ජිවිතේ අතරමග දවසක් -24

එරංග දිගටම නාඩගම් නැටුවේය. මමද මගේ පාඩුවේ තනියම වැඩ කටයුතු කරගෙන සිටියෙමි. ඒත් එක දවසක් ,

” ආ….හ් , අම්….මේ “

කුස්සියේ සිලි බෑග් එකක් පෑගී පය ලිස්සා මා ඇද වැටුනි. බඩ වැදෙන්නට ගියත් බැම්මට අත තබා අනිත් අතට හැරුනු නිසා කොන්ද පමනක් බිම පතිත වී බේරුනි. නමුත් අසල වූ බඩුබාහිරාදිය කීපයක් බිම වැටීමෙන් එරංග ද දිව ආවේය. මට නැගිටීමට නොහැකි බව දුටු හෙයින්දෝ මා නැගිට්ටවා මූනවත් නොබලා යන්නට ගියේය.

තවත් දවසක් ,

මහ රෑ ගෑස්ට්‍රයිටීස් උත්සන්න වීමෙන් හටගත් බඩ අමාරුවක් නිසා සැරින් සැරේ ටොයිලට් යාමට වූ නිසා දොර අරින වහන ශබ්දයට ඔහු ද එලියට ආවේය. මම ඇදට පය තබන සැනින් නැවතත් ටොයිලට් එකට හැරී දුවන නිසාම වෙහෙස වී සිටියෙමි. ඔහු සෝෆාව තල්ලුකරගෙන විත් බාත්රූම් එක සමීපයේ තබා මට එහි ඇලවීමට සලසා දුනි. පසුව බෙහෙත් ගැනීමට එක්කගෙන යාම මා විමතියට පත් කලාය.

සමහර අවස්ථා වලදී මූනට මූන මුනගැසී මුකුත් නුදුන්නාට මට පෙනෙන පරිදි මුදල් නෝට්ටුවක් තබා යන්නට තරම් කාරුනික විය. සමහරදාට කෑම පාර්සලයක් ද විය. එහෙත් එයින් මා පිනවීමට තරම් ඔහු අපොහොසත් විය. අවසාන මාසයේ මට ප්‍රෙෂර් සෑදී අමාරු වූ නිසා සායනයට රැගෙන යන ලද්දේ ඔහු විසිනි. එහෙත් පාසල් කාලයේ පෙම්වතිය සමග මා ඉදිරියේම පෙම් කිරීමට තරම් ඔහු තිරිසනෙකු විය. ප්‍රෙෂර් වැඩි නිසා දරුවාගේ ජීවිතයට අවධානමක් ඇතැයි වෛද්‍යවරුන් කී විට මා හඩන්නට වීම ඔහුව මදක් මෙලෙක් කර තිබුනි. රෝහලට ඇඩ්මිට් කරන්නට උදව් වූවත් ඔහු මා බලන්නට ආවේ කලාතුරකිනි . අඩුම තරමේ දරුවා ලැබුන පසුවත් ඔහු මා බලන්නට නොපැමිණීම මාගේ අම්මාට නම් ලොකූ ප්‍රශ්නයක් වී තිබුනි.

මා බලාපොරොත්තු වූයේ පිරිමි දරුවෙකි . සුදු නෙලුම් මලක් දෝතට ගත්තා සේ විය. වාට්ටුව බාර හෙදියන්ගේ රෝගී පරීක්ෂාවට එන වෛද්‍යවරුන් ගේ නොමද අවධානය ආදරය ඔහුට ලැබුනි. ටිකට් කපා මා ඌරාපොල නිවසට ගියේ මගේ ගෙදරට යාමට තරම් ප්‍රියක් නොතිබූ නිසාය. දරුවා නාවා ගැනීමේ සිට සියලු කටයුතු මා විසින් තනිවම කර ගත්තාය. ගෙදරිනුත් ඒ හැටි සැලකිල්ලක් නොවූ නිසා මමත් ඔවුන් මත්තේ මැරුනේ නැත. දරුවාගේ කැත කුනු රෙද්දක් වත් එරංග සේදුවේ නැත. අඩුගානේ තමන්ගෙ අතට වත් ගත්තේ නැත. දිනක් තම ඇදුම් අහුරාගෙන ගෙදරින් යනවා දුටුවා පමනි. මාසයක් දෙකක් යන තුරුත් ඔහු ගෙදරට ආවේ නැත . අතේ සතේ නැත. ඒ මාස දෙක තුනම මා කෑමක් කෑවේ නැත. නිදාගත්තේ නැත. දරුවාට හරිහමන් කිරිවේලක් ද නොවීය. මා මළමිනියක් සේ වැහැරී ගොස් තිබුනි. යන්තම් ගෙදරට කතා කොට මුදල් ඉල්ලාගත් මා ඔහු සොයා මෙහෙයුමක් දියත් කෙරෙන් අවුරුදු දාහතක කෙල්ලක් සමග වෙන්නප්පුවේ පදිංචි බව දැනගත්තෙමි. යුද්ධය ඇරඹුනේ එතැන් සිටය. පොලීසි ගානේ රස්තියාදු වූ මට සමහර විට ඇතැම් පොලිස් නිලධාරීන් ගේ සමච්චලයටත් අයුතු යෝජනා වලටත් මුහුන දෙන්නට වුනි. සියල්ල එපා වී තිබුනි . ඒ අතරේ දරුවාද ජීවිතයත් මරනයත් අතරේ දෙතුන් වතාවක් සටන් කරන්නට විනි.

මා පුතු බොහෝ සුරතල්‍ ය. මාගේ මුහුන දකින විට අත පය ගස ගසා හේතු නැතිව සිනාසේ. වරක් රෑක බෙහෙත් හැන්දක් පොවන්නට ගොස් එය හිරවී ගත් හුස්ම පිටට නොදැම්ම නිසා මට එලොව පෙනුනි. කලබල නොවී පිටට තට්ටු කලත් පලක් නොවූයෙන් උදවු ඉල්ලා කෑ ගැසූවෙමි. ගැහැනු මිනිස්සු එක් රොක් වී නාට්‍යයක් නරඹන්නාසේ බැලුවා විනා කිසිවෙකු පිහිටට නොආවේය. කකුල් දෙකෙන් සොල්ලා බැරිම තැන ” පුතේ උඹ ජීවත් උනොත් මාත් ඉන්නවා නැත්තම් දෙන්නම එකට යමුයි ” කියා දෙවියන් සිහිකර ඇගිල්ලක් උගුරට දමා වමනය කරවීමි. වමනය උගුරක් දොට්ට දමා ඔහු නිසල විය. මා හඩා වැටුනෙමි. නැත ඔහුට මහන්සියට නින්ද ගොස් ඇත.

කෙසේ හෝ මම ද අත නොහැරියෙමි. රන්ඩු වී තරහා වී කෙසේ හෝ මම ඔහුව ගෙදරට ගෙන්වා ගත්තෙමි. ගතින් ළඟ මුත් සිතින් නම් දහ දොලොස් පොලකම ඔහු නැවතී ඇති බව පසක් විය. පසුව වියදම් සදහා මුදල් නොදීමෙන්ද මහරෑට තලා පෙලා නිරුවතින් ගෙයින් එලියට ඇද දමමින් ද ඔහු මගෙන් පලි ගන්නට විය.

අවසාන වශයෙන් ඔහුට අවශ්‍ය වූයේ තම ලෙයින් උපන් බාධකය මරාදමා මාගෙන් ගැලවීමටය. ඒ කාලයේ මා ජෝන් කීල්ස් පුහුණු නිලධාරිනියක් ලෙස සේවය කලාය. සෑමදාම මිස් වන කෝච්චිය එදා මට මුන ගැසුනි. එදා සෙනසුරාදාවකි. කෝච්චියෙන් බැස ගත් විට ගෙදරට යාමට බස් නොමැත. බසයක් ආවත් පැයක් එකහමාරක් කොට කොටා යන්නේය. නමුත් එදා සියල්ල පිලිවෙලට සිදුවූයේ දෛවයේ හාස්කමකට මෙනි. වේලාසන ගෙදරට ආව මම මුලින්ම කලේ දරුවා ගෙන කිරි දීමයි. ඒත් දරුවා මත් වී හෝ කලාන්ත ගතියකින් සිටි නිසා මට රෝහලට යාමට ත්‍රීවීලර් එකක් ගෙන්නන්නැයි කීවත් ඔහු එහාට මෙහාට වෙවී සිටි නිසා මම ම පාරට දිව විත් ත්‍රීවීලර් එකක නැගී බණ්ඩාරනායක රෝහලට පිටත් වූවත් මගදී සුරතල් බසින් ,

 


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න