නිලංකාර වී දනහිස් පනනැති වෙනවා මෙන් දැනුනි .

” නංගී ….. නංගී…. මධූ… ඇස් අරින්න ලමයෝ, .. මධූ… මධූ ”

” සීතලට දැනෙන සිහිල් සුලං රැල්ලක් ඇග දැවටීමෙන් ඇගට පන ටිකක් ලැබුනි. කම්මුල් වලට තට්ටු කරන එක නවතින පාටක් නැති නිසා සෙමෙන් සෙමෙන් ඇස් පිය ගසා දෙඇස් විවර කලෙමි. මා සිටින්නේ ඇදෙහිය. මා ලගින් එරංග වාඩි වී අතක් තද කර අල්ලා සිටියි.

මං මැරුණ කියලද බලන් ඉන්නෙ

” අපි ඔය කතාව නවත්ත ගමු නංගි ”

” කොහෙ නවත්තන්නද මෙච්චර දුරට රන්ඩු කරලා මං ඇදේ මෙහෙම ඉන්නම් හරි ඉතින් නවත්තපු තැනින් පටන් ගමු

” ගතින් දුර්වල වූවත් වලියක් පටන් ගත් පසු අතහැර දැමීම මාගේ ගතිය නොවේ. ඔහු මදක් සිනාසී

” ටිකක් රෙස්‍ට් එකේ ඉන්න අපි පස්සෙ මේ ගැන කතා කරමු ” යි කියා මා හිස අත ගෑවේය . මා රවා බලා ඒ අත මගේ ඔලුවෙන් ඈතට ගසා දැම්මාය.

” මේ කෙල්ලගෙ තියෙන නපුරු කම

” සිනාසී ටවල් එකකුත් අරන් වොශ් රූම් එකට ගිය ඔහු අරාබි සින්දුවක් මුමුනමින් නාන්නට විය.

ගිරයට අහු වූ පුවක් ගෙඩියක් සේ මා කිසිත් කර කියා ගත නොහී ඔහේ බලා ගත් අත බලා උන්නාය. මගේ මෝඩකම , මගේ මෝඩකම දැන් මං මොකද කරන්නේ ? තද ඔලුවෙ කැක්කුමක් විනා පිලිතුරක් නම් අහලකට වත් ආවේ නැත . උරුවම් බාමින් කාමරයට පැමිනි ඔහු

” ඒයි නපුරු මෛත්‍රී , පොඩ්ඩක් ඇග පත හෝද ගන්නවා ඉතිං ගද ගගහා ඉන්නැතිව “

” මොකටද මාව ඉඹින්න එන්නෙ ? පාඩුවෙ හිටිය නම් හරිනෙ “

” දැන් ඔයා මොකද කරන්නෙ මගෙ සල්ලි වලට මට පොලියත් ඕනා “

දෙන්නම් බලං හිටපන්කො . හිතේ තරහව පුපුරු ගසද්දී මුවින් නොබැන ඉවසුවේ ප්‍රශ්නය තවත් දුර ගෙන යාමේ තේරුමක් නැති නිසාය.

මා ඉතා සන්සුන් ලෙස ” ඔයාට පුලුවන් දෙයක් ඔයා කරන්න .

මං ඔයාව බදින්නෙත් නෑ සල්ලි ආපහු දෙන්නෙත් නෑ. අනික මං තව වෙලා මෙතන ඉන්නෙත් නෑ

” ඇදේ අනෙක් පසින් බිමට බැසගත් මා සෙරෙප්පු දෙක දාගෙන කොන්ඩය උඩට වෙන්නට බැද ගත්තාය. කණ්නාඩි මේසය උඩ තිබූ වෙඩින් කාඩ් කීතු කීතු ඉරා ඇද අසලට ගොස් ඔහුගේ මූනට දමා ගසමින් ” මේක මෙතනින් ඉවරයි ” කීය. නැවත පිටුපස නොබලාම කාමරයේ දොර විවෘත කර එලියට යාමට සැරසුනත් මාගේ කකුල් බදාගන්නා සෙයක් දැනිණ .

” දෙයියනේ මේ මොකද මේ, මාව අතාරින්න …. මට යන්න දෙන්න ප්ලීස් “

” ඔහු කුඩා දරුවෙකු සේ මා දෙපා දෝතින් බදාගෙන අනේ මාව දාලා යන්න එපා…. මැනික …. අනේ …. යන්න එපා ”

” මේ බොරුවට රගපාන්න එපා , මගෙ කකුල අතාරින්න ”

” අනේ ….මධූ ….. පොඩි කාලේ ඉදන් මං තනියම හැදුන කෙනෙක් මට කවුරුත් ඔයා වගේ ආදරය කරලා නෑ . ” හොටු කෙල පෙරාගෙන මේ දනින් වැටෙන්නේ පිරිමියෙක් නොවේද ? සෑම තද හිතක් යටම සැගවුනු කුමක් හෝ කතාවක් තියෙන බව මම දැන උන්නෙමි . ඒත්….. මගේ සිත සැලින,

” අනේ…. අනේ …. මං දන්නවා මං වැරදියි තමයි. ඒත් මං ආයෙ එහෙම නොකර ඉන්නම්. මාව දාලා යන්න එපා… මට ලැජ්ජා කරන්න එපා. කිසිම කෙනෙක් හිතුවෙ නෑ කෙල්ලෙක් මාව බඳියි කියලා අපි ගැන මං ගොඩක් ඉහලින් කතා කලා. මිනිස්සු මට හිනාවෙයි. අනේ …. මැනික ….. මාව දාලා යන්න එපා . මං දණ ගහලා වදින්නම් ඔයාට ”

” ඒයි .. ඒයි… ඔය මොකද්ද කරන්න හදන්නෙ ? අහකට අහකට මට පවු පුරවන්නද හදන්නේ ? ” ඔහු මට වඩා අවුරුදු හයක් වැඩිමල් ය. මා වැනි කෙල්ලකට දණ ගසා වදින්න තරම් මේ කොල්ලා අසරණ වී ඇත්තේ කුමක් නිසා ද ? හේතුව කුමක් වූවත් මට ඔහුගේ මුදල් ගෙවීමටත් නොහැකි ය. කරන්නට ඇත්තේ එක දෙයකි. ඒ ඔහු හා අතිනත ගැනීම පමනකි.

ඔහුගේ කදුලු පිස දමා දෙවුරින් අල්ලා නැගිට්ටවූ පසු මාගේ හුස්ම හිරවන තරමට පපුවට තදින් තුරුලු කර ගත්තේය. හුස්ම ගැනීමට මදක් අපහසු වූවත් හිටි ඉරියව්වෙන්ම විනාඩි පහක දහයක කාලයක් ඔහු මා බදාගෙන සිටි අතර මාගේ දෙඅතින්ම ඔහුගේ පිටත් ඔලුව පිටුපසත් අත ගෑවෙමි. ඔහු සන්සුන් විය. බෙහෙවින්ම සන්සුන් විය. මාගේ දෑතින් අල්ලා ගෙන බැල්කනියේ සෝෆාවේ වාඩිවී මාගේ ඔඩොක්කුවේ හිස තියා ඇල උනේය.මම හිස අත ගෑවෙමි. ආදරයක් නැතත් ලොකූ අනුකම්පාවක් හදෙහි ඉපදී ඇත. සුපුන්ගේ සිද්දියෙන් පසු මා හදේ ආදරයක් උපන්නේම නැත.

කමිසයක් නොමැතිව විවර වූ පපුවේ ඝනව වැඩී කර්ලි වූ ලෝම බඩ දක්වාම වැවී ඇත. බටර් පැහැති සම නිසා ඒවා මනාව කැපී පෙනෙයි. මා එක් අතක් ඔහුගේ පපුව වටා ලෝම ගස් අතරින් එහටත් මෙහටත් යවන්නට විය. යටි සිතින් වලහෙක් වගේ යැයි කියා සිනාවිය. ඇත්තටම මං ආස කලේ මේ වගේ මවිල් පිරුණු පපුවක් තියෙන කොල්ලෙකුටය. මාගේ කල්පනාව බිදිමින් ඔහු යමක් කියන්නට කට ඇරියේය.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *