මායාවී – විසිනවවෙනි කොටස

මාධවී මාර මොලයක්නි ඔයාට තියෙන්නේ …. සුධී නම් හොදටම බය උනා…

” ඒක නෙවෙයි මහත්තයෝ මං මේ කල්පනා කරන්නේ.

” මොකක්ද …

” අසිනිට ඇත්තටම මායා ආවේශ වෙලා නම් කොහොමද  අපි දිලුම්ව අසිනිට බන්දලා දෙන්නේ. පුතා කැමති වෙයිද…

” එයාගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ මාධවී… අපිට මේ වලෙන් ගොඩඑන්න තියෙන එකම විදිහ අසිනිගේ ඩවුරි එක.

” දැන් පුතා කොහෙද දන්නෑ.

” කොහේ හරි ගිහිං එන වෙලාවක ගෙදර එන්නේ නැතැයි.

අසිනිගේ මෝඩ වැඩ ගැන අස්විදට වූයේ තරහකි.

අසිනි සිටියේ දිලුම්ගේ ෆොටෝ එකක කුරුටුබලි අදිමින්ය.

සුලගක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට….
දිලුමෝ තෝ කෝමද මං අල්ලන්නේ

අස්විද ඔහොම නවතින්න …

අද මාව නවත්තන්න එපා මායා

” අස්විද අසිනිගේ කාමරේ දොර ඇරගෙන ඇවිත් අසිනි ඉදිරියේ හිටගත්තා ….

” අයියා…

” අසිනි අස්විදව තුරුල් කරගත්තා ….

” කෝමද මගෙ ඇක්ටිං …. ෆිල්ම් ෆෙයා අවෝඩ් එකට නොමිනේට් කරන්න වටිනවා නේහ්… ඌ ගියා… දැන් මං නිදහස් ….

” අස්විදගේ අත නතර වූයේ අසිනිගේ කම්මුලේය.

” අයියා….

” කට වහනවා අසිනි. දැන් ආයේ දිලුම් එන්නේ නෑනි … සතුටු ඇති නේහ්… අර අහිංසක කෙල්ලට අපි පොරොන්දුවක් උනා… පහන්ටයි එයාටයි වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා.

” අස්විද මායා පෙන්නමින් ඉතා  නොසන්සුන්ව හැසිරුණා …

” ඔයා ඒ හැමදේම නැතිකලා අසිනි.

” අයියා කියන්නේ මට දිලුම්ව බදින්න කියලද….

” අසිනිගේ ඇස්වල කදුලුය.

” දැන් අයියට වෙන්න ඕනි ඒකනේ. හරි අයියා නංගි ඒ දේ කරන්නම්.

” අසිනි අස්විදව තල්ලු කරමින් පහළට දිව්වා. අස්විද සහ මායා ඒ පසුපස ගියා.

” අම්මී…. අම්මී….

” දූ මොකද මේ…..

” අම්මී මං දිලුම්ව බදින්න කැමති අම්මී…. අපේ වෙඩින් එක ඇරේන්ජ් කරන්න. එයාටත් මාව බැදලා ඉක්මනින්ම රට යන්න ඕනි කිව්වනි.

” දූ මොකද මේ…. ඇස්වල කදුලු…

” අම්මී මං චුට්ටක් එලියට යනවා .. අසිනි කාර් එකේ කී එකත් අරන් එලියට ගියා.

” අසිනි ඔහොම නවතින්න ..

” අස්විද අසිනි පසුපස යනු දුටු සූදී නම් ඒ ගැන වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ.

” ගාමිණී ….

” කියන්න සුදී…

” අපි දූව ඉක්මනින්ම බන්දන්න ඕනි දිලුම් පුතාට.

‘ ඒ වගේ කොල්ලෙක්ට අපේ දූව දෙන්න. ඔයාට පිස්සුද සුදී.

” ඒනම් ඔයා කියන්නේ අපේ දූව කොහෙවත් යන අවජාතක කොල්ලෙක් අරන් යනකන් බලන් ඉන්න කියලද.

” සුදි… කට වහනවා.

“මගේ කට වැහුවා කියලා ඇත්ත වෙනස් කරන්න බෑනි ගාමිණී … දු දිලුම්ට කැමැත්ත දුන්නා. මේ කසාදෙත් ඉක්මනින්ම කරන්න ඕනි කිව්වා … ඔයා කැමති උනත් නැතත් මේ දැන් ඉදන්ම මේ කසාදෙට ඕනි හැමදේම මං කරනවා.

මායා මේ සියල්ල අහගෙනය.

” දෙයියනේ මේ මොනවද සිද්දවෙන්නේ … අස්විදගේ මේ ඇත්ත මෙයාලත් දන්නවද … ඒත් දැන් තාම හරි කාලේ ඇවිල්ලත් නෑ… අස්විද මේ දේවල් දැන්ම දැනගන්න හොද නෑ. ප්‍රශ්න එනකොට එන්නේ දිගට හරහට. මොනා හරි කරන්න වෙනවා මට.

************
සමාවෙන්න යාලුවනේ. කතා පරක්කු වෙනවට. මායාවී වගේම සුපිපි හසරැල් ලියන්නෙත් මං … ශනුදි නමින්. ඔයාලගේ අදහස් කතා දෙකටම වටිනවා.

(Comment වටිනවා ගොඩාක් හොදේ… )


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “මායාවී – විසිනවවෙනි කොටස

  • September 6, 2018 at 4:56 pm
    Permalink

    mama meka bala bala idala nawaththuwama hithuwe aith danne nathi wewi kiyala.meka aith liyana ekanam watinawa.

    Reply
  • September 7, 2018 at 4:20 pm
    Permalink

    Supiri!!!!!!!!!!!!!!!digatama liyanna!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *