දිනපොත

රුහුණු කුමාරි දුම්රියේ හඩ සවනට වත්ම මම සිටියේ බයිසිකලයද ඔසවාගෙන කඩුල්ල පනිමින් ය..
” පරිස්සමෙන් ගිහින් එන්න සුදු අයියේ, දළදා හාමුදුරුවන්ගේ පිහිටයි “
ඒ ඇවැස්ස නෑනාය.. ඇය කට පුරා මා හට සුදු අයියා ලෙස ආමන්ත්රණය කිරීම සමහරක් ගම්මුන්ගේ උදහසටද, තවත් සමහරුන්ගේ ප්රසංසාවටද ලක්ව තිබිණි..
“කෝච්චියත් ගියා.,දැන් බයිසිකලෙන්ම ගාටන්න වෙයි, ‘රෑ බෝ වෙන්න කලින් එන්න පුලුවන් උනොත් හොදයි ,’ අද මාමත් ගෙදර නැහැ පුතේ.
නික්ම යන මා හට ඇසෙන සේ නැන්දා හඩගෑවාය..
කන්තෝරුවේ රස්සාවකට ඉල්ලුම් පත්රයක් දමා දැනට මාස 3 කට ආසන්න වෙයි, නමුත් පිළිතුරක් ලැබෙන සේයාවක් නොමැති බැවින්ද, මාමා සොයන පඩියෙන් යැපෙන්නටත් බැරිම තැන, මාමාගේ පරණ යහලුවෙක් වන සිරිතුංග මුදලාලි යටතේ ලීබඩු සාප්පුවේ ගිණුම් බලාකියා ගැනීමට මා ඉදිරිපත් විය. අද ඒ රස්සාවේ සිව්වැනි දිනයයි . සයිකලය වේගයෙන් පෑගිය යුතු වුවද , මහන්සි වී වැඩ කිරීමට දවසකුත් කාලය තිබෙන බව මාගේ සිහියට නැගුණි..
වෙනදා නම් කෝච්චියේ එල්ලිලා ලී බඩු සාප්පුව ලගම නැවතුම්පළෙන් බහිනවා, ඒත් අද සැතපුම් තුන, හතරක් බයිසිකලය පාගන්න වෙනවා. මාගේ සිත සිතිවිලි මවන්න විමි. වෙනදා දිනයන්හි මග දිගට හමුවන හුරුපුරුදු මිනිසුන් වෙනුවට අද දින අලුත් මුහුණු රාශියක් ඉදිරියට හමුවුණෙමි.. මා මේ ගම් පියසට පැමිණ දැන් අවුරුද්දකට හමාරකට ආසන්නය, නමුත් කවදාක හෝ නොදැකපු මුහුණු රාශියක් මා හට මේ උදෑසන හමුවුණෙමි.. ඒ අතර මා හට හුරුපුරුදු එක් මුහුණක් දවසම සුභවේවා යන පැතුම ගෙන ආවේය..
ඒ දමිතාය , ඇය සිටියේ යහළුවන් තිදෙනෙකුද සමගිනි. ඇය තනිවම හමුවූවානම් කියා සිත මැසිවිලි නගන්නට වත්ම, මා ඔවුන් පසුකර සයිකලය පාගන්නට විමි.
දමිතා , අන්න, “කන්තෝරු මාමලාගේ ගෙදර ඉන්න සිතුමිගේ, ‘සුදු අයියා’ යනවා.
කෙල්ලක් මට ඇනුම්පදයක් මුමුණනවා මට ඇසුණි.
“ඉතින් මට මොකෝ” ඒ දමිතාය..
මා අඩි කිහිපයක් ඔවුනට පසුපසින් සයිකලය නවතා දමිතා දෙස තත්පර කිහිපයක් නෙත් ආයාගෙන බලාසිටියෙමි. 
චීත්ත ගවුමෙන් සැරසුන ඈ උදෑසනම යාලුවන් සමග පොළට යන බව මට සිතුණි. ඔවුන් අත තිබූ නයිලෝන් බෑගයන් ඒ බව සනාත කලේය. නාගරික පරිසරයක අවුරුදු විස්සක් පමණ හැදීවැඩුනද, මා කවමදාකවත් මෙවැනි ලස්සන කෙල්ලක් නොදැක ඇති බව හොදටම විස්වාසය.
‘එක පාරක් බලපන්, ඒ ඇති සතියකට’ සිත නොරිස්සුම් සහගතය. අමුතු ජවයක් ලැබූවෙකු මෙන් මා දමිතාගේ අඩි පාරෙන් ඇස් ඉවතට නොගත්තෙමි. 
ඈ ඉදිරියටම ඇදෙයි, මා තවමත් බලාසිටියි..
එක්වරම පිටුපස හැරී ඇය මා දෙස බැලූවාය. විදුලියක් මාගේ ඇග දිගේ රූටා යන්නට විමි. මා ද ඈ දෙසම බලාගෙන සිටියෙමි, මට ඇස් ඉවතට ගැනීමට ලෝබ සිතුණි. දමිතා කට කොනකින් ගත් සිහින් හිනාව මුහුණ පුරා යවා ඇස් දෙකෙන් අවසන් කරේ, මා තවත් අසරණ කරවමිණි..
භාවනායෝගීව සිටින උපාසකයෙකුගේ කනට ලංව එක්වරම කෑගැසුවහොත් ඔහුගේ සීලය පසෙක දමා ඇතිවන කෝපයට නොදැවෙනි කෝපයක් මට ඇතුවූයේ ඊලග නිමේශයකිනි.
දැහැනේ සමවැදී මෙන් ඉන්න මා ඉදිරියට පැමිණි ලොරි රථයක, සයිරනය තෙවතාවක් නාද කරන්නට වූයේ, මා බියගන්වමිණි.
“මල්ලී, සිල් අරන්ද? ” පාරෙන් අයින් වෙයන්.. පොළට යන්න පරක්කුයි.” 
ලොරි රථයේ ගෝලයා මට හැඩගෑවේය.
ගුරු පාරේ හරියටම මැද සයිකලය නවතාගෙන කල්පනාලොවක සිරවීසිටි , මාගේද වැරැද්දක් නැතුවාම නොවේ. 
ලැජ්ජාවෙන් පිරි මුහුණෙන්ද කෝපාවිෂ්ටව රත් පැහැ ගැන්වූ ඇස් වලින්ද, පාර කෙලවරින් දමිතා නොපෙනීයාමේ ශෝකයෙන්ද සිත පිරීගියේය.
ඇයත් මමත් පමණක් සිටි රාමුවක දීශානත වූ වෙනම ලොවකට කඩාවැටුනු උල්කාවක් සේ මට ලොරි රථය දිස්විය.
සයිකලය වම්පසට ගත් මා නැවතත් මාගේ ගමන ආරම්භ කලෙමි.
සන්ද්යා කාලය නිමාවත්ම රාත්රිය එලඹෙත්ම මට ගම් පියසට ලගා වීමේ හැකියාව ලැබිණි. වෙනදාට වඩා කාර්යබහුල දිනයක් ගෙවී ගියේ එතරම් විඩාවකින් නොවුවද , කාර්යාලයෙන් එලියට පැමිණෙන විට වෙනදාට වඩා රෑ බෝ වී තිබිණි. එමනිසා වෙනදාට වඩා වේගයෙන් සයිකලය පෑගීමට මා උත්සුකවිමි.
සැදෑ අදුර පරිසරය ගිල ගනිමින් පසුවෙයි, කිසිදු ආලෝකයකුදු නොමැති පටු මාවතේ මා වේගයෙන් පැඩලය පාගයි. රෑ බදුල්ලන්ගේ ඝෝශාව පරාද කරමින්, පරණ අබලන් වූ සයිකලයේ “කිරිස්, “කිරිස් , හඩ වටපිටාව තුලින් දෝංකාර දෙයි. ඈතින් කුඩා එළියක් දිස්වෙයි, ඒ මුලු ගමටම ඇති එකම කඩමණ්ඩියයි.
ස්තීර අයිතිකරුවෙකු නොමැති කඩකාමරයේ දැන් අයිතිකරු පියසේන මුදලාලිය. මුදලාලි මාමා යනු නිතරම මාගේ ගුණ වර්ණනාව ගම්මුන්ගේ කනමත තබන, එක් ගැමියෙකි. වෙනදානම්, වැඩ ඇරී ආපසු ඒමේදී කඩයට ගොඩ වී මුදලාලි මාමා සමග ව්යාපාර කටයුත්තක් ගැන දන්නා නොදන්නා සෑමදේම කටකියවා පැමිණීම පුරුද්දකට වඩා සිරිතක්ව පැවතුණි. එහෙත් අද හොදටම රෑ වී ඇති බැවින්ද, නැන්දා සහ නංගී පමණක් නිවසේ ඇති හෙයින්ද, උදෑසන නැන්දා කියූ දේ සිහියට පැමිණීමත් නිසා මුදලාලි මාමාට අත වනාගෙනම සයිකලයේ වේගය තව වැඩිකරමින් මා ඉදිරියටම ඇදීගියෙමි.
පොසොන් පොහොය ගෙවී ගොස් සතියක් පමණ වෙයි, නැතිනම් වෙනදා ‘සද එලියෙන්’ මුළු ගමම ආලෝකවත් වන බව ගම්මුන් පමණක් නොව ආගන්තුකයින් පවා දන්නෙහිය.
සද මතක් වූවා සැනෙකින් මාගේ සිතට ආවේ දමිතාගේ රූපයයි.. ඇත්තටම දමිතා මට නොගැලපේද.. එසේ වීමට කිසිදු හේතුවක් නැත, දමිතාගේ පියා ගමේ කවුරුත් දන්නා ග්රාමනිළධාරි තුමාය, අපේ මාමා කන්තෝරුවේ ලොකු තැනක් දරණ නිළධාරියෙකි, .. ගම්මුන්ගේ වැඩිම සැළකිළි ලැබෙන්නේද මොවුන් දෙදෙනාටය. ඉතින් අප එකතුවීම කදිම නොවේද.. අනික ඇයත් මාගේම වයසේ පසුවෙයි, ඇගේ නමේ මුල් අකුරත්, මගේ නමේ මුල් අකුරත් එකමය. වෙන මොනවානම් ගැලපෙන්නද, මේ හොදටම ප්රමාණවත්ය… මා මගේම සිත සමග තර්ක කරමින් දමිතාගේ රූපය චිත්ත රූප මවමින් නොදැනුවත්වම ඉදිරියට ඇදී ගියෙමි.
මා නිවස පෙනෙන තෙක් මානයට පැමිණෙද්දී , නාදුනන සිරුරක් අන්ධකාරය තුලින් මතුවිය. මැදි වයසේ පසුවන හෙතෙම මා දැක තිගැස්සී ගියේය. ඒ ක්ශනිකයෙන්ම ඔහු එය මගෙන් වසන් කර කටපුරා මාහට ආචාරශීලී සිනහවක් පුද කලේය. එවිට මා දුටුවේ ඔහුගේ කකුලක් කොර බවයි. මේ රෑ මොහු කුමක් කරනවාද යන්න, සැකයක් මට මතුවූ හෙයින් මා ආගන්තුකයාට ලංව සයිකලය නැවැත්වීමි.
“අයියා කොයි පළාතෙද? 
එකනෙහිම ඔහු ලොප් විය. එහෙත් සැනෙකින් ඔහු පිළිතුරු දුන්නේය.
“මම අම්බලන්ගොඩ මහත්තයෝ,”
“මෙහේ මොකෝ?
“රත්නසේකර හාමුලාගේ ගෙදර වැඩට ඉන්නේ මං. ” ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ කටහඩේ කිසිදු පැකිලීමකදු නොවේ. පැහැදිලි කඩහඩක් ඇති හෙතෙම, කොර වුවද මනා පෞර්ෂයකින් හෙබි පිරිමියෙකි.
රත්නසේකර හාමු යනු ගමේ ගිනි පොලී කළුකඩ මුදලාලියාය. මටනම් පෙනෙන්ටවත් බැරි එකෙකි. මස් වැද්දෙකි, ගම්මු කියන හැටියට ඒ මනුස්සයාට තලගොයෙක්වත් පේන්න බැරිය. මල් වගා කරන ලාලිනි අක්කා දවසක් කීවේ ” මල්ලී, රත්නසේකරයා ගෙනැල්ලා ඇන්තූරියම් වගාව ලගින් තිබ්බානම්, තලගොයි වසංගතේ දවසෙන් ඉවරයි කියාය” 
එය මතක්වී මට කටකොනින් සිනාවක් මතුවිය. එය ගිලගත් මා, නැවතත් ආගන්තුකයා දෙසට හැරුණි. 
” අයියා දැන් මේ කොයි යනගමන්ද?
” මට අද ගමේ යන්න හාමු අවසර දුන්නා, මහත්තයා.. බස් එක අල්ලගන්නත් ඕනි, 
“පරක්කු වෙන්ට බෑ මහත්තයා, “මට සමාවෙන්න” මන් වෙන දවසක මහත්තයා හම්බවෙන්නම්..
“මහත්තයා කොයි ගෙදරෙයි?
” හා, හා එහෙනම් පරිස්සමෙන් යන්න. “මම කන්තෝරුවේ මහත්තයාගේ අක්කගේ පුතා”
“දවසක ඒ පැත්තේ ඇවිත් යන්න එන්න..”
ආගන්තුකයාගේ කුලුපග සිනහව අතුරුදහන් විය. මා කෙරේ පුදුමයෙන් මෙන් බලා , එතනින් ඉවත්ව ගියේ අදුරේ සැගවීතිබූ ඔහුගේ විශාල බඩුමල්ලද රැගෙනය. 
” මාගේ නිහතමානීකම ඔහුගේ පුදුමයට හේතුව වූ බව මට පසක් විය. “
සැමටම එක සමානව සිනාව පුදකරන ගමේ එකම තැනැත්තා මා බව දවසක් ගැමියෙක් පැවසූ බව මට සිහිවිය. 
අහිතකට නොව, මාමා, නැන්දා හෝ නංගීවත් වැඩකාරයෙකු සමග තියා ඔරු පදින මිනිහා සමගවත් කතා නොකලහ, ඔහුන් කෙරේ නොබැලූහ. ඔවුන්ද මූණට, ලොකු මහත්තයා, ලොකු නෝනා යැයි ආමන්ත්රණය කළද, වෙන තැනෙක පලු අරින්නේ ඇස්වහ, කටවහ මැතිරුවත් පලක් නොවන ලෙසය. ඒ අතින් මා වාසනාවන්තයෙකු නොවේද, දමිතාට මා ගැන ආඩම්බරවිය නොහැකිද..
මා නිවස කඩුල්ල පාමුල සයිකලය නැවතූ අතර නිවසේ විදුලි පහන් සියල්ල නිවාදමා තිබුණි. සයිකලය කඩුල්ලට හේත්තු කරමින් මා, කඩුල්ල පැන දොරකඩ දෙසට පියමැන්නේ කුතුහලයෙනි.
” පුංචි මහත්තයා! පුංචි මහත්තයා! කටහඩක් ඇසුනේ කඩුල්ල දෙසිනි. 
මා හැරී බැලුවේ කවුරුන්ද කියාය. 
ඒ හිතවත් අසල්වාසී ගැමියෙකි, ඔහු නමින් ඩිංගි මාමාය. ඔහු අපේ පවුලට බොහෝ හිතවත් ය. මාමා ගැමියන් අතර පලමු තැන දී තිබුණේ මේ ඩිංගි මාමාටය. ඩිංගි මාමා, මාමාගේ සමවයසේ පසුවන බව වරක් නංගී මා සමග පැවසීය. ඇය, නරකක් නොකියන එකම ගැමි චරිතයද ඩිංගි මාමාය. 
” ලොකු නෝනයි, පුංචි නෝනයි පන්සලට ගියා, අපේ උන්දැත් එක්ක “
“ඒ මොකද මාමේ හදිසියේ?
“හෙට හීල් දානෙයි, දවල් දානෙයි බාරගෙන තිබුනයි කියන්නේ, නගරේ මහත්තයෙක්”, ඒ මහත්තයාට හදිසි කරදරයක්දැයි, මොකද්දැයි කියලා හෙට දානේ මගහැරෙයි කියලා පන්සලට දන්වලා. “
“ඉතින් ලොකු හාමුදුරුවෝ , ලොකු නෝනට දාස අතේ පණිවිඩයක් එවලා හවස..” 
” පුංචි මහත්තයා එනකන් ඉමුය කියලා ලොකු නෝනා මෙච්චර වෙලා කඩුල්ල ලග බලන් ඉදලා බැරිම තැන තමයි පන්සලට ගියේ ” 
“තනියට, අපේ එක්කෙනත් අඩගහගත්තා..”
දානෙට කලින් දවසේ සන්ද්යා ගිලන්පස පිලිගන්වන්න ප්රමාදවන නිසා නැන්දා යන්න ඇත්තේ, මමත් අද හොදටම ප්රමාද වුණානේ.
” හරි මාමේ මං පන්සල පැත්තට යන්නම් “
“ඒක හොදයි..” ඩිංගි මාමා කරමත වූ තුවාය හිසේ ගැටගසමින් ඔවුන්ගේ පොල් අතු පැල දෙසට පියමැන්නේ , මා කඩුල්ලට හේත්තු කල සයිකලය එක ක්ෂණිකයෙන් නැවත හරවා පාරට දමන අතරේය.
“දමිතා ගැන සිහින මවමින්ම මම නැවතත් සයිකලය මතය.. “නැන්දාගෙන් මා අද බැනුම් අසනවා ස්තීරය. නංගී සැමදා මාගේ වැරදි සේදීමට මගේ පැත්තේය, නමුත් නැන්දාගේ දොස්නැගිල්ලට, ඇයද යටය. ” මා ද පුලුවන් ඉක්මනින් සයිකලය නොපෑගුවේද!
වැඩිහිටියන් සමග වාද කිරීමෙන් අවසානයට සිදුවන්නේ දෙගොල්ලන්ගේම සිත් රිදෙන එක නොවේද.. ” 
නැන්දා කුමක් කීවත්, වැරැද්ද පිළිගෙන, මින් මතු එසේ නොවනලෙස කටයුතු කරන බව ආයාචනා කිරීමට මා සිතාගත්තෙමි. “
මා සයිකලයෙන් පැමිණි නිසා පන්සලට යාමට දුරවැඩි මගක් භාවිතා කිරීමට මට සිදුවිය. නැත්නම්, කැළෑ අඩි පාරක් මතින් පන්සලට යෑමට නම් ගතවන්නේ සුළුකාලයකි. එහෙත් ඒ ගමන දුෂ්කරය , කූඩැල්ලන්ගෙන් පටන්ගත්තම නයි, පොලොන්ගුන්ගෙන් අවසන් වෙන කැළෑ අඩිපාර ගැන ඩිංගි මාමා කියවන කතා මට සිහිවිය.
ඉන්පසු සිදුවූයේ නොසිතූ දෙයකි. මට හමු වූ ආගන්තුක මිනිසා මායිම් වැටක් අල්ලාගෙන, පාරේ බිම හිදගෙන කෑගසයි. මා දුටුවිට ඔහු තවත් බිය වූ බව ඔහුගේ මුහුණෙන් මට පෙනුනි. සයිකලය නවතාලූ මා එයින් බැසගත්තේ, මේ මනුස්සයාට මොකද වුණේ කියා සිතාගැනීමට නොහැකිවය.
“මොකද අයියේ උනේ? ” 
මා ඔහුගෙන් විමසූවේ ඔහුව නැවත දෙපයින් ඉන්දවීමට කිහිලි මතින් ඔසවමිනි.
“මුකුත් නෑ මහත්තයෝ..” මුකුත් නෑ.. ‘
මගේ මේ කකුලේ කොරේ වැඩිවුණා. 
“මහත්තයා නොහිටින්න, මන් තවමත් මෙතන බිම කෙදිරිගානවා”
“දැන් අමාරුවක් නෑ, මට හොදටම පරක්කු වුණා මහත්තයා.. “මන් නොවරදවාම මහත්තයා බලන්න එනවා… 
” ආගන්තුකයා කියවාගෙන ගියේය”
“මට මොහුව බස් නැවතුම්පලට ගොස් ඇරලවන්න බැරිවේද! මම, මාගේ සිතෙන් ප්රශ්න කලෙමි. 
“උබට පිස්සුද මිනිහෝ”, මේ දැනුත් හොදටම රෑ වෙලා, පරක්කුත් වෙලා… සිතට කතාකිරීමට හැකිවූවානම් ලැබෙන පිළිතුර එයවන බව සැකයක් නොවේ.. 
නමුත් මිනිස්සුන්ට උදව් කිරීම ‘පරම චින්තනය’ කරගත් මා, සිතේ හැගීම් වලට වහල් නොවී වැඩකළයුතු බව සිතුවෙමි. 
මා වැරදි වැඩක්ද නොකරමි, මෙය පින්කටයුතු දෙයකි, ආබාදිතයෙකු ට පිහිටක් වන්නට ජීවිතයේ මීටපසු මට අවස්ථාවකුද නොලැබෙන්නට පුලුවනි.
“අයියේ නගින්න, සයිකලේට.. ” මන් බස් නැවතුම්පලෙන් ඇරලවන්නම්”
“ආගන්තුකයා , අසරණ බැල්මක් හෙලා , “කරදරයක් නැතිනම්, පුංචි මහත්තයා” යැයි කීය..
“කරදරයක් මොකක්ද! මේක අපේ ගම.. අයියා නගින්න” මා පුරාජේරුව කියවීමට ගොස් ඒ වචන ආපසු ගිලගත්තෙමි.
ඉන්පසු, ඔහු සයිකලයේ ‘ලැගේජය’ මත හරිබරි ගැසුනේ, ඔහුගේ විශාල ගමන් මල්ලද උකුලමත තබාගනිමින් ය… 
“” හරි, මහත්තයෝ” යමු.. ආගන්තුකයා සංඥා කලේය. 
මා උපරිම වේගයෙන් වරක් පැඩලය පෑගුවේ , පතුරු ගැලවීගිය, කසිකබල් සයිකලයේ සීටයෙන් නැගිටිමින් ය. අපි ඉදිරියටම ගියෙමු.
“අයියේ, ගෙදර කවුද වෙන ඉන්නේ ?
” ඈ, මහත්තයෝ?
“ගෙදර කවුදැයි වෙන ඉන්නේ??
” අහ්, මමයි , දරුවන්ගේ අම්මයි, පුතාල දෙන්නයි, ලොකු එකා ස්කෝලේ යනෝ”
” දැන් ඉතින් ගෙදර යන්නේ කාලෙකින්නේ, දරුවන්ට මොනවයි අරන් යන්නේ?
” බයාදු සිනාවක් පෑ ආගන්තුකයා ” අනේ මක්ක ගෙනියන්නෙයි මහත්තයෝ ” හාමු මහත්තයා දුන්න කෙසෙල්, කැවුම් ගෙඩි වගයක් එහෙම තියෙනෝ”
” දුප්පත් මිනිසුන් කෙරේ වූ දයාව කරුණාව ඔවුන්ට උදව් කිරීමට නොපැකිලීම මාගේ දුර්වලතාවක්ද! මටම සිතාගත නොහැකිවිය. කිමද, මමද අන්ත අසරණ පවුලකින් ඉපැදුනු ලමයෙකු වූ නිසා විය යුතුය. මා මෙසේ මිනිසුන්ට උදව්කරන පලමු වතාවද නොවේ, මට දැන් මෙය පුරුද්දට ගොස් ය.. මාමා හෝ නැන්දා මෙය දනීනම් , මා ගැන, කුමන ආකාරයේ තීරණයක් ගන්නෙහිද.
” කඩමණ්ඩිය පේනදුරය, මා ඉක්මන් විය, සයිකලය කඩමණ්ඩියේ මැට්ටෙන් තැනූ විශාල බිත්තියට හරස් කොට නවතා, ආගන්තුකයාට අල්ලාගන්නා ලෙස කියමින්, කඩයට ඇතුල්විමි. 
මා නැවතත් පැමිණියේ, විස්කෝතු පෙට්ටියක්ද අතැතිවය..
” ආ, මේක අරන් ගිහින් ළමයින්ට දෙන්න..
” අනේ, මේ මොකද මහත්තයෝ! ආගන්තුකයාගේ ඇස් කදුලින් තෙත්වී තිබිණි.
“මොකවත් නොවේ, ආ මේක මල්ලට දාගන්න, අපිට තව පරක්කුවෙන්න කලින්, මා ඔහු ඉක්මන් කලේ, ඔහුටද , මටද දෙදෙනාටම ප්රමාදවී ඇති බැවිනි.
” අප නැවතත් ගමනෙහිය.. ඒ අතරතුර ඔහු නැවත එනවිට මා හට වාලම්පූරියක් ගෙනත්දෙන බව පැවසීය.. 
කෙසේ වෙතත් බලාපොරොත්තු තබාගැනීම මාගේ පුරුද්ද නොවුණි. කිමද, ඔයිට වඩා විස්වාස පුද්ගලයින් මා හට දුන් බලාපොරොත්තු සුන්වී ගියේ ඇස් පනාපිටය…
අප බස් නැවතුම්පලට ලගාවීය.. අම්බලන්ගොඩට පිටත්වන අවසාන බස් රථය නැවතුම්පලෙන් එලිබසිනවා සමගම හදිසියේ ගොඩවීමට ආගන්තුක හෙතෙම සමත්විය.. කොරගසමින් පාපුවරුවේ උඩ අඩියතබා අනෙත් අඩිය වැරෙන්ගෙන යට පාපුවරුවේ තබා විශාල ගමන් මල්ලද ඔසවාගනිමින් ඔහු බස් රථයට ගොඩවූයේ මහත්තයාට පින්සිදු වේවායැයි තොල් මතුලමින් ය. ඔහු ගොඩවන අතරතුර , ඔහුගේ මල්ලෙහි වූ, පිටකවරය අගනා පොතක් එලියට විසිවීය.. ඔහු එය නොදැක්කේය.. බස් රථය වේගයෙන් ඇදීගියේය.. මා එය අහුලාගත්තේ, දූවිල්ලද පිසදමාය.. ” ඔහු නැවත ආවිට මා මෙය ලබාදෙනතෙක්, පරිස්සම් කරගෙන තබාගත යුතුබව මට සිතුණි. 
“” සිත සිතා සිටිය යුතු නැත.. දැන් නම් ඉගිල්ලී හෝ නිවසට යායුතුය, නැන්දා පන්සලෙන් විත් ගෙදර පැමිණ මා සොයනවා විය යුතුය, ඉන්පසු ඩිංගි මාමා පවසන්නේ “මා පන්සලට ගියා කියාය” එතන, තවත් ගැටලුවකි.. නැන්දා සහ නංගී හොදටම කලබල වනු නිසැකය.. 
” රාත්රී දහයද පසුවී ඇතිබව ඉවෙන් මෙන් මට දැනුණි. මා නිවසේ කඩුල්ල පෙනෙන තෙක්මානයේය.. ” 
” විදුලි බුබුලෙන් ආලෝකමත් වූ නිවෙස් මිදුලෙහි , නැන්දා හෝ නංගීට අමතරව තවත් ගැහැනුන් දෙදෙනෙක්ද , පිරිමියෙක්ද සිටිනබව දුරතියා මට අදුනාගත හැකිවිය.. මා සිතුවේ , ඒ ඩිංගි මාමා ,ඩිංගි නැන්දා සහ ඩිංගි මාමාගේ එකම දුව වන රමණි අක්කා කියාය.. 
නමුත් මාගේ තර්කය නිවැරදි නොවන බව මට අවබෝධවූයේ, සයිකලය කඩුල්ල මත ඇලකර පය ඉක්මන් කර කඩුල්ල පනින මොහොතේය. මාගේ දෑස් ඇදහිය නොහැකිලෙස එහි සිටියේ දමිතාය.. අනෙක් අයනම්, ග්රාම නිළධාරි මහතා සහ දමිතාගේ අම්මා වන සුමනාවතී නැන්දාය.. 
කොරේ පිටට මරේ වත්ද… 
මගෙන් දමිතාට සිනාවකින්වත් වැරැද්දක් සිදුවූයේද.. අද උදෑසන ඇය දෙස බලාසිටි එක වැරැද්දක් ලෙස හංවඩු ගැසී ඇත්ද.. සිතේ යම් චකිතයක් ජනිත විය. දැන් නම් ඇත්තටම බිය යනු කුමක්ද කියා ගතට දැනෙන්ට විය. මාමා සහ නැන්දා අවුරුදු ගානකට ගමේ රැකගෙන තිබූ ගරුත්වය මා සිනහවකින් පලුදු කරාවත්ද..
දමිතාට අවසානයට පෙම් හසුනක, ආදරය ප්රකාශ කලේද මීට මාස තුන, හතරකට පෙරය, එයද ගැනීමට ඇය ප්රතික්ෂේප කල බව පන්සලේ දාස මට පැවසීය. එසේනම්, මේ එකසැරේ කුමන අවණඩුවක්ද…
” අනේ පුතේ බලපන්කෝ වෙච්චි දේ ” ඒ නැන්දාය..
” ඇයි නැන්දේ..” 
” අනේ, සුදු අයියේ හොරු පැනලා” නැන්දාට පෙර නංගී කටහඩ ඉස්සර කළාය… 
” මොකක්! 
මේ සිදුවූයේ කුමක්ද! මටම ප්රෙහෙලිකාවකි.. 
” ග්රාමසේවක උන්දැලාගේ ගෙදරටත් පැනලා” 
නැන්දා හඩාවැලපෙන්නට පටන්ගත්තාය. 
“සුමනාවතී නැන්දාද ඉකිගසන්නට වූවාය.. 
” මා දමිතා දෙස බැලුවේ ඇයත් කදුලු සලනවාද යන්න සැකහැර දැනගැනීමටය” ඇය බිම බලාගෙන සිටියාය.. 
” රත්තරන් කනකර බඩු සේරොම අරන් ගිහින් ” අනේ දෙවියනේ කෙලීගේ දීගෙට දෙන්ට තිබුණෙත් ඒ ටිකයි ” ඒ අපේ නැන්දාය… 
” අනේ හාමිනේ, මටත් දුක ඒ කාරණේමයි, අපටත් උනේ ඔයටිකමනේ, දැන් ඉතින් මුල ඉදන් හම්බ කොරන්න එපැයි, නැත්නන් මුන් දීගදෙන්නේ කොහොමෙයි, ඒ සුමනාවතී නැන්දාය. 
” දැන් ඉතින් අඩලා දොඩලා කාරී නෑ , මැනිකෙලා… ඒ ග්රාමසේවක මාමාය..
ඇයි සුමනා නැන්දලා ගෙදර හිටියේ නැත්ද? මා කටහඩ අවදිකලෙමි.
” සුමනා නැන්දලා අපි යනකොටත් පන්සලේ” අපිත් එක්කම එන්ට පුලුවන් නිසා අපි ඔක්කොම ලොකු හාමුදුරුවෝ බැහැදැකලා, එකට ගෙදර ආවේ” නංගී පිළිතුරු දුන්නාය.
එහෙන් මෙහෙන් ගම්මු එකා දෙන්නා ගෙමිදුලට එක්වූහ. 
” සොරාකෑ බඩු ලැයිස්තුව එකක් නෑර නංගී මගේ සවන් පිරවීය. ” ඒ අතර මාගේ අත් ඔරලෝසුවද වීය. ‘එය අවසාන වරට මා නිවසින් පන්නා දමන විට, අම්මා හොරෙන් ගෙනැවිත් මා අතතැබූ ඉතාලියෙන් ගෙනා වටිනා එකක් විය”
” ඕකා අර රත්නසේකරලගේ වැඩකාරකම් කරපු කොරා… ‘ මන් ඕකාට පොලීසියේ වැඩ ඉහලින්ම කරනෝ’ ඕකා දන්නේ නෑ මං ගැන. “ග්රාමසේවක මාමා හඩගෑවේය.”
” ඔව්, ඔව් රාළහාමි ඕකා හිරේ ඉදන් ආපු එකෙක්ලු! එක් ගැමියෙක් පැවසීය.. 
“ටික දවසක ඉදන් ඕකා පන්සලේ දාස එක්ක ඇයිහොදැයියක් , පවත්වාගෙන යනවා මන් දැක්කා, ඒ තවත් ගැමියෙකි.
” දාස මෝඩයා , උගෙන් විස්තර ගන්න එක ලේසි නොවෑ, අනික ඌ ග්රාමසේවක රාළහාමි ගැනත් , කන්තෝරු මහත්තයා ගැනත් ඒ කාලේ ඉදන්ම හොදට දනී.. ” ඒ කඩුල්ල පැන කතාවට එකතු වූයේ ඩිංගි මාමාය… “
” 
” අනේ දෙයිහාමුදුරුවනේ ! 
මේ සිදුවූයේ කුමක්ද! මට උන් හිටි තැන් අමතක විය. එසේනම් , මා අසරණයෙකු යැයි පිහිට වූයේ අපේම වස්තුව කොල්ලකාගෙන යන සොරාටද! 
” මා ඔහුව බස් රියටද ඇරලුවෙමි. ” 
” දරුවන්ට යැයි කියා අත තිබූ සොච්චමද ඔහුටම වියදම් කලේය. ” 
” දාස සමග, මා සංසන්දනය කලහොත් වැඩියෙන්ම මෝඩ මා නොවේද! 
” සිදුවූ සියල්ල, සිතාගත නොහැකිව මා අසරණව බලාගත් අත බලාගෙන සිටියෙමි. ” 
” එවිට මාගේ මතකයට නැගුණේ, සොරාගේ මල්ලෙන් ගිලිහී වැටුනු, අගනා කවරයකින් හෙබි පොතයි.” මා වහා සයිකලය දෙසට දිවගියෙමි, ..
මා ලැගේජයේ ගසා තිබූ අලංකාර පොත දිගහැරියේ, නිවසේ විදුලි පහනක් යටට ගොඩ වී lබිම හිදගනිමින්ය.. මෙය දිනපොතකි.. අගනා පිටකවරයෙන් එය හැදිනගැනීමට හැකිය… 
නම ලෙස එහි සදහන්ව තිබුයේ එච්.එම්.ආර්. දමිතා සුරංගි ලෙසය.. 
” සැකැවින්ම මෙය දමිතාගේ දිනපොතයි! 
” සොරදෙටුවා මෙය සොරාගත්තේ කිමද කියා මට අදහසක් නැතිය. ” 
” මා තවත් පිටු කිහිපයක් ඉදිරියට පෙරලුවෙමි.
එහි වූයේ 2012.12.12 ලෙසය.. ඒ අද දිනයයි. දිනයට අදාල පිටුවේ යටින්ම ලියා තුබුණේ මෙසේයි..
– ” මගේ සුදු දේවක අයියේ මන් අද ඔයාව දැක්ක වෙලේ ඉදන් මට ඉවසුමක් නෑ! අදවත් මගෙන් අහයි කියලා මන් බලාන උන්නේ! කමක් නෑ , ඔයා කවදාහරි අහනකන් මන් ඕනිතරම් කල් බලන් ඉන්නම්..! මං ඔයාට ගොඩක් අදරෙයි! ” –
“සොරාට සාපකල යුතුද, නැතිනම් දමිතාගේ සිතතුල මා කෙරේ වූ ලෙන්ගතුකම දැනගැනීමට උදව්කිරීම වෙනුවෙන්, ස්තූතිකල යුතුද යන්න උභතෝකෝටික ප්රශ්නයකට මා මුහුණදුන්නෙමි.. “
” දැන් මාහට කලයුතුව ඇත්තේ ලොවට හොරා හදවතින්ම සතුටු වීම නොවේද!

– නිමි-

මගෙ පලවෙනි කෙටි කටකතාව මේ ඔයාල කියවලා ඔයාලාගේ අදහස් කියනවනම් ගොඩාක් කැමති.

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “දිනපොත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *