ලාරා – නමය

❤ ලාරා ❤

නමය

මගේ දෙතොල එයාගේ දෙතොලින් මුදවගන්න ගමන් ලාරා මගේ දිහා බැලුවා. මගේ මූණට අළුතින් ලේ ගලලා මාව ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා ඇති කියලා මටම හිතුනා.

බිම බලාගෙන හිටපු මං හොරෙන්ම ලාරා දිහා බැලුවා. ඒ මූණේ තිබ්බේ නෝන්ඩි හිනාවක්. ” ඇයි දෙයියනේ මාව මේ තරම් නෝන්ඩි කරන්නේ ?

මේ මෝඩයා කට කාලා බත් ටිකක්වත් කාගන්න බැරිව හිටපු මට මොකද උනේ ලාරාගේ මූණ දැක්කාම ? ” ඒක මටවත් තේරුම් ගන්න බැරි උනා. මං ලාරාගේ පපුවෙන් ඈත් වෙලා දුවන්න හැදුවත් ලාරා ඇදපු ඇදිල්ලට මාව නැවතුනේ ලාරාගේ පපුව උඩමයි.

ලැජ්ජාව හින්දාම මම ලාරාගේ මවිල් පිරුණ පපුවේ මූණ හංගගත්තා. හිමිහිට මගේ කෙස් අස්සෙන් ලාරාගේ දිග ඇඟිලි යනවා එක්කම මගේ නලලට ලාරාගේ දෙතොලේ වගේම හුස්මක පහසත් දැනුනා. කෙල්ලෙකුට කොල්ලාගේ පපුව තරම් වෙන වටිනාකමක් තියෙන්නේ කොහෙද ඉතිං.

උස නැතත් ඒ පපුවට බරවෙලා ඉන්න කෙල්ලො හරි ආසයි. ආදරේ කරන පිරිමියාගේ ලබ්ඩබ් ශබ්දය අහගෙන තුරුල් වෙන්න කොයි කෙල්ලද අකමැති. ඒක සොඳුරුතම ආසාවක්, අහිංසක හැඟිමක්. ලාරාගේ පපුවේ හුස්ම අල්ලන මාව අල්ලගත්තු ලාරා මාව හයියෙන් එයාගේ පපුවට තෙරපවා ගත්තා.

කෙල්ලෙක් ආශාවෙන් කැප කරන පිරිසිදු කම උනත් ලාරාට මගෙන් මේ මොහොතේ ගන්න බැරි කමක් තිබ්බේ නෑ ලාරාට. මොකද ඒ පැය ගානට ලාරා මගේ ජිවිතේ ලේ අංශු වලට පාවා බද්ද වෙලා තියෙනවා මට දැනුනා.

සුසුම් අංශු වලින් දැනෙනේ ලාරාගේ හුස්ම කියලා හිතන්න තරම් මං ලාරා ගැන උමතු වෙලා තිබ්බා. ගැහැණියක් පිරිමියෙක් වෙනුවෙන් උමතු වෙන්නේ ජීවිතේ එක පාරයි. හරි හෝ වැරදි ඕනම කෙල්ලෙක් බලන්නේ ඇගේ ආදරේ තරම පෙන්නලා දෙන්න.

කීකරු පූස් පැටියෙක් වගේ ආදරේ කරන කෙනාගේ පපුවට වෙලා උණුසුම් වෙන්න. ඒ හුරතල්කම ආදරේ ලාරාගෙන් මං හොයනවා කියලා මටම තේරුම් ගිහින් තිබ්බා. මගේ මැගී නුල්ලිස් කොණ්ඩේ අස්සෙන් ලාරාගේ දිග ඇගිලි එහෙට මෙහෙට වෙද්දි මට දැනුනේ මහා සනීපයක් !

මං එහෙම්ම ඇස් පියාගත්තේ ඒ සනීපයට මගේ ඇස් පිය උන නිසාමයි. මහා හෙන ගෙඩියක ශබ්දයට මං උඩ ගිහින් ඇහැරෙද්දි මං හිටියේ සෝෆා එක උඩ. මට බදාගන්න කොට්ටයක් මගේ අත් ඇතුලේ තිබ්බා.

ඊට පස්සේ මගේ ඔළුවටත් කොට්ටයක් තියලා තිබ්බා. ඒත් මගේ ළඟින්ම හිටපු ලාරා කෝ ? සෝෆා එකෙන් බිමට පැනලා මං ගේ පුරාම ලාරා හෙව්වා. ලාරාගේ ඇඳුම් එයාගේ සපත්තු අර අලි බෑග් එක ඒ හැමදෙයක්ම අපේ ගෙදර කොහෙවත් තිබ්බේ නෑ. අඩුම තරමේ මං වෙනුවෙන් ලිය උන ලියුම් කෑල්ලක් තියෙනවා ද කියලා හැම තැනම බැලුවා. ඒත් එහෙම මොකුත්ම තිබ්බේ නෑ. මං ඉක්මනට ෆෝන් එක බැලුවේ මැසෙජ් එකක් හරි එවලා ඇති කියලා බලන්න.

ඒත් ලාරාගෙන් එක මැසෙජ් එකක් නෑ. වස්සැප් වයිබ ඉමෝ චැට් එකක්වත් නෑ. ලාරාගේ ෆෝන් එකට ගත්තාත් ෆෝන් එක වැඩ තිබ්බේ නෑ. ගත්තු හැම පාරටම මට හම්බ උන උත්තරේ ” ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත ” කියලාමයි. ” එතකොට ලාරා ආවේ නැද්ද? මං ලාරා ගැන පිස්සුවෙන් හිතන හින්දාම මං හීනයක්වත් දැකලාද? ” අප්සට් හිතත් කරපින්නාගෙන මං මගේ කාමරේට ආවා.

ක්‍රීම් පාට අලි ටෙඩියාගේ උකුලෙන් ඔළුව තියාගද්දි කොහෙන්දෝ ආපු කඳුලක් මගේ කම්මුල් තෙත් කරා. ” ගඟූ උඹ යන්නේ මිරිඟුවක් පස්සේ, ලාරා වගේ කෙනෙක් උඹ වගේ දෙකයි පනහේ කෙල්ලෙක් එක්ක එෆෙයා එකක් තියාගන්නේ උඹට ආදරේට නෙවෙයි ගඟූ. ඌට ලව් කරන්න ඕන තරම් සල්ලි තියෙන ලස්සන කෙල්ලෝ ඉන්නවා ගඟූ. උඹ හරකියක් වෙන්න එපා ” මගේ හිතම මට එහෙම කරද්දි දැනුනේ මට මහා කේන්තියක්.

ළඟම තිබ්බ කොට්ටේ මං දමලා ගැහුව්වේ ඩ්‍රෙසින් ටේබල් එකේ වීදුරුවට. එතකොටම මට මතක් උනේ ලාරා ඉඹලා ඉදිමුන මගේ තොල් ගැන. මං දඩබඩ ගාලා ඇදෙන් බැහැලා ඩ්‍රෙසින් ටේබල් එක ළඟට ගියා. ලාරා ඉඹලා ඉදිමිලා තිබ්බ මගේ දෙතොල මට කණ්නාඩියේ ප්‍රතිබිම්බය විදියට පෙනුනා.

ඉස්සෙල්ලාම තරමට නැතත් සාමාන්‍ය ඉදිමුවක් මගේ දෙතොලේ තිබ්බා. ලොකු හුස්මකින් හිත පුරවගෙන කොට්ටෙත් අරන් මං ආයෙමත් ඇදට පැන්නා. මගේ ටෙඩියාගේ උකුලේ ඔළුව තියාගන්න ගමන් මං අනික් කොට්ටේ බදාගත්තා. ” එතකොට ලාරා අපේ ගෙදර ඇවිත් , මං දැකලා තියෙන්නේ හීනයක් නෙවෙයි ” මං මටම කියාගත්තා. සතුටු වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරිව මං ඔහේ කල්පනා කරා.

” මේ දවසට දෙකට ඔයා ගඟූගේ ජීවිතේ කොච්චර වෙනස් කරාද ලාරා?  එදා මට ඔයා කිව්වේ ඔයාගේ ඇත්ත විස්තර කියලා මාව බය කරන්න බයයි කියලා. ඒත් ලාරා මං ඔයාගේ ඇත්ත දන්නවා ” සීතල කඳුලක් කොට්ටෙ රූරගෙන වැටෙනවා මට දැනුනා. ” ඒත් මං ඔයාව හිතින් ඈත් කරනකල් ඉදලා ආයෙමත් ඇවිත් මගේ හිත ඔයා ළඟට ගන්නේ ඇයි ලාරා ?

ඔයා මැරෙයෙක්, චණ්ඩියෙක්, පාතාලේ නායකයෙක්, හෙට අනිද්දා මන්ත්‍රී කෙනෙක්. එහෙව් එකේ මේ දුප්පත් ගඟූව ඔයාට මොකටද ලාරා ? ” මගේ හිතේ ප්‍රශ්න පත්තරයක් ගොඩ ගැහුනත් ඒවට උත්තර මං දැනන් හිටියේ නෑ. මං වගේ අසරණ කෙල්ලෙක් පස්සෙන් ඇයි ලාරා මෙච්චර පන්නන්නේ කියන එක මට තේරුම් ගන්න බැරි උනා.

” මොකටද ඉතිං ඌට ඕන දේ කරගන්න ” මගේ යටි හිත තරහෙන් කෑගැහුව්වා. ” නෑ ලාරාට එහෙම ඕන නම් අද ඒකට හොදටම චාන්ස් එකක් තිබ්බා. අඩුම තරමේ ලාරා මගේ ඇඳුමකට අතක් තිබ්බේ නෑ. එතකොට එයා මට ආදරෙයි ද? නැත්නම් එයා මාව ප්‍රයෝජනයට අරන්ද? ” මට මහා දිග හුස්මක් හෙලුනා.

මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි හිමි නැතත් ඔයා ඉතිං මම තවත් ඔබේ ළඟයි….

ඔය සුසුම් පවන් වැදි – නෙතු පියන් සැලේ රිදි ඔබ ගොළුයි සිතත් නිදි – ඔබව තාම මටද හිමි….

ඔය හිතින් පිදු පෙමින් – ඇත දහස් ගනන් පැතුම් ඔබ ගියත් මගේ ළඟින් – මගේ හිතත් යන්න අරන්…. “

චාමරගේ සිංදුව මමත් නොදැනිම මට කිය උනා. ඒක කොච්චර ගඟුගේ ජීවිතේට බද්ද වෙලාද කියලා මටත් තේරුම් ගන්න බැරි උනා. අමතක කරන්න හිත හදාගද්දිම ආයෙමත් ඇවිත් මතක් කරලා දීලා විතරක් නම් මදැයි, මහා මතකයන් ගොඩාක් දීලා යන ලාරාගේ හිත ගැන මට හිතාගන්න බැරි උනා.

” මගේ ස්විටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං මම ඔයාට ආදරෙයි ලොවෙත් නැති තරම්… “

නින්ද ගිහින් හිටපු මං උඩ ගිහින් උඩම හිටියා. මොකක්ද යකෝ ඒ අළුගුත්තේරු කතාව. කවුද කාටද එහෙම කියන්නේ? ඌ නම් ලව් කරලා ඉස්පොල්ලේ ගිහින් ඉස්මුරුත්තා වෙච්ච ඩෑල් එකක්ද කොහෙද? නැත්නම් ඔහොම මීහරක් කතා කියයි යෑ.

අලිපත ඈනුමක් ඇරලා මං ආයෙමත් මුනින් අතට හැරිලා කැඩිච්ච නින්දේ ඉතුරු ටිකකට සෙට් උනා. ඒත් ඒ නිදාගන්න උනේ තත්පර ගානක් විතරයි.

” මගේ ස්විට් කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං මං ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්… “

ආයෙමත් ඒ අදෝනාව ඇහුනා. මං අමාරුවෙන් ඇස් ඇරලා කාමරය පුරා බැලුවා.  ඒත් සද්දේ එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බැරි උනා. අන්තිමට අතපත ගාලා බලද්දි තමා අතට අහු උනේ මගේ ෆෝන් රාජයා. මේකද යකූ මෙච්චර වෙලා ඇඬලුවේ….

හමුවෙමු දසවෙනි කොටසින්
#නදී

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “ලාරා – නමය

  • November 8, 2018 at 9:59 am
    Permalink

    Godak dawas ganne nathuwa dawasaganema kathawa denna bareda? Godak lassanaine.nadeege katha.

    Reply
  • November 8, 2018 at 2:00 pm
    Permalink

    Superb nadeee hemadamath wage

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *