ඇයට ඉන්නෙ මං විතරද? -5 වෙනි කොටස

සතියක් විතර දුකෙන් ඔය විදියට මූඩ් ගහල හිටියට මං මිනෝලි ගැන ටච් එකේ හිටියේ.මොකා එක්ක ගියා වුණත් මට එයා ගැන ආදරයක් හිතේ ඉතුරු වෙලා තියනව තාම.ඒක එහෙම ලේසියෙන් හිතෙන් අයින් වෙන ආදරේකුත් නෙවෙයි .

අන්තිමට එක දවසක් ඔය ඔක්කොම දුක අමතක වෙලා පලයන් කියල මං ඇති වෙන්නම ඇඬුවා.මට එපා කියන්නවත් ඇයි අහන්නවත් කවුරුත්ම ගෙදර හිටියෙ නෑ .ඊට පස්සෙ එපා වෙනකන්ම නාලා ඉවරවෙලා රූම් එකට ආවා.

තේ එකකුත් හදාගෙන බීලා ඕන එකක් වෙද්දෙන් කියල ඩවුන්ලෝඩ් කරල බලන්න අමතක වෙච්ච ෆිල්ම් ටිකක් බලන්න ලෑස්ති වුණා.ඔහොම විනාඩි 20 ක් වත් බලන්න වුණේ නෑ ෆෝන් එක රිං වෙන්න ගත්තා.

කෝල් එක මිනෝලිගෙන් කියල දැක්කම මට රටක් රාජ්‍යයක් හම්බුණා වගේ..

“දිනිරු හෙට නුවර යන්න එන්න පුළුවන්ද මට ඔෆිස් එකේ වැඩකට යන්න ඕනි..”

ඇයි ජානුව එක්කන් යන්න බැරිද අහන්නත් හිතිලා මං මාව කන්ට්‍රෝල් කරගත්ත යන්තන්.ආයෙ ඕක කියල අවුස්සා ගත්තොත් ඕකි ඇත්තටම ඌත් එක්ක යයි. මෙහෙම හරි ෂේප් වුණ එක ලොකු දෙයක්නෙ..කතා කරපු එකම මට මාර පුදුමයි..

සිරාවටම මටත් කොරියන් ක්ලාස් එකක් හොය හොය හිටියෙ..ඔව් ඔව් බන් කොරියා යන්න තමයි .නැත්තන් මං මෙහේ මොන්ටිසෝරියක් දාගන්න යැ කොරියන් ඉගනගෙන… ඒකට නුවරම තමයි ක්ලාස් එකක් බලන්නත් ඕනි.මගේ වැඩෙත් ඒ ගමන්ම කරගන්න පුළුවන් හින්දා මාත් හා කිව්වා.

හෙන ගොං වගේ හිතෙනව ඇති ..ඒත් මට මිනෝලිගෙන් තොර ලෝකයක් තිබුණේ නෑ.මං එයාව දැකගන්න හරි ලැබෙන එක මොහොතටත් ලෝබ කළා.

***************

“මිනෝලි ඔයා කොතනද ඉන්නේ..”

එයා උදේ ස්ටාෆ් එකේ අයත් එක්ක නුවර ඇවිල්ලා හිටියේ.මං කුරුණෑගල ඉඳන් ඇවිල්ල බස් එකෙන් බැහැලා කෙල්ලට කෝල් එකක් ගත්තා.

” මං වැවරවුමෙ බෝට් සර්විස් එක තියන තැන ඉන්නේ..ඔයා එතනට එනවද “

එක පිම්මට එතනට දුවගෙන යනවවත් මට මතක නෑ.මගෙ කෙල්ල වළාකුළු බැම්මට හේත්තු වෙලා ඈත බලන් ඉන්නකොට හරිම ලස්සනයි.මූණට වැටිලා තිබ්බ කෙස් රොදක් හදනගමන් මට ඈත ඉඳන්ම හිනා වුණා.

“දැන් කොහෙද යන්න ඕනි කිව්වෙ වැඩ වගයක් කරගන්න ඕනි කිව්ව නේද…”

මාත් වළාකුළු බැම්මෙන් අත්දෙක තියාගන්න ගමන් ඇහුවා.මට වෙනදා වගේ ක්ලෝස් වෙලා කතා කරන්න ලැජ්ජයි මිනෝලි එදා ජානු එක්ක එකතු වෙලා මට බැන්න හැටියට.

“ඔව් දිනිරු… කච්චේරියට යන්න ඕනි.මගෙ බර්ත් සෙටිෆිකට් තියෙන්නේ මෙහෙ නේ…”

දෙන්නත් එක්ක එහෙට මෙහෙට රවුම් ගහලා වැඩේ කරගෙන දැන් ගෙදර යන්නයි ලෑස්ති ….

“කොහොමද බබා යන්නෙ බස් එකේද ට්‍රේන් එකේද..මං නම් වෙනදට ට්‍රේන් එකේ යන්නේ…”

“එහෙනම් ට්‍රේන් එකේ යං….. ” කෙල්ල පොඩි එකෙක් වගේ මගෙ අතේ එල්ලිලා ස්ටේෂන් එකට ආව..පොල්ගහවෙලින් බැහැලා ආයෙම කුරුණෑගල හරහා යන ට්‍රේන් එකක යන්න වෙනව…ඒ වුණාට ට්‍රේන් එකේ යන එක නිදහස්.

කෝච්චි පෙට්ටිය ඇතුළෙදි මිනෝලි මගෙන් අල්ලගෙනම හිටියා.ට්‍රේන් එකේ යන පළවෙනි දවසලු මේ…. මාත් හරි ආදරෙන් හයියෙන් කෙල්ලව අල්ලගෙනම හිටියා…අත් දෙකෙන්ම මාව අල්ලන් නිසා එයාට මූණට වැටෙන කොණ්ඩෙ හදාගන්නත් බෑ..ඒ හුරතල් මූණ දැක්කම මට පරණ දේවල් සේරම අමතක වෙලා ගියා.

“බබා එන්නකො අපි මරු තැනකට යං..එතන ශෝක්…”

මිනෝලිවත් පරිස්සමෙන් අල්ලගෙන මං දොර ගාවට ගියා.ඊට පස්සෙ කෙල්ලව දොරගාව තියන පොඩි බිත්තියට හේත්තු කරලා මං එයාට මූණට මුණ පේන විදියට හිටගත්තා .
ීඊට පස්සෙ මිනෝලිව වැටෙයි කියල පොඩ්ඩක්වත් බය නොහිතෙන විදියට ට්‍රේන් එකෙන් හයියෙන් අල්ල ගත්තා.

“අනේ දිනිරු පැටියෝ..මං ට්‍රේන් එකේ යන පළවෙනි දවස…මේක හරිම ෂෝක්..හැබැයි මාව අල්ලගෙනම ඉන්න හරි ද…

“බය වෙන්න එපා වස්තු.”

මං ඇති වෙනකන්ම කෙල්ලගෙ නළල ඉම්බා..

ටනල් එකක් පහු වෙන හැම වෙලේම එයා මගෙ පපුවට තුරුල් වෙලා හූරන්න පටන් ගන්නවා…

මේ වගේ පුංචි දේවල් වලින් සතුටු වෙවී මිනෝලිට ඇයි හැමදාම මාත් එක්ක ඉන්න බැරි …..

***************

“ෂික් අදත් අපෙ එවුන් කනවා…බෝල 20 ට 14 ක් ගහ ගන්න බැරි වුණා නෙ …. නෙදකින් …

මෙව්ව බලන අපියි බූරුවො…”

මං තිබ්බ තරහට ටීවි එක රිමෝට් එකෙන් ඕෆ් නොකරම ඔහේ වයර් එකෙන් ඇදලා දාලා ආව .

“අපරාදෙ නේ බන්…. අඩේ ඒක නෙවෙයි දැන් මට ක්ලාස් යන්න තියනව පස්සෙ වෙලාවක සෙට් වෙමු ඈ..”

මාත් එක්ක මැච් එක බලන්න ගෙදර ආව කසුනත් යන්න ගියා….හෙන බෝරින් එකේ මිදුලේ බංකුවට වෙලා ඉද්දි තමයි මගේ සුරංගනාවි කෝල් කරේ.

“දිනිරු පැටියෝ…පුංචිගෙ දුවලා නුවර යන්න කතා කරනව එයාලට මාළිගාවෙ යන්න ඕනි ලු…පුංචිට එන්න විදියක් නෑ එයා බාප්පා එක්ක බිස්නස් යනවනේ……
ඉතින් ඔයත් යංකො අපිත් එක්ක…”

“අපි කිව්වෙ..ඔයාලගෙ අම්මල එහෙම ආවොත් මං එන එක චාටර් නේ..අතේ මාට්ටු …..”

“එයාල එන් නැති නිසානෙ අනේ කතා කරෙ…අම්ම කිව්ව මට නංගිලා එක්ක ගිහින් එන්න කියල …..හෙට එනව ඔන්න අපි එහෙනම් ..”

“හරි හරි යංකො එහෙනම් …”

අම්මේ…හෙට නුවර යන්න ඕනි මගෙ සුදු ෂර්ට් හෝදලද තියෙන්නේ ..”

“ආහ් සුදු ෂර්ට් මොකෝ පුතේ මාළිගාවේ යන්නද ..”

“ඔව් අම්මේ..මේ යාලුවෙක් මොකක්ද භාරයක් ඔප්පු කරන්න යනවයි කිව්වෙ..”

“අපිත් හෙට නුවර යනව. නංගිට ඉස්කෝලෙන් සම්මන්ත්‍රණයකට එන්න කියලනෙ.ඒක නුවර ඉස්කෝලෙක තියෙන්නෙ ….තනියම යවල බැරි නිසා මාත් යනවා…පුතත් එන එක හොඳයි නේ..මටත් නංගිව දාලා ඔයාල එක්ක එන්න බැරි යැ මාළිගාවට …”

මළ කෙලියයි දැන් ඉතින් අම්මත් එනව කියන්නෙ..

හමුවෙමු තවත් කොටසකින්


සත්‍ය කතාවක් ඇසුරෙනි .නම් ගම් මන:කල්පිතයි. අදහස් වටිනවා ගොඩක්


පෙර කොටස්

    facebook මගින් කමෙන්ට් කරන්න

    5 thoughts on “ඇයට ඉන්නෙ මං විතරද? -5 වෙනි කොටස

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *