ලාරා – දහය

❤ ලාරා ❤

දහය

නොදන්න නම්බර් එකකින් ආපු කෝල් එක දිහාවත් මං නොබලා සම්පූර්ණයෙන්ම ෆෝන් එක ඕෆ් කරලා දැම්මා. වැස්ස නිසා දවස් තුනකට කල් ගිය අපේ කොන්සට් එක අද තියෙනවා. වෙලාව පාන්දර පහත් වෙලා.

මං අලිපත ඈනුමක් අරින ගමන් ඉක්මනට නැගිට්ටා. ඊයේ වැටුන තැන නින්ද ගිහින් හිටපු මං ගෙදර මොකුත්ම වැඩක් කරලා තිබ්බේ නෑ. දඩබඩ ගාලා ගෙදර වැඩ ටික ඉවර කරලා මං ලෑස්ති උනේ කොන්සට් එකට යන්න.

තරුණසේවා සබාවට අද ඉන්න ඔක්කොම දේශපාළුවෝ එයි. ” ඊයා ජරා සත්තු, මට ඕකුන් පේන්න බෑ. පත්වෙන්න කලින් නම් හම්මේ බලන්න එපැයි අපි ළඟ දන ගහන හැටි. ඊට පස්සේ උන් පත් උනාම අපි එපැයි දෙකට නැමිලා උන්ට දන ගහන්න. කරන ඉටිගෙඩියක් නෑ. අපේ මොල දන්ඩ කනවා මිසක් ” මගේ හිත පිස්සුවෙන් වගේ ඔහේ බහු භූත හිතනවා.

ක්‍රීම් පාට ඩෙනිම් එකට ලා කොළ පාට ටොප් එක ඇදන් මං මැගී නුල්ලිස් කොන්ඩේට හයි පෝනිටේල් එකක් දාලා මගේ නයි මල්ල කරේ එල්ල ගත්තා. තාත්තාගේ කාමරේ ලාච්චුව ඇරියේ මගේ අතේ සල්ලි නොතිබුන නිසාමයි. රුපියල් පන්දාහේ කොලයක් අතට ගද්දි ලාච්චුව කෙරවලේ ෆොටෝ එකක් වගේ දෙයක් තියෙනවා මං ඡායාවක් වගේ දැක්කා.

වහපු ලාච්චුව ආයෙමත් ඇරලා මං බැලුවා. මගේ තාත්තා එක්ක හිටියේ කවුදෝ මන්දා සුදු පාට ගෑණියක්. පොෂ් ලුක් එකක් තියෙන ලොකු නෝනෙක් වගේ. ” මේ මගේ කුඩම්මාද දන්නෑ. ” තරහින් හිතන ගමන් මං ඒ ෆොටෝ එක තාත්තාගේ අල්මාරිය ඇරලා ඇතුලට විසික් කරා. දොර වහලා යතුර සාක්කුවට දාගෙන අපේ ගෙවල් වලට හැරෙන අතුරු පාර දිගේ ඇවිදන් එද්දි කන්ද උඩ තිබ්බේ අළුත්ම වර්ගයේ ඇල්ටෝ එකක්.

අමුතුම නිල් පාටක් තිබ්බ ඒ ඇල්ටෝ එක මාර ගති. මාත් ඒක දිහා බලාගෙනම කන්ද නැගලා කාර් එක පාස් කරද්දිම ඒ කාර් එක ඇරුනා. කාර් එකෙන් බැස්සේ හයේ හතරේ පොරක්. ” මේ මොකාද යකෝ මේ? ” මං මගෙන්ම අහලා ඌව නොදැක්කා සේ යන්න හිත හදාගත්තා.

” මැඩම් “

අහස ගොරවනවා වගේ සද්දයක් ඇහෙද්දි මං අනික් පැත්තට හැරුනා. අර තඩි පොර මගේ දිහා බලලා කාර් එකට නගින්න කිව්වා.

” මූට පිස්සුද නැත්නම් හැටිද මඟුල. මං ලාරාගේ කෙල්ල මිසක් ඌගේ කෙල්ල යෑ ඌට ඕනි විදියට ඉන්න. ” එහෙම හිතලා ගස්සලා මං එන්න ආවා.

” මිස් කාර් එකට නඟින්න. මට බොස්ගෙන් මැරුම් කන්න බෑ මිස්ව තනියෙන් යවලා. “

” හෑ යකූ මූට නුහුගුණේද? මොකාද දන්නෑ මූගේ බොස්…? ” මං කල්පනා කරද්දි මගේ ඔළුවට මොකක්වත් ආවේ නෑ. ” මූව එවලා තියෙන්නේ ලාරාවත්ද? ” මගේ හිතට එහෙම හිතෙද්දි නම් මොකක්දෝ කියාගන්න බැරි සතුටක් දැනුනා.

” බොස් මිස් වාහනේට නගින්නෑ, මං කොච්චර ටෝක් කරාද? බොස්ම කිව්වා නම් තමා හොද “

අර තඩියා ෆෝන් එකෙන් කාටදෝ කියවනවා මට ඇහුනා. ඒ එක්කම තමා ඌ ෆෝන් එක මගේ කනේ තිබ්බේ. මං ඇයි කියලා ඇස් වලින් ඇහුව්වා ඌගෙන්.

” මිස්ට අපේ බොස් කතා කරනවා ” ඌගේ අතින් මං ෆෝන් එක අතට අරන් දිග හුස්මක් හෙලුවා. කවුද මේ බොස් කියලා මගේ හිතින්ම අහන ගමන් මං කතා කරන්න හිතුවා.

” නංගි බබා ” ඒ වචන දෙකෙන්ම මං කවුද කියලා අඳුරගත්තා.

” ලාරා ඔයා ” මගේ මූණට හිනාවක් එන්න ඇති. මූණේ මස්පිඩු එහේ මෙහේ වෙනවා මට දැනුනා. ඒත් මං ලාරා එක්ක එක වචනයක් කතා කරේ නෑ. හයියෙන් හයියෙන් හුස්ම ගත්තා මිසක්කා.

” ඔයා සීනා එක්ක යන්න. ඔයාව ඇරලන්නත් සීනා එයි. ඔයාට ඕන දෙයක් සීනාගෙන් ඉල්ලගන්න. ඔයා ඔය ගෙදර තනියෙන් ඉන්නවාට මං කැමති නෑ බබා. අද සීනා ඇග්නස් ආච්චි එක්කන් එයි. එයාගේ පඩිය ගැන ඔයා හිතන්න එපා මං බලාගන්නම්. එතකොට කීල්ස් එකට ගිහින් ගෙදරට ඕන බඩු ඔක්කොම හවසට ගන්නෝන හොදද? ෂෝටිස් විතරයි කන්නේ, මගේ අතකට මදි “

” ඊයේ කොහෙද ගියේ ? ” ලාරාගේ කියවිල්ල ඉවර වෙනකල් ඉදලා මං ටිකක් තදින් ඇහුව්වා. ඒකට උත්තරයක් දෙනවා වෙනුවට ලාරා හයියෙන් හිනා උනා. මට දුක හිතුනා.

” මං තියනවා “

” හෝව් හෝව් බබා, කොහෙද මේ කොච්චි කරල එක්ක බෑනේ ඉතිං. ඊයේ හදිස්සිම වැඩකට යන්න උනා. මගේ පපුව බදාගෙන පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉද්දි මං බොහෝම අමාරුවෙන් සෝෆා එකේ නිදිකරේ. මං යන්නම ඕන නිසා “

” මැසෙජ් එකක් හරි දාන්න තිබ්බා මට “

” නැගිටලා මාව හෙව්වාද? සොරි වෙන්නොන බබා. ආයේ එහෙම වෙන්නෑ මං ඔයා ගැන හොයලා බලනවා. ආයේ මැසෙජ් එකක් හරි දාන්නම්. අදට මට සමාවෙන්න. හාද “

” හා “

” සීනා ඔයාට ෆෝන් එකක් දෙයි. ඔයාට ඕන දෙයක් මට ඒකෙන් කියන්න. මගේ ෆෝන් එක වැඩ නැති උනත් පැයක් දෙකක් ඇතුලත මට ඔයාගේ මැසෙජ් එක ලැබෙනවා හොදද? දැන් පරිස්සමට කොන්සට් එකට ගිහින් ගෙදර යන්න හොදේ “

” ඔයා අද එන්නැද්ද? ” ඒ වචන තුන අහන්න මං කොච්චර දුක් වින්දාද? ලාරා නොබලා ඉන්න බැරි තැනට මාව පත්වෙලා. දවස් දෙක තුනට ලාරා මගේ ජීවිතේ වෙලා. ඇඬෙන්න ඕන්න මෙන්න ඇහුන මගේ කටහඬට ලාරාට දුක හිතෙන්න ඇති. ඒකනේ ඒක ලොකු හුස්මක් පහල දැම්මේ.

” මං ඔයාව බලන්න ඉක්මනට එන්නම් බබා. මටත් ඔයාව නොබලා ඉන්න බෑ. ඒත් මං මේ වැඩේට යන්නම ඕන “

” මාවත් එක්කන් යන්නකෝ ” මගේ කටින් ඒ වචන පැන්න හැටි මට තාම පුදුමයි. මගේ හිත කොච්චර ලාරාව හොයනවාද කියන්න වෙන වචන ඕන නෑ කියලා මට හිතුනා. පුංචි හිනවක් ලාරාගෙන් ඇහුනා.

” මං කවුද කියලා ඔයා දන්නවා ඇති ගඟූ. මගේ හැමදේටම ඔයාව එක්කන් යන්න බෑ. ඒක ඔයා තේරුම් ගන්න ඕන. සාමාන්‍ය කොල්ලෙක් වගේ ඔයාගේ ජීවිතේ හුරතල් වෙවි ඉන්න මට කාලේ මදි නංගි. ඔයා දැන් පරිස්සමින් යන්න බුදු සරණයි ! “

මං මොනාවත් කියන්නත් කලින් කෝල් එක කට් වෙලා ගියා. ෆෝන් එක සීනා අතට දුන්නාම සීනා මට පිටිපස්සෙන් කා එකේ දොර ඇරලා දුන්නා. මං මොකුත්ම නොකියා කා එකට නැගලා ඉදගත්තා.

” ලාරා මට මහ හුඟාක් ආදරෙයි. ඒත් ඒත් මට ඕන අනික් කෙල්ලෝ වගේ තමන්ගේ කොල්ලා එක්ක හුරතල් වෙන්න. එයා එක්ක කාලය ගත කරන්න. ඒත් ලාරා වගේ කෙනෙක් එක්ක එහෙම නිස්කලංක ජීවිතයක් ගත කරන්න බෑ. එහෙම කියලා මට ලාරාව අතාරින්නත් බෑ. ලාරා නොබලා ඉන්න බැරිව මගේ ඇස් දෙකම දද්දි, පපුව ගැහෙද්දි මං කොහොමද ලාරාව අතැරලා දාන්නේ ? මමවත් නොදන්න විදියට දවසට දෙකට ලාරා මගේ මුළු ජීවිතේම වෙලා ” බර හුස්මක් මගෙන් වැටෙන්න ඇති.

ලාරා මගේ ජීවිතේට කොයිතරම් බලපෑම් කරලාද? මටම හිතාගන්න බැරි උනා.

හමුවෙමු එකොළොස්වන කොටසින්

#නදී

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *