පෙට්‍රල් ලීටරයකට වඩා ලංකාවෙ වතුර ලීටරයක මිළ වැඩි වුණේ කොහොමද ?

ප්‍රධාන ගංගා 103 ක් තියන රටක්.භූමියෙන් 5% ක්ම වැව් හා ජලාශ වලින් ආවරණය වෙලා…ඒත් පෙට්‍රල් ලීටරයකට වඩා වතුර ලීටරයක ගාණ වැඩී………මේක ගොඩක් දෙනා කතා වෙන දෙයක්…ලංකාවේ ජල

සම්පත හිඟ වෙන්න ප්‍රධානම හේතු හතරක් හඳුනාගෙන තියනව …

* ජල දූෂණය
*අධික පරිභෝජනය (නාස්ති කිරීම)
*වර්ෂාව හිඟකම හා නියඟය බලවත් වීම්
*වෘක්ෂලතා වැස්ම ක්‍රමයෙන් අඩුවීම නිසා ජල පෝෂක ප්‍රදේශ අහිමි වී යාම.

දැන් බලමු පානීය ජලය ගැන..

ලංකාව ඇතුළෙ අපිට පානීය ජලය සපයා ගන්න පුළුවන් ප්‍රධානම ආකාර තමයි ගංගා,ඇළදොළ ,පොකුණු වගේ අභ්‍යන්තර ජලාශ.අනික තමයි භූගත ජලය.

මේ ජල සම්පත ස්වභාවිකවත් මානුෂ ක්‍රියාකාරකම් හේතුවෙනුත් දූෂණයට ලක්වෙනවා…දැන් හිතනවා ඇති කොහොමද ස්වභාවිකව ජලය දූෂණය වෙන්නෙ කියල ….ඒ මෙහෙමයි.

1.වැඩි වශයෙන් ජලයට ක්ලෝරයිඩ වර්ග හා වෙනත් සංඝටක එකතු වීම.

මේ කියන්නෙ අපි හැමෝම “කිවුල් ජලය” විදියට දන්න දේ ගැන.මේ ක්ලෝරයිඩ වර්ග අධික ජලය දූෂිත ජලය විදියට හඳුන්වන්නේ ඒවා පානය කිරීම නිසා වකුගඩු රෝග ,දත් ආශ්‍රිත සංකූලතා ඇති වෙන්න පුළුවන් නිසා.ලංකාවේ විලච්චිය ,අනුරාධපුර වගේ ප්‍රදේශ වල මෙම ක්ලෝරයිඩ් වර්ග මිශ්‍ර ජලය බහුලව දකින්න ලැබෙනවා…. මේවා අවම වශයෙන් අඩංගු ජලය හඳුනා ගන්න පුළුවන් අවිස්සාවේල්ල ආශ්‍රිත ප්‍රදේශ වලින්…ඔන්න දැන් අවිස්සාවේල්ලේ අය හිතනව ඇති අපි මාර වාසනාවන්තයි කියල ….යට ටිකත් කියවලම ඉන්නකො..

2.සාගරය ආශ්‍රිත අභ්‍යන්තර ජලාශ වලට කරදිය මිශ්‍රවීම.

මේ විදියට කරදිය මිශ්‍ර වුණ ජලය හරියට කලපුවක තියන වතුර වගේ.ලවණ ගතිය වැඩි නිසා බොන්න අපහසුයි.

3.නාය යෑම හේතුවෙන් ජල උල්පත් සිඳී යාම.

ඒ කියන්නෙ නාය යනකොට භූමියේ ඇතිවෙන පැළුම් ඇතුළට ජලය කාන්දු වෙලා ගිහින් උල්පත් හිඳිලා යනවා.එහෙමත් නැත්තන් මඩ මිශ්‍ර වෙලා බොර වෙලා යනව.

4.ආක්‍රමණකාරී ජලජ පැළෑටිවල ව්‍යාප්තිය.

මේකනම් ඔයාල දැකලත් ඇති වියළි කලාපයෙ සමහර වැව් වල ජපන් ජබර එහෙම බෝ වෙලා තියනව..ඒව වතුර මතුපිට පා වෙන නිසා යට තියන ජලතලයට හිරු එළිය ලැබෙන්නෙ නෑ නිසි විදියට .එතකොට ඒ වතුර වල පල් රහක් වගේම කටුක ගන්ධයක් ඇති වෙනව.

මේ ස්වභාවික විධි නෙ..මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් නිසා ජලය දූෂණය වෙනවා කියන එක කොයි කවුරුත් දන්න දෙයක්..

කෘෂිකාර්මිකව, කාර්මිකව වගේම නාගරික ප්‍රදේශ ආශ්‍රිත ගෘහාශ්‍රිත කටයුතු නිසා මේ විදියට ජලය දූෂණය වෙනවා……..

කොච්චර පැහැදිලි වතුර තියන සුන්දර ගමක වුණත් පසට දාන රසායනික පොහොර,කෘමිනාශක ,වල් නාශක වගේ දේවල් හේදිලා අර වතුරට එකතු වෙනව නම් ලංකාවෙ අඟලෙන් අඟලට ගංගා තිබ්බත් වැඩක් නෑ නේද……

කාර්මිකව ජලය දූෂණය වෙන හැටි කියනව නම් ලංකාවෙ කැළණි ගඟ තමයි දූෂිතම ගඟ විදියට කණගාටුවෙන් වුණත් හඳුන්වන්න වෙන්නෙ.. ජලපෝෂක ප්‍රදේශය වර්ගකිලෝමීටර් 2765 වෙන කැළණි ගඟ තව වසර කීපයක් යනකොට කාර්මික අපද්‍රව්‍ය එකතු වෙලා ලෝකයේ “මළ ” ගංගා අතරට එකතු වෙයි.ඒ කියන්නෙ කිසිදු ජීවගුණයක් නැති ගංගා අතරට…..කාර්මික අපද්‍රව්‍ය පිරිපහදු නොකර ගංගාවට එකතු කිරීම තමයි මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ …

ඒ වගේම නාගරික ජනාවාස ආශ්‍රිත කැලි කසළ මේ ජලමාර්ග වලට එකතු කරන එකත් ලොකු තර්ජනයක් වෙලා තියනව ..මළ ද්‍රව්‍ය බැහැරකරන නල ජල මාර්ග වලට හැරවීම, සේදුම්කාරක අඩංගු අප ජලය බැහැරකිරීම වගේ දේවල් තමයි ගොඩක්ම සිද්ධ වෙන්නෙ.

මේ විදියට දූෂණය වුණ ජලය පානය සඳහා සුදුසු තත්වයකට ගේන්න අධික පිරිවැයක් දරන්න වෙනවා…ඊට පස්සෙ බොරුවට කෑ ගහලා වැඩක් නෑ ජල ගාස්තු වැඩියි කියල ……ඒ විදියට අමාරුවෙන් පිරිසිදු කරලා එවන වතුරෙන් සීමාව ඉක්මවා වාහන සේදීම වගේ දේවල් කරනව නම් ඒ ගැනත් දෙතුන් පාරක් හිතලා බලන්න වෙනව….

මොකද යන්තන් වලකින් එකතු කරගත්ත බොර වතුර රෙදි කඩකින් පෙරලා බොන මිනිස්සු ඉන්න රටක අර තරම් අමාරුවෙන් පිරිසිදු කරලා එවන වතුර දූෂණය කරන්න කාටවත්ම අයිතියක් නෑ තමන්ට කොච්චර සල්ලි තිබුණා වුණත්…අපිට ඒ වතුර පොද හරි ලැබෙන්නේ ඈත ගම්වල මිනිස්සු විනාස නොකර ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන නිසා…සොබා දහමේ තියෙන්නේ ඒ වගේ අපූරු බැඳීමක්.
ඒ නිසා ඒක මානුෂීයව හිතලා බලන්න ඕනි කාරණාවක්……

මේ ලිපියෙන් වටිනා යමක් ලැබුණා නම් මං හිතනව අද ඉඳන් ඔයාලා බොන්න කියලා වීදුරුවට පුරවගත්ත වතුර එකේ බීලා ඉතුරු ටිකවත් වීසි කරන එකක් නෑ කියල ….නිකමට ගණන් හදලා බලන්න …වතුර ලීටරේක ගාණත් එක්ක ඔයා ඒ වීසි කරල තියන වතුර ටිකේ වටිනාකම….දිනකට දෙතුන් වාරයක් ගාණෙ මාසයක් තිස්සෙ කීයක් නාස්ති කරගෙන තියනව ද කියල …..

ඔව් ඔයා වතුර ගන්නෙ ළිඳෙන් වෙන්න පුළුවන් .නොමිලේම හම්බෙනව තමයි ..අන්න ඒ නිසා ඔයාට වටින්නේ නෑ…හැබැයි දවසක කෑ ගහන්න එපා ලංකාවෙ ගංගා මෙච්චරයි ඒත් අපිට වතුර නෑ කියල නම්…පොඩි භූ අභ්‍යන්තර වෙනස්වීමක් ඇති ළිඳක් හිඳිලා යන්න……..

=ඉශූ=

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “පෙට්‍රල් ලීටරයකට වඩා ලංකාවෙ වතුර ලීටරයක මිළ වැඩි වුණේ කොහොමද ?

  • February 8, 2018 at 3:59 pm
    Permalink

    ඉතාමත් වටිනා අදහස් ටිකක්..බොහෝමත්ම ස්තුතියි…!

    Reply
  • February 27, 2018 at 9:22 am
    Permalink

    thank you for ur great and topical article. we are on the red line right now. if we do nothing to save nature so we will come to end sooner.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *