ජිවිතේ අතරමග දවසක් -25

” අම්මෛ , ඔනා මත අදෙයිද ??? “

” අනේ ඇයි රත්තරං , ඔයා මගේ පන නේ. මගෙ සුදු මැනික ආදෙයි. අම්මා ආ……දෙයි “

මා දිහා බලා සිට ඔහු දෙවන වතාවටත් හුස්ම අත් හලේය. ලෝකය මා හිස වටා කැරකෙන්නා සේය. උදේට උදේට නුග සෙවනේ ලමා සුවසෙත නරඹා ප්‍රථමාධාර ගැන පොඩි දැනුමක් මට තිබුනි. මම අතේ මහපට ඇගිලි ඔහුගේ පපුව මත තබා පීඩනය කලෙමි.කෘතිම ස්වසනය කලෙමි. එහෙත් ඔහු සීතලය. පුලුන්‍ රොදක් සේ සැහැල්ලුය . කඩාගෙන බිදගෙන ඕපීඩී එකට ගිය මා ඔවුන් නැවත හරවා ලූයේ

” අම්මේ ,,, අපිට කරන්න දෙයක් නෑ . දරුවව වතුපිටිවලට ( වතුපිටිවල රෝහලට ) ගෙනියන්න කියාය. මම හිරිවැටී ගියෙමි. ත්‍රීවීල් එක හරවන වෙලාවත් මට වටින නිසා පයින්ම පටාචාරා මෙන් දරුවා ඔසවාගෙන දුවද්දී ත්‍රීවීල් එක ඇවිත් නැවැත්වීම මද අස්වැසිල්ලක් විය.

කෙලින්ම ICU එකට දිව ගියේ රෝහල දෙවනත් කරමිනි.

” අනේ ඩොක්ටර් මගේ දරුවා ,,, අනේ ,,, අනේ දෙය්යනේ මගේ දරුවා “

” අම්මේ කෑ ගහන්න එපා කලබල නොවී කියන්න මොකක්ද උනේ කියලා “

” ඩොක්ටර් බබාගේ පල්ස් නෑ “

” ඉක්මනට මැෂින් එකට දාන්න “

” *** ඉන්ජෙක්ට් කරන්න “

” කරන්ට් එක අල්ලන්නයි යන්නේ වන් ටූ ත්‍රී ඩන් ….. අ…..ගේන් වන් ….ටූ …. ත්‍රී … ඩන් ….. අගේන්…… “

දරුවාගේ පපුවට දඩාස් ගා එන්නතක් විද අයන් ශොක් දීමට පටන් ගත්තේය . මම සිහියක් පතක් නැතිව බුදුන් ඇතුලු තිස්තුන් කෝටියක් දෙවියන් ජේසුස් , අල්ලාහ් සියල්ලන්ටම යැද්දෙමි. බලා ඉන්නට බැරි තැන කකුල් පන නැතිවී ඇස් නිලංකාර වනවා පමනක් දුටිමි. මට සිහිය එන විට මාගේ දරුවාත් මමත් එක ලග සිටිනු දැක වතුර උනු ලේ නැවත ලේ බවටම පත් විය. රෝහල් පොලීසියට වෛද්‍යවරුන් ට අකුරක් නෑර සියලු විස්තර පවසා එරංගව හිරබාරයට ගන්න ලෙස මා ආයාචනා කලෙමි. මා මුහුන දුන් බයානකම අත් දැකීම එයයි . පටාචාරාව ගැන අනුකම්පාවක් ආදරයක් ඇතිවූයේ ඇයද මා ලෙසම මේ දුක උහුලන්නට ඇත. මෙපමණ දෙයක් වෙලා එරංග නිකමට වත් අප බලන්නට ආවේ නැත. මට කුමක් කලත් කම් නැත. ඒත් උඹ සෙල්ලම් කලේ මගේ ලමයත් එක්ක . තවත් උඹ මට ඕන නෑ. පොලිසියට පැමිනිලි කර ඇදුම් කීපයක් ද ගෙන සියල්ල හැරදා මම නැවත මගේ නිවසට ගියෙමි . කබ්ලෙනුත් ලිපට වැටුනා මිසක බලාපොරොත්තු වූ හව්හරණක් නම් නැත.

තනිව ජීවත් වීමට මා උගත්තේ මෙතැන් සිටය. මානුෂීය ගතිගුන ගල් බවට පත් වූයේ මෙතැනදී ය. මා මිනිසෙක් නොව රොබෝ වරියක බවට පත් වූයේ මෙතැන් සිටය . මගේ සිත හැගීම් දැනීම් වලින් තොර හුදෙක් අවශ්‍යතාව මත කටයුතු කරන්නට උගත්තේ මෙතැන් සිටය.

සිටියා ගැහැනියක මා සතුව
නුරා සිත් ඇති
අනග රැගුමැති ……
සෙනෙහෙ විල කලඹා …….
ආදරය කල පිරිමි හිතකට … පැන්
පිරි නමන ලද ……….

පරම අවිහිංසා වේ
මහ රැජින ඇය ………
නිතර සිත තුල තෙතමනය රැදි

සියලු දුක් ඉවසා ……
පතිනි දම් රැක
අයාලේ ගිය නැති ……
පත්තිනියක සිටියා
මෘගයෙකුට පෙම් බැඳි …….

මහා වැස්සෙන් ….
රුදුරු සුලගින් …..
ශක්තිමත් වූවා ඇය ……..
මල් පෙත්ත සේ සිනිදු වූ සිත
යකඩයක් වූවා ……..
පසු නොබසිනා වීර්‍යය ගෙන
ඉදිරියට ඇදෙනා ………


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න