ඒ ආදරේ…..

ඒ ආදරේ…..දිය ඇල්ලක් වගේ…
හෙමින් හෙමින් ගඟක් වගේ ගලාගෙන ඇවිත් පිරිලා ඉතිරිලා යන්නම ජීවිතේට ඇද හැලුණා…

ඒ ආදරේ මහ මුහුදක් වගේ..
මගෙ ජීවිතේ කියන ගොඩබිමේ තිබුණ දුක් ගින්දර ඔක්කොම දරාගෙන සිසිලස දුන්නා…

ඒ ආදරේ මේ මුළු මහපොළවම වගේ…
මගේ ආදරේට සීමා මායිම් නැතුව පැළවෙන්න දුන්නා…

ඒ ආදරේ දූවිලි කුණාටුවකට පස්සෙ ආව වැස්සක් වගේ…
අවපැහැ වෙලා තිබුණ හිත සෙනෙහසින් සෝදලා පාට මතු කරන්න පටන් ගත්තා…

ඒ ආදරේ සුළඟත් එක්ක ආව කුණාටුවක් වගේ…..
වටපිටාවෙ තිබුණ බාධක ඔක්කොම උදුරලාම දැම්මා…

ඒ ආදරේ සදාහරිත වනදහනක් වගේ……
ඉඩෝරෙදිත් වසන්තෙදිත් කොළයක් නෑර සෙවණ දුන්නා….

විශ්වය ඇතුළෙ මිලියන ගාණක් ග්‍රහලෝක තිබුණත් ජීවය දුන්නේ මේ මහපොළවම විතරයි වගේ….

මිලියන ගාණක් මිනිස්සු අතරේ ඔයා මගෙ මුළු ලෝකෙම වුණා.

– දඟමල්ලගෙ මනමාලී ♥-


ලියපු තවත් කතා

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *