ඇයට ඉන්නෙ මං විතරද? -පළවෙනි කොටස

“හායි දිනිරූ.. මාව fb ඇඩ් කරගන්නකෝ…”

මළා…යකෝ ඉන්ස්ටා එකේ මැසේජ් එකක් ? මේකට මැසේජ් එකක් එන්නෙ අවාරෙට අඹයක් නෙවෙයි නිකන් ඩ්‍රැගන්ෆෘට් එකක් වැටෙනව වගේ..

අප්පටසිරි ඒකත් කෙල්ලෙක්ගෙන්..එයා මාව ෆලෝ කරනව කියල පෙන්නපු නිසා මාත් ඔන්න ඔහේ ෆලෝ කරලා දැම්මා…මොකද මචං ඉතින් ඉන්ස්ටා එකේ කාව හරි ෆලෝ කරා කියල අපිට ත්‍රීවීල් වියදම් යන එකක් යෑ..

Mino.littleangel කියල ඉන්ස්ටා නේම් තිබ්බට මේ කෙල්ලගෙ නම මිනෝලි කියල මට හොඳට මතකයි.රික්වෙස්ට් එකක් තිබ්බත් පොඩ්ඩක් ලොකු සීන් එකේ හිටියෙ මට කෙල්ලො කියන්නෙ නතින් නිසා.උඹලා විශ්වාස කරනවනම් විශ්වාස කරපන් ඒ ලෙවල් කරලා ගෙදර හිටපු ඒ දවස් ටිකේ මාව ටෝක් කරන්න කෙල්ලො එන්න ඇති අතේ ඇඟිලි ගාණට.

අතේ ඒවත් මදි බන් කකුලෙ ඇඟිලිත් එක්කම කියල හිතපන්කො..ඉතින් ඔය කෙල්ලන්ගෙන් මට හිත ගියෙ දෙන්නෙක් ගැන විතරයි .එක්කෙනෙක් අපෙ ඉස්කෝලෙම ඕ ලෙවල් කරන වයසෙ නංගි කෙනෙක් .චීස් බෝලෙ වගේ හරි ලස්සන හුරුබුහුටි නංගි කෙනෙක් .ඒ වුණාට මට මාරම ප්‍රශ්නෙ වුණේ අපෙ සෙට් එකේ මෙලෝ එකෙකුට ඒ ගැන ඉරිසියාවක් තිබුණෙ නැති එක…

පස්සෙ ඒ ඇයි කියල හොයල බලනකොට තමයි කෙල්ලගෙ එක එක සීන් කෝන් උන්ගෙන් ආරංචි වෙන්න ගත්තෙ…ඒ වුණාට ඒකි මං ඒවා දන්නව කියල දැන දැනමත් මට මැසේජ් කරා…ඒ අෆෙයා එක ලාවට තිබුණා ඒ නිසා….

තව අටමඟුලක් හිටියා ඒක දෙලොවටම නෑ…මං අංඟුලිමාල වගේ ඇඟිලි කපන එකෙක් කියල බොරුවක් කිව්වත් ඒකගෙන් ගැලවෙන්න බෑ… “වස්තූ මාත් ඔයාට උදව් කරන්නම්” කියල පස්සෙන් එයි…ඒකිත් මට දිගටම මැසේජ් කරා කොහොම හරි …….

“මොකක්ද ඔච්චර ලොකු සීන්.fb එකේ මිනෝලි කියල රික්වෙස්ට් එකක් ඇති ඇඩ් කරගන්න…”

මේකිගෙ හිතේ ඇති මං නම දන්නෙ නැති නිසා ඇඩ් කරන්නෙ නෑ කියල …යාලුවොත් එක්ක පිට්ටනියේ බෝල ගගහා හිටපු නිසා තව ටිකක් ලොකු ලයින් එකක් දාල හෙටම ඇඩ් කරනව කියල හිතලා

“මං ක්‍රිකට් ගහන්න ආව ගමන් “

කියල රිප්ලයි කරලා නිකා හිටියා..ඇයි වදේ ඕක ඇක්සෙප්ට් කරන්න ෆේස්බුක් ගියාම ආයේ එන්න හිතෙන්නෙ දෙවනි ඉණිම ගහන වෙලාවට තමයි … .ඒකිගෙ ඉලව් රික්වෙස්ට් එක වගේයැ මගේ ක්‍රිකට් අත…..

“අඩෝව් දිනිරුවෝ….වතුර බොන්න උඹට හැට පැයක් යනවනේ…මං කිව්වෙ මේ ජලසම්පාදන එකටම ගිහින් එන්න වෙලා කියල දැන් ….ඇත්ත කියපන් මල් කඩ කඩ හිටියා නේද…”

“පිස්සුද උලමෝ…හා හා දැන් යමන් ඉතින් අව්ව සැර වෙන්න කලින්…”

***************

“දිනිරු පුතේ….දැන්ම බත් කන්නෙ නැද්ද….”

“දැන් නාලා ආවා විතරයි නෙ අම්මේ….තව ටිකකින් කන්නම්…..”

සිරාවටම අද හවස පට්ට කම්මැලි …අර කෙල්ලො දෙන්නගෙනුත් මැසේජ් එකක්වත් නෑ..අද උන් දෙන්නව නළවන්න වෙන මොක්කු හරි දෙන්නෙක් ඇති …..අර අපෙ ඉස්කෝලෙ ඩයල් එකව නම් මට වෙන කොල්ලොත් එක්ක ටවුන් එකේදි අනන්ත අතටම මාට්ටු වෙලා තියනව ..ඒ නිසා ඒක නම් ආයෙ දෙකක් නෑ මොකෙක් එක්ක හරි මල් කඩ කඩ ඇති ….

අනිත් එකත් ඉතින් එච්චර තමයි මං හොයන් ආව එක ඉබ්බට ගම වටේම යතුරු කියල මං හිත හදාගෙන අයින් වෙන්න හැදුවේ…නැත්තන් ඒකිගෙ හොර මිනිහෙක්ගෙන් ගුටි කාලා මැරෙන්න තමයි වෙන්නෙ..

ඔහොම කම්මැලිකමට ඉඳලා ඉඳලා fb ගිය ගමන් මට මිනෝලිගෙ රික්වෙස්ට් එක මතක් වුණා..කොච්චර ලොකු සීන් එකෙන් හිටියත් රික්වෙස්ට් එක ඇඩ් කරලා අන්තිමට චැට් එක ඉවර වුණේ වයිබර් නම්බර්ස් දෙකත් මාරු කරගෙන….

එදා ඉඳන් ඉතින් කන පුරාම වයිබර් මැසේජ් ටෝන් එක තමයි …

**************

“හැමදාම බෝල ගහල බෑ බන්….එක දවසක්වත් සෙට් වෙමු බොක්කලා මොකද කියන්නේ…..”

අපේ සෙට් එකේ එකෙක් කියනකොට මං හිටියෙ මිනෝලිට මැසේජ් කර කර..

ඒ වෙනකොට දවස් තුනක් විතර ගිහින්.අපි හෙනම ෆිට් වෙලා හිටියේ…මොකක්දෝ මන්දා හේතුවක් නිසා මට දැණුනා අනිත් කෙල්ලන්ට වඩා මිනෝලි මාව තේරුම් අරන් ඉන්නෙ කියල .මගේ හිත අල්ලගෙන ඉන්නෙ කියල ….

ඉඩක් ලැබෙන හැම වෙලාවෙම අපි මැසේජ් කරා.මිනෝලි එයාගෙ අතීතේ දේවල් මට කියන්නත් පටන් ගත්තා…

මේ වෙලාවෙත් මං එහෙම මෙලෝ සිහියක් නැතුව මැසේජ් කර කර හිටියේ.

“ඒයි දිනිරුවා තොට ඇහෙන් නැද්ද… ඊ ළඟ දවසේ ඔය ගඩොල් බාගෙ ගෙදර දාල වරෙන්……”

උන් ඉතින් එහෙම කිව්වට උන් වගේ මට පොඩි ෆෝන් වලින් මල් කඩන්න බෑ නේ..ඒවාට වයිබර් දාන්න බෑ නෙ යකඩෝ මුන්ට තේරෙන් නැති හැටියක්.

දවල්ට කන්න ගෙදර යන්නවත් ගාණක් නැතිව අපි ඔහොම දවස පුරාම සෙල්ලම් කරා.ඔය අතරේ මට මිනෝලිගෙන් කැමැත්ත අහන්න නොහිතුණාමත් නෙවෙයි ….ඒත් මේ සෙල්ලං කිරිල්ල හින්දා ඒක හිමීට මඟ ඇරිලා ගියා..

මං හවස් වෙලා ගෙදර ඇවිල්ලා නාලා කාලා ඇඳට ඇවිල්ලා හිටියේ. දැන් ඉතින් අර කෙල්ලන්ගෙන් නම් මැසේජ් එන්නෙ නෑ.උන් දෙන්නම අන්තිමට මාව දාලා ගියේ
“ඔයාට වඩා පට්ටෙට සල්ලි තියන අත දිගෑරල වියදම් කරන හොඳ කොල්ලෙක් හම්බුණා. ” කියාගෙන.වචන එහෙ මෙහෙ වුණත් දෙන්නම කිව්වෙ එකම ටික තමයි ….වෙන්න ඇති ඉතින් උන්ට අරන් දෙන්න කොහෙ තියන සල්ලියක්ද මේ ඒලෙවල් ලිව්ව ගමන් පොඩි එකෙක් වෙච්ච මට .

හම්මේ සංසාරේ ඉතින් මං ඕකුන්ට සමාව දීලා සුදාම්මිලා කරන්න ගියානම් මට තමයි අද හොටු පෙර පෙර අඬන්න වෙන්නෙ..වයිබර් ටෝන් එක පත්තු වුණා..ඒ කියන්නෙ ඉතින් මිනෝලි තමයි …..

“දිනිරු….මං හෙට ගාල්ලෙ යනව නෑදෑ ගෙදරක…”

“හා පරිස්සමෙන් ගිහින් එන්නකෝ..උදේම යන්න ඕනි නිසා රෑ වෙලා ඇහැරන් ඉන්න එපා..දැන් නිදාගන්න…..”

“හරි good night .bs.tc..’

***************************************************************
සත්‍ය කතාවක් ඇසුරෙනි .නම් ගම් මන:කල්පිතයි. අදහස් වටිනවා ගොඩක්


පෙර කොටස්

    facebook මගින් කමෙන්ට් කරන්න

    8 thoughts on “ඇයට ඉන්නෙ මං විතරද? -පළවෙනි කොටස

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *