එපා යලි එන්න මගේ දිවියට

සුදු.. ඔයා එනවානේ හෙට…

එන්නම් බබා, ඒත්…

ඇයි ඒත් ගාන්නේ? මාව අවිශ්වාසද?

එහෙම නෙවෙයි දෙයියෝ,  මට බයයි..

හරි හරි බය නම් ඉන්න, මහ ලොකු ආදරේ. මාත් එක්ක තනියම ඉන්න බයයි. ඒ උනාට ආදරේ අහස තරම්ලු.

තේරුම් ගන්නකෝ, මං ගෑණු ළමයෙක්. මං කවදාවත් ගිහින් නෑ…

මාත් එක්ක ගියාම ඇති. එනවාද කියන්න. විශ්වාස නම් එන්න, අවිශ්වාස නම් එපා. ඉක්මනට කියන්න. මං යාළුවට කියන්නොන…

මං එන්නම් මිගාර..

ආදරෙයි මැණික ගොඩාක්. මං අරූට කෝල් කරලා ගන්නම් හොදේ…

අඩෝ මිගාර මොකෝ අපිව මතක් වෙලා?

ඒ කසුනා, හෙට මං කෑල්ලක් උස්සන්න කියලා ඕයි…

හම්මට… බඩුවක්ද?

තාම නෑ බන්. පැකින් හෙට ඉදන් ඉතින්.. දන්නැද්ද උඹ ?

මෙච්චර දවස් උඹ පැකින් උන් ඉස්සුවේ නෑනේ ඕයි

වෙනසක් ඕනනේ බන්

අපිටත් චාන්ස් තියේද?

උඹට දීලා යන්නම්, ඕන එකක් කරගනින්.

හම්මට, පට්ටනේ ඔයි…

අර ටැබ්ලට් එක දාලා අන්තිමට කූල් ඩ්‍රින්ක් එකක් එවපන්…

ආ එළ මචං

අපි කැපුනා එහෙනම්…

 

මෙතන ලොකු තැනක් නේ. ලොකු ගානක් යයිනේ…

එච්චර නෑ ශානි, කෝ එන්න, මොකෝ මේ බය වෙලා…

බය නැද්ද ඉතිං දෙයියනේ…

මං ආදරෙයි බබා…

අනේ මාව දාලා යන්නෑ නේද දෙයියෝ

පිස්සු මැණික, හොද ළමයා වගේ වොෂ් එකක් දාන් එන්නකෝ…

අයියා අපි බදිමු.

ආ මේක බොන්න, අපි හෙට බදිමු.

අනේ පිං අයියේ , මං තිබහේ හිටියේ.

ඔක්කොම බොන්න ඉතින්, මගේ එකෙනුත් ටිකක් දෙන්නද?

ඇති අයියා…

ඇයි ඇයි ශානි??

ඔළුව කරකැවෙනවා වගේ..

කසුනා වැඩේ හරි, අරන් පලයන්…

අඩෝ මිගාර එළ ඈ. අළුත් එකක් නැතිව හිටියේ ඕයි…

ඒ මගේ ඇගට අත තියන්න එපා…

මේ නංගි සද්ද එපා. මේ පේනවානේ බඩු. ඉන්ටර්නෙට් එකට රීලිස් කරන්න විතරයි ඕන…

අනේ මිගාර අයියේ..

ඌ එන්නෑ. මගෙන් රුපියල් පනස්දාහකුත් අරන් ඌ ගියේ….

මොකද ශානි නංගි ??

මට බබෙක් වගේ අක්කේ

එහෙම වෙන්නේ කොහොමද ශානි. අපි පරිස්සම් වෙනවානේ..

මං මෙහෙට එන්න කලින්…

ආහ්… කෙල්ලේ ඕක දැනගත්තු ගමන් ඇබෝෂන් කරාවි

අනේ බෑ අක්කේ, පිං සිද්ද වෙයි මෙතනින් යන්න උදව් කරන්න.

උඹ පව් නංගි, මං පුළුවන් දෙයක් කරන්නම්.

 

දහපඳුරාවේ ලැගලා බඩකුත් උස්සන් ආවද? උඹට ගෙවල් මෙහේ නෑ…

අම්මා මං කියන දේ අහන්න අම්මා

මොනා අහන්නද අර මිගාරව එපා කියලානේ ගියේ

ඒ පහාරයා තමා මෙහෙම කරේ මට

බොරු නොකියා පලයන් යන්න ශානිකා

බබා ලැබෙනකල් ඉන්න මෙහේ

පිං නෝනා…

කෑගන් නැතිව ඉන්නවා , මගුලේ ගිහින් ළමයි හදද්දී අමාරු නෑ. වදද්දි තමා අමාරුව

පුතෙක්…

නෝනා මගේ කොල්ලාව බලාගන්නවා නේද ?

මගේ පණ වගේ

උ… උඹ

ඔව් මං, ඉතිං කොහොමද මිගාර අයියේ.

මට සමාවෙන්න ශානි..

ඔව් සමාව දෙනවා, මොනා උනත් මගේ දරුවාගේ තාත්තානේ.

ඔය ඇත්තමද ශානි

( අත් දෙකම අල්ලාගෙන )

ඔව්

( ඔහුව බදා වැලදගනිමින් )

ආ….හ්….හ්…. ශානි?

Happy Journey Mr Migara

සතුටින් ඉදපන් පුතේ. අම්මා හැමදේම කලේ උඹ වෙනුවෙන් ❤

#නදී

පරණ එකක්. ඩිංගක් වෙනස් කරා. ?


ලියපු තවත් කතා

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “එපා යලි එන්න මගේ දිවියට

  • February 27, 2018 at 3:01 pm
    Permalink

    Lassanai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *