මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා – විසි හතර වෙනි කොටස

” අක්කේ හදිසියේ ??”

” නෑ නංගි හදිසියක් නෙවෙයි..මං මේ පොඩි පනිවිඩයක් කියන්න ගත්තේ.. දෝනිව නෑදෑ ගෙදරක නවත්තන්නත් ඔයාලගේ කැමැත්තක් තිබ්බෙ නැති එකේ නංගිලා කැමතිනම් අපේ අම්මා ලග නවත්තන්න පුලුවන්..බදුල්ලේ…අම්මයි අපේ නංගි කෙනෙකුයි විතරයි එහෙ ඉන්නෙ..කරදරේකුත් නෑ එනිසා…”
” අනේ අක්කේ ඒක නම් ලොකු දෙයක්..දන්න තැනක දරුවා ඉන්නවනම් අපිටත් බයක් නෑනේ..අපිට කොහොමටත් මාස තුනක් වගේ යනකම් දරුවා මෙහෙ තියාගන්නත් පුලුවන්නේ..ඊට පස්සෙ එහෙනම් අපි අක්කා කිව්ව විදිහට කරමු…අක්කට ගොඩක් පින් අක්කේ..අපේ දෝනිට නිම්සර පුතා වගේ යාලුවෙක් ලැබුන එක නම් එයාගෙ ලොකු පිනක්..ඒ නිසානේ මෙච්චර හොඳට මේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් උනේ..”

” අනේ ඕක මොකද්ද නංගියේ කෙල්ල මටත් මගේ දරුවෙක් වගේ තමා..එක පවුලේ සහෝදරයෝ වගේ ඉන්න දරුවෝ තුන්දෙනානේ..එහෙම එකේ මෙහෙම දේකදිවත් උදව් කරන්නැතුව මොනා කරන්නද..”

” ඒක නම් ඇත්ත අක්කේ..අපි එහෙනම් දෝනිව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වලා එහෙම එහෙ යන දවස බලමුකෝ..”

” ඔව් එහෙම කරමු..මං තියන්නම් නංගී එහෙනම්..බුදු සරණයි…”

දෙමව්පියෝ කියන්නේ දරුවෝ කොච්චර නම් වැරදි කලත් දරුවන්ට හොඳක්ම කරලා දරුවන්ව සතුටින් තියන්න හදන දෙන්නා..ලෝකයට කොච්චර තමන්ගේ දරුවෝ වැරදිකාරයො උනත් දෙමව්පියෝ කවදාවත් දරුවෝ අතාරින්නේ නෑ..මොකද එයාලගේ ජීවිතේ වයසට යන්නේ පුංචි කාලේ ඉදන් හිමින් හිමින් ලොකු වෙන තමන්ගේ පුංචි පැටව් දිහා බලාගෙන..කවදාහරි දරුවන්ටත් තමන්ගෙ දෙමව්පියන්ගේ ඒ ආදරය තේරෙන්නේ තමනුත් දෙමව්පියෝ උන දවසට…

**

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියේ හිතුවටත් වඩා වේගයකින්…

” අම්මා සනුව බලන්න ගිහින් එමුද හෙට? පොලොස් කන්න ආසයි කිව්වා..අම්මා හදන ඒවට කොහොමත් ආසයිනේ එයා..” කැම්පස් පටන් අරන් තිබ්බෙත් නැතිනිසා මං මේ ටික කාලෙට පොඩි ජොබ් එකකට යන්න පටන් ගත්තේ ගෙදර ඉන්න එකත් තේරුමක් නැතිනිසා..මහජන බැංකුවේ ට්‍රේනින් එකට සනූම තමා මගෙ ඇප්ලිකේශන් දාලා තිබ්බෙත්..කොහොමහරි ඒකෙන් මාව සිලෙක්ට් උනා..දැන් ඉතින් ඉරිදා විතරයි ගෙදර…හෙට ඉරිදා නිසාමයි මං අම්මත් එක්ක සනූව බලන්න යන්න හිතුවේ…

” ඒකනම් හොඳයි මට කෙල්ලව බලන්න යන්නත් බැරිඋනා ගිය දවස් ටිකේම…”

එදා රෑම අම්මා පොලොස් මාලුවක් හැදුවා සනූ කන්න ආස නිසා..

” දරුවෙක් ලැබෙන්න ඉද්දි ආස දේවල් හිතේ තියන් ඉන්නැතුව කන්න නම් ඕනි..පව් කෙල්ල..තාමත් හිතේ දුකින් ඉන්න නිසා ලේසියකට ආස දෙයක්වත් කියන්නේ නෑනේ..”

” ඔව් අම්මේ..මාත් හවස එහෙ ගියොත් ආසයි කියලා දන්න නිසා බූන්දි ටිකක් ගෙනියනවා..කියන්නේ නෑනෙ ඇහුවත්..ජනියා එදා යද්දි අහලත් මුකුත් එපා කිව්වලු..පුදුමයි ඔහොම හරි දෙයක් කිව්වා…”

***

පහුවදා උදේම අපි සනුලගෙ දිහා යන්න ලෑස්ති උනා…ජනියත් උදේම අපේ ගෙදර ආවා..
අපිත් එක්කම සනූව බලන්න යන්න…

” දෝනි මෙන්න පුතේ යාලුවෝ එනවා” අපිව දැක්ක ගමන් මාලි ඇන්ටි කියද්දිම සනු පොඩි එකෙක් වගේ දුවන් ආවා..

” දෝනි අනේ මේ පරිස්සමින් …බලන්න අක්කේ තාම දැගලිල්ල..මට බයේ බෑ..” මාලි ඇන්ටි අම්මට කියනවා..

” ගොඩ දවසකින් අක්කව දැක්කේ..මෙයාලා දෙන්න නම් පුලුවන් හැමවෙලේම එනවනේ..”

” අනේ ඔව් නංගී ගිය ටිකේ එන්න බැරිඋනානේ..පුතේ මෙන්න ඔයා ආස නිසා පොලොස් හදලා බත් එකක් ගෙනාවා..කන්න උනුවෙන්ම තියනවා..”

” අනේ ශෝක් ඇන්ටි මං නිම්සරට මේ ලගදිත් කිව්වා..මේ මං කාල ඉන්න ඕනි පොඩ්ඩක් ඉන්නවා..” අපි දෙන්නටත් සද්දේ දාගෙන සනුව බත් එක කන්න ලෑස්තිය..එච්චර ආසාවකින් බත් එක කනවා දැක්කම පුදුම දුකක් අපි දෙන්නටම දැනුනේ..ඉස්සර කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටපු කෙල්ලෙක්ද…

” අම්මෝ නියමයි ඇන්ටි බඩ පිරුනා හොඳට..” කාල බඩත් අත ගගා නැගිටපු හැටි දැක්කම අපිට හිනා…

” මේ සොරි හොදේ අහන්නත් බැරිඋනා කනවද කියලා..” කාලා ඉවරවෙලා සනූ කියනවා…

” අනේ මේ දැන් නිකන් ඉදපන්..ඕවා අපි කලින්ම කාලා ආවේ යකෝ නිමාලගේ ගෙදරින්..” ජනියත් සනූව අවුස්සන්න හදන්නේ…

” අනේ මේ ගෙම්බා…මේ යං යං උඩට” සනු අපිවත් කතාකරන් උඩ කාමරේට ආවා..සනූ මෙහෙම හරි හිනාවෙලා ඉන්නෙ අපි ආවම කියලා මාලි ඇන්ටි හැමවෙලේම කියනවා නැත්නම් කාමරේමයි කියලා…


කමෙන්ට් වටිනවා අපිට ගොඩාක්


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා – විසි හතර වෙනි කොටස

  • May 6, 2018 at 12:56 pm
    Permalink

    Sanuwa nemsara badeida?

    Reply
    • January 4, 2019 at 3:11 pm
      Permalink

      ඉතුරු කොටස් ටික දාන්නෙ නැද්ද….??

      Reply
  • May 7, 2018 at 7:18 pm
    Permalink

    Lassanai kathawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *