මායාවී – පහළොස්වන කොටස

” අස්විද , අසිනි රාත්‍රියේ නින්දට ගිය අතර මායා සිය වයලීනයද රැගෙන පහන්ගේ සොහොන් කොත අභියසට ගියා…  ඇය වයලීනය වයන්නට උනා ….

” පහන්….. පලිගැනීම පටන් ගත්තා…. අපිව මේ විදිහට ඈත් කරපු අයට ලගදීම දඩුවම් ලැබෙයි. දන්නවද පහන් අස්විදත් ඔයා වගේමයි. ඔයාට මාව මුණගැහෙද්දි ඔයා අර බයගුල්ලෙක් වගේ හිටියේ…. පස්සෙනේ මං වගේ චන්ඩියෙක් උනේ නේද…. අස්විදත් බයගුල්ලෙක්…. හැබැයි ඔයා වගේම බුද්ධිමත් …. එතකොට අසිනි පුංචි දගකාරියක්…. හොල්මනක් වෙච්ච මටවත් එයා බය නෑ. එයා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්. හෙට ඉදන් ඒ දෙන්නා මං වෙනුවෙන් සටන් කරාවී… ඔයාට සතුටුයි නේද පහන්…. මේ දේවල් ඉවර කරපු ගමන් මට මේ ආත්මෙන් නිදහස් වෙලා ඔයා ගාවට එන්න පුලුවන් වේවි නේද ..

” උදෑසන අවදි ඌ අස්විද අසිනිගේ කාමරයට ගියා….

” ගුඩ් මෝනිං මායා… ඇන්ඩ් අසිනි.

” අද මොකක්ද අස්විද අපි කරන්නේ.

” ඉස්සෙල්ලාම අපි යමු පොලිස්ටේශන් එකට…

” ඒත් දැන්ම පොලිසි ගියා කියලා දිලුම්ව නීතියට කොටු කරන්න අපි ලග සාක්ෂි නෑ. අනිත් එක එයාලාට සල්ලි බලේ නිසා ඇප දීලා අදම එලියට ඒවී…

” අනේ නෑ මෝඩයෝ…. මට කියන්න ඔයාලා දෙන්නගේ මරණෙන් පස්සේ මේ සම්බන්දව පොලීසි ගියේ නැද්ද …

” ඒ ගැන මං මුකුත් දන්නෑ අස්විද ….

” ශිට් ඒකනි…. මං හිතන්නේ අපි එතනින් තමා පටන්ගන්න ඕනි. මායා ඔයා අසිනිගේ ඇගෙන් අයින් වෙන්න. ගස්සන පද්දන නලවන වැඩ ඔයා වගේ කෙනෙක්ට බෑ…. ඒ දේ පුලුවන්නේ අපේ අසිනි මැඩම්ට තමා.. .

” ගුඩ් මෝනිං…. ආආආආආආ….. ඇගට අමාරුයි නිදි මතේ බෑ…. මායා මං නිදන් ඉද්දි නේද ඇගට රිංගුවේ…. බලෙන්ම ඇහැරවලා මෙයා මාව….

” අසිනි ඔයාට වැඩක්  තියෙනවා කරන්න…

” කියන්ඩෝ…..

” අසිනි ඇදට වැටෙන ගමන් කිව්වා… 

” මායා ඔයාලට ඔය දේ උනේ කොහේදිද….

” දියතලාව….

” එතකොට පොලිස් වසම බණ්ඩාරවෙල නේද… 

” ඔව්…

” නංගි අසිනි ඔයාට බණ්ඩාරවෙල පොලිස්ටේශන් එකට යන්න වෙනවා පොඩි ඉන්ෆොමේෂන් ටිකක් හොයාගන්න … හැබැයි ඔයා කියලා නොපෙනෙන්න, ඒත් සෙක්සි ගර්ල් කෙනෙක් වගේ අදින්න ඕනි.

” ඒ පාර මොන තොප්පියක්ද….

” ඔය කියන විදිහට දන්තනාරයන ෆැමිලි එක පවර්ෆුල් ෆැමිලි එකක් නම් පොලිසියෙ අනිවාර්යයෙන් උන්ගේ හෙන්චයියෝ ඇති. ඉතිං මේ දේවල් අසිනි විදිහට නෙවී ටිකක් වෙනස් චරිතයක් විදිහටයි කරන්න ඕනි තේරුනාද….

” තේරුනා බොස්….

” මායා ඔයාට භාහිර වස්තු අල්ලන්න පුලුවන්ද … සාමාන්‍යයෙන් මං දැකලා තියෙන හොල්මන් ෆිල්ම් වල ඒම පුලුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා…

” පුලුවන් අස්විද…

“අසිනි පොලිස්කාරයාගේ අවදානේ වෙන පැත්තකට හරවපු ගමන් අදාල රෙකෝඩ්ස්  වලින් අපිට අවශ්‍ය ඉන්ෆොමේෂන් ගන්න ඕනි ඔයා තේරුනද….

” එතකොට අසිනි එහෙට යන්නේ ලේකිකාවක් විදිහට….. මාලේ හොරෙන් කඩාගෙන ගියා කියලා පැමිණිලි කරන්න. කොයි පොලිසියෙත් ගෑනු ඇඹලයෙක් ඉන්නවා… ඒ කෙනාව ටාගට් කරලා රෙකෝඩ් බුක් ටික ගන්න එක අසිනිගේ වැඩක්. ඒවගේ ඉන්ෆොමේෂන් ගන්න එක මායාගේ වැඩක්….

” පැහැදිලිද….

” යස් බොස්….


(Comment වටිනවා ගොඩාක් හොදේ… )


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

7 thoughts on “මායාවී – පහළොස්වන කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *