Mal Wahi [Chapter 07] මල් වැහි…. හත්වන කොටස
අර බලපන්කො ගොනෝ නිපුණ අයියා ඉන්නේ අතන කෙල්ලෙක් එක්ක නේද??
ඒ බන් ඔව් නේන්නම්.
යමුකො නිෂූ ලගට ගිහින්ම කතා කරමු බලන්න..
නෑ නෑ සද උබ කෝල් එකක් ගනින්කෝ උබේ අයිය පොඩ්ඩට බලමු ඌ මොකද කියන්නේ කියලා.
හ්ම්ම්ම් ඉන්න මං ගන්නම්.
අනේ මේ මේ සදෙව්මී ඔහොම නම් බෑ මූණ දැක්කාම පේනවා උබ කෝල් කරලා අඬන්න හදන්නේ කියල. යකෝ ෂේප් එකේ කතා කරපන් අපි බලමු මනුස්සය බොරු කියයිද ඇත්ත කියයිද කියලා.
හරි නිෂූ.
මං අයියට කෝල් එකක් ගත්තා.
හෙලෝ.
හෙලෝ අයියා සදෙව්මි කතා කරන්නේ.
දන්නවා මැට්ටියේ කියන්න.
මං කරදර කලාද මන්දා වැඩකද හිටියේ?
නෑ මගෙ දෝනි කියන්න.
මොකද කරන්නේ කෑම කාලා එහෙමද ඉන්නේ අයියේ?
තාම නෑ දෝනි මං මේ එලියට ආවා.
එලියට ආවා කිව්වේ කොහෙ හරි යනවද ඔයා?
නෑ නෑ කෙල්ල මේ පොඩි වැඩකට ආව ගමන් කෑමත් කන්න ආවා.
හාකො හාකො එහෙනම් මන් තිබ්බා.
පොඩ්ඩක් ඉන්න වස්තු කොහෙද ඉන්නේ?
ෂොපින් ආවා. දැන් යන ගමන් අයියා.
හරි මැණික පරිස්සමින් යන්න.
ඕකේ බායි.
එයා කෝල් එක ඉවර කරන්නත් කලින්ම මං කට් කරලා ෆෝන් එක ඕෆ් කලා.
මේ මොකද කොල්ලා කිව්වේ.
එලියට ආවා කියල නම් කීවා ඒත් කාත් එක්කද මොකුත් කීවේ නැහැ. මං ඇහුවෙත් නෑ ඉතින් උබ කීවනි ෂේප් එකේ කතා කරන්න කියලා.
මේ දැන් අපි මෙතනින්ම කනවද?
ඔව් නිෂූ අපි උඩට ගිහින් ඕඩර් කරමු. යන්.
හ්ම්ම්ම් යමු බන්.
මං කෑම එක කන්න ගත්තේ හිතකින් නෙමේ. ඒ හිටපු කෙල්ල කවුද කියලා මගේ හිත වාද කරා මාත් එක්කම. එක අතකට මට මොකද වෙලාවට එයාට ආදරේ කරනවා කියලා නොකිය මං මගේ පාඩුවේ හිටියේ. කෑම එක ටිකක් කාලා මං නිෂූ එක්ක ගෙදර එන්න පිටත් වුනා.
මේ සදෙව්මියෝ දැන් ඕක ගැන හිතන්න එපා හරිද. ඌ කීවනේ එලියට ආවා කෑම කන්න හදන්නේ කියලා බන්. බලමුකෝ අපි ටිකක්. ආයිත් උබ එයාව මීට් වෙන්න යන්න එපා යන්නම ඕන අවස්ථාවක් ආවොත් මාත් එන්නම් ඕකේ.
ඕකේ නිෂූ.
මං ගිහින් එන්නම් බන්. පරිස්සමින් ගිහින් කෝල් එකක් දීපන් මට.
හරි නිෂූ.
නිෂූව ට්‍රයිෂෝ එකේම ගෙදරට දාගෙන මාත් ගෙදර ආවා ඒකෙම. ඇවිත් වොෂ් දාගෙන ෆෝන් එක පැත්තකට දාලා ඇදට ඇවිත් නිදාගත්තේ නිදි මතකට නෙමේ හිතේ තිබ්බ දුකටයි තරහටයි මට කරන්න දෙයක් තිබ්බේ නැති නිසයි. ෆෝන් එකත් අරන් මං ඔන් කරන්න හිතුවත් ආයිත් පැත්තකින් තියලා ඇස් පියා ගත්තේ නිදා ගන්න හිතන්.
ටිකක් වෙලා යද්දි අම්මා කෑ ගහනවා.
දූ මෙන්න නිෂූගෙන් කෝල් එකක්. ඔයාගේ ෆෝන් එක ඕෆ් කියනවා.
මං එලියට ඇවිත් නිෂූ එක්ක කතා කලා. එයාට අයියා එෆ් බී එකෙන් මැසේජ් කරලා මගේ ෆෝන් වැඩ නෑ කියලා.
පෙර කොටසට
- Mal Wahi [Chapter 30] මල් වැහි…. තිස්වෙනි කොටස
- Mal Wahi [Chapter 29] මල් වැහි…. විසිනවවෙනි කොටස
- Mal Wahi [Chapter 28] මල් වැහි…. විසිඅටවෙනි කොටස
- Mal Wahi [Chapter 27] මල් වැහි…. විසිහත්වෙනි කොටස
- Mal Wahi [Chapter 26] මල් වැහි…. විසිහයවෙනි කොටස
- Mal Wahi [Chapter 25] මල් වැහි…. විසිපස්වෙනි කොටස
- Mal Wahi [Chapter 24] මල් වැහි…. විසිහතරවෙනි කොටස
- Mal Wahi [Chapter 23] මල් වැහි…. විසිතුන්වෙනි කොටස
- Mal Wahi [Chapter 22] මල් වැහි…. විසිදෙවෙනි කොටස
- Mal Wahi [Chapter 21] මල් වැහි…. විසිඑක්වෙනි කොටස
- Mal Wahi [Chapter 20] මල් වැහි…. විසිවෙනි කොටස
- Mal Wahi [Chapter 19] මල් වැහි…. දහනවවෙනි කොටස