ලාරා – හය

පොලිසිය ළඟ ඉස්සරහ පාර ළඟ බයික් එක නවත්තල කකුලක් බයික් එකට තියන් අං දිහා බලාගෙන ඉන්න කෙනා දැකලා මං ගල් ගැහුනා. ” දෙයිහාමුදුරුවනේ එයා ! “

මං ඇස් දෙක පිහදාලා ඔළුවත් ගසලා බැලුවා. ඒ හිටියේ එයා නෙවෙයි එයා වගේ වෙන කෙනෙක්. කොහෙන්දෝ ආපු මහා බර හුස්මක් මට හෙලුනා.

දෙනෝ දාහක් මැද්දේ මට මහා පාළුවක් දැනුනා. එයාව හොයලා හොයලා මගේ හිත මහන්සියෙන්ම මිරිකිලා හෙම්බත් වෙලා තිබ්බා. ආපු කඳුරුවෙල කොළඹ බස් එකට නැග්ගේ ඇස් වලට ආපු කඳුලත් ටිෂූ එකට තද කරන්. පොල් පටවන්න වගේ සෙනග බස් එක පුරෝලා හිටියා.

මාවත් හිරවෙලා තල්ලු වෙලා ගිහින් බස් එකේ මැද්දටම හිර උනා. මගේ වෙලාවටමද මන්දා මං අල්ලන් හිටපු ෂීට් එකේ මනුස්සයා පොතුහැරින් බැස්සා. මං දඩබඩ ගාලා ඉදගෙන ඉස්සරහ ෂීට් එකට අත් දෙක තියලා ඒ උඩින් මගේ ඔළුව තියාගත්තා. මට ඕන උනේ මගේ ඇස් වල කඳුළු හංගගන්න.

බස් එකේ සිංදු වගයක් දාලා තිබ්බා. මං හිමිහිට ඒ සිංදු වලට මගේ හිත යොමු කරා. වෙන බස් වල වගේ දඩබඩ සවුන්ඩ් එක එක්ක අඬන සිංදු නෙවෙයි දාලා තිබ්බේ. ” අපි මචන් ” සෙට් එකේ සිංදු වගයක්…

” මේ නගරය අළුත් වෙලා 

වැව් දිය රැලි ගිලන් වෙලා 

අත් අල්ලන් ඔහේ ඇවිද ගිය 

පටු මාවත් පුළුල් වෙලා…//

මේ නගරය අළුත් වෙලා… 

එදා අප දුටු පෙම්වතුන්

වෙලා අද හොද පිංවතුන්…//

අකුරු පොත් පත් පිරුණු අත්වල

 එල්ලිලා අද පොඩි පුතුන්…

පෙම් කරපු තැන් පුරුදු

 වසා සුවිසල් මැදුරු….//

 පෙම්වතුන් අද සිරවෙලා

පාළු කුටි වල අඳුරු… “

ඒ වෙද්දි බස් එක පොල්ගහවෙලටත් කිට්ටු කරලා තිබ්බේ. ඔද්දල් වෙලා තිබ්බ හිත ඩිංගක් විතර හරි ගියා කියලා මට හිතුනා. හැමදේම වෙනස්වෙන ලොකේ වෙනස් නොවෙන්නේ වෙනස්වෙන එක විතරයි කියලා මට කොහොදෝ ලියලා තිබ්බ හැටි මතක් උනා.

බස් එකෙන් බැහැලා මං කොහොලානට ගියේ කන්න මොනාහරි ගන්න. කොහෙන්දෝ ආපු බඩ ගින්නක් මට වදදෙන්න පටන් ගෙන තිබ්බා. ” ගඟුවෝ මේවා හරියන්නෑ, බත් එකක් තමා හරියන්නේ ” හිත එහෙම කියද්දි මං කොත්මලේ එකක් අරන් එක හුස්මට ඇදලා බීව්වා. කඩේ මිනිස්සු ඇස් කටේ තියාගෙන බලන් ඉන්නවා.

” යකෝ මං පිටසක්වල ජීවියෙක් වගේ කියලා හිතන්නේ මුං මගේ දිහා බලන්නේ? ” කඩේ මගේ දිහා ඔරවන් බලන් ඉදපු මිනිස්සුන්ට ගස්සලා මං අසංක අයියාගේ වීල් එකට නැග්ගා.

” ගෙදරට නේහ් “

” ඕල් බිජ් එකෙන් රයිස් එකක් අරන්, පීස් මෙයා “

රුපියල් පන්සීයක් දික් කරලා මං අසංක අයියාට කිව්වා. අසංක අයියා ගෙනත් දුන්න පාර්සල් එකත් අරගෙන මං පාරෙන් එහා පැත්ත බැලුවා. මා ඔය එක්ක එන හුළං පාර මට ගෙනාවේ මාර සැහැල්ලුවක්. ගෙදරට ඇවිත් මං ඉස්සෙල්ලාම කරේ නාගන්න එක.

මහ රෑ ආවත් නාන්න ඕන පුරුද්දක් මට තිබ්බා. නැත්නම් ඉන්න හිටින්න බැරිව මගේ ඔළුව කසන්න ගන්නවා. මට ඒක මහා වදයක් නිසාම මං හැමදාම නාන්න පුරුදු වෙලා හිටියා. නාගෙන පිජාමා එකකට මාරු වෙලා රයිස් එක දිගෑරගෙන මං ටීවි එක ඉස්සරහින් වාඩි උනා.

ඉන්දියන් ටෙලි මල අදෝනා බලන්න දෙයක් නැති කමට බල බල ඉද්දි ඒක ඉවර වෙලා ප්‍රවෘත්ති යන්න ගත්තා.

” මෙවර පලාත් සබා ඡන්ද විමසීමට නාමයෝජනා බාර දී තිබෙනවා. එයින් අපට අදහස් දැක්කු අපේක්ෂකින් කිහිප දෙනෙක්… “

” අපි රටක් විදියට එක්සේසත්ව එක්සිත්ව අපි මෙහෙම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නේ අපේ ආදරණිය රණවිරුවන් නිසයි. මේ ආණ්ඩුව මඟින් ඔවුනට කරන කෙනෙහිලිකම් අපි හෙලාදකිනවා… “

මං නිකමට ටීවී තිරය දිහා බැලුවා. ඒ දැකපු දසුනකින් මගේ කටේ තිබ්බ බත් ටිකත් ඉස්පොල්ලේ ගියා. බත් කෑම පැත්තකට දාලා වතුර බීලා මං ආයෙමත් දුවන් ආවේ ටීව් එක ගාවට. පියෝ ටිවි නිසා රිවයින්ඩ් කරන්න පුළුවන් උනා. මං ආයෙමත් අර රූප රාමු පෙල අරගෙන ප්ලේ බටන් එක එබුවා.

මං ටීවි ස්ක්‍රීන් එක දිහා බලන් හිටියේ එක ඇහිපිල්ලමක්වත් නොගහා. යන දේ මගේ ඇස් වලින් මගෑරෙයි කියලා මට හිතුනා. ” දෙයියනේ ඔයා…! එතකොට ” මට මොකුත්ම හිතාගන්න බැරිව මඤ්ඤං උනා කිව්වොත් හරි. කාලෙකින් ගඟුවා අම්බානකට අවුල් උනා.

” ඔයා මාව ඉම්ඹාටවත් මං මෙච්චරටම අවුල් උනේ නෑ. ඔයා #ලාරා එහෙම නැත්නම් #ලාවන්‍ය_රාකේෂ්_රණබාහු කියලා මං දැනන් උන්නානම්, මොකක්ද දෙවියනේ ඔයා මාත් එක්ක මේ කරපු ජරා සෙල්ලම ? ඇයි ඇයි අහිංසක මට මෙහෙම කරේ? ” මං ඇස් වලින් කඳුළු ගලාගෙන ගියේ සීමාවක් නැතිව.

” කුරුණෑගල ඉන්න අංක එකේ පාතාල නායකයා, ගංජා කුඩු හෙරොයින් මේ ඔක්කොම කරන ගනිකා මඩම් කරගෙන යන, ලාරාද මගේ නොයිදුල් දෙතොල් ඉඳුල් කරේ. අනේ දෙයියනේ මං කාටද මේවා කියන්නේ ? ” මගේ කටින් ඉකිය පිට උනේ හිතන්නත් කලින්.

” ලාරා කියන නම් මේ කන් දෙකට කොච්චර ඇහිලා ඇද්ද? ඒත් මං හරියට ලගට රෑපෙකින් දැකලා තිබ්බේ නෑ. ඔයා ලාරා වග දන්නවා නම් මං ළඟට එන්න හිතන්නෙවත් නෑ. ඒක තමා එදා එයාව දැක්කාම හැමෝම බය වෙලා වගේ ඉක්මනට එයාගේ වැඩ කරලා දුන්නේ ? ” මට හැමදාම එකින් එක මතක් වෙද්දි මගේ ඔළුව රිදුම් දුන්නා.

ඇස් දෙකෙන් පීල්ලකින් වගේ කඳුළු ගලද්දි ටීවි එකත් වැහලා ලයිට් එකත් ඕෆ් කරන් මං ඇදට වැටුනා. ඉවරයක් නැතුව ගලාගෙන ගියපු කඳුළු වැල් මගේ කොට්ටේ තෙත් කරන්න ඇති. මහා වෙලාවක් යනකල් මට නින්ද ගියේ නෑ. ඇස් දෙක වහ ගනිද්දි මට පෙනුනේ #ලාරාගේ ඇස් දෙක. ඒක මතක් වෙන වාරයක් ගානේ මගේ හිතම කඩා වැටුනා.

ඒ එක්කම තමා හිතාගන්නවත් බැරි විදියට මහා වැස්සක් වහින්න පටන් ගත්තේ. හිතේ දුක වේදනාව එක්ක දැනුන සීතලට මගේ ඇස් පියවෙන්න ඇති. මං උදේ ඇහැරෙද්දි උදේ හයට වගේ ඇති. ඊයේ රෑ පටන් ගත්තු වැස්ස තාමත් නැවතිලා තිබුණේ නෑ. ඊයේ වැස්ස පටන් ගද්දි රෑ දහයට එකොළහට විතර ඇති. ඒ වැස්ස වෙනස් නොවි නොනවත්වාම වහින්න ගත්තා

එතකොට තමා විදර්ශන අයියා කෝල් කරලා කිව්වේ අපේ කොන්සට් එක දින නියමයක් නැතුව කල් ගියා කියලා. මට ඒක නිසා මගේ හිතට දැනුනේ නම් මහා නිදහසක්. මොකද කොන්සට් එකේ මගේ රෝල් එක කරන්න තරම් නිදහසක් සැහැල්ලුවක් මගේ හිතට තිබ්බේ නෑ. ගඟූ හිටියේ හොදටම අවුල් වෙලා.

කොහෙන්දෝ ආපු බඩගින්නක් දැනෙද්දියි මං දැක්කේ වෙලාව උදේ දහයටත් ළඟයි කියලා. මේ මල වැස්සේ මං කොහොමද කඩේකටවත් යන්නේ. බාත් රූම් එකට ගිහින් මූණ කට සෝදලා මං කුස්සියට ආවේ මොනාහරි උයන්න. දොර අරිද්දි මං දැක්කේ කුස්සිය පැත්තේ මිදුල ඉස්සරහ හතු තුන හතරක් හැදිලා තියෙනවා. කුඩෙත් ඉහලන් මං වැස්සට පැනලා හතු ටික කඩාගෙන වතුර එකකට දැම්මා.

කැඩිච්ච සම්බා හාල් වලට හතු හාල්මැස්සෝ එක්ක තෙල් දාලා පරිප්පු හදලා ගොටුකොළ මිටිය සම්බෝල හදන්න මං හිතුවා. හතු ටිකේ නූල් ඇරලා තක්කාලි ගෙඩියකුත් එක්ක අනික් කලමනා දාලා මං ඉදෙන්න ගෑස් ලිප උඩින් තිබ්බා. එතකොටම මගේ ජංගමිය දුක හඬලන්න ගත්තා. කවුද යකෝ මේ වෙලාවේ….

හමුවෙමු හත කොටසින්

#නදී


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

5 thoughts on “ලාරා – හය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *