Leyata Harunu Pema [Chapter 19] ලෙයට හැරුණු පෙම.. දහ නව වෙනි කොටස

“මොකක්ද මිස්ට සුමතිපාල…අපි මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිතත් මරණයත් එක්කද සටන් කරන්නේ මේ එක දවසකට…..

තමුන්ලට උප්පැන්න සහතික 4 ක් හොයල දෙන එක මහ ලොකු වැඩක් ද…”
“ඒත් සර් …යූනියන් එකෙන් කිව්ව ඔක්කොම කණිෂ්ඨ සේවකයො දැන් ස්ට්‍රයික් එකට එකතු වෙන්න ඕනි කියල …ඔක්කොම යතුරු භාර දීල තියෙන්නේ ….ආයෙ ඒවට අතවත් තියන්න බෑ…….

අනික සර් සර්ගෙ පවුලෙ කෙනෙක්ගෙවත් දෙයක් නෙවෙයි නේ මේ හොයන්නේ….”

මේ මේ ඇති ඇති ..තමුන්ලගෙ ප්‍රතිපත්ති …අපි මෙච්චර නැහිලා වැඩ කරන එකේ අපිට ඕනි උනාම වැඩක් කර ගන්න නෑ…

“කූල් ඩවුන් මචං ඒ මනුස්සයට කෑ ගහල වැඩක් නෑ.. දැන් ඒ මනුස්සයා මෙතන ඩියුටි හිටියොත් එක එක යූනියන් වලින් ඒ මනුස්සයට ප්‍රශ්න..අන්තිමට සුභසාධක සමිතියකවත් ඉන්න නැති වෙයි…”

“බලපන්කෝ නාරද දැන් අපි කොහොමද සර්ජරි කරන්නේ…තියටර් එකේ හිටිය නර්ස්ල තුන් දෙනෙක්ගෙ වැඩ කරන්න අනිත් ඩොක්ටට පුළුවන් ද..අනේ මන්දා මේ මිනිස්සු නම්………..කාගෙන්ද ඒ පාර කෝල් එක….

“ආ මචං සනිරු…ඔව් බන් එවෙලෙ චායට කතා කරන්න ගත්තෙ .දැන් ඒක තව පරක්කු වෙනව..මෙහෙ මේ ස්ට්‍රයික් එකක් නේ …..

*******************************************

මට රෙහාන් එක්ක ෂෙහාරගෙ එඩ්‍රස් එක හම්බුණ එක ගැන එහෙම නිවාඩුපාඩුවේ කතා කරන්න ඕනි වුණත් ඌ හිටියේ සෑහෙන්න කලබල ගොඩක….එහෙ කණිෂ්ඨ සේවකයො,සුළු සේවකයො හැමෝම ස්ට්‍රයික් නිසා රෙහාන්ල වැඩ ගොඩක් මැද හිර වෙලා ඉන්නෙ…

නතාලි අක්කගෙ තාත්තා ..ඒ කියන්නෙ අපෙ බයෝ සර්ගෙ අවුරුද්දෙ දානෙටත් දින අරන් ඉන්නෙ මේ සතියෙම…

චායට තාම හොඳ නැති වුණත් එයා හොස්පිට්ල් ආවෙ මං අර ලෙඩාව අරන් ටවුන් එකේ හොස්පිට්ල් එකට ගිය වෙලාවෙ ගමේ ලෙඩ්ඩු ආවොත් ආපහු හරවල යවන්න බැරි නිසා..මොකද පහුගිය දවස් දෙකේ අපි දෙන්නම නිවාඩුත් එක්ක …

“චායා මං ඔයාව ඇරලන්නම් ගෙදරට ..කා එක අරන් තනියම යන්න එපා..”

ඔක්කොම ටික හරියට ලොක් කරලද බලන ගමන් මං කිව්වෙ…

“එහෙනම් සනිරු ඇඳුම් දෙක තුනකුත් අරන් එන්න ..අද අපෙ දිහා ඉඳල කෙලින්ම මෙහෙට එන්න පුළුවන් …..අම්මත් කිව්ව ඔයාට හරියට කෑම ටිකක් ලෑස්ති කරලවත් දෙන්න බැරි වුණා කියල ….”

මටත් ක්වාටස් එකට වෙලා තනියම ඉන්නකොට එක එක විකාර කල්පනා වෙන නිසා ඒක හොඳයි කියල හිතුණා…අම්මට රෑට කීප පාරක්ම කෝල් කරත් වැඩිය විස්තරයක් කතා කරන්නෙත් නෑ… ඇයි දෙවියනේ තමන්ගෙ ළමය ගැන කිසිම හැඟීමක් නැත්තේ…..

මට ආදරයක් හිතට දැණුනෙත් ෂෙහාරගෙන් විතරයි ..ඒත් ඒකත් මට පෙනි පෙනී නැති වෙලා ගියා.එයාව තාම වෙන කෙනෙකුට අයිති වෙලා නැතුව ඇති කියන සහනය විතරයි මට තියෙන්නේ ..

මං චායගෙ කා එකත් අරගෙන එනකොට එයාලගෙ ගෙදරට වංගු දෙකක් විතර කලින් තියන තනිකර ගුරුපාට පිට්ටනියේ ළමයි වගයක් ප්‍රැක්ට්‍රිස් වෙන ගමන්…

“චායා මේ අර හොස්පිට්ල් එක ගාව ඉස්කෝලෙ ළමයි ද….”

“ඔව් සනිරු …ස්පෝට්ස්මීට් ළඟයි නේ ..මං හිතන්නෙ ඒවට ඔය පුරුදු වෙන්නෙ…එහෙ වගෙ නෙවෙයි ඉතින් ඉස්කෝලෙ අඳින නිල් කලිසමම තමයි මේ ළමයි අඳින්නෙ…සපත්තුත් නෑ.. ගෑණු ළමයි නම් වැඩිය ස්පෝට්ස් කරන්නෙත් නෑ..”

ඒ වචන ටික ඇහෙනව විතරයි මතක..ඒ දඟකාර පොඩි එවුන් දුවන පනින හැටි දැක්කම මගේ මතකේ මටත් රහසේ කොහේදෝ දිව්වා…

“ඒ අර බලපන් බයෝ ක්ලාස් එකේ සනිරු නේද අර ස්පෝට්ස් කිට් එකක් ගහගෙන ඉන්නේ…..”

එදා ධනුෂ්කා කෑ ගහනකොට ෂෙහාරා මගෙ දිහා බලන් හිටිය හැටි….ක්ලාස් එකේදි දැකල තිබ්බත් එච්චර ළඟට මං එයාව දැක්ක පළවෙනි දවස එදා …

කෙල්ල මීටර් 100 ඉවෙන්ට් එකට යන්න ලෑස්ති වෙලා ඩ්‍රෙසින් රූම් එකෙන් එළියට එන ගමන්..Running short එකක් ඇඳලා හිටපු නිසාද කොහෙද ලැජ්ජාවෙන් මං දිහා බලල ග්‍රවුන්ඩ් එකට දිව්වා…..

ධනුෂ්කා ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණ නිසා මාත් එක්ක කතා කරන්න බය වුණේ නෑ..මොකද එයාල තමයි මේකෙ organizers ලා…..

“ආ සනිරූ…. ඔයා ස්පෝට්ස් කරන වගක් අපි දන්නෙ නෑ නේ…”

ඒත් මං කොහොමද කියන්නෙ මං ආවෙ ෂෙහාරා බලන්නම කියලා….

“නෑ ධනුෂ්කා මං ආවෙ අතිරේක එක්කෙනෙක් විදියට ……”

“ආව් ආව් මරු ඒ උනාට ඔයාලගෙ ස්කූල් කලර්ස් අපේ ඒව වගේම නිසා දෙන්න එකට තිව්වම ට්වීන්ස්ල වගේ…අපරාදෙ ෆොටෝ එකක් ගන්න බැරි උනා නේ…”

“ආ ඉවෙන්ට් එක ඉවර උනාම ගම්මුකො එහෙම නම්…”

මං එහෙම කිව්වෙ මගෙ ගාව ෂෙහානිගෙ ෆොටෝ එකක් ආසාවටවත් තිබ්බෙ නැති නිසා…රීල් එකක් දාන්න පුළුවන් කැම් එකක් තිබ්බත් මට අරන් එන්න මතක් වුණේ නෑ…..

අන්තිමට ධනුෂ්කා ඔය ෆොටෝ එක අරගෙන තමයි කොල්ලො කෙල්ලො අතරෙ පැතිරුණේ අපි යාලුයි කියල …ඒ වෙනකොට මං එයා ගැන උනන්දුවෙන් හිටිය වගේම එයාටත් කැමැත්තක් තිබිලා තිබුණ නිසා ඒක අන්තිමට ඇත්තක්ම වුණා…

***************************************

“එක්කො පුතේ අපි ඔක්කොටම කලින් බෑන්ක් එකට ගිහින් මට අයිති දේවල් ඔයාට පවරල ඉම්මු…
මට මගෙ ජීවිතේ ගැන විශ්වාසයක් නෑ…”

“අනේ ඩැඩී මට ඒ දේවල් ඕනා නෑ…අම්ම ගැන කියන්න ඕනිත් නෑ ඩැඩී ජීවත් වෙලා ඉන්න එක විතරයි මට ඕනි ප්ලීස් ඩැඩී…මං ආයෙ කවදාවත්ම ඒ දේවල් අහන්නෙ නෑ……”


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *