මා ඔබේ පුතු බව පවසන් ලොවට රහසින්

අම්මා බඩගිනි මට …බත් නැද්ද ..
ආ ..පුතු ඇහැරුනා ද ..ම්ම් ..
මේ ඉන්නේ පුතු ඇහැරලා ඉතින් …
අපි ආච්චම්මගෙන් බත් ඉල්ලා ගමු හොදේ..
නිසංසලා වයස අවුරුදු විස්සක් සපිරි රූමත් තරුණියකි. නමුත් වයසට වඩා ඇය ජීවිතය දුක් කම්කටොලු රාශියක් විදී කතකි. ජිවිතේ දශක දෙකක් ගෙවී යන්නට මත්තෙන් ඇය මව් පදවිය ලද්දාය. එමෙන්ම ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුනු ඇයට ඇගේ සැමියා ද විවාහ වී මාස 6ක් යන්නට මත්තෙන් අහිමි වී ගියේ දෛවයේ සරදම් කිරීමක් ලෙසිනි. ඇය දරුවාද සමග ඇගේ මවගේ නිවසට ගියේ ජිවත් වීමට වෙන විකල්පයක් නොමැති නිසාවෙනි. ඇගේ මාව රැකියාවක් නොකලද වතුපිටි ආදායම ජීවත්වීමට තරම් ප්‍රමාණවත් විය.
දරුවෝ ඔය දරු පැටියත් එක්ක හුල්ල හුල්ල ඉදලා වැඩක් ද ? මේ වැඩක් කරන්න උදව් කළා නම් මට ..
අම්මේ මම කල්පනා කළේ දරුවා ටික කාලෙකට අම්මා ළග දාල කොළඹ රස්සාවකට යන්න කියලා ..තාත්තා නෑ කියලා මගේ කොල්ලට කිසි දෙකින් අඩු කරන්න බෑ අම්මේ ..හොදට උගන්න ඕනි
හ්ම් කැමැත්තක් කරපන් ..මොකද උඹ ඔහොම හුල්ල හුල්ල ඉන්නවා බලන්න බෑ
……………………………………………………………………………………………………………………………………………….
වසර දෙකකට පසු
අත්තම්මේ කෝ අම්මා …මගේ තාත්තනම් මැරුණා කිවනේ ..කෝ ඉතින් මේ ෆොටෝ එකේ ඉන්න අම්මා .. මංගල චායාරූපය තුරුළු කරගත් සහන් ආච්චි අම්මගෙන් අසයි .
පුතු අම්මා කොළබ ගිහින්නේ රස්සාවකට ..පුතා චුටි කාලේ ආවා දෙපාරක් ..පුතු අරන් දළදා මාළිගාවෙත් ගියා මතක නැද්ද …
නෑ අත්තම්මා ..අනේ එන්න කියන්නකෝ දැන් අම්මට මාව බලන්න …
හා අපි ලියුමක් දාමුකෝ අම්මට ..
ඇයි අත්තම්මා කෝල් එකක් දෙමුකෝ අපි ..
අනේ පුතු ඒ නොම්බර වැඩ කරන් නෑ ..අපි අම්මා ඉන්න තැනට ලියුමක් දාමු හොදේ ..
සිව් වසරක් ගත වූ සහන් මේ පෙර පාසල් යන අවධියයි. තම යහළුවන්ගේ දෙමාපියන් දකින විට ඔහුට තම දෙමාපියන් අවශ්‍ය විය .මිත්තනියගෙන් විමසන්නේ එයයි .පුංචි දරුවන්ගේ හිත් මල් වගේ ..ආදරය සෙනහස වැඩියෙන් හොයන්නේ මේ වයසේදී ..නමුත් සහන්ගේ මව ඔහු තම මව ළග නතර කර ගොස් සිව් වසරක් ගත වුවද තම දරුවා බැලීමට පැමිණියේ තෙවතාවක් පමණි .
දිනක් නිසංසලාගේ මව නිසන්සලාට දරුවා රැගෙන යන මෙන් ඉල්ලා ලිපියක් යැව්වේ ඇයගේ ජීවිතය එතරම් විශ්වාස නොවූ නිසාවෙනි . දියවැඩිය රෝගයෙන් නිතර අසනීප වූ ඇය දරුවා අසල්වැසි නිවසක නතර කොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලද වාර බොහෝය . එනිසාම ඇය තම දියණියට එසේ ලියා යවන ලදී
සතියකින් පමණ එක් දවසක් නිසංසලාගේ මවගේ නිවස ඉදිරියේ නැවතුනේ අළුත්ම වර්ගයේ මෝටර් රථයකි. එයින් බැස අව් කණ්ණාඩිය ගලවමින් වටපිට බලමින් අඩියට දෙකට නිවස දෙසට කඩිනමින් ආවේ නිසංසලා ය.
අම්මේ ..අම්මේ ..
අහ ..උඹ ..දැන්ද ගෙදරට එන පාර මතක් උනේ …
අනේ අම්මේ කෑ ගහන්න එපා …කෝ දරුවා ..
දරුවා ගැන දැන් ද උඹ අහන්නේ … අනේ අනේ මෙහෙමත් අම්මලා ..
මොකක්ද අම්මේ .මන් ආව එකත් වැරදිද දැන් ..කෝ කොල්ලා ..
කොල්ලා ඉස්කෝලේ ගිහින් ..
ආ ඌ නැති එකත් හොදයි .
මොකක් උඹ අම්මෙක් ද ඇත්තට ..තමන්ගේ දරුවට නේද ඔහොම කියන්නේ ..
කවද්ද මගේ දරුවෙක් උනේ ..මගේ ඕන කමට හදපු එකෙක් යෑ ..
අහ … යකෝ උඹ වගේ එකියක් හදපු එකටයි කෙළ ගහන්න ඕනි..අර නොදරුවටයි මැරුණ මිනිහටයි ඔහොම කතා කියනවට ..
හරි අම්මේ ..ඒක නෙවේ..මම එහෙන් කසාද බැන්දා ..මම වැඩ කරපු තැන බොස්ව ..මට කිසි දේකින් අඩුවක් නෑ ..එත් මම කලින් බැන්දා කියලා රවිමල් දන් නෑ ..දරුවෙක් ඉන්නවා කියලවත් .. අනේ අම්මේ අපි පොඩි එකා මහණ කරමු .. රවිමල් මෙහේ එන්නත් ඕනි කිවා ..අම්මා විතරයි ඉන්නවා කිවේ … මං ..
ශික් උඹ වගේ එකියක් ..කොල්ලා මම හදා ගන්නම් අනාත නිවාසෙකට දාලා හරි ..උඹ පලයන් මගේ දෑහට නොපෙනී ..
අම්මේ ..එත් මම කියන එක අහන්නකො ..
උඹට මම යන්න නේද කිවේ ..මේ හතර මායිමට එන්න එපා ආය ..
එසේ කියා නිසංසලා දොරෙන් එළියට තල්ලු කර දොර වසා ඇය අසල පුටුවේ හිද ගත්තේ දරුවා ගැනම ඇති වූ ආදරය අනුකම්පාවක් වූ නිසාවෙනි…
අත්තම්මා දොර අරින්නකෝ …කවුද අර ඇවිත් ගිය නෝනා ..
ආ ..මම දන්න කෙනෙක් පුතු ..ඉස්සර අත්තම්මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් … ඇය පාසල් ගුරුවරියක්ව දැන් විශ්‍රාම ගොස් සිටින නිසා දරුවාට එය පිළි නොගැනීමට තරම් හේතුවක් නොවීය.
ෂෝයි ලස්සනයි ඒ ආන්ටි ..මගේ අම්මත් ඒ වගේද අත්තම්මා ..
ඒ තරම් නෑ හොදයි පුතු ..
කොළඹ ගිය පසු නිසංසලා කොණ්ඩය විලාසිතාවක් අනුව සකසා තලෙළු පැහැය සුදු වී තිබූ නිසා තම මව ඇය යයි අදුරා ගැනීමට නොහැකි වීම පිළිබද අත්තම්මා සතුටු වන බව සහන් නොදැන සිටියේය.
එත් අත්තම්මා එයා මගේ අම්මා වගේ කියලා මට දැනෙනවනේ ..
එතරම් නොතේරුණත් ලේ සුවද දැනෙනවා කියන්නේ ඇත්ත කියලා මිත්තණියට නොසිතුනා නොවේ .නමුත් ඇය නිහඩ වුයේ ඇය වෙන අයෙකු බව පවසමිනි .
එදිනම හවස ඇය පන්සලේ හාමුදුරුවෝ හමු වී මේ සියලු විස්තර කියා සිටියේ ඇයගේ ජිවිතයේ අවිනිශ්චිත බව නිසාවෙනි. එමෙන්ම තමා ජීවත්ව සිටි නිවස නිසංසලාට අයිති වුවක් නිසාවෙනි. ඇය තම විශ්‍රාම වැටුප දරුවා නමට හැර වුයේ ඔහුගේ අධ්‍යාපන හා අනෙක් වියදම් නිසාවෙනි . පන්සලේ හාමුදුරුවන්ට සහන්ව ළමා නිවාසයකට දමා ඉගැන්වීමටද ඒ පිළිබද සොයා බලන ලෙස හාමුදුරුවන්ගෙන් අහිංසක ඉල්ලීමක් ද කරමින් ඇය නිවසට ගියේ සිතේ සතුටිනි .
පසුදින උදෑසන වෙනදා මෙන් ඇය අවදි නොවුවාය.
අත්තම්මේ ..අත්තම්මේ නැගිටින්නකෝ …
අනේ සිතල වෙලා ..අත්තම්මව.. දැන් මොකද කරන්නේ මම .. ඉක්මනට ඩොක්ට අය්යට කියන්න ඕනි ..
අසල්වැසි නිවසේ තරුණ වයසේ දොස්තර මහතෙක් නතර වී සිටි අතරම ඔහු ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයා විය. කුඩා දරුවා වෛද්‍යවරයා රැගෙන ඒමටත් පෙරම අත්තම්මා මියගොස් ඇති බව නොදත් පුංචි සහන්..
අත්තම්මා නැගිටින්න්කෝ ..ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා .. ඩොක්ට අය්යා ඇහැරෙන්නේ නැද්ද අත්තම්මා ..
සහන් පැට්ටෝ අත්තම්මා නිදි ..ආය එයාව ඇහැරවන්න බෑ අපට ..අපි අනිද්දා දිහාවට අත්තම්මා පෙට්ටියක දාලා හොදටම නිදන්න යවන්න වෙනවා දිව්‍යලෝකෙට ..
එතකොට මම .. මම තනියමනේ ..මාත් යනවා අත්තම්මා එක්ක ..
ඔයා තනියම නෑ පුතු ..ඔයාගේ අම්මා ඒවි දැන් ..
අම්මා …එයා අද එනවද ..
ඔය එන්නේ කියනකොටම ..එසේ කිවේ අසල්වැසි නිවසක විසු සුමනා නැන්දා විසිනි.
මේ අර අත්තම්මගේන් ඉගෙන ගත්ත ආන්ටිනේ ..
නෑ .දරුවා ..එයා අම්මා ඔයාගේ ..
සුමනා නැන්දේ පිස්සුද අනේ ..මේ දරුවා මගේ නෙවේ ..අම්මා හදාගත්ත ළමයෙක් .. අනුන්ගේ දරුවන්ට මට බෑ අම්මලා වෙන්න …
අහ ඇත්තද කුමාරිහාමි ..යනුවෙන් පවසා සුමනා නැන්දා කතාව ඇරඹීමට පෙරම රවිමල් ද සිටි නිසාවෙන් එතනට පැමිණි දොස්තර මහතා සුමනා නැන්දා සමග දරුවා එළියට යැවූ දොස්තර මහතා නිසංසලා පමණක් පැත්තකට ගෙන ,අමතා පැවසුවේ අවසන් කටයුතු කරන ලෙසත් දරුවා හොදින් බලා ගන්නා ලෙසත්ය .
මළ ගෙදර අවසන් කටයුතු ඉවර වූ පසු නිසංසලා තම පාරම්පරික නිවස සැමියා සමග එක් වී සංචාරක නිකේතනයක් බවට පත් කළේ ගම්වැසියන්ගේ ද විරුද්ධත්වය මතිනි. පුංචි සහන් පන්සලේ හාමුදුරුවන් මාර්ගයෙන් ළමා නිවාසයකට පිටත් කලේ තම දරුවාගේ අයිතිය පිළි ගැනීමට අකමැති වූ නිසාවෙනි .
……………………………………………………………………………………………………………………………………………………
එතැන් සිට හරියටම වසර 15 කට පසු ..
සහන් නිවර්තක රාජපක්ෂ ..නම් වූ දීප්තිමත් පාසල් ශිෂ්‍යා ක්‍රමානුකූලව පාසල් අධ්‍යාපනය අවසන් කර සරසවියේ ඉගෙනුම ලබන දෙවන වසරයි.
ඔහු අත්තම්මගේ විශ්‍රාම වැටුපෙන් අධ්‍යාපනය හදාරමින් ..පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මැද තම ජිවිතය ගෙන ගියේ දෙමාපියන්ගේ මතකයන් ඈත් කරමින් අත්තම්මාගේ මතකයන් තුරුළු කරගනිමින් ය.
දිනක් සරසවියට එන අතරමග සිගා යදිමින් සිටි කාන්තාවක් දුටු ඔහු ඇයට යම් මුදලක් දීම පිණිස ඇය අසලට ගියේය . ඔහුට ඇය දුටු විටම දැනුනේ හුරු බවකි .අසිහියෙන් මෙන් සිටි ඇය හාමත් බවක් දුටු ඔහු ,..
අම්මා කාලද ඉන්නේ උදේ ට ..
අහ ..මගේ පුතා ..
ඇය කුමක්ද කීමට පැවසුවද වචන පිට නොවුනි. අධික තෙහෙට්ටුවෙන් සිටි නිසා තමා අත තිබූ වතුර බෝතලය ඇයට දී හනිකට පාර මාරු වී ඉදිරිපස කඩෙන් බත් එකක් ගෙනවිත් ඇයට දුන්නේය ..
පින්සිද්ද වෙනවා මගේ පුතා .. ඇගේ දෑසේ කදුලුය.
අහ ..මගේ පුතා ..යන්නට ගිය ඔහු ආපසු හැරී ඇය දෙස විමසිල්ලෙන් බැලුවේය.
ඔව් මේ ඇය ය . මා ඇගේ පුතෙකු නොවන බව පැවසු ඇයමය. තවත් සමීප වී බලන විට දුටුවේ ඇය මුදල් එකතු කිරිමට බිම දමා ඇත්තේ ඇගේත් අත්ත්ම්මගේත් පුංචි මගෙත් එකට සිටි ඡායාරූපයක් බවය .
මට කරන්නට අන් කිසිවක් නැත .තවමත් මම සරසවියේ දෙවන වසරේ ය. මම හැදු වැඩුණු ළමා නිවාසයේම වැඩිහිටි නිවාසයක් ද විය . ඇය රැගෙන යාමට මට නිවසක් නොමැත . මගේ නිවස ළමා නිවාසය විය .මා මගේ අම්මා වැඩිහිටි නිවාසයේ නතර කළේය. සරසවියේ ඉගෙනුම ලබන ගමන් අර්ධ කාලින රැකියාවක් කරමින් අම්මාව බලන්නට සෑම දිනකම හවසට යමි. ඇය බලා සිටියා පමණ ය.වචනයක් වත් කතා නොකළ ඇයගේ දෑස් අගින් කදුළු ගලා ගියේය. ඇය තොල් සොලවා පැවසූ එක් වදනක් විය .
“සමාවෙන්න මගේ පුතා …”
මට උගන්නන්න රස්සාවක් කරන්න කොළඹ ආපු ඔබ මට ජිවිතේ සුන්දරම කාලේ අනාථයෙක් වගේ ජිවත් වෙන්න සැලසුවේ ඇයි? ඔබට අවශ්‍ය උනේ මුදල් ද? ජිවිතේ සතුට විදිය යුතුයි පසු නොතැවී ..අද ඔබේ ඉරණම ..මා හමුවීම ..ඔබේ කතාව කුමක් වුවත් මා ඔබට ආදරෙයි ..
පිය සෙනහසත් අහිමිව මව් සෙනහසත් අහිමි ව..
මා ගෙවූ දිවිය ඔබ දන්නවනම් …
හිමි අහිමි ලොව තුළ මා බැදීම් සෙවූ බව ඔබ දන්නවානම් ..
ලෝකයා ඉදරියේ එදා මා ඔබේ පුතු බව පිළිගත්තා නම්…
එදත් ඔබ සතුටින් ..අදත් ඔබ සතුටින් …
අහිතක් නොමැතිව අදත් මා ඔබේ ළගින් ..
ඔබ නොදුන් සෙනහස ඔබටම දෙමින් ..
මා ඔබේ පුතු බව පවසන් ලොවට රහසින් ..
එකම එක වරක්…

නිමි.

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “මා ඔබේ පුතු බව පවසන් ලොවට රහසින්

  • June 22, 2018 at 6:26 pm
    Permalink

    කීප දෙනෙක් ගෙ අත්දැකීම්, එක තැනකට එකතු කරලා, ලියලා වගේ…
    එක කථාවක් උනාට, චරිත කීපයක්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *