ලාරා – අට

❤ ලාරා ❤

අට

” මට බඩගිනි බබා “

පුංචි එකෙක් අම්මාට කියනවා වගේ මගේ කනට කොඳුරලා කියද්දි මොකක්දෝ හැඟීමකින් මගේ හිත ඇඳුම් කෑවා. මගේම දෙයක්, මගේම කෙනෙක් අසරණ වෙලා ඉන්නවා වගේ මට දැනුනා. මං ඉක්මනට නැඟිට්ටේ බත් බෙදාගෙන එන්න.

ඒත් ලාරා මගේ අතින් ඇද්ද විදියට මාව නැවතුනේ ලාරාගේ නිරුවත් බුල් පිරුන පපුවේ. මට දැනුනේ මුදු පිරිමි සුවඳක්, හරියට මං ආදරෙන් කැමැත්තෙන් විදින්න කැමති, කාලෙක ඉදන් හුරුපුරුදු සුවඳක් වගේ මට දැනුනේ.

” වචනයක් කතා නොකර හිටියාට උඹේ ඇස් දෙක නම් මහා ආදරේ හිතෙන කතාවක් කියනවා බං “

ලාරා එහෙම කියද්දි මගේ කම්මුල් වලට ලැජ්ජාවෙන් ලේ පිරෙනවා මටම දැනුනා. ” මං ඇත්තටම ලාරාට ආදරේ කරනවාද? ” මං මගේ හිතෙන් ඇහුව්වා. ඒත් හිතත් නිකන් උන්නේ මං වගේම අන්දමන්ද වෙලා.

” ඇස් දෙක ලොකු කරගත්තේ නෑ කියන්නද? උඹට බොරු කරන්න බෑ බං නංගි. ඒ නිසාද ඊයේ කුරුණෑගල ටවුන් එක පීර පීර මාව හෙව්වේ ? “

ඇහිබැම උඩට කරලා කටත් ඇද කරලා ලාරා ඇහුව්වේ කට කොනකින් හිනාවෙන ගමන්, මට හුස්ම නැවතුනා වගේ දැනුනා. ” එතකොට ලාරා කොහෙට හරි වෙලා මං ගැන බලාගෙන ඉදලා තියෙනවා ” එහෙම හිතද්දි ලාරා ගැන මට දැනෙන හැඟීම තවත් වැඩි වෙලා දැනුනා.

” මං එච්චර හොයනවා දැකලාත් ඇයි ලාරා මට පේන්න ඊයේ නාවේ ? ” මගේ හිත මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර මගේ ළඟම නෑ.

සම්බා හාල් එක්ක හතු තෙල් දාල පරිප්පු ගොටුකොළ සම්බෝල එක්කලා මං පිඟානකට බෙදාගෙන වතුර එකකුත් එක්ක ලාරාට දුන්නා. ඒත් එයා බත් එක මේසේ උඩින් තිබ්බා මිසක් ඇහැක් ඇරලා බැලුවේ නෑ. මට පව් කියලා හිතුන නිසා බත් එකක් අරගෙන සෙටියෙන් වාඩි වෙද්දි ලාරා ඇවිත් මගේ ඉස්සරහ ඉදගත්තා.

බත් කටක් අනලා කට ළඟට ළං කරද්දි ලාරා කට ඇරියේ පුංචි එකෙක් වගේ. හූස් හූස් ගාලා කළු පෙරාගෙන කන ලාරාව දැක්කාම මට හිනායන්නත් ආවා.

” මහ ලොකු චන්ඩියා, ඒ උනාට මොකද මිරිස් සැරට බත් ටිකක් කන්න බෑ ” මගේ දෙතොලට යන්තම් හිනාවක් එන්න ඇති.

” උඹ මට හිනාවෙනවා නේද ඉබ්බි ? මහ ලොකු චණ්ඩියා, මිරිස් සැරට බත් ටික කාගන්න බෑ කියලා. “

ලාරා එහෙම අහද්දි නම් මගේ ඇස් ගැස්සුනා. මං හිතපු දේ කොහොමද ලාරා හරියටම දන්නේ කියලා මට හිතුනා. මං ලාරාගේ මූණ දිහා හොදට බැලුවා. එයාගේ ඇස් තිබ්බෙත් මගේ මූණෙමයි.

” මං නැතුව උඹේ හිත කවුද වෙන තේරුම් ගන්නේ බං? “

මාව එයාගේ පපුවටම තද කරගෙන ලාරා අහද්දි මගේ පපුව හයියෙන් ගැහුනා. ලාරාගේ පපුවෙන් එන උණුසුමට මං මහ හුඟාක් ආදරේ කරා. ඒත් ඊට පස්සේ වෙන දේ මං හොදටම දන්න නිසා හිස් පිඟානයි වතුර වීදුරුවයි අරගෙන නැගිටලා කුස්සියට ආවා.

ලොකු බඩගින්නක් මට දැනුනාට මගේ තොල් දෙකම මීමැස්සෝ කාලා වගේ ඉදිමිලා. හතු වලට මිරිස් ටිකක් වැඩියෙන් දාපු නිසා මට දැන් කොහොමත් කන්න බෑ කට දන්න ගන්නවා.

අත සෝදගත්තාට පස්සේ තමා මට මතක් උනේ ෆ්‍රිජ් එකේ තියෙන චොක්ලට් කේක් එකයි ලාරා අරන් දුන්න අයිස් කෝෆි එකයි. චොක්ලට් කේක් එකෙන් කෑල්ලක් කපාගෙන කන ගමන් අයිස් කොෆී එක බිලා මං සාලේට ආයෙමත් ආවා.

සෙටිය උඩම පොඩි එකාට වගේ ලාරාට නින්ද ගිහින් තිබ්බා. ඇදට ගිහින් දාන්න ඕන උනත්, මේ පතබරියම්ව මං කොහොමද ආම්බාන් කරන්නේ? ” ගඟූ උඹේ හොදට තියෙන කොන්ද කඩාගන්න මඟුලක් තමා ” මගේ හිත මටම කිව්වා.

මං සෙටිය ළඟ පුංචි ටිපෝ එකින් ඉදගත්තේ ලාරාගේ මූණ දිහා බලාගෙන. කවදාවත් නොදැකපු විරාගික ලස්සනක් ලාරාගේ මූණෙන් මං දැක්කා. මං ලාරාගේ මූණ දිහා බලාගෙන කොච්චර වෙලා හිටියාද කියන්න මට මතක නෑ.

මගේ මුළු හිතම ලාරාගේ සුවඳින් පිරිලා තිබ්බා. අපි ඉන්නේ මගේ ගෙදර කියනෙක පවා මට ඒ වෙද්දි අමතක වෙලා තිබ්බා. ගෑණු ළමයෙකුට වටිනාම දේ එයාගේ ආත්ම ගරුත්වය. ඉස්සර මහ ලොකුවට හිතපු ගොඩාක් දේවල් දැන් මං එතකොට අමතක කරලා දාලාද කියලා මට හිතුනා.

ගමේ කවුරුහරි දැක්කානම් හෙට ඉදන් ගඟූ මේ ගෙදරින් එළියට බැහැලාත් ඉවරයි කියලා මගේ හිතට මතක් වෙද්දි මගේ ඇස් වලට කඳුළු උනලත් ඉවරයි. ඒ කොහොම උනත් මං කොහොමද ලාරාව පන්නන්නේ? ඇයි මං ලාරා ගැන මෙච්චර හිතන්නේ? ලාරා මගේ කවුද ? මගේ හිතේ ඇති උන ප්‍රශ්න ගොඩටම උත්තර එකක්වත් මගේ ළඟ තිබ්බේ නෑ.

” ගඟූ උඹ වගේ පුංචි කෙල්ලෙක් පස්සෙන් ලාරා වගේ කොල්ලෙක් ඒවිද? ලාරා කියන්නේ මං දැකපු හැන්සම්ම පිරිමියා. එයා ඒ තරන් ඩීසන්ට් ලුක් එකක් තියෙන කොල්ලෙක්. එතකොට මං ? ” මං කණ්නාඩිය දිහා බලාගෙන කල්පනා කරා.

මැගී නුල්ලිස් වගේ පොකුටු දිග කොන්ඩේ, මූණට වඩා ටිකක් ලොකු ඇස් දෙක, දඟ හුරතල් මූණ?? මං කැතද ?? මං කණ්ණාඩියෙන් ඇහුව්වා. ගඟූ කැතයි කියලා කවුරුත් කියලා නෑ. හැබැයි ගඟූගේ මැගී නුල්ලිස් කොන්ඩේට නම් කොල්ලෝ සෑහෙන්න ආසා කරා.

පොඩි කණ්නාඩි කෑල්ලකුත් අරන් මං ලාරා ළඟට ගියා. මං බැලුවේ ලාරාට මාව ගැලපෙනවා ද කියලා. ” අලියෙක් ළඟ කූඹියෙක් ! නේහ් බං ගඟුවෝ ” මගේ හිත ඒ අස්සේ බක බක ගගා හිනාවෙන්න ගත්තා. ඇත්තනේ දෙයියනේ, ලාරා හරියට යෝදයෙක් වගේ.

අඩි හයකට වඩා උසයි. ඒ තරමට මහත. වේට් කරලා හදාගත්තු ඇඟ. කෙල්ලෝ කොච්චර ලාරා පස්සෙන් එනවාද දන්නෑ. මගේ හිතේ ඉරිසියාව දෝර ගලා ගියා. කවුරුත් කැමති නෑනේ අන්තඃපුරේක අන්ඟනාවක් වෙන්න.

මං කියලා වෙනසක් නෑ, ගෑණියෙක් ළඟ තියෙන ගෑණුකම ඕනවටත් වඩා මගේ ළඟ තියෙනවා. ලාරා කාටවත් දෙනවාට වඩා මං මැරෙන එක හොදයි කියලා මට තේරුම් ගියා. කෙල්ලෙක්ගේ හිතට ආදරයක් ආපුහම ඒ ආදරේ ඒ කෙල්ලගේ මුළු ජීවිතේම වෙනවා. ඒකිගේ මුළු ආත්මයම අර කොල්ලා.

ඉතිං කෙල්ලෝ කොච්චර මෝඩ ගොං වැඩ කරනවාද? තමන්ගේ මුළු ජීවිතේම අර කොල්ලාගේ අතින් තියෙන්නේ ආදරේ නිසා. ඒත් ඒ ආදරේ විදින පිරිමි නම් හරියට අඩුයි. ඒ අතින් ලාරා. මගේ ගෙදරට ඇවිත් සනීපෙට නිදි.

වෙන කෙනෙක් එහෙම උනානම් ගඟූ උඹේ ලොඳවත් ඉතුරු වෙන්නෑ. ඒක නම් හොදටම තේරුම් ගත්තා. එහෙම හිතද්දි මට ලාරා ගැන දැනුනේ කියාගන්න බැරි ආදරයක්. ඒ ආදරයෙන්ම මං හිමිහිට එයාගේ පපුවට බර උනේ දෙතොල සිපගන්න. ඒත් ඒ හැමදේටම කලින් ලාරාගේ අත් දෙක මගේ බඳ වටා ගිහින් මාව බදාගෙන එයාගේ දෙතොල් වලින් මගේ දෙතොල් අල්ලගත්තේ මං හිතන්නත් කලින්.

හමුවෙමු නවය කොටසින්

#නදී

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “ලාරා – අට

  • October 28, 2018 at 8:38 pm
    Permalink

    Lassanai godak.ikmanatama dannako kathawa

    Reply
  • November 6, 2018 at 11:05 pm
    Permalink

    Ane laara nathuwa mata pissu hedila hitiye.hemadama hoyanawa avith oya kathawa daalada kiyala.eth kalekin kathawa dekkata passenam maarama fit hodada thanx hodadaa eth goda dawak gannethuwa ikmanata liyannako nadiyoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *