වදවී ගිය ලෝකය..-01

හා හා පුරා කියලා නවකතා කෙරිකතාවලින් ඔබ්බට ගිහින් දැනුම වෙනුවෙන් යමක් ලියන්න හිතුවා.

අපි හැමෝම අහලා තියෙනවා වර්තමානයට කලින්,ඒ කියන්නෙ මීට අවුරුදු මිලියන 400කට විතර කලින් මිහිමත ජිවත්වෙච්ච අපුරු සත්ව කොට්ටාසයක් ගැන.ඔව් ඩයිනොසොරයෝ,අපි කියන විදියටනම් ඩයිනොසිරස්.

හැමොටම මතක ඇති ජුරාසික්පාක් චිත්‍රපටියේ මේ දැවැන්‍තයෝ හරි අපුරුවට සජීවීකරනය කරලා තිබුනා. අපි අද මේ දැවැන්ත සත්වයන් ගැන ටිකක් කතාකරමු.

-කාලය-

ඩයිනොසොරයන් මිහිමත රජකරපු කාලවකවානුව ගැන කියනවනම් ඒක අවුරුදි මිලියන ගානක් ඈතට යනවා.මොවුන් ජිවත්වුනු වකවානුව යුග තුනකට බෙදෙනවා.

අවුරුදු මිලියන 400 කට පෙර
ට්‍රියාසික් යුගය

අවුරුදු මිලියන 200කට පෙර
ජුරාසික් යුගය

අවුරුදු මිලියන 70කට පෙර
ට්‍ර්ටෙසිය යුගය

මේ යුග තුනෙන් පලවෙනි යුගයේ ප්‍රාතමික ඩයිනොසොරයන් බිහිවුනු අවදිය. ජුරාසික් යුගය කියන්න මේ සත්වයන් මේ මිහිමඩල පුරා ඔහුන්ගේ අනසක පතුරවපු යුගය.මේ කාලය තමා ඔවුන්ගේ සාරවත්ම කාලය.

ට්‍රිටේසිය යුගය කියන්නේ ස්බාවික පරිනාමය හින්දම ඔහුන් වදවෙන්න පටන්ගත්ත යුගය.ට්‍රිටේසිය යුගය අවසාන වෙද්දි මිහිමත ඔවුන් නැතිම ගානට පත්වුනා.ඒ කියන්නෙ මොනයම්ම හෙතුවක් නිසා ඔවුන් වදවුනා.

-ආහාර-

මේ සත්වයන් ආහාර ක්‍රමය අනුව ප්‍රාදන කොටස් තුනකට බෙදුන්

-මාන්ශබක්ශක
-ශාක භක්ශක
-සර්ව භක්ශක

ඊට අමතරව
-කෘමි භ්ක්ශක
-කසල භක්ශක

ආදිවශෙන් තවත් අමතර කොටස්වලට බෙදුනා.

-වර්ග-

මෙම අපුරු සත්වයන්ගේ උකුල් පිහිටිම අනුවත් මේ සත්වයන් ප්‍රදාන වර්ග දෙකකට බෙදලා දක්වනවා

-උර්ග උකුල් ආකරය
-පක්ශී උකුල් ආකාරය

මේ විදියට මේ වර්ග කිරිම තෙරුම්ගන්න සමහර අයට අමාටුවෙනවා ඇති. මම මෙහෙම කියන්නම්.ඔයාලා දැකලා ඇති කුරුල්ලෝ,කුරුල්ලන්ගේ කකුල් තියෙන විදිය මතක්කරන්න,බඩට යටින් තමා මොවුන්ගේ උකුල් පිහිටන්නේ.අන්න ඒ විදියට බඩට යටින් උකුල් පිහිටන සත්වයන් උර්ග උකුල් ආකාර විදියට වර්ග කෙරුනා.

මතක්කරන්න ඉබ්බො,උන්ගේ කකුල් පිහිටන්නේ ශරිරයේ දෙපැත්තෙන් ටිකක් එලියට නෙරලා.අන්න ඒ විදියට කකුල් පිහිටන සත්වයෝ උර්ග උකුල් ආකාරයට වර්ග කෙරුනා.

-ආරක්ශාව-

මේ සත්වයන්ට විලෝපිතයන්ගෙන් හරි තමන්ගේ ප්‍රතිවාදින්ගෙන් හරි ආරක්ශාවෙන්න මොනයම්ම හෝ ක්‍රමයක් අවශ්‍යවෙලා තිබුනා. මේ වෙනුවෙන් පරිනාමයෙන්ම ඔවුන්ට ඒ සදහා ආයුද උරුමකරලා තිබුනා.

සමහරුන්ට තියුනු අං තිබුන අතර,තවත් සමහරුන්ට ශක්තිමත් හකු සහා තියුනු දත් පිහිටා තිබුනා,මාරන්තික තුවාලයක් සිදුකිරිමට සමත් නිය සමහරුන්ට උරුමවෙලා තිබුනා.මන් මේ සත්වයන් ගැන ඉදිරියේදි වෙනමම කතාකරන්නම්.

-වදවීම-

මේ අපුරු සත්වයන් වදවිම ගැන විවිද මත තියෙනවා
උල්කාපාතයක් පෘතුවි තලයේ වැදීම නිසා ඇති වූ කම්පනයත්,ඉහලට ගිය දුවිල්ල නිසා හිරු එලිය නොවැටිමෙන් ශාක විනාශ වීමත් ඒ නිසා මුලින්ම ශාක භක්ශකයන් මිය යාමත්,පසුව ගොදුරු නැතිකමින් මාන්ශභක්ශකයන් මියයාමත් මේ උපකල්පනයෙදී වදිවීමට හේතු ලෙස දක්වනවා.

ඊට අමතරව ක්ශීරපායි සතවයන්(මීයන් වැනි සතුන්) මෙම සතුන්ගේ බිත්තර විනාශ කිරීම නිසා ඔහුන් වදවූ බව තවත් මතයක්.

විශාල වසන්ගතයක් නිසා මෙම සතුන් වදවුනු බව තවත් පිරිසක් විශ්වාස කරනවා.

ඒ කොහොම උනත් අද වන විට ඔවුන් වදවී අවසන්. නමුත් ඉදිරියෙදි මොවුන් නැවත මහපොලව මත ඇවිදීමේ සම්බාවිතාවයක් තියෙනවා කිවුවොත් ඔබ් විශ්වාස කරන එකක් නැතිවේවි.නමුත් එහෙම් දෙයක් තියෙන බව් ඔබ්ඨ අමාරුවෙන් උනත් විශ්වාස කරන්න වෙනවා.අපි ඒ ගැන ඉදිරියෙදී කතාකරමු.

-හමුවෙමු-

#අරෝශ්


මේ ලිපි පෙලේ අනිත් ලිපි

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “වදවී ගිය ලෝකය..-01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *